වැඩේ කරන්න මං පාවිච්චි කරේ කැමරාවයි, 50mm Prime ලෙන්ස් එකයි, හඳුන්කූරු දෙහෙකුයි, LED ටේබල් ලෑම්ප් එකයි, කළු පාට කමිසයකුයි..!
ඔක්කොටම ඉස්සෙල්ල මේ ටික අටෝගෙන ඉන්න ඕනෙ. පසුබිම කළු පාටින් අඳුරු කරන්න ඕන හින්ද ඉස්සෙල්ලාම කමිසය රැඳෙව්ව.හඳුන්කූරු දෙක මෙව්ව එහෙකිං රඳවල තිබ්බ. :P
දුම ආලෝකවත් කරන්න මං ගාව Flashers නැති හින්ද LED ලෑම්ප් එකකින් පැති ආලෝකයක් දුන්න. කැමරාවෙ Flasher එක භාවිතයෙන් නං එච්චර සාර්ථක වෙන්න බෑ කියල හිතුණ.
ඡායාරූපය ගන්න වෙලාවෙදි ඇතිවෙන සෙලවීම් වලිං බොඳ වීම නැති කරගන්න Tripode එකක් පාවිච්චි කරා.
මේ වැඩේ කරන පරිසර තත්වය හුළං හමන්නෙ නැති තැනක් වෙන්න ඕනෙ. ජනෙල් ටික වහල දැම්මාම හරි ඉතිං.
ඔක්කොම අටෝගෙන ඉවරයි.
දැං තියෙන්නෙ අවසාන episode එක.
ආලෝක තත්වය අනුව කැමරාවෙ සැකසුම් හදාගන්න ඕනෙ. Shutter Speed එක 1/200 ක් ගත්ත. Aperture එක f/2 ක් වගේ ගාණකට තියාගත්ත. ISO ගොඩක්ම ඉහළ දැම්මොත් ඡායාරූපයෙ ඇති වන Noise (ඒ Noise නෙවේ මේ Noise) ප්‍රමාණය වැඩි වෙනව. ඒ හින්ද 200 කට විතර දා ගත්ත.
Shoot...!!
දුම් වලිං විවිධ රටා මැවෙන විදිහට පොඩි හුළඟක් දුන්නට කමකුත් නෑ..
නිවැරදි අවස්ථාව ග්‍රහණය කර ගැනීම තමා වැදගත්..
සාර්ථකයි කියල හිතෙනකං විවිධ රටා වල ඡායාරූප ගත්තා.
පස්සෙ Adobe Lightroom වලිං පොඩ්ඩක් Contrast, Brightness වගේ ඒව හදල පසුබිම තව කළු කරන්න ඕන්නං එහෙමත් කරල, කැමති Effect එකක් යොදල අන්තිමේදි මේ වගේ ටිකක් ප්‍රතිඵලේ විදිහට හම්බුණා..!
Dancers
Pattern of the Smoke
Dragon
Women
Understanding Photography is Understanding Light.. :)
පට්ටනෙ මචෝ... ඇත්තට හදුන් කූරකින් මේ වගේ දෙයක් කලා නං කොහොම කලාත්මක ඇහැක්ද තියෙන්නෙ කියල හිතාගන්න පුලුවන්...
ReplyDeleteජයවේවා
ඕනම ඡායාරූපශිල්පියෙක් අත්හදා බලන දෙයක් බං මේක.. මේක විතරක් නෙවේ තව ගොඩක් ක්ෂේත්‍ර තියනව..
Deleteබොහොම ස්තූතියි...!
ජය වේවා.. :)
වැඩේ නම් ඉස්තරම් මචං. හිතාගන්නවත් බෑ. ඡායාරූපකරණය තුලින් මැවෙන ඔබේ අනාගතයනම් ඉතාම දීප්තිමත් මලේ. උඹට සුබපැතුම්.
ReplyDeleteමේ.. ඒක නෙවෙයි බං, ඔය අටව ගත්ත එකට පිටිපස්සෙන් යාන්තමට අර පේන ෂර්ලොක් හෝම්ස් පොත් ටික පේනකොටනම් ඉරිසියා හිතෙනවා බං.
බොහොම ස්තූතියි මනෝෂ අයියා..
Deleteඒ ටික අනිත් පොත් ටිකට වැඩිය උඩින්ම තියල තියෙන්නෙ.. :D :D
පට්ට පට්ට. සිරාවටම එළ බං. උඹටත් අමුතුම අදහස් තියෙන්නෙ.
ReplyDeleteස්තූතියි මචං..
Deleteඅඩේ සුපිරියිනේ මචං.. පොඩි ට්‍රයි එකක් දීලා බලන්න ඕන..
ReplyDeleteතෑන්ක්ස් වේවා.. :D
Deleteමොකටද පොඩි ට්‍රයි එකක්..ලොකු ට්‍රයි එකක් දීල මීටත් වැඩිය හොඳ ෆොටෝ ටිකක් ගමු...!!
එල ,අද තමා ගොඩ වුණේ ,,,
ReplyDeleteස්තූතියි බං...!!!
Deleteෂෙක් මරුනේ බං. අර woman ඉන්නේ කොයි පැත්තටද කියලා තාම හිතනවා :P
ReplyDeleteවෙල්කම් ඇ මේ ඉසව්වට..
Deleteඅනේ මංද බං හිතට ආපු එක දැම්ම... :D
විස්තරයට ස්තුතියි.
ReplyDeleteවරක් මං ඡායාරූප ප්‍රදර්ශණයක් බලන්න ගියා. එතැනදී මං සමරු පොතේ කමෙන්ටුවකින් කීවේ ප්‍රදර්ශණයට තබා තිබූූණූ ඣායාරූප ගැන මේ වගේ විස්තරයක් කෙටියෙන් හෝ කළා නම් හොඳයි නේද කියායි.
අද ඒ ඡාජාරූප ශිල්පියා විශ්ව විද්‍යාලයක ලොක්කෙක්. ඔබටත් සාර්ථක ඡායාරූප ශිල්පියෙක් වීමට ලැබේවා යැයි පතමි.
ස්තූතියි කතන්දර..සාදරයෙන් පිළිගන්නව මේ ඉසව්වට..
Deleteදැනුම හංගන් ඉන්නවට වඩා එළියට දැම්මොත් කාටත් ප්‍රයෝජනයි නෙ.. :)
නැවතත් ස්තූතියි...!!
අදමයි මේ පැත්තට ගොඩ උනේ. වැඩේ නම් පට්ට. මාත් ට්‍රයි කරලා බලන්න ඕන මේ වැඩේ
ReplyDeleteස්තූතියි වීරේ... කරල අපිටත් බලන්න දාමු.. :)
Deleteවැඩකාරයට බොරු බෑ කියන්නෙ ඔන්න ඕකට..
ReplyDeleteදක්ෂයෙක් බව පේනවා.. අපූරු උත්සාහයක්..ජය..!!!
බොහොම ස්තූතියි...
Deleteනියමයි සංචාරක ඔයාගෙ ඉදිරි දියුණුවට බොක්කෙන්ම සුබපතනවා !!
ReplyDeleteබොහොම ස්තූතියි දිලිනි... :D
Delete