"අපගේ කොළොම්තොටට ඉතා සුදු පැහැය ඇති ජාතියක් පැමිණ සිටිති. ඔවුහු බොහෝ රූපශ්‍රීයෙන් යුක්තව යකඩ හැට්ට ඇඟලා ගෙන, යකඩ තොප්පි හිස ලා ගෙන විගසක් එක තැනක නොසිට සක්මන් කරන්නාහ. සුදුගල් සපා කමින් ලේ බොන්නාහ. එක මාළු කූරියාට, එක දෙහි ගෙඩියට රන් රිදී දෙක තුන බැගින් දෙන්නාහ. ඔවුන්ගේ තුවක්කු උණ්ඩය ගවු ගණන් ගොසින් වන් කළ යුගන්ධර පර්වතය පවා පොඩි වන්නේය.."
ලංකාව මුල්ම වතාවට යටත් විජිතයක් බවට පත් කරපු පරංගින් කොළඹට ගොඩ බැස්ස වෙලාවෙ කොළොම්පුර වැසියන් ඒ ගැන රජ්ජුරුවන්ට දන්වල තිබුණ හැටි රාජාවලියෙ ලියැවිලා තියෙන්නෙ ඔය විදිහට. ඔය සුදුගල් කියන්නෙ පාන් වලට. ලේ බොනවැයි කියන්නෙ වයින් වලට. නැත්තං හිතයි ඩ්‍රැකියුල ගෙන් පැවත එන ජාතියක් කියල :D
හෙහ් හෙහ්...
පෘතුගීසි කාරයා ලංකාවට ආවේ අහම්බෙන්. මාලදිවයන පැත්තට යාත්‍රා කරනකොට කුණාටුවකට හසු වෙලා, වාර්තාවලට අනුව දවස් 18 කට පස්සෙලු ගාලු වරායට ඇවිල්ලා තියෙන්නෙ. ගාලු වරායට සේන්දු වුනාම පස්සෙ තමයි දැනගෙන තියෙන්නෙ මේ ඇවිල්ලා තියෙන්නෙ නමින් විතරක් දැනගෙන උන්නු සිලෝන් දිවයිනට බව. ඒ කාලෙ ලංකාව කුරුඳු, අලි ඇතුන් සහ වෙළඳ ද්‍රව්‍ය වලට බොහොම ජනප්‍රියයිලු. මේ පෘතුගීසි නැව් කණ්ඩායමේ නායකයා ලොරෙන්සෝද අල්මේදා (Don Lourence da Almeda) කියන සෙන්පතියා.
කරුණු කාරණා ටිකක් දැනගත්තට පස්සෙ අල්මේදා ප්‍රමුඛ නැව් කණ්ඩායම රජ්ජුරුවන්ව හම්බවෙන්න කොළඹ පැත්තට යාත්‍රා කරනවා. එතකොට රජ්ජුරුවො හත්වැනි පරාක්‍රමබාහු. හිටියෙ කෝට්ටෙ අගනුවරෙනෙ. 1505 නොවැම්බර් 15 වැනිදා තමයි කොළඹ වරායට ඇවිල්ලා නැංගුරම් දාන්නෙ. එතකොට තමයි ඔය පටන් ගන්න කොටම කිව්ව වගේ කාලතුවක්කු පත්තු කරල තියෙන්නෙ අපි ආවෝ කියල දැනුම් දෙන්න.. :D
මේ බව දැනගත්තු පෘතුගාල අධිරාජයා හෙන සතුටු වුණා. මොකද ලංකාවෙ තියෙන මුළු සේසතම මොකක්හරි ජිල්මාට් එකක් දාල එහෙට අදින්න පුළුවන්නෙ. පාප්තුමා ප්‍රමුඛ කාදිනල් සභාව මේ පණිවිඩය සමරන්නට රෝම නගරයෙ විශේෂ පෙරහැරක් පවත්වලා වතිකානුවෙ අතිවිශේෂ යාඥාවකුත් සංවිධානය කරාලු.
කොළඹට ළඟා වුණු පරංගියා සිහිවටනයක් හැටියට මුහුද වෙරළ ආසන්නයෙ තිබුණු ගල් පර්වතයක පාතුගීසී රාජ්‍ය ලාංඡනයයි වර්ෂයයි සටහන් කරා.
මේ ගල් පර්වතේ ඉංග්‍රීසීන් මේ රට පාලනය කරන කාලෙදි වරාය පුළුල් කරන වැඩ කටයුතු වලදි පස් හාරනකොට හම්බවෙලා රජ ගෙදර ළඟ තියෙන ගෝර්ඩන් උද්‍යානයෙ තැන්පත් කරාලු. දැන්නං ඒ ගල් පර්වතේ ස්මාරකයක් හැටියට කොළඹ වරායෙද කොහෙද තියෙනවා.
ලොරෙන්සෝද අල්මේදා එහෙම එකපාරටම රජතුමාව හමුවෙන්න ගියෙ නෑ. ඉස්සෙල්ලාම පිටත් කරේ ෆර්නාඩ් කොට්රිම් කියන කපිතාන්ව දූතයෙක් විදිහට. එන පොට හොඳ නැහැයි කියල දැනගත්තු ෆර්නාඩ් ව රජ මාළිගාවට එක්කන් ගිය මිනිස්සු ෆර්නාඩ්ව කෝට්ටෙ නුවරට රැගෙන ගියේ වෙන පාරකින්. මයිල 6 ක දුර ගෙවා දැමීමට දින තුනක් ගත කරාලු. :D ඔය සිද්ධියෙන් තමයි "පරංගියා කෝට්ටෙ ගියා වගේ" කියල ප්‍රස්ථා පිරුළක් හැදුනෙ.
කොහොමින් කොහොමහරි දෙගොල්ලොම කතා බස් කරගෙන ලංකාවෙ වරායන් සතුරන්ගෙන් ආරක්ෂා කරල දෙන්න පෘතුගීසින් පොරොන්දු වුණා. ඒ වෙනුවට ලංකාවෙන් ඔවුන්ට අවුරුද්දකට කුරුඳු බහාර් 400 ක් (ටොන් 60 ක්) ගෙවීමට රජතුමා පොරොන්දු වුණා. ගබඩා සංකීර්ණයක් අවශ්‍ය වෙන හින්ද නිරිත දිග දිය කඩනය අසල වෙළඳ ගබඩාවකුත් හැදුවා රජ්ජුරුවන්ගෙන් අවසර අරගෙන.
තම ආගම ඇදහීමට ඒ අසලින් අල්මේදා ගෙ පෞද්ගලික සාන්තුවරයා ගෙ නමට පල්ලියක් ඉදි කරා.
ඒත් අරාබි වෙළදුන් පෘතුගීසින් වෙළඳ ගබඩාවක් හදන එකට විරුද්ධ වුණා. ඒ වෙනකොට එ් පෙදෙසෙ වෙළඳ ඒකාධිකරාය අත්පත් කරගෙන තිබුණෙ අරාබි ජාතිකයින්. ඒ නිසා විටින් විට පෘතුගීසි හේවායින්ට තාඩන පීඩන එල්ලා කරා. වෙළඳ ගබඩා සංකීර්ණයටක් ප්‍රහාර නිකුත් කරා. මේ සිද්ධිය දැනගත්තු පෘතුගාල අධිරාජයා මේ බව හොයා බලන්න ලෝපෙ සෝරස් ද අල්බගේරියා නම් ආණ්ඩුකාරවරයව ලංකාවට එව්වා. සෝරස් මේ බව රජුට දන්වල බලකොටුවකුත් හදන්න අවසර පැතුවා. රජතුමත් අවසර දුන්නා. පසුව ලෙපෝ ද පොරිටෝ කියන සැලසුම් ශිල්පියා ලව්වා කොහොමහරි කොළඹ බලකොටුවකුත් ඉදි කරා. නැව්වලින් ගෙනාපු කාලතුවක්කුවලින් බලකොටුව සන්නද්ධ කරා. එක් අවස්ථාවකදි පරංගි අරාබි ජාතිකයන්ගෙ ගෙවල් ගිනිබත් කරල දරුණු ප්‍රහාරයකුත් එල්ල කරාලු.
බලකොටුවෙ ආරක්ෂාවට දිය අගල් කපල හකුලන්න පුළුවන් දඬු කඳකුත් (පාලමක් වෙන්ඩ ඇති) සවි කරා. බ්‍රිටෝ කියන සෙනවියා කොටු බැම්මෙ දකුණු පැත්තෙන් කපපු දිය අගල තමයි ඔය පස්සෙ කාලෙකදි බේරෙ වැව නමින් සංවර්ධනය වෙලා තියෙන්නෙ.
1587 දි සීතාවක රාජසිංහ 50000 ක සේනාවක් එක්ක මේ බලකොටුවට පහර දුන්නට පරංගි ගෝවෙන් සේනාව ගෙන්නගෙන ඒ ප්‍රහරය ව්‍යර්ථ කරා.
පස්සෙ කාලෙකදි පරංගින්ගෙ රූකඩයක් බවට පත්වුණු ධර්මපාල රජු දොන් ජුවන් ධර්මපාල නමින් බෞතිස්ම ලැබුවා. පෘතුගීසින් කියන කියන පදේට නටපු හින්ද කෝට්ටෙ රට වැසියන්ගෙ අප්‍රසාදයට පත් වෙලා ධර්මපාල රජ්ජුරුවො කොළඹට ආවා. දැං අගනුවර කොළඹ. මේ නිසා කොළඹ නගරය පාලනය කරන පළමු රජු වෙන්නෙ ධර්මපාල.
දැං සියල්ලක්ම සිදු වුණෙ පරංගින්ගෙ කැමැත්තට. සැබැවින්ම කොළඹ පාලනය කරේ ධර්මපාල නෙවේ පෘතුගීසින්. පෘතුගාලයෙ සෙබස්තියන් අධිරාජයා කොළඹ නගරය හැඳින්නුවෙ "මගේ අගනුවර වූ කොළඹ" නමින්. කුරුඳු ඇතුළු සියලු වස්තු සම්භාරය ගනිමින් තම ආගම ප්‍රචාරය කිරීම තමයි පරංගින්ගෙ අරමුණ වුණේ. සෑම තැනම පල්ලි සෑදෙව්වා.
1597 දි දොන් ජුවන් මරණයට පත් වුණා. පරංගින් විසින් ධර්මපාල රජුව රහසේම වෙඩි තබා ඝාතනය කරයි කියලත් කියනවා. පෘතුගීසින් ඔහුගේ දේහය කොළඹ රජමැදුර පිටිපස්සෙ සාන්ත ෆ්‍රැන්සින් කන්‍යාරාමයෙදි ගරුසරු ඇතුව භූමිදාන කරා.
පසුව පෘතුගාලයෙ අධිරාජයා විසින් ලංකාවේ එකම උරුමකරු හැටියට ඩී. ජෙරනිමෝද අසවේදු (Don Jeronimo Azevedu) පත් කරා.
ඔහොම තමයි පෘතුගීසි කාරයා රටවල් ඇල්ලුවෙ.. :D
ප.ලි. - තොරතුරු විකිපීඩියාවෙන් සහ සමන් කළුආරච්චි මහතා විසින් රචිත ලිපියක් ඇසුරෙනි..
ඉතිහාස කතාවක් ආයෙමත් මතකයට අරං ආවටනම් බොහොමත්ම ස්තූතියි. වෙන කොහෙන් කියෙව්වටත් වඩා රසවත්ව ඔබේ ලිපියෙන් මං ඒක කියෙව්වා.
ReplyDeleteස්තූතියි මනෝෂ්..සතුටුයි ආසාවෙන් කියෙව්ව එක ගැන.. :D
Deleteමම දැන ලියලා පළ නොකරපු ළිපියක ලින්ක් එකක් විදියට මේක දානවා. සුපිරි ළිපියක්..
ReplyDeleteහම්මේ මේං මහාචාර්ය මාතලන් අයියා මගෙ බ්ලොග් කටුවට ඇවිත්.. :D
Deleteබොහොම ස්තූතියි මාතලන්..!!!
පට්ටයි බොල. හොද විස්තරයක්.
ReplyDeleteඉතිහාස කතාවක් උනත් කියවන් යන්න හිතෙන විදිහට ලියලා තියෙනවා.
ස්තූතියි ප්‍රියා..
Deleteඔහොම කියනකොට මට මතක් වෙන්නෙ අටේදි අපිට ඉතිහාසය උගන්නපු මිස්.. ඉතිසාහය පීරියඩ් එකේදි හිනා සාගරයයි.. මගෙ ෆේවරිට්ම සබ්ජෙක්ට් එක ඒ කාලෙ ඉතිහාසය.. :)
වටිනව හොඳේ ..අසාවෙන් කියවන් ගියා :)
ReplyDeleteමොනවහරි දෙයක් ගත්තනං ඒ ඇති මට..ස්තූතියි.. :)
Deleteසංචාරකයෝ උඹ නිකං කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා වගේ
ReplyDeleteවිශිෂ්ටයි බං
//කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා//
Deleteඒ මොකාද බොල..:D
බොහොම ස්තූතියි ඈ..!!!
මචං ඉතිහාස කතාව හරි රසවත් විදියට කියලා .… සුභ පැතුම් මිත්‍රයා … !!
ReplyDeleteස්තූතියි පත්තරේ.. මේ පැත්තට බයිසිකලේ පැදං ආවට.. :D
Deleteඑල එල ..උඹට හොද කතා කිමේ ක්‍රමයක් තියෙනවා කම්මැලි නෑ මෙහෙම ලිව්වාම කියවන්න ....ඉතිහාසය අයේම මතක් කරාට තුති...
ReplyDeleteඅනේ මන්ද මගේ ලිවීමේ ක්‍රමේ නං.. එක එක වෙලාවට එක එක විදිහට ලියැවෙනවා.. :D
Deleteජය වේවා..
වටින තොරතුරක්...
ReplyDeleteකස්සපය සයුරි අක්ක ට පස්සෙ මේ වැඩේ කරන එකෙක් වෙයි කියල හිතනව...
ජයවේවා
කස්සපය සයුරි අක්ක ව දන්නෙ නැතෝ... :/ මං ළඟදි නොවැ බ්ලොග් කෙරුවාවට ආවෙ.. :D කවුදෑ හැබෑටම ඒ...
Deleteජය වේවා...
හ්ම්......................... වටිනා තොරතුරු ටිකක්... ඇත්තට ම මේ දේවල් කලින් අහලා තිබුණාට මෙතන හොදට පෙළගහපු කතාවක් තියෙනවානේ.,
ReplyDeleteතුති ගී පවුරෙ අගය කිරීමට... :)
Deleteදෙපාරක්ම ඇවිත් බාගෙට කියවලා ගියා දැන් තමයි ටිකක් නිවිසැනසිල්ලේ ලිපිය කියෙව්වේ... එහෙම නොකියෙව්වනම් මේ ලියලා තියෙන රසය හරියට විඳින්න බැරිවෙනවා ..........එල මචෝ එලම එල..... දිගු ගමනකට බොක්කෙන්ම සුබ පතනවා
ReplyDeleteහිතුන විදිහට ලිව්වා.. :)
Deleteබොහොම ස්තූතියි මැලේ රාළෙ...
ජය වේවා...
හොද වටිනා විස්තරයක්.......
ReplyDeleteඋඹ ලියන බව අදයි දන්නෙ මාතලන් ලොක්ක දුන්න ලින්කුව නිසා....
දිගටම ලියහන්......
සම හරක් ලියන මෙලෝ රහක් නැති මාගල් වලට උඹල වගේ එව්වො ආදර්ශයක්......
අපි ඉන්නව තෝ එක්ක ....... ඕන රෙද්දකට......
ලියන්නනං පටං අරං ගොඩක් කල්.. :D තෑන්ක්ස් වේවා සප් එකට..
Deleteඕන රෙද්දකට අපිත් රෙඩී..!!
inspiring.
ReplyDeleteමේ වගේ කතා කොහේ හරි වැඩි පුර ලියවෙන්නම ඕනේ.
Thank you..!!
Deleteබලමු පුළුවං පුළුවං වෙලාවට ඉතිහාස කතාවක් ලියල දාන්න.. :)
මරු විස්තරෙ.මාතෙ කියපු පාරෙන් ආවෙ.
ReplyDeleteදමිත් අයියටයි මාතෙ අයියටයි දෙන්නටම ස්තූතියි කිව්වලු...
Deleteබොහොම සරළව රසවත් විදියට ලියාපු ලිපියක්. ඒත් පොඩි පැටලිලි කිහිපයක් තියෙනව වගේ මම කිය්වපු පෘතුගීසි ඉතිහාසය එක්ක බැලුවම.
ReplyDelete//"අපගේ කොළොම්තොටට ඉතා සුදු පැහැය ඇති ජාතියක් පැමිණ සිටිති. ඔවුහු බොහෝ රූපශ්‍රීයෙන් යුක්තව යකඩ හැට්ට ඇඟලා ගෙන, යකඩ තොප්පි හිස ලා ගෙන විගසක් එක තැනක නොසිට සක්මන් කරන්නාහ. සුදුගල් සපා කමින් ලේ බොන්නාහ. එක මාළු කූරියාට, එක දෙහි ගෙඩියට රන් රිදී දෙක තුන බැගින් දෙන්නාහ. ඔවුන්ගේ තුවක්කු උණ්ඩය ගවු ගණන් ගොසින් වන් කළ යුගන්ධර පර්වතය පවා පොඩි වන්නේය.."//
මේක මෙහෙම රාජාවලියෙ කිව්වට ඒ වෙනකොට රජු සහ රජයත් වෙරළබඩ මුස්ලිම් ජනතාවත් පෘතුගීසි කවුද කියන එක ගැන හොඳ අවභෝධයෙන් ඉඳල තියෙනව, අවට මුහුදෙ සහ කොරමැන්ඩල් වෙරළෙ ඔවුන් කල කී දේ ගැන ලැබුන තොරතුරු අනුව.
//කොහොමින් කොහොමහරි දෙගොල්ලොම කතා බස් කරගෙන ලංකාවෙ වරායන් සතුරන්ගෙන් ආරක්ෂා කරල දෙන්න පෘතුගීසින් පොරොන්දු වුණා. ඒ වෙනුවට ලංකාවෙන් ඔවුන්ට අවුරුද්දකට කුරුඳු බහාර් 400 ක් (ටොන් 60 ක්) ගෙවීමට රජතුමා පොරොන්දු වුණා. //
මේ ගණුදෙනුව සිද්ද උනේ අල්මේද විසින් යවාපු සම්පූර්ණ බල සහිත දෙවනි තානාපති "පායො ඩි සූස" සහ රජු අතරෙයි. මේ සූසව රජු ගාවට ගෙනෙහින් තියෙන්නෙ ඇතෙක් පිට බොහොම ගරු සරු ඇතුව.
//එතකොට තමයි ඔය පටන් ගන්න කොටම කිව්ව වගේ කාලතුවක්කු පත්තු කරල තියෙන්නෙ අපි ආවෝ කියල දැනුම් දෙන්න..//
මේක වෙන්නෙ ආව කියන්න නෙමෙයි, පෘතුගීසි රජු එක්ක සාකච්ඡා කරල ඉවරවෙලා ආපහු නැවට ඇවිත් විස්තරේ හ්ඩැනුම් දුන්නම තමන්ගෙ ආපු ගමන සාර්ථක උනා කියන සතුටට, ආපහු පිටත් වෙන්න කලිනුයි. මේ සද්දෙට සිංහලයො භය වෙලා ගෙව අතහැරල කැලේ වැදුනලු.
//කොළඹට ළඟා වුණු පරංගියා සිහිවටනයක් හැටියට මුහුද වෙරළ ආසන්නයෙ තිබුණු ගල් පර්වතයක පාතුගීසී රාජ්‍ය ලාංඡනයයි වර්ෂයයි සටහන් කරා. //
මේක කරල තියෙන්නෙ පෘතුගීසි ආපහු යන මොහොතෙ, රජුගෙන් ගත්තු විශේශ අවසරයක් මත. හැබැයි මේකෙ වර්ෂය සඳන් වෙන්නෙ 1501 විදියටයි.
//තම ආගම ඇදහීමට ඒ අසලින් අල්මේදා ගෙ පෞද්ගලික සාන්තුවරයා ගෙ නමට පල්ලියක් ඉදි කරා. //
මේක ඇත්තටම අල්මේද වන්දනාවට පාවිච්චියට වෙරළෙ ඉදිකල කුඩා මඩුවක් විදියටයි සඳන් වෙන්නෙ. රජුගෙ අවසරය මත ඔහු එය "සාඔ ලොරෙන්සො"නමට පුද දීල.
//ඒත් අරාබි වෙළදුන් පෘතුගීසින් වෙළඳ ගබඩාවක් හදන එකට විරුද්ධ වුණා. ඒ වෙනකොට එ් පෙදෙසෙ වෙළඳ ඒකාධිකරාය අත්පත් කරගෙන තිබුණෙ අරාබි ජාතිකයින්. ඒ නිසා විටින් විට පෘතුගීසි හේවායින්ට තාඩන පීඩන එල්ලා කරා. වෙළඳ ගබඩා සංකීර්ණයටක් ප්‍රහාර නිකුත් කරා. මේ සිද්ධිය දැනගත්තු පෘතුගාල අධිරාජයා මේ බව හොයා බලන්න ලෝපෙ සෝරස් ද අල්බගේරියා නම් ආණ්ඩුකාරවරයව ලංකාවට එව්වා. සෝරස් මේ බව රජුට දන්වල බලකොටුවකුත් හදන්න අවසර පැතුවා.//
Deleteපෘතුගීසි ඉතිහාසෙ මේ ගැන කියවෙන්නෙ ඔවුන්ට කේප් තුඩුවෙ ඉඳල ඈත පෙරදිග දක්වා වෙළඳ ඒකාධිකාරය හිමිකරගන්න තිබ්බ බාධාව වෙන මුස්ලිම් බලය විනාස කරන්න ඕන නිසා තමන් ඉන්න හැම රටකම බලකොටු හදන්න ඕනය කියන එක, මුස්ලිමුන් එක්ක යුධ කරන්න, පහරදෙන්න. මෙතනදි කලින් ගෝවෙ හිටපු පෘතුගීසි ආන්ඩුකරයට "අෆොන්සුවෝ" ට ලංකාව ගැන හිතන්න බැරි වෙනව කොචින් වල ඒ වෙනකොට තිබ්බ යුධ තත්වෙ එක්ක. පස්සෙ මීලනග ආන්ඩුකාරය ලෝපෙස් පත් උනාම ඔහුට මේ දේට අවස්ථවක් ලැබෙනව. මේ ගැන පස්සෙ සඳන් වෙන්නෙ පෘතුගීසි ඉතාම ම්ලේච්ඡ විදියට මුස්ලිම් ජනතාව කේප් සිට නාගසාකි දක්වා අහුවෙන හැම තැනදිම කඩු ගෑවයි කියල. ඔන ඔය මෙහෙයුමේ එක අංගයක් විදියට තමා කොළඹ කොටුව හදන්න අවසර ගන්න එන්නෙ. නැතුව ලංකාවෙ ගබඩාවට ගහපු හින්ද නෙමෙයි. අනෙක ලංකවෙ ගබඩාව පෘතුගීසි භටයො සහ රජුගෙ සිංහල හමුදවෙ ආරක්ෂව ඇතුවයි තිබ්බෙ.
//පස්සෙ කාලෙකදි පරංගින්ගෙ රූකඩයක් බවට පත්වුණු ධර්මපාල රජු දොන් ජුවන් ධර්මපාල නමින් බෞතිස්ම ලැබුවා. පෘතුගීසින් කියන කියන පදේට නටපු හින්ද කෝට්ටෙ රට වැසියන්ගෙ අප්‍රසාදයට පත් වෙලා ධර්මපාල රජ්ජුරුවො කොළඹට ආවා.//
මේ ගැන පෘතුගීසි ලියල තියෙන්නෙ සීතාවක රාජසිංහගෙන් නොකඩවා ආපු යුධ තර්ජන නිසා තමන්ගෙ විශාල භට පිරිසක් විනාශ වීමත්, රට මැද තියෙන මේ රාජධානියට හදිසි උපකාර ඉන්දියාවෙන් එවන්න තියෙන අපහසුවත් නිසා ඉන්දියාවෙ පෘතුගීසි ප්‍රතිරජය විසින් "දියාගු ද් මේලො" ව කොළඹ කපිතාන් හැටියට එවල ධර්මපාල රජු සහ මුලු පෘතුගීසි හමුදාවම කොළබ කොටුවට ගෙන්න ගත්තයි කියල 1565 දි.
//1597 දි දොන් ජුවන් මරණයට පත් වුණා. පරංගින් විසින් ධර්මපාල රජුව රහසේම වෙඩි තබා ඝාතනය කරයි කියලත් කියනවා. //
පෘතුගීසි ධර්මපාලට වස දෙනව. ඒත් ඔහු මැරෙන්නෙ නෑ. නමුත් ඉන් ඇතිවෙන තත්වයත් එක්ක වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ. මේ වස දීමට සම්භන්ධ නිළධාරිය අන්තිමේ උමතු වෙල මිය යනවලු. ඒ වගේම මේ සිද්ධිය ගැන ලිස්බන් රජය හා ගෝවෙ ආන්ඩුකරය ඉතාම කණගාටුවට පත්වෙලා අදාල නිළධාරියව සේවයෙන් අයින් කරල තියෙනව.
//පසුව පෘතුගාලයෙ අධිරාජයා විසින් ලංකාවේ එකම උරුමකරු හැටියට ඩී. ජෙරනිමෝද අසවේදු (ඪොන් Jඑරොනිමො ඇzඑවෙඩූ පත් කරා. //
කතාව මෙතනින් ඉවර නෑනෙ. අසවේදුට එදිරිල්ලෙ සහ උඩරට රජුගෙන් එල්ලවෙච්චි බලපෑම් එක්ක සෙනරත් රජු ලන්දේසීන් එක්ක තිබ්බ සහයෝගයත් හින්ද මිනිහ පසුබාපු හින්ද මිනිහව අයින් කරල වාස් පත්කරපු ටිකට වෙනකල්නෙ නියම යුද්ධෙ, සහ පරංගි ගැහුවෙත් කෑවෙත්. ඒ ගැනත් පොඩ්ඩක් එකතු කරානං තවත් අගෙයි.
ඇත්තටම ඉන්දික මේ ලිපියෙ කොච්චර අඩු පාඩු තියෙනවද කියල තේරෙන්නෙ දැන් තමයි..එකිනෙකාගෙ දැනුම වෙනස් නෙ.. මං සටහන් කරේ මගේ දැනුමෙ හැටියට.. වැරදි තැන් නිවැරදි කරල අඩුපාඩු පිරෙව්වට බොහොමත්ම ස්තූතියි.. ඔබේ සටහනින් මං ගොඩක් දේවල් දැනගත්තා.. සහ ඉතිහාසය විෂය අනෙක් විෂයන් වගේ නෙවේ තරමක් පැටලිලි සහගතයි.
Deleteඉන්දික කරේ මාර උදව්වක්.. නැවතත් බොහොම ස්තූතියි... :)
සුපිරි විස්තරයක්. හොඳ තොරතුරු එකතුවක්.
ReplyDeleteආපහු එන්නම්..
සුබ පැතුම්..
එලනෙ...
Deleteහොද විස්තරයක්... තවත් මෙවැනි දෑ ඒක්කරන්න...
ReplyDeleteජ ය වේවා!!
ස්තූතියි විදානෙ...ජය වේවා..
Deleteඉතිහාස කතාවක් වුනත් කියන්න ඕන මෙන්න මේ වගේ රසවත්ව.. සිරාවට උඹ ගුරුවරයෙක් උනානම් මරු..
ReplyDeleteහුටා.. මං ගුරුවරයෙක් වුනොත්... :o
Deleteපිස්සු හැදෙනව බොලා කියන කතාවලට.. :D
මම අහලා නොතිබිච්ච තොරතුරු රැසක් තියෙනවා. ඉන්දිකයා ඌණපුරණය කරලා ලස්සනට. ඒකෙන් ලිපියේ වටිනාකම වැඩි වෙලා.
ReplyDeleteමට මතක් තිබ්බේ හරක් හමේ කතාවයි, පරංගියා කෝට්ටේ ගියැකයි, තිරිවාන ගල් කාලා ලේ බීඋ එකයි විතරයි. ඔය ඉතිහාස කාරයෝ හරියට අතිශයෝක්තියට කැමතියි.
//ඔය ඉතිහාස කාරයෝ හරියට අතිශයෝක්තියට කැමතියි//
Deleteඒකනං ඇත්ත තමා..ඉතිහාසගත සිදුවීමකට කොච්චරනං තර්ක විතර්ක තියනවද..
ස්තූතියි හෙන්රි අයියෙ...
වටිනා තොරතුරු ටිකක්...ස්තුතියි...
ReplyDeleteජය වේවා..
Deleteසිහ් මම මේක බලනකොට වෙලාව පැනලා...ඉන්දික අයියා තමා ලිංකුව දුන්නේ. බොහොම වටිනවා මේකනම්. තවත් මේ වගේ ලිපි ලියනවා ඇති නේද සංචාරකයා? :)
ReplyDeleteදැනට ලියල තියෙන්නෙනං මේක තමා... ඉතිහාසය කියන්නෙ මගෙ තවත් ප්‍රියතම සබ්ජෙක්ට් එකක්..
Deleteඉස්සරහට බලමුකො..ස්තූතියි මේ පැත්තට ආවට.