June 13, 2014

කූඩු හැදිල්ල සහ ඇම්ඩන්ගෙ ගැටේ


වෙසක් වලට හදපු වෙසක් කූඩුව වැස්සට තෙමිල කීතු කීතු වලට ඉරිල ගිහිල්ලා. මේ පාර එකයි හැදුවෙ. ඒක හින්ද ලොකුවටම හැදුව. මොනව කරන්නද ඉතිං ඔය දේ තමයි ලෝකෙ වෙනස් වෙන්නැති එකම දේ...

ඔය අතරෙ මට තවත් පාසල් මතකයක් සිහියට ආව. වෙසක් කාලෙට ඉතිං ඉස්කෝල වල වෙන වැඩක් නෙ කූඩු හදන එක. එක අවුරුද්දක අපි හිටපු සෙක්ෂන් එකට භාර දුන්නා වෙසක් වලට ලොකු කූඩුවක් හදන්න. එතකොට අපි දහය වසරෙද කොහෙද. ඔය කාලෙට හෙන ජොලි ලු. මොකද ආයි ඕක හදල ඉවරවෙලා වෙසක් දවසට ලයිට් දාල පත්තු කරල පෙන්නනකං ඉගැන්විල්ලක් නෑනෙ.. :D වෙසක් දවසට සති දෙකක් විතර තියල ඉතිං වැඩේ පටන් ගන්නව. ඔය කිව්වට පළවෙනි දවස් දෙක තුනේ වැඩේ කෙරෙන්නෙ කටින්. කට්ටියක් අටේ නවයෙ පන්ති ගාණෙ ගොහිං මල් කැඩීමේ රාජකාරිය අරඹනව. තවත් කට්ටියක් හිටිය කොඩි ගස් පැනීමේ උණ තියෙන. පන්තියට ටිකක් එහායින් පොඩි පිට්ටනි කෑල්ලක කොස් ගහකුයි කොට්ටං ගහකුයි තිබ්බා. ඔය ගස් දෙක තමා කුණ වුනේ. කුණ කියන්නෙ කොඩි ගස් පනිද්දි ගන්න ගස් දෙකනෙ. :P කොහෙද දැං කාලෙ පොඩි එවුං ඕව දන්නවැයැ. ඕක තමා ඒ කාලෙ අපේ ප්‍රියතම සෙල්ලම. 

ඔහොම ඉඳල දවස් දෙක තුනකිං කූඩුව හැදිල්ල පටන් ගන්නවා. හදන කූඩුව මොන වගේ එකක්ද කොච්චර ලොකුද කියල එහෙම තීරණය කොරල ඉස්සෙල්ලාම හට් එක ගහං ඉන්න ඕන හන්ද ඔය ඉස්කෝලෙට අඩි දෙකේ තුනේ දුරින් හිටපු ළමයිංගෙ ගෙවල්වලිං මන්න, කැති, පොරෝ එහෙම හොයං ඇවිල්ල යනව උණ ගස් ටිකකුයි පුවක් ගහකුයි කපන්න. හංවැල්ල වගේ සුළු නාගරික පැත්තක අපේ ඉස්කෝලෙ, ඒ කියන්නෙ රාජසිංහ මධය විද්‍යාලය තිබ්බත් ඉස්කෝලෙ වටේම තියෙන්නෙ වෙල් යායවල්, මඩ වගුරු, රබර් වතු කෑලි. දහ පහළොස් දෙනෙක් විතර සෙට් වෙලා ගියා ඕං උණ ගස් පඳුරු හොයාගෙන. රටේ නැති වල්පල් දොඩෝ දොඩෝ ගිහිල්ල අන්තිමේදි හොඳ උණ පඳුරක් හොයාගත්තා. සෙට් එකේ හිටිය එකෙක් මෑන් ට කිව්වෙ ඇම්ඩන් කියල. :D මිනිහට ඒ නම හැදිච්ච හැටිනං තාමත් මං දන්නෑ. ඔය කැපිලි කෙටිලි වැඩ වලට මුලින්ම අතගහන්නෙ මිනිහ තමා. ඕං ඉතිං දහ පහළොස් දෙනෙක් ආවට තුන් හතර දෙනෙක් සෙට් වෙලා උණ ගස් ටික බිම පත බාන්න පටං ගත්තා. ටික වෙලාවක් යනකොට නිකං කටු අනිනව වගේ දැනෙන්න පටන් ගත්තා. බැලින්නං උණ ගහක තිබ්බ ලොකු දිමි ගොට්ටක් බිමට පත බෑවිලා ඇවිස්සිලා. කොහොමහරි අන්තිමේදි උණ ගස් හතරක් පහක් කපල උස්සං ආවා. ඔය එන අතරමගදි ගෙවල් වල පාර අයිනට වෙන්න තිබ්බ පේර ගස්වලට එහෙම මුකුත් වුණේ නෑ.!! :D

 තවත් අමතක වෙන්නැති වැඩක් වුණේ පුවක් ගහ කපන්න ගිහිල්ලා. කපන්න ගිය පුවක් ගහ තිබුණෙ ඉස්කොලෙට ළඟින්ම තිබුණ ගෙයක් එහා පැත්තෙ තිබුණ පාළු වත්තක. ඒ ගෙයයි පාළු වත්තයි වෙන් වුණේ කම්බි වැටකින්. ඕකටත් ඉතිං මුල් තැන ගත්තෙ ඇම්ඩන් තමා. පුවක් ගහ තිබුණෙ කම්බි වැටට ළඟින් වෙන්න. පුවක් ගහ කපන්නත් ඕනෙ කම්බි වැට බේරගන්නත් ඕනෙ. ඇම්ඩන් ළඟ තිබ්බ කොස් ගහට නැගල අත්තක් දිගේ ගොහිං පුවක් ගහේ මුදුනෙන් ලණුවක් අරගෙන බැඳල ලණුවෙ අනික් කොන කොස් අත්ත උඩින් පල්ලෙහාට දැම්මා. මිනිහ ගස් බඩ ගාන්නත් හෙන සූරයා. කට්ටිය ලණුව හයියෙන් අල්ලගෙන ඉන්න අතරෙ ඇම්ඩන් පුවක් ගහ කපන්න පටන් ගත්තා. අන්තිම ටික කපාගෙන ඉවර වෙනකොටම ඇම්ඩන් දාපු ගැටේ හොඳකම හින්දම පුවක් ගහ කම්බි වැටත් කඩාගෙන බිමට පත බෑ වුණා. අපේ වාසනාවට ඒ ගෙදර හිටියෙ අහිංසක සීය කෙනෙකුයි ආච්චි කෙනෙකුයි. ඕක හදාගන්න බැරියැ කියල අපිට පුවක් ගහත් අරං යන්න කිව්වා. පස්සෙ ඉතිං කට්ටියම එකතු වෙලා පුවක් ගහ කර තියං කූඩුව හදන තැනටම ගෙනිච්චා. හැබැයි මට මතකයි මට ඉස්සරහිං හිටපු එකා කොටයි. මං හිතන්නෙ මිනිහ පුවක් ගහේ එල්ලිලා ආවෙ. :D 

කූඩුවත් හදල ඉවර වුණා. හුටා..කූඩුව කරකවන්න මෝටරයක් ඕනෙ. ඔය සෙට් එක අතරෙ හිටියා ඔය ඉලෙක්ට්‍රික් වැඩ වලට එහෙම දස්ස හාදයෙක්. කාගෙවත් ගෙදර හොයාගන්න මෝටරයක් තිබ්බෙ නෑ. මිනිහ මොකද කරේ පන්තියෙ එල්ලල තිබ්බ ෆෑන් එක ගලෝල මෝටරේ ගත්තා. කොහොමහරි වෙසක් දවසත් ඉවරවෙලා දවස් දෙකු තුනක් යනකං මේක ටීචර්ස්ලට මාට්ටු වුණේ නෑ. අන්තිමට පන්තියටම අම්බානකට බැනුම් අහන්න සිද්ධ වුණා. 

කූඩුව අලෝල ලයිට් එල්ලන වැඩේ සිද්ධ වුණේ වෙසක් දවසට ඉස්සෙල්ල දවසෙ. ඉස්කෝලෙං පස්සෙ හවස් වෙනකංම හිටියා. ඒ දවස් මතක් වෙනකොටත් හිනා යනවා. කූඩුව අලෝල සැරසිලි දාන එක ඉතිං පිරිමි පාර්ශවේට තිබ්බ රාජකාරියක් නෙවේ නොවැ. අර ඉස්සෙල්ලා කිව්ව කොස් ගහේ වැල ගෙඩියක් තිබුණ. සුවඳේ ඉන්න බෑ. ඕක ඔහොම එල්ලි එල්ලි තියෙද්දි කොහොමද බලං ඉන්නෙ. ඇම්ඩන්ට පිං සිද්ධ වෙන්න ඒ වැල ගෙඩියත් කඩං කෑවා.   
  
ඔහොම කරපු පිස්සු වැඩ ගොඩක් අන්තිමේදි කූඩුවත් හදල ඉවර වුණා. වෙසක් දවසෙ රාත්තිරියෙදි ලයිට් පත්තු කරල කූඩුව ගමේ හැමෝටම පෙන්නද්දි තියෙන සතුට...! කියල නිම කරන්න බෑ...

ඒ වගේ අනන්තවත් සුන්දර මතකයන් ජීවිතේට එකතු කරපු මගෙ පාසලට සමුදෙන්න තියෙන්නෙ තවත් මාස දෙකක් විතරයි...!!




20 comments:

  1. අපිත් ඒකාලේ මේ විදියටම කූඩු හැදුව මලේ. කූඩු විතරක් නෙවෙයි, ඉස්කෝලෙ කරපු කොයි බාහිර වැඩේත් මෙහෙම තමා උනේ. අන්තිමට ඉතිරි උනේ ඒවගේ සොඳුරු මතකයන් විතරයි.

    ReplyDelete
  2. ඔව් බං.. ඒව මතක් වෙනකොට දාල යන්නත් දුකයි..

    ReplyDelete
  3. අඩෝ ඊට පස්සේ උබලට ෆෑන් එක හදන්න කියල සෙක්ෂන් හෙඩ් දාපු සීන් එක කියන්නේ නෙද්ද ? එතකොට උබලගේ පන්තියට එහා පන්තියේ එවුනුත් ඔය විදිහට ෆෑන් එක ගලවල පස්සේ කම්බිවලින් එල්ලුව සීන් එකත් කියපන්..... :P උබලගේ කුඩුව කෙරකුනෙත් නැහැනේ.... :P

    ReplyDelete
    Replies
    1. හිකිස්.. :D :D දැක්කනේ අපිව ආදර්ශයට ගන්න ළමයි..
      පළවෙනි ටිකේ කැරකුණා යකෝ...ඊට පස්සෙ තමයි මොකක්ද මගුලක් වෙලා කැරකුන්නැත්තෙ.. :D :D

      Delete
  4. Adw sirwta asanka..
    Ekale nam supri..
    Ayw kawdda gannda.... evge atal...latha kiypu vidiyta puwk gha kapuwa hindane bn..eka kambi wata udta vatune... :P

    ReplyDelete
    Replies
    1. අඩේ සිරාවට ඈ..කොහෙද ඉතිං පංතියෙ හිටපු හොඳම සෙට් එක ඕ ලෙවල් වලිං පස්සෙ ගියානෙ ලොකු ලොකු ඒවට.. :D :D

      Delete
  5. හැමදේකම සොදුරු මතකය අපි හැමෝම ලග පොඩ්ඩක් හරි ඉතුරු වෙලා බං..

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත.. තව අවුරුදු ගාණක් ගියත් අපි කොච්චර දේවල් ලබා ගත්තත් ඉතුරු වෙන්නෙ ඒ වගේ මතකයක් විතරයි..

      Delete
  6. හැබැයි ඕක හරියන්න නම් වැල ගෙඩිය කඩද්දි මාට්ටුවෙලා ගුටි කෑවා වගේ දෙයක් වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. එහෙම වුණානං ඉතිං සොරිම තමා..
      අපි ඉස්කෝලෙන් පස්සෙ නෙ හිටියෙ.. ඒක හින්ද මාට්ටු වුණේ නෑ.. :D

      Delete
  7. බලං ගියාම මූතාම හිච්චි එකානෙ... ඉක්කෝලෙ යන...
    ඒ කාලෙ කියපු කරපු දේවල් නං තියේ ගමකට...
    ඇත්තට බං අපි ඒ කාලෙ කරපු සෙල්ලං කීවොත් දැං ඉන්න එවුං කට ඇරං බලං ඉදී... මොකද දැං ඉන්න වුං දන්නෙ කොම්පීතර ගේං විතරනෙ

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹ හිතුවෙ මං කසාද බැඳල පැටව් හත් අට දෙනෙක් ඉන්න නාකියෙක් කියලැයි.. :D
      කොම්පීතර් ගේං නං ඉතිං අපිත් ගැහුව. ඒ වුනාට ඕවත් කරා...

      Delete
  8. අපිනම් ඉතින් හැදුවේම තෝරන් ...... වැඩි පුරම කුරුළු තෝරන්....මැලේසියාවේ තොරණ මෙන්න මෙතන
    http://onemalaysiasinhala.blogspot.com/2014/06/blog-post.html#comment-form

    ReplyDelete
    Replies
    1. ආහ්..මැලේ රාළත් ඇවිල්ල තියෙන්නේ මේ පැත්තට.. වෙල්කම් ඇ..
      ඒ පැත්තටත් ඇවිල්ල තොරණෙ හැඩ බලල යන්නං.. :)

      Delete
  9. අඩෝ මටත් මතක් උනේ එක පාරක් අපි දහම් පාසලේ හදපු තොරණ. තරඟෙකට හැදුවෙ. අනිතිමේ අපි එක උනා අපිට වැඩිමල් උන්වත් ප‍රද්දලා

    ReplyDelete
    Replies
    1. දහම් පාසලේනං ඔය විදිහෙ එච්චර මහලොකුවට මතකයන් නෑ.. ළමයි පස් හය දෙනයි හිටියෙ.. :)

      Delete
  10. Replies
    1. කූඩු නොහදපු කෙනෙක් නෑ නොවැ...
      ඇවිල්ල බලන්නංකො.. :)

      Delete
  11. වැල ගෙඩිය කඩලා කෑවා කියන එක නං ටොම්පචයක් මචෝ. වැල කඩන්ට බෑ ලන්නකින් බාන්ට ඕනෑ

    ReplyDelete
    Replies
    1. ඉතිං ඇනෝ එහෙම කඩල තමයි කෑවෙ.. ඕක ඉතිං ලණුවකින් බෑව කීල විසේසයෙන් කියන්න ඕනැයැ.. :D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...