July 1, 2014

මහල්ලා සහ මුහුද | The Old Man and the Sea


"ඔවුහු හොඳට යාත්‍රා කළහ. නිතර කරදියෙන් දෑත තෙමා ගත් මහල්ලා හොඳ සිහියෙන් සිටීමට වෑයම් කළේය. අහසේ රැස් වන්නට වූ කුමුලස් වළාකුළු උඩින් ප්‍රමාණවත් තරම් කුන්තල වළාකුළු තිබුණු හෙයින් රෑ එළි වන තෙක් සුළඟ නොමඳව හමන බව මහල්ලා දැන ගත්තේය. තමා මහ මාළුවකු අල්ලා ගැනීම සිහිනයක් නොව සැබෑවක් බව සැක හැර දැන ගැනීම පිණිස මහල්ලා නිතර මාළුවා දෙස බැලුවේය. මෙය සිදු වුණේ ඔහුට පළමු වන මෝරා පහර දීමට පැයකට කලින්ය."

පොත ලියල තියෙන්නෙ 'අර්නස්ට් මිලර් හෙමින්වේ'. 1951 දි.
පෙරේදා පුස්තකාලයට ගිය වෙලේ ගත්තු පොත් අතර මේකත් තිබුණා.
පොතේ කතෘ, අර්නස්ට් හෙමින්වේ, ඔහුගේ ජීවිත කාලය පුරාම අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබා ගත්ත පුද්ගලයෙක්. පුවත්පත් වාර්තාකරුවෙක් හැටියට ග්‍රීක යුද්ධයට, ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට, දෙවන මහා යුද්ධයට සහභාගි වෙලා ජීවිතයේ ඉතුරු කාලය සාහිත්‍ය කරුවෙක් ලෙස ගත කරලා. ඒ වගේම හෙමින්වේ දඩයක්කාරයෙක්, මසුන් මරන්නෙක්.



ඔහු දවසක් උදේම මසුන් ඇල්ලීමට මුහුදු යන්න ගිය වෙලාවක 'මැනුවෙලි උලිබාරි මොන්ටේස්පෑන්' නම් කියුබානු ධීවරයෙක් අහම්බෙන් හමු වෙනවා. ඔහු හෙමින්වේට ඔහුට සිදු වූ දුක්මුසු සිදුවීමක් ගැන පවසනවා. 
හෙමින්වේ 'The Old Man and the Sea' නමින් රචනා කරන්නෙ ඒ කතාව. 

කතාවනං බොහොම සරළයි. නමින් 'සන්තියාගෝ' කියන මසුන් මරන මහල්ලෙක්ට අවාසනාව පිරුණු දවස් අසූ හතරකට පස්සෙ වාසනාව පෑදෙමින් බිලී කොක්කට විශාල මාළුවෙක් අහුවෙනවා. අන්තිමේදි මේ මාළුවා අල්ලගන්න සන්තියාගෝට විශාල වෙහෙසක් දරන්න වෙනවා.  ඒත් ආයිමත් අවාසනාව සන්තියාගෝට පහර දෙන්න පටන් ගන්නවා...!! ජයග්‍රහණය, පරාජය, දුක, වේදනාව, හාස්‍ය පිරුණු කතාවක් තමයි මහල්ලා සහ මුහුද.      

"මේ කතාව ලිවීමේදි මා අනුගමනය කළේ මුහුදේ පාවෙන හිම පර්වතයක පිළිවෙත. හිම පර්වතයෙන් අටෙන් හතක් පමණ දිය යට නොපෙනී පාවෙන අතර දියෙන් මතු වී පෙනෙන්නෙ අටෙන් කොටසක් පමණයි. මසුන් මැරීම හා කියුබානු ධීවරයන්ගෙ ජීවිතය පිළිබඳ මගේ දැනුම හා අත්දැකීම් ඇතුළත් කොට මහල්ලාගේ කතාව ඇසුරෙන් මට මහා නව කතාවක් ලියන්නට තිබුණා. නමුත් කතාව ලිවීමේදි මා ඒ සියල්ල ඉවත දමා අවශ්‍ය දෙය පමණයි ගත්තෙ. නවකතාකාරයා ලිවිය යුත්තෙ තමා දන්නා දෙයින් අවශ්‍යම දෙය පමණයි. අනෙක් සියල්ලම ඔහු විසින් ඉවත දැමිය යුතුයි. කතාව ශක්තිමත් වෙන්නෙ එවිටයි. එය තමාගෙ ආත්මයෙන් පෙරී එන හරයයි. මම මේ පොත ලිව්වෙ බොහොම ලොකු වෑයමකින්. මා එය දෙසීය වාරයකටත් වඩා කියවා තියෙනවා. ඒ හැම විටම මා තුළ කිසියම් විපර්යාසයක් ඇති වන බව මට දැනෙනවා."
                                                                            ~අර්නස්ට් හෙමින්වේ~

කෙටියෙන් කිව්වොත් මට දැනෙන්නෙ මහල්ලා සහ මුහුද ගොඩක් සරළ  කතාවක්. ඒත් සරළ බව සාර්ථකත්වය මනින්න පුළුවන් සාධකයක් නෙවේ.  

හෙමින්වේට මේ පොත සඳහා ඇමරිකන් ෆුලිස්ටර් ත්‍යාගයත්, නොබෙල් ත්‍යාගයත් හිමි වුණා. කියුබානු ජාතිකයන් හෙමිංවේට ඉහළම රාජ්‍ය සම්මානයක් දීල ජාතික වීරයෙක් හැටියටත් නම් කරා. 
 'The Old Man and the Sea' 'මහල්ලා සහ මුහුද' නමින් සිංහලයට පරිවර්තනය කරල තිබුණෙ සිරිල් සී. පෙරේරා. 

පස්සෙ කාලෙකදි මේ නමින් Animation කෙටි චිත්‍රපටියකුත් නිර්මාණය වෙලා. :)


24 comments:

  1. කියෙව්වා වගේ මතකයක් තිබේ ,කොම වුනත් දැනට කතා පොත් කියවිල්ල බොහොම අඩු වෙලා ,පොඩි නිවාඩුවක් ලබුණ ගමන් කියවන්න ඕනෑ ,කතා පොත් ගන්නෙත් නෑති තරම් ..කොම වුනත් ලිවිල්ල රහයි

    ReplyDelete
    Replies
    1. හැමෝටම එහෙම තමා..වැඩ වැඩි වෙනකොට කොහෙද ඉතිං පොත් කියවන්න වෙලාවක්..
      ලියන විදිහ හොඳයි නං එච්චරයි..මට ඔය ලස්සනට ලියන එක තමා බැරි.. :D

      Delete
  2. කියවන්න ඕනේ කියවලා නෑ. හ්ම්ම ස්තුතියි ඔත්තුවට !

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙල්කම්...!!

      Delete
  3. මාත් කියවලා නෑ.. ඔය උඩ කමෙට් එක දාපු කෙනාට පොත හම්බුනා කියන්නේ ඉතින් මාත් කියෙවනවා කියන එක තමයි..

    ReplyDelete
    Replies
    1. ආ................ එහෙම වෙන්නේ කොහොමද?????????

      Delete
    2. හික්ස්.. ඒකත් ඇත්තනෙහ්.. :D

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න අසංක, හෙමිංවේ කියන්නේ නොබෙල් සාහිත්‍ය සම්මානයත් ගත්ත දැවැන්ත ගත්කතුවරයෙක්

      Delete
    2. ඔව්..මේ පොත තමයි ඔහුගේ සාර්ථකම පොත සහ මේකට තමයි ඔහුට නොබෙල් ත්‍යාගය ලැබුණෙ..

      Delete
  5. සරල වෙන තරමට මම නම් කැමතියි. කියවලා නෑ බං. ට්‍රයි එකක් දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා අලුත් පොටෝ කෑල්ලක් දාල තියෙන්නෙ.. :D

      කියවල බලමු..!

      Delete
  6. හිහි අර ලු කතා ටික අයින් කරන්න.. ඒව ඇත්තනෙ ඒ පිළිගත හැකි සාක්කි තියෙන කතා නෙ.. ලු යන්න දැම්මම කතාවෙ වටින කම බාල වෙනව..
    මම ඔය පොතයි the sun also risesඉ කියන පොත් දෙකම කියවල තියෙනව..
    හෙමිංවේ කියන්නෙ පළමු සහ දෙවන ලෝක යුදදයන් දෙකටම මැදිවුණ කෙනෙක්..
    ඒත් බරපතල විදියට තුවාල ලබල බේරුණා..
    හෙමිංවේ තරං අතුරු ආන්තරා වලට ලක්වුණ වෙන ලේඛකයෙක් ගැන මා අසා නෑ...
    ඔහු වැඩිපුරම කැමති වුනේ දඩයමට...
    ඒ හිංද වෙච්ච අනතුරුත් වැඩියි..
    කෝමත් මනුස්සය අන්තිමට මැරුනෙ සියදිවි හානි කරන්...
    මට මතක විදියටඑයාගෙම දඩයම් තුවක්කුවෙන් වෙඩි තියන්...

    මොකක් හරි පොතක තිබිල ඔය විස්තර කියෙව්ව කියල මතකයක් තියෙනව වුණත් ඒ පොත වත් කොහෙන්ද කියලවත් මතක නං නෑ..
    සමමර විට ඉහත කරුණු වැරදෙන්න වුණත් පුලුවන්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මහේෂ් කිව්ව ඔක්කොම හරි..ඒකයි මං අර්නස්ට් හෙමින්වේ කියන්නෙ අපූරු අත්දැකීම් ගොන්නක් ලබා ගත්ත පුද්ගලයෙක් කියල ලිව්වෙ..අර්නස්ට් ස්පාඤ්ඤයෙදි ගව පොරවලට හිටං සහභාගි වුණාලු.
      ඔව් අන්තිමේදි අර්නස්ට් සිය දිවි හානි කරගන්නව එයාගෙ දඩයම් තුවක්කුවෙන්. කියුබාවේ ඉඳල වෛද්‍ය පරීක්ෂණයකට ඇමරිකාවට ගිහිල්ල ඒකට සහභාගි වෙලා පහුවෙනිද උදේ ගෙදරදි සිය දිවි හානි කරගන්නව.. පොතේනං තිබ්බෙ ඔහු සිය දිවි හානි කරගත්තෙ ගොඩක් භයානක රෝගයකින් පෙළුණු හින්දලු. ..

      ලු කෑලි ටික අයින් කරන්නං.. :D ඔය ලිවිල්ල තමා හරියට තාම කරගන්න බැරි.. තෑන්ක්ස් වේවා ආහ්... ;)

      Delete
  7. පොත ගැනනම් ගොඩක් දේවල අහල තියෙන්වා. ඒත් තාම කියවන්න බැරිවුනා.

    ඔබේ මේ සටහනින් පස්සෙ කොහොම හරි ඉක්මනට කියවන්න හිතාගත්තා.

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි... :)
      හොයල බලන්න මේක හොයාගන්න අමාරු පොතක් නෙවේ..

      Delete
  8. MEKA LIYALA THIYENNE WEERA WANSA KIYLA KENEK NEDA

    ReplyDelete
    Replies
    1. නෑ ඇනෝ... පොත ලියල තියෙන්නෙ අර්නස්ට් හෙමින්වේ..ඇමරිකානු ජාතිකයෙක්...සිංහලයට පරිවර්තනය කරල තියෙන්නෙ සිසිල් සී. පෙරේරා කියල එක්කෙනෙක්..

      Delete
  9. විමල් වීරවශ ට අනුව නම් ඕක ලිව්වේ ගී ද මෝපසාන්, ඔන්න් අපේ රටේ දේශපාලකයෝ

    ReplyDelete
    Replies
    1. උඩ ඇනා දාපු කමන්ට් එකෙත් වීරවංශ ගැන කියනවා..තේරෙන්න කියපල්ලකො.. :D

      Delete
    2. අයි බන් වීරවංශයා රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී ප්‍රධාන ආරාධිතයා හැටියට කතාව කරද්දී කිව්වේ මහල්ලා සහ මුහුද ලිව්වේ "ගී ද මෝපසාන්" කියලා

      Delete
  10. හුකෑස්..දැංනෙ තේරුණේ.. :D :D
    මරු දේශපාලුවො තමයි අපේ රටෙත් ඉන්නෙ..

    ReplyDelete
  11. භවසත්තා වාදය පදනමි කරගෙන ලියල තියෙන්නෙ

    ReplyDelete
  12. ආසාවෙන් කියවපු පොතක්.....සාන්තියාගෝ ගේ අප්‍රතිහත ධෛර්යය ජීවිතේ ට හොඳ ආදර්ශයක් .. ස්තූතියි සහෝදරයා ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...