සා.පෙ වලින් පස්සෙ පන්තියෙ හිටිය හොඳම යාළුවො ටික කොළඹ ඉස්කෝලවලට මාරු වෙලා ගියා. ඉතුරු වුණේ පස් හය දෙනෙක් විතරයි.
දැං අවුරුදු දෙකක් ගෙවිලා ගිහිල්ල ඉවරයි. ඔය ඉස්කෝලෙන් ගිය සමහර යාළුවො දෙතුන් දෙනෙක් එක්ක එදායින් පස්සෙ තාම වචනයක්වත් කතා කරන්න බැරි වුනා. වෙන මොකක්වත් හින්ද නෙවේ කන්ටැක්ට් කරගන්න හරියට නම්බර් එකක්වත් ගන්න බැරි වුණු හන්දා. ගොඩක් අය නං නුගේගොඩ ක්ලාස්වලදි මුණගැහුනා. හාපෝ ලියන්න ගත්තාම ඔහේ ලියනව කතාව වෙන පැත්තකට යනව කියල තේරෙන්නෙවත් නෑ.. ! :P
කොහොමහරි ඉතිං පහුගිය දවසක මං මුහුණු පොතේ ඔය ඕපාදූපයක් කියවගෙන ඉන්නකොට මෙසේජ් එකක් ආවා.
"අඩෝ අසංකයා මාව මතකද?"
බැලින්නං එ් කාලෙ ළඟින්ම හිටපු පොරක්..එතකොට ඒ යකා බුකියෙ හිටියෙ නෑ නොවැ.. :D
ඔහොම ආ ගිය තොරතුරු කතා කර කර ඉන්දැද්දි මිනිහ එක පාරටම අහපි
"අර මුද්දර පොත් තාම උඹ ගාව තියනවද ?" කියල..
එතකොට තමා මට මතක් වුණේ මං හරි ආදරෙන් එකතු කරපු මුද්දර ටික.. :)
ඇත්තටම ඕ ලෙවල් කාලෙ වෙද්දි මුද්දර එකතු කිරිල්ල අතහැරල දාල තිබ්බෙ. අතහැරල දාල කිව්වෙ ඇත්තටම වෙලාවක් හම්බුන්නෑ ඔය වැඩේට. හතේදි අටේදි විතර තමා ඕක දරුණුවටම ක්‍රියාත්මක වුනේ. අර යාළුවා මාත් එක්ක හය වසරෙ ඉඳන්ම හිටපු යාළුවෙක්. මිනිහට ඒක මතක තිබුණ එක ගැන මට ඇත්තටම පුදුම හිතුණා.
ඉතිං ඒ ප්‍රශ්නෙ මගෙන් ඇහුවාම මගෙ හිත අතීතයටම ගියා. ඒ මතකයන් ටික එවෙලෙ මට ලබා දුන්නෙ මාරම හැඟීමක්.
ඒත් කෝ දැන් ඒ ටික....!!? :o
හොයල බැලින්නං පුංචි කබඩ් කෑල්ලක තිබිල ඒ වස්තු සම්භාරය තිබ්බ විදිහටම හම්බුනා. කිසිම පලුද්දක් නැතිව... :)
ඔය මුද්දර විනෝදය කියල තියෙන්නෙ පොතක්. මුද්දර වර්ග කරන හැටි වගේ ගොඩක් ඒව ඔය පොතේ විස්තර කරල තියෙනවා.
පන්තියෙ හිටපු යාළුවන්ගෙන් කිහිපදෙනෙක්ම ඔය මුද්දර එකතු කරන වැඩේ කරා. ඔය අතරින් මට තමා වැඩිම මුද්දර ගාණක් තිබ්බෙ කියල පුංචි ආඩම්බරයකුත් නැතිවම නෙවේ.
ඒ කාලෙ තාත්තා වැඩ කරපු තැන බොස් ගෙ ගෙවල් තිබුණෙ බම්බලපිටියෙ. පස්සෙ කාලෙකදි එයා පිටරට පදිංචියට ගියා. බම්බලපිටියෙ ගෙදර ඉතුරු වුණේ එයාගෙ මල්ලි විතරයි. ගොඩක් වයසයි. තාත්තා ඉතිං මාසෙකට දෙවතාවක් විතර එහෙ ගිහිල්ල ගේ සුද්ධ පවිත්‍ර කරල දාල එන්න පුරුදු වෙලා හිටියා. එයත් මුද්දර පිස්සෙක්. මුළු ජීවිත කාලෙම කරල තියෙන්නෙ මුද්දර එකතු කරන එකද මන්ද..ඒ තරමට මුද්දර එයා ගාව තිබුණා. ඔය හින්දම කට්ටිය එයාට කිව්වෙ මුද්දර මහත්තයා කියල.. තාත්තා එහෙ යන යන සැරේට මට දෙන්න කියල මුද්දර පොඩ්ඩක් දෙන්න පුරුදු වෙලා හිටියා. ඔය කාරණාවත් මගෙ මුද්දර එකතුව වැඩි වෙන්න හේතු වුණා..
අපි ගොඩක් ආස වුණේ රට මුද්දර එකතු කරන්න. සමහර ළමයි කොහෙං හරි රට මුද්දරයක් හොයාගත්තාම ඒක කාට හරි දීල ලංකාවෙ මුද්දර කිහිපයකට හුවමාරු කරගන්නත් පුරුදු වෙලා හිටියා. මා ගාව වැඩියෙන්ම රට මුද්දරවලට තිබුණෙ ඕස්ට්‍රේලියාවෙ මුද්දර..
මේ තියෙන්නෙ මුද්දරය නිකුත් කරන්න ඉස්සෙල්ල නිකුත් කරන සමරු කවර
මුද්දර එකතු කිරිල්ල ගැන මතකය අවධි වුණු හන්ද විකිපිඩියා එකත් පොඩ්ඩක් කරකෝල බැලින්නං මුද්දර එකතු කිරීමෙ විනෝදාංශයට 1860 වසර වෙනකං ඉතිහාසයක් තියනවලු... :o
ඔය මුද්දර එකතු කරන අැල්බම් බුක්ෂොප් වල ගන්න තිබුණා. එතකොට නං ගාණ රුපියල් 300 ක් විතර ඇති.
ටිකක් විතර පොෂ් වෙන්න ඕන්නං මුද්දර අැල්බම් වල රඳවනකොට එහෙම අල්ලන්න අඬුවක් වගේ එහෙකුත් තියේ.. :P මං ගාවත් තිබ්බා දැංනං ඕක කොහෙද දන්නෑ..ඒ වුනාට ඕකෙං මුද්දර අල්ලන්න ගියාම එපා වෙනවා. අතින් අල්ලන එක ඊට වඩා ලේසියි.. -_-
මේ තියෙන්නෙ ඒ වගේ එකක්..පින්තූරය නෙට් එකෙං..
ලංකාවෙ මුද්දරනං නොයෙකුත් වර්ග වලට බෙදල තියෙනවා. මං වැඩියෙන්ම ආස වුණේ කුරුල්ලන්ගෙ මුද්දර වලට.
කුමාර් ආනන්දන්, පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීම වෙනුවෙන් නිකුත් කරපු මුද්දරය..
ලංකා තේ ශත සංවත්සරය වෙනුවෙන් නිකුත් කරපු එකක්..
ඔය වගේ ගොඩක් මුද්දර තියේ..ඔක්කොම දාන්න ගියොත් හොඳට හිටී.. -_-
ඉතිං..කාලෙකට පස්සෙ මුහුණ පොතෙන් හම්බවෙච්ච යාළුවෙක් මගේ මතකය අවධි කරේ මේ විදිහට. මේ මුද්දර වලින් මං කොච්චර සතුටක් ලබන්න ඇත්ද කියල හිතාගන්න බෑ.. ඒත් මේක තවදුරටත් කරගෙන යන්න බැරි වේවි මේ කලබල ජීවිතෙත් එක්ක.
සමහර වෙලාවට අතීතය කියන්නෙ ආදරණීය හැඟීම් සාගරයක්... :)
උඹත් තරගෙට පොස්ටු දානවද ? මමත් මුද්දර එකතු කරා බන් එච්චර ලොකුවට කරේ නෑ තවමත් ඔය එකතු කරපු පොත් ඇති .මං සල්ලි දිලත් ගත්තා මුද්දර .තව මාළු හැදුවා,එකක් කියලා නෑ එක එක වයසට එක එක දේවල් කරා හැබැයි සා/පෙ වෙනකොට ඔය සේරම ඉවරයි ඊට පස්සෙ තිබ්බෙ වෙනම දේවල් හැක් ....
ReplyDeleteහැක්..මොන තරඟද බං..මේ සිද්ධිය මතක් වුුණු වෙලේ ඔන්න ඔහෙ ලියල දැම්මා..
Deleteමාත් තැපැල් කන්තෝරුවට ගිහිං සල්ලි වලට මුද්දර ගත්තු අවස්ථාත් නැතුව නෙවේ..මාළු හැදිල්ලනං මට අල්ලල ගියෙ නෑ..ටැංකිය සුද්ද කරන්න ගියාම එපා වෙනව අප්පා.. :D
අපි ඔක්කොම එකම බෝට්ටුවේ වගේ
Deleteමමත් මුද්දර එකතු කලා. ඔස්ට්‍රේලියන් ඒවා ඕනි තරම් තිබ්බ හන්දා මම ආසාවෙන් එකතු කලේ ලංකාවේ ඒවා...:D
ReplyDeleteඕස්ට්‍රේලියාවෙ මුද්දර මාර ලස්සන ඒව තියෙනවා.. ^_^
Deleteකුරුල්ලන්ගෙ මුද්දර තමා මං ගොඩක්ම ආසාවෙන් එකතු කරේ..
වෙල්කම් මේ පැත්තට.. :D
අම්මා මටත් මතක් වුනා ඉස්සර මුද්දර එකතු කරපු හැටි . මමත් පොත් ගණන් එකතු කළා . ආපහු ඒවා මතක් වුනා . හැබැයි මේ කලෙක්ෂන් එක මරු
ReplyDeleteමුද්දර මුල් කවර එකතු කලේ නැද්ද? මමනම් වෙනම ඒවත් එකතු කළා
Deleteමා ගාව මුල් කවරනං එච්චර ගාණක් තිබ්බෙ නෑ..ඔය උඩින් දාල තියෙන්නෙ දෙක තුනක්.. :)
Deleteමටත් මේ පොත් ටික මතක් වුණේ අර යාළුවා හන්ද..
හිත සුන්දර අතීතයට පියාබනවා.
ReplyDeleteමගේ මුද්දර පොත කවුරුහරි ඉස්සුවා.
8 පන්තියේ විතර ඉන්නකොට
දැන් 8 වසරේ ඉන්න මගේ පොඩිම කොල්ල ළඟ සුපිරි එකතුවක් තියනවා.
එක බලනකොට ආයෙත් අතීතයට හිත දුවනවා
ඉස්සුවා.. :o
Deleteමටනං ඒ වගේ ඇබැද්දි වෙලා නෑ..
ඔව් නේන්නං අපි සමහර වෙලාවට අපේ සමීපතයින්ගෙන් අපේ අතීතය දකිනව. :)
බොට මොකක් හරි හදීසියක්ද බොල?? කලින් එකට කමෙන්ට් එකක් දාන්න එත්දි තවත් එකක් දාලා. :O
ReplyDeleteහෑ.. ඇයි අවුල් වගේද.. :D
Deleteමං ෂෙඩූල් එහෙකට මේක ලියන්නෑ නෙ බං..හිතිච්ච හිතිච්ච වෙලාවට ලියනව..ලියන්න දෙයක් තියනවනං එවෙලෙම ලියල දානව..
ඉස්සරහට පොඩ්ඩක් කාල පරතරයක් තියාගෙන දාන්නං... :D
මුද්දර කියන්නේ සුන්දර මතකයක්.
ReplyDeleteමුද්දර ගැන පෝස්ටු දෙකක් මහාචාර්ය මාතලන් තුමාත් ලියල තිබුණා
maathalan.blogspot.com/2013/11/23-stamp-collecting-13_23.html
http://maathalan.blogspot.com/2013/11/23-philatelist-13.html
http://maathalan.blogspot.com/2014/02/23-another-tongue-story.html
මොනව උනත් මුද්දර කිව්වාම අපේ පුංචි කාලෙට අපිව ආපහු ගෙනියනවා...
ජ ය වේ වා !!!!
ස්තූතියි විදානෙ ලිංකුවට..ඔතනින් එකයි මං කියවල තියෙන්නෙ.. :D
Deleteජය වේවා...!!!
එල බං.. මගෙත් ගෙදර මුද්දර පොත් තුනක්ම තිබුනා.. දැන් ඒවා යහතින් තියෙනවද මන්දා.. මගේ ලග ඔක්කොම තිබ්බේ රට මුද්දර හැබැයි..
ReplyDeleteමා ගාවත් තියෙන්නෙ මුද්දර පොත් තුනයි..තව CR පොතක මුද්දර අලවල තියේ..
Deleteමුද්දර...???
ReplyDeleteඅපේ ඉස්කෝලෙ සංගමේකුත් තිබ්බ...
ඒත් අපි නං ඕන කලේ නෑ..
මහ බෝරිං වැඩක්...
හැබැයි
මතකද එඩ්න චොකලට් එක්ක ස්ටිකර් හම්බුණ කාලෙ ඒ කාලෙ නං තරගෙට වගේ ඒව එක්කහු කලා...
හිහි
හිකිස්..එක එකාගෙ ටේස්ට් එක වෙනස් නෙහ්.. :D
Deleteමතකද කැන්ඩොස් චොක්ලට්..චොක්ලට් රඳවන කොළේ ඉන්නව පවුලෙ කට්ටිය..ඔක්කොම ටික එකතු කරගෙන යැව්වාම මැජික් බෝලයක්ද කොහෙද හම්බුවෙන සීන් එකක් තිබ්බා..
හතේ පංතියේ ඉද්දි මුද්දර එකතුකරනෙක මගෙත් විනෝදාංශයක් වෙලා තිබ්බා. ඒත් ඒක උපන් ගෙයිම මළා. පොත් කියවන එක තමයි ඉතින් මගේ අතිජාත විනෝදාංසෙ. ඒ වගේම තමයි ඉතින් ගීත රසවිඳීම සහ නිධාන කතා සෙවීම. දැන් ඒකට තවත් එකක් එකතුවෙලානෙ. බ්ලොග් කියවීම සහ ලිවීම.
ReplyDeleteපොත් කියවීමයි, බ්ලොග් කෙරුවාවයි ඉතිං මගෙත් දැං ජීවිතේ වෙලා..
Deleteසින්දු රසවිඳින්න නං සඳුමල් බ්ලොග් එක හැර වෙන මොකක්ද.. :D
අඩේ හොඳ එකතුවක් තියනවනේ සංචාරකයට. මමත් ඕක ජීවිත කාලය පුරා වරින්වර කරලා තියෙනවා. මුලින් එකතු කරපුවා මම මගේ නංගිට දුන්නා. දැන් එයාගේ ළමයි ලඟ ඒවා තියෙනවා. ඊට පස්සෙ ආයේ එකතු කරපුවා මගේ ළමයින්ට දුන්නා. දැන් පුතා ලඟ ඒවා තියෙනවා නමුත් දැන් එහෙම එකතු වෙන්නේ නෑ.
ReplyDeleteදැං කාලෙ නං මේ වැඩේ වෙන්නෙ බොහොම කලාතුරකින්.. මාත් මුද්දර එකතු කරන එක්කෙනෙක්ට මේ ටික දීල දානවා.. නැත්තං මේක මෙහෙම්ම ඔහේ තියල විනාස වෙලා යාවි..
Deleteඅනේ ඇත්තම තමා බන් මන් මේ පළවෙනි පාර මේ පැත්තේ අවේ, උඹේ පෝස්ට් එක දැක්කමයි බන් මටත් ඕක මතක් වුනේ ඔය උබ ලග තියෙන නිල් පාට මුදධර පොත වගේ එකක මගේ ගාවත් තියෙනවා කොහොමත් මගේ ගාවත් මුද්ධර 3500 විතර තිබුනා. දැන් ඔන් මටත් පොටෝ අල්ලන එකට හිත ගිහිල්ලා මෙලෝ මගුලක් කරන්ඩ හිත දෙන්නේ නෑ බන් උඹේ භාසාවෙන් කියනවනම් උණ හැදිලා බ්ලෝග් එක නම් මරු බන් ඉදිරියටත් මේක කරගෙන යමන් උඹට ජය..
ReplyDelete