ජූලි හය වෙනිදා..එදා තමයි මට ලාල් හෑගොඩ නම් වූ සොඳුරුතම මිනිසා හමුවුණු දවස..!!
මේ තාක් කල් මං ඡායාරූපකරණයෙහි නියැලුණේ පොත්පත් වලින්, නෙට් එකෙන් අහුලගත්ත දැනුමකින්. කැමරාවෙ බොත්තමක් එබුවාම ෆොටෝ එක වදිනවා.. ෆොටෝග්රැෆි වල රහ තේරිලා ගෙදර තිබ්බ පුංචි ඩිජිටල් බට්ටගෙන් අහුවෙන අහුවෙන එකේ ෆොටෝ ගන්න පටන් ගන්නකොට දැනං හිටියෙ එච්චරයි. ඒ මීට අවුරුදු ගාණකට කලිං.
කොහොමින් කොහොමහරි ෆොටෝ එකක් වෙනුවට හොඳ ඡායාරූපයක් ගන්න තරමට ඒ දැනුම යංතමින් හරි වැඩි දියුණු කරගත්තා. ඩිජිටල් බට්ටට සමුදීලා DSLR එකක් ගන්න නාහෙං අඬ අඬා ඉද්දි තාත්තා ඒකත් අරං දුන්නා..
ඡායාරූපකරණය කියන්නෙ ඉගෙනගෙන ඉවරකරන්න පුළුවං කලාවක් නෙවේ මං හිතන්නෙ. තමං ඡායාරූපයට ගන්න අලුත් රාමුවක් පාසා අලුත් අත්දැකීමක්, අලුත් දෙයක් ඉගෙනගන්නවා.
ඔය අතරෙ පිළිවෙලකට මේ දේ ඉගෙනගන්න මට ඕන වුණා.
ශ්‍රී ලංකාවෙ ප්‍රසිද්ධම ඡායාරූපශිල්පියෙක් වෙච්ච විල්සන් හෑගොඩයන්ගෙ පුත් ලාල් හෑගොඩ සර් ගෙ ඡායාරූපකරණ පාඨමාලාවට ඇතුළත් වෙන්න මට තිබුණෙ පුදුම ආසාවක්. හතු පිපෙන්නා වගේ කොළඹ පුරාම පොටෝ පන්ති තිබුණට ලාල් හෑගොඩ සර්ගෙ ඡායාරූපකරණ පාඨාමාලාවට යනවමයි කියල හිතාගත්තා.
ඒත් මාස දෙකක් හොඳට කාල බීලා ජීවත් වෙන්න පුළුවං ගාණක් වියදම් කරල කැමරාවකුත් අරං දීපු මගෙ දෙමව්පියන්ගෙන් ඒ මදිවට තව පන්තියකට යන්නත් රු.විසිපන්දාහක් ඉල්ලන්න මට මගෙ හිත ඉඩ දුන්නෑ..
අනවශ්‍යයයි කියල හිතුණු ඔක්කොම වියදම් නැවැත්තුවා. හම්බවෙච්ච හැම රුපියලම (සතේ ඒව දැං නෑනෙ :D) එකතු කරල අන්තිමේදි ගාණ ගොඩ දාගත්තා. කොටින්ම කිව්වොත් අවුරුද්දට ඇඳුමක් ගන්න කියල දීපු සල්ලිත් හෙමීට පොතට දැම්මා.
ගාණ හදාගෙන ක්ලාස් එක ගැන අයිඩියා එක අම්මට කියල බැලුවා. එදා ඉඳංම ඉතිං තාත්ගෙන් අහන්නෙ නැතුව මෙලෝ දෙයක් නොකරපු හින්ද හම්බවෙන උත්තරේ මං දැනං උන්නා.
"තාත්තගෙන් අහල බලමු"..
සිකුරාදා.. එදාට එහෙ නිවාඩු..
තාත්තා ආවා ස්කයිප්.. අම්මා ඇහුවා මේ ගැන.. මං සල්ලි හිටං එකතු කරගෙන තියෙන්නෙ කියලත් කීවා.
ක්ලාස් එක ගැන විස්තර ටික අහල තාත්තා දීපු උත්තරෙන් මං උඩ ගියා..
"හරි ඔය සල්ලි ටික ඔයාගෙ පොතට දාගන්නව.. course එක කරන්න ඕන සල්ලි ටික මං හෙට එවන්නං.. " :)
තාත්තගේ ආදරේ මහ සාගරේ වගේ කියනවනෙ..
ඉහේ මල් වත්තක්ම පිපුණු හැපී එකෙන් ටක්ගාල ලාල් හෑගොඩ සර්ගෙ සයිට් එකට ගිහිල්ලා විස්තර ටිකත් දැනගෙන මුහුණුපොතේ හිටපු යාළුවෙක්ගෙන් පන්තිය තියෙන්නෙ බම්බලපිටියෙ පොලීසිය ඉස්සරහ බිල්ඩිමේ කියලත් දැනගත්තා..මගෙ වාසනාවටමද මන්දා ඊළඟට ළමයි ඇතුළත් කරගන්න දිනය තිබුණෙ ජූලි හය කියල..
ගිය ඉරිද උදේම බම්බලපිටි ගියා. එන්න කියල තිබුණෙ උදේ අටට වුණාට සංචාරක තෙමේ උදේ හත වෙනකොට එහෙ. කලිං දවසෙ ෆෝන් එකේ තිබ්බ ඇප් කෑල්ලකින් කොල්ලුපිටියෙ ඉඳං බම්බලපිටියට යන බස් එක සර්ච් පාරක් දාල බලපුවාම ආවෙ 100, 101 කියල නොවැ..කොල්ලුපිටිය බස් ස්ටෑන්ඩ් එකෙං බැහැල ටිකක් ඇවිදල බැලින්නං මෙන්න බොලේ පාරවල් වන් වේ කරල එක විකාරයයි.. කොහොමහරි බස් එකට නැගල බම්බලපිටිය පොලිසීය ගාවට ටිකට් එකක් අරගෙන ගූගල් මැප් දෙයියන්ගෙන් බම්බලපිටිය පොලෝසීය තියන තැනත් හොයාගෙන GPS මෙව්ව එකත් ඕන් කරගෙන මූණ ෆෝන් එකේ ඔබාගෙන හිටියා. බුකියෙ හිටපු උන්දැ කිව්වෙ එච්චර දුරක් නෑ කියල. ඒ වුණාට බස් එක ගියාට GPS මෙව්ව එක යන්නෑ..
එදා තමයි මං තේරුං ගත්තෙ තාක්සණේ එච්චර විස්වාස කරන්න හොඳ නෑ කියල.. කිලෝමීටරයක් විතර ආපහු ආවා.. -_-
පැයක් කලිං ආපු හන්ද හොඳයි..
ලාල් හෑගොඩ සර්ව ඉස්සෙල්ලාම හමුවුණු දවස එදා. ඇත්තටම ඡායාරූපකරණය කියන්නෙ මොකක්ද කියල මං තේරුම් ගත්තෙ එදා.
ඉතිං මේක මගෙ තවත් සැබෑ වුණු සිහිනයක්..
ලාල් හෑගොඩ සර් ශ්‍රේෂ්ට ඡායාරූපශිල්පියෙක් වගේම විශිෂ්ට කවියෙක්..
බුලු ගහ යට කවි පන්තිය මීට කළිං දාල ඇති..
සුබ පැතුම් ,මං නම් ජයාරූපකරණය ගැන දන්නෙ නෑ කලින් ෆොන් එකක් තිබුණ දවස් වල නම් ෆොටෝ ගත්තා යන එන තැන වල ,ඕනම දෙයකට ආසාවක් කැපවිමක් තියෙයි නම් එක තමන්ට පිහිටනව ...උඹට ජය
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ..
Deleteආසාවනං ඕනවටත් වැඩිය තියේ..අනිවාර්යයෙං කැපවීමත් ලබා දෙනවා..
උඹේ කැපවීම නිසා දිණුම ස්ථීරයි. සුබ පැතුම් අසංක.
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රියා.. :)
Deleteඋඹේ කැපවීමට මං හිස නමා ආචාර කරනවා. ඒ වගේම උඹ අවුරුද්දට ඇඳුමක් වත් ගන්නැතිව එහෙම සල්ලි එකතුකරල මේ වැඩේ කරගත්තෙක උඹේ ගමනට මහා හයියක් වෙනවා. එතන වටිනාකම රුපියල් විසිපන්දාහක් නෙවෙයි. එතන වටිනාකම කෝටි විසිපන්දාහකටත් වැඩියි. මං ඕකෙ රහ හොඳට දන්නවා. ඒ වගේම උඹේ තාත්තා රත්තරං මනුස්සයෙක්. දෙමවුපියන්ගෙ සල්ලි කාලකණ්නි අවශ්‍යතාවන්ට පුච්චලා දාන තරුණයෝ ඉන්න රටක උඹ රත්තරං පුතෙක්.
ReplyDeleteමට මැවිල පේනවා, උඹ අර ෆෝන් එක දිහා බලාගෙන පාරවල් පුරා පිස්සෙක් වගේ යන හැටි!!
බොහොම ස්තූතියි මනෝෂ් අයියා..
Deleteලංකාවෙ ගොඩක් අය හිතං ඉන්නෙ රට ගියාම සල්ලි ඉබේ හම්බෙනව කියල..එහෙ ගිහිල්ල ලංකායෙ හිටියටත් වැඩිය දුක් විඳින විදිහ දන්නෙ යන මනුස්සය විතරයි..
එහෙව් එකේ තවත් කරදර කරන්න ඒ දුක දැනෙන කෙනෙක්ට බෑ බං..
දෙමව්පියො කැමති ඒගොල්ලන්ට වැඩිය අපි සතුටින් ඉන්නවට..
අම්මපා එවෙලෙනං පිස්සෙක් වගේම තමා..ඒ මදිවට රත් වෙලා හිටියෙ අටට කලින් යාගන්න බැරි වෙයි කියල.. :D
සුබ පැතුම් - විශිෂ්ට ඡායාරූප ශිල්පියෙක් වේවා
ReplyDeleteබොහොම ස්තූතියි ඉවාන් අයියා.. :)
Deleteමුලින්ම සුභ පැතුම්..
ReplyDeleteහැමදෙයක්ම හොඳට අධ්‍යයනය කරලා කටයුතු කළාම ඉක්මනට සාර්ථක වෙන්න පුළුවන්...
ජය වේවා!!!!
ගොඩක් ස්තූතියි විදානෙ..ඒ වගේම මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.. :)
Deleteගමනේ යා....කියලා තමයි කියන්න තියෙන්නේ.
ReplyDeleteමේ හෑගොඩ පවුලම දක්ෂ කලාකරුවන්. ලාල්ගේ මල්ලී අනුර දක්ෂ කවියෙක්, ලේඛකයෙක්. මොවුන් කවීත්වයට ඇළුම් කරන සොඳුරු මිනිසුන්. ඒ වගේම තවත් පවුලක් තමයි තේනුවර පවුල. ඔවුන් මානව හිතවාදීන්.
තේනුවර සර්වත් අමතක කරන්න බෑ.. මුහුණු පොතෙන් මෙතුමාගෙන් ඉගෙනගත්ත දේවල් ගොඩයි..තේනුවර සර්ගෙ ගෘප් එකක් තියනවා ගොඩක් දේවල් ඉගෙන ගතහැකි.
Deletehttps://www.facebook.com/groups/phototalks/
ස්තූතියි අරූ අයියා.. මේ ඉසව්වට සාදරයෙන් පිළිගන්නවා.. :)
සුබ පැතුම්, මගෙත් ලොකු බලාපොරොත්තුවක් ඕක. ඒත් කවදාවත් ඉටු කර ගන්න බැරි වේවි වගෙ.
ReplyDeleteඑහෙම කොහොමද..බලාපොරොත්තු තියෙන්නෙ සැබෑ කරගන්න නොවැ.. උත්සහ කරල බලමු... :)
Deleteමාත් 6 වැනිදා යන්න හිට්යේ,එත් ඉරිදා වෙන වැඩක් යෙදුනා,ඊලග පාරවත් බලනවා.
ReplyDeleteඔව් ඊළඟ පාර කොහොමහරි යන්න..
DeleteGPS වලට වඩා හොදයි කොන්දගෙන් අහනවා
ReplyDeleteකොන්ද හොඳයි තමා... :D
Deleteමං නං කවදාවත් ඔය ජීපී ඇස් එකෙං බලල නෑ...
ReplyDeleteමොකද වට පිටේ මිනිස්සු ඉන්නව ඊටත් බස් එකේ කොන්ද ඔට ඔක්කටම වඩා හොද ජී පී ඇස් එක..
හැක්..
අලුත් වැඩේ සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා....
ජයවේවා
බොහොම ස්තූතියි මහියා..
Deleteකොන්දා මාර මීටරේ තමා.. :D
සුභ පැතුම්..
ReplyDeleteතෑන්ක්ස් වේවා දේශා...
Deleteඉදිරියටම යන්න සුබ පැතුම්.. අපිත් ඔය එහෙන් මෙහෙන් අල්ල ගන්න දේවල් වලින් ඉගෙන ගන්න මිනිස්සු තමයි ඉතින්..
ReplyDeleteබොහොම ස්තූතියි දිනේෂ් අයියා..
Delete