July 13, 2014

කඳු නැගිල්ල

පොඩි රස්තියාදුවක්..

ගිය බදාදා හවස කලාතුරකින් රින්ග් වෙන මගේ ෆෝන් කට්ටට කෝල් එකක් ආවා.. :D (මෙසේජ් එකක් ආවත් එන්නෙ මොබිටෙල් එකෙං)

"අඩෝ මේ පොඩි ගමනක් යන්ද ?"
"කොහෙද බං ?"
"කොරතොට පන්සලට ටිකක් එහා තියෙන ගල් වල ගාව කන්ද.."
"ඉතිං.."
"දැක්කාම නිකං කිචි කිචි වගේ..නඟිමුද කියහං"
"මොන කඳුද බං..වහින්නත් එනවා.."
"වරෙංකො.."
"අද බෑ ඕයි..මේ පොතක් හම්බුනා බං..හෙට බලමු."

ඕං ඔහොමයි කන්ද නගින්න තීරණය කර ගත්තෙ.. 
මේකගෙ නම චමත්. ඉස්කෝලෙ ඉන්න හැම කෙල්ලෙක්ගෙම සම්පූර්ණ දත්ත මුගෙ ඔලුවෙ තියනවා. 



උදේ අට වෙනකොට යං කියල කිව්වාට මේකා එනව කියල කෝල් එක දෙනකොට නවය විතර ඇති..කිව්වට මොකෝ මේ නිදිකුම්බරයා කොල් එක දුන්නාම තමා මටත් ඇහැරුණේ.. :D  (ආ එතකොට නිදිකුම්බරයො දෙන්නයි නෙහ්)
කොහොමහරි කැමරාවත් ලෑස්ති කරන් ගෙදර තිබ්බ රෝද තුනත් අරගෙන (ස්පෙයාර් වීල් එකත් එක්ක හතරයි) මෑන්වත් දාගෙන කොරතොටට ගියා..බයිසිකලෙන් ගමන යන්න ආස වුණාට කොහෙද ඉතිං අනික් එකාගෙ පුටාර් එක කැඩිල.. 
ගිහිල්ල ත්‍රීවීල් එක පන්සලෙන් දාල පයිං ගෑටුවා කන්ද ගාවට. හොයල හොයල අන්තිමේදි කන්ද උඩට නගින්න පාරක් හොයාගත්තා. කොයිකටත් ගල් වලේ වැඩ කරන මාමා කෙනේක්ගෙන් අැහුවා. මුං අපි නගිනකං ඉඳල බෝර දාන්න පටන් ගත්තොත් එහෙම. ආයි බෝර දාන්නෙ හවස එකටලු. පුපුරවන්න ඉස්සෙල්ලා නලා හතරක් පිඹිනවලු. 
අපිත් ඉතිං බණ්ඩාර හැටහත්කට්ටුවක පිහිට ආරක්සාවයි කියල හිතාගෙන කන්ද නගින්න පටන් ගත්තා. සෙරෙප්පු දෙකක් දාං ආව එකේ ඵල විපාකෙ තේරෙන්නෙ කන්ද නගිනකොට. ලිස්සනවා ලිස්සනවා ඉවරයක් නෑ. අන්තිමේදි යටි පතුල් දෙකට අබ සරණයි කියල හිතාගෙන සෙරෙප්පු දෙක ගත්තා අතට. මහලොකුවට කඳු නගින්න ආවට අරූ වතුර බෝතලයක්වත් ගෙනල්ල නෑ.. -_- 
අම්මා බලෙං මගෙ බෑග් එකට වතුර බෝතලයක් එබුව හින්ද හොඳට ගියා.

පොඩි පොඩි ගස්වල අතු අයින් කර කර කන්දෙ පළවෙනි ටික නැග්ගට පස්සෙ තමා අමාරුම හරිය හම්බුණේ. පොඩි පොඩි ගල් පර්වත බඩගාගෙන, කටු පඳුරු අස්සෙන් රිංග රිංග යනකොට එපා වෙනවා. හැබැයි එතකොට තමා මරු.. ^_^ 

ඔහොම යනකොට චමතා එකපාරටම අතින් නවතින්න කියල සිග්නල් එකක් දුන්නා. කොළ පොඩි වෙන සද්දයකුත් ඇහුණා. 
"අඩෝ වල් ඌරො ඉන්නවද දන්නෑ.." 
"මේ පැත්තෙ කොහෙද යකෝ වල් ඌරො.."

කටට ආපු එක කියල දැම්මට හාරල තිබ්බ පොඩි පොඩි ගුහා ටිකකුත් දැක්කා.. 

බඩගාල බඩගාල අන්තිමේදි කන්ද උඩ ගල් තලාවට ආවා.. උඩට කොරතොට පන්සලේ අලුතෙන් හදන ලොකු බුදු පිළිමෙ පේනවා..


මාර හුළඟක් තියෙන්නෙ.. ගල් තලාව උඩ පැයක් විතර හිටියා. 



                               මේ තියෙන්නෙ බෝවිටියා මල් කියල තමා අර මහදැනමුත්තා කීවෙ...

සංචාරක තෙමේ පොඩ්ඩක් ඇහැ කරකෝල බැලින්නං මෙතෙන්ට කොළඹ වරායත් පේනවා.. කැමරාව අංශක 180 ක්ම කරකෝල ගත්ත ෆොටෝ දෙක තුනක්, ගෙදර ගිහිල්ල ෆොටෝෂොප් දෙයියංගෙ පිහිටෙන් පැනරෝමාවක් හදන්න..  


කන්ද උඩ සිග්නල් ටවර් එහෙකුත් තියේ.. චමතා කිව්ව එතෙන්ටත් යං කියල..ටවර් එකේ ඉතිං මොනව බලන්නද..ඔන්න ඔහෙ එතෙන්ටත් ගිහිල්ල ආවා. එන ගමන් සමනළ්ලු කිහිපදෙනෙක් දැක්කත් සංචාරකයා ගාව තියන 18-55 ලෙන්ස් එකත් එක්ක උංගෙ ෆොටෝ ගන්නව බොරු..හෙමින් සීරුවෙ ෆොටෝ එකක් ගන්න බැලුවත් ළඟට එද්දි ටක්ගාල පියාඹලා යනවා..සමනළ්ලු දහ පහළොස් දෙනෙක්ම මං ගාවට ඇවිල්ල කින්ඩිය දාල පියාඹලා ගියා.. අන්තිමේදි අල්ලගත්තෙ කොහෙදෝ ඉඳං කඩං පාත් වෙච්ච බත් කූරෙක් විතරයි.


එකට විතර බෝර දානව කිව්ව හන්ද හෙමින් හෙමින් කන්ද බහින්න පටන් ගත්තා.. ආපු පාර හොයාගන්න බැරුව එකම අඩි පාරවල් ටිකේ කැරකි කැරකි ඉඳල තමා අන්තිමේදි පල්ලං බහින්න මාර්ගයක් හොයාගත්තෙ.. 

ෆෝන් කට්ටෙන් ගත් සංචාරක තුමාගෙ ෆොටෝ කෑල්ලක්... 





 භාගයක් දුර ආපහු එනකොට මෙන්න බොලව් දඩාං ගාල පොළොව දෙදරන සද්දයක් ඇහුණා.. චමත ෆෝන් එකෙං වෙලාව බැලුවා. තාම එකට නෑ. මුං දැම්මම බෝර දානවද. ගහපු නළාවකුත් නෑ.. එවෙලෙ නං පොඩි බයකුත් දැනුණා. ඇයි යකෝ ගල් කෑල්ලක් පත බෑ වුණොත් එහෙම මළ කෙළියයි..කොයිකටත් අඩිය ඉක්මන් කරා. කඳු නගින වැඩේට වඩා අමාරුයි බහින වැඩේ. ඒ මදිවට සෙරෙප්පුවත් කැඩිල ගියා. 

බෝර තුන හතරක් විතර දාපුවාම ආයි සද්දයක් ආවේ නෑ.. අන්තිමේදි මාර ගේමක් දීල කන්ද පාමුලට බැස්සා. ආපහු යන්න පාර තිබුණෙ ගල්වල ගාවින්. මිනිස්සු කවුරුත් පේන්න හිටියෙත් නෑ.. ඒ ළඟින් යනකොටම බෝරයක් පිපිරුවොත් එහෙම.. ඈතට වෙලා යන්න වෙනිං පාරක් තියේද කියල බලද්දි ඈතින් මිනිස්සු තුන් හතර දෙනෙක් ආපහු වැඩ කරන්න එනව දැක්කා.. ඒ කියන්නෙ පුපුරෝල ඉවරයි..එතකොට තමා ඇඟට ලේ ටිකක් ඉනුවෙ..

මේ තියෙන්න ඔය කියපු ගල් වල.. 



කොහොමහරි ත්‍රාසජනක (එහෙමද මන්ද) චාරිකාවකින් පස්සෙ පන්සලට ආවා. 

මේ බුදු පිළිමය තමයි අර කන්දට පෙනුණෙ..
 
  
කොරතොට රජමහා විහාරය කියන්නෙ ගොඩක් ඓතිහාසික ස්ථානයක්. ලෙන් ලිපි ගණනාවක්ම තියනවා.. කටාරං කොටපු ගල් ගුහා කිහිපයකුත් තියනවා. 

අන්තිමේදි යාළුවගෙ ගෙදෙරට ගිහිල්ල බත් වේලකුත් සප්පායම් වෙලා ගෙදර එනකොට හවස පහ විතර ඇති.
කකුල් දෙකටනං හොඳ ගණං.. 












   
 

26 comments:

  1. හම්මේ උබ හොදට වනසල තියේ මාව :3

    ReplyDelete
    Replies
    1. ඇයි අවුල් වගේද... :3

      Delete
  2. නියමයි ඈ.. මම ගිහිල්ලා නෑනේ ඔය පැත්තේ..

    ReplyDelete
    Replies
    1. අපිනං විටින් විටින් යනවා ඔය පන්සලට.. :)

      Delete
  3. එල සංචාරක මං මෙතනින් පොටොවක් ඉස්සුවා ඈ :)))

    ReplyDelete
    Replies
    1. අපෝ ඒක අවුලක් නෑ.. අර මල් ටිකේ ෆොටෝ එක වෙන්නැති.. හැබැයි මං ඔය ඔක්කොම ඉමේජ් සයිස් එක අඩු කරල අප්ලෝඩ් කරේ..
      බුකියෙ ඇති ඔරිජිනල් ටික.. :) :)

      Delete
  4. ඇයි බං පන්සලේ විස්තර දැම්මේ නැත්තේ.. අර මහදැනමුත්තා කියපු කතාව හරි..

    ReplyDelete
    Replies
    1. පන්සලේ විස්තරෙ දැම්මනං දාන්න ගොඩක් දේවල් තියේ.. ලියන්න ගියොත් ආයි ඉවරයක් නෑ.. ඔය කඩුවෙල පැත්තෙ තියෙන පුරාණම පන්සලක් තමයි ඒක..

      ඔව් ඔව් අර මහදැනය හරි..ඔය බෝවිටියා පඳුරු රොත්තක්ම කන්ද උඩ තිබ්බා..

      Delete
  5. චාමරගෙ සිංදුවක් තියේ නදේ බෝවිටියා ගැන...
    අපූරු පොටෝ ටික මචෝ

    ReplyDelete
    Replies
    1. අනේ මංද අහල ඇති මතක නෑ..
      මල් ගැන සින්දු ඇති තරං තියනවනෙ..කෙහෙල් මලට විතරයි තාම සින්දුවක් නැත්තෙ.. :D

      ස්තූතියි මහී...!

      Delete
    2. බෝ මළුවේ මල් සුවඳක පැටලී
      අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
      සුපුරුදු උණුහුමකට සිත ඈදී
      ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
      දං බෝවිටියා කැලේ මැදින්
      එන්න හිතයි නුඹ ලඟට සැනින්...

      එතෙර කරන්නම් සතර වරිගයම
      සංසාරේ යන මේ ගමනේ..
      චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
      පුරුදු යහළුවන් හා සැනිනේ...
      එහෙම ගියත් ඒ අය පොඩි සාධු
      කියා කියන විට වැද වැටිලා..
      කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
      වෙල් ඉපනැල්ලේ පැන නටලා...

      බෝ මළුවේ මල්....

      භවයෙන් භවයේ පෙරුම් පුරා මම
      බවුන් වඩා උපදින වාරේ..
      දිනයක මතුදා හතර වරිගයම
      එතෙර කරන්නම් සංසාරේ...
      ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
      ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා...
      කොහොමද අම්මේ එහෙම කරන්නේ
      අම්මත්, සසරින්... එතෙර වෙලා..

      පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
      සංගීතය : සනත් නන්දසිරි

      (මේ සිංදුවේනං බෝවිටියා කෑල්ලක් තියනවා)

      Delete
    3. ස්තූතියි විදානෙ සිංදුව මතක් කරල දුන්නට..
      මේක ගායනා කරන්නෙත් සනත් නන්දසිරි.. :)

      Delete
  6. අර එකට ගල් බෝර දානවා කියපු එකාගෙ කණ ලාවට අත ගාලා එන්නයි වටින්නෙ.

    පට්ට ගමන බං.

    ReplyDelete
    Replies
    1. අපි යනකොට ඒ මෑන් එතන හිටියෙ නෑ.. පුදුමයක් නෑ ඉතිං අපේ මිනිස්සු කවද්ද කියන දේ කරේ..

      පට්ට නේන්නං... :)

      Delete
  7. මරු ප්ලේස් එකනේ ... අර බුදුපිලිමේ කොච්චර විතර උසද?

    ReplyDelete
    Replies
    1. ඒක නං ඒ හැටි නිච්චියක් නෑ.. කොහොම හරි මීටර් දහයක් පහළොවක් විතර උස ඇති..
      ප්ලේස් එකනං පට්ටම තමා...

      Delete
  8. හිමින් පටන් අරන් හියියෙන් ඉවර කොරල වගේ... මම කිව්වෙ ලිපිය ගැන. විස්තරනම් මදිත් වගේ. මොකද ඔතනට යන විදිහෙ මාර්ග විස්තරයකුත් ඕනා “සංචාරකයා“... නැත්තං අත්භූත චාරිකාවක් වෙනවානේ.. කමෝන් සංචාරකයා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචාං චියර් එකට..
      ඔව් ගොඩක් අඩු පාඩු ඇති.. මංතුමා ඔය බ්ලොග් ලිවිල්ලට අලුත් එකෙක් නොවැ..
      ඉස්සරහට මේ වගේ ලිපියක් දැම්මොත් යන විදිහ ගැන විස්තරෙත් දාන්නං..
      එල... :)

      Delete
  9. ලස්සන පිංතූර ටිකක්.. පංසල ගැන එකේ ඉතිහාසය ගැන තව විස්තර ටිකක් තිබ්බනං ගොඩාක් වටිනවා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. පන්සල ගැනනං වෙනමම ලිපියකින් වුනත් ලියන්න කරුණු තියේ..
      බොරු කිියන්නෙ මොකෝ කම්මැලිකම හින්දම ලිව්වෙ නෑ..
      බලමුකො ඉස්සරහට.. :)

      Delete
  10. කඳු නැඟීම ගැන මගෙත් අත්දැකීම සම්භාරයයි.. නිවාඩු පාඩුවේ ලියන්නම්කො.

    ReplyDelete
    Replies
    1. හත්වලාමේ කොහෙද බං මේ දවස් ටිකේ ගිහිල්ල හිටියෙ.. :D
      ලියමු ලියමු..උඹ බ්ලොග් පොස්ට් එකක් ලිව්වැයි කියන්නෙ මී පැණි වගේ තමා..

      Delete
  11. ඔය කොරතොට නවගමුව පැත්ත මගේ ජීවිතේටත් සම්බන්දයි. ඔය පැත්තේ විතර කලුගල් නැතුව ඇති ලංකාවේ කොහෙවත්. නමුත් මාර කැඩිල්ලක් කඩන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත.. කොරතොට,නවගමුව,රණාල..ඔය හරියෙ ගොඩක් තියේ ගල් වලවල්..
      මේ පැත්තට ඇවිත් ගියාට ස්තූතියි හෙන්රි අයියා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...