June 4, 2014

දුම් කලාව | Smoke Photography

අලුත් කැමරාව අරං මාස දෙකක් වත් ගත නොවුනට ඒ ටික කාලටෙ කැමරාවෙං ගත්තු වැඩනං ගොඩයි. මුළු දවස තිස්සෙම වහිනව. ඉතිං මේ ටිකේ කැමරාව නිවාඩු ගොහිං. එහෙමයි කියල නිකං ඉන්න පුළුවනයැ. ඉතිං ඔහොම ඉන්නකොට හිතුණා දුමක් ගහන්න.. :P හැබැයි හඳුන්කූරකින්..! :D

වැඩේ කරන්න මං පාවිච්චි කරේ කැමරාවයි, 50mm Prime ලෙන්ස් එකයි, හඳුන්කූරු දෙහෙකුයි, LED ටේබල් ලෑම්ප් එකයි, කළු පාට කමිසයකුයි..!
ඔක්කොටම ඉස්සෙල්ල මේ ටික අටෝගෙන ඉන්න ඕනෙ. පසුබිම කළු පාටින් අඳුරු කරන්න ඕන හින්ද ඉස්සෙල්ලාම කමිසය රැඳෙව්ව.



හඳුන්කූරු දෙක මෙව්ව එහෙකිං රඳවල තිබ්බ. :P 



දුම ආලෝකවත් කරන්න මං ගාව Flashers නැති හින්ද LED ලෑම්ප් එකකින් පැති ආලෝකයක් දුන්න. කැමරාවෙ Flasher එක භාවිතයෙන් නං එච්චර සාර්ථක වෙන්න බෑ කියල හිතුණ.




ඡායාරූපය ගන්න වෙලාවෙදි ඇතිවෙන සෙලවීම් වලිං බොඳ වීම නැති කරගන්න Tripode එකක් පාවිච්චි කරා. 



මේ වැඩේ කරන පරිසර තත්වය හුළං හමන්නෙ නැති තැනක් වෙන්න ඕනෙ. ජනෙල් ටික වහල දැම්මාම හරි ඉතිං.  

ඔක්කොම අටෝගෙන ඉවරයි. 


දැං තියෙන්නෙ අවසාන episode එක. 
ආලෝක තත්වය අනුව කැමරාවෙ සැකසුම් හදාගන්න ඕනෙ. Shutter Speed එක 1/200 ක් ගත්ත. Aperture එක f/2 ක් වගේ ගාණකට තියාගත්ත. ISO ගොඩක්ම ඉහළ දැම්මොත් ඡායාරූපයෙ ඇති වන Noise (ඒ Noise නෙවේ මේ Noise) ප්‍රමාණය වැඩි වෙනව. ඒ හින්ද 200 කට විතර දා ගත්ත.

Shoot...!!

දුම් වලිං විවිධ රටා මැවෙන විදිහට පොඩි හුළඟක් දුන්නට කමකුත් නෑ..
නිවැරදි අවස්ථාව ග්‍රහණය කර ගැනීම තමා වැදගත්..  

සාර්ථකයි කියල හිතෙනකං විවිධ රටා වල ඡායාරූප ගත්තා. 
පස්සෙ Adobe Lightroom වලිං පොඩ්ඩක් Contrast, Brightness වගේ ඒව හදල පසුබිම තව කළු කරන්න ඕන්නං එහෙමත් කරල, කැමති Effect එකක් යොදල අන්තිමේදි මේ වගේ ටිකක් ප්‍රතිඵලේ විදිහට හම්බුණා..! 

                                         Dancers













Pattern of the Smoke

                                         Dragon




                                         Women                            


Understanding Photography is Understanding Light.. :)
                                                     

                   


             

20 comments:

  1. පට්ටනෙ මචෝ... ඇත්තට හදුන් කූරකින් මේ වගේ දෙයක් කලා නං කොහොම කලාත්මක ඇහැක්ද තියෙන්නෙ කියල හිතාගන්න පුලුවන්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඕනම ඡායාරූපශිල්පියෙක් අත්හදා බලන දෙයක් බං මේක.. මේක විතරක් නෙවේ තව ගොඩක් ක්ෂේත්‍ර තියනව..
      බොහොම ස්තූතියි...!
      ජය වේවා.. :)

      Delete
  2. වැඩේ නම් ඉස්තරම් මචං. හිතාගන්නවත් බෑ. ඡායාරූපකරණය තුලින් මැවෙන ඔබේ අනාගතයනම් ඉතාම දීප්තිමත් මලේ. උඹට සුබපැතුම්.

    මේ.. ඒක නෙවෙයි බං, ඔය අටව ගත්ත එකට පිටිපස්සෙන් යාන්තමට අර පේන ෂර්ලොක් හෝම්ස් පොත් ටික පේනකොටනම් ඉරිසියා හිතෙනවා බං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝෂ අයියා..

      ඒ ටික අනිත් පොත් ටිකට වැඩිය උඩින්ම තියල තියෙන්නෙ.. :D :D

      Delete
  3. පට්ට පට්ට. සිරාවටම එළ බං. උඹටත් අමුතුම අදහස් තියෙන්නෙ.

    ReplyDelete
  4. අඩේ සුපිරියිනේ මචං.. පොඩි ට්‍රයි එකක් දීලා බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වේවා.. :D
      මොකටද පොඩි ට්‍රයි එකක්..ලොකු ට්‍රයි එකක් දීල මීටත් වැඩිය හොඳ ෆොටෝ ටිකක් ගමු...!!

      Delete
  5. එල ,අද තමා ගොඩ වුණේ ,,,

    ReplyDelete
  6. ෂෙක් මරුනේ බං. අර woman ඉන්නේ කොයි පැත්තටද කියලා තාම හිතනවා :P

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ඇ මේ ඉසව්වට..
      අනේ මංද බං හිතට ආපු එක දැම්ම... :D

      Delete
  7. විස්තරයට ස්තුතියි.

    වරක් මං ඡායාරූප ප්‍රදර්ශණයක් බලන්න ගියා. එතැනදී මං සමරු පොතේ කමෙන්ටුවකින් කීවේ ප්‍රදර්ශණයට තබා තිබූූණූ ඣායාරූප ගැන මේ වගේ විස්තරයක් කෙටියෙන් හෝ කළා නම් හොඳයි නේද කියායි.

    අද ඒ ඡාජාරූප ශිල්පියා විශ්ව විද්‍යාලයක ලොක්කෙක්. ඔබටත් සාර්ථක ඡායාරූප ශිල්පියෙක් වීමට ලැබේවා යැයි පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කතන්දර..සාදරයෙන් පිළිගන්නව මේ ඉසව්වට..
      දැනුම හංගන් ඉන්නවට වඩා එළියට දැම්මොත් කාටත් ප්‍රයෝජනයි නෙ.. :)
      නැවතත් ස්තූතියි...!!

      Delete
  8. අදමයි මේ පැත්තට ගොඩ උනේ. වැඩේ නම් පට්ට. මාත් ට්‍රයි කරලා බලන්න ඕන මේ වැඩේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීරේ... කරල අපිටත් බලන්න දාමු.. :)

      Delete
  9. වැඩකාරයට බොරු බෑ කියන්නෙ ඔන්න ඕකට..
    දක්ෂයෙක් බව පේනවා.. අපූරු උත්සාහයක්..ජය..!!!

    ReplyDelete
  10. නියමයි සංචාරක ඔයාගෙ ඉදිරි දියුණුවට බොක්කෙන්ම සුබපතනවා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිලිනි... :D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...