July 19, 2014

පියානෝ නාදය..

මා වඩාත්ම ප්‍රිය කරන ලොව විශිෂ්ට ඡායාරූපශිල්පියෙකු වන 
Steve McCurry ගේ පින්තූරයක් රස විඳිමින් සිටි අවස්තාවක සිතට ආ සිතුවිලි පොදක සටහනකි.. කවි නිසැදෙස් පද බඳින්නට සහ අදහස් ගැලපීමට මා හට කිසිදු දක්ෂතාවයක් නොමැති නිසා සහ ස්වයං තෘප්තිය උදෙසා ලියූ හේතුවෙන් නොදැක්ක ගානට සිටියාට අවුලක් නැත..! :D








අහිංසක දෑස්
වෙනත් ලොවක අතරමංව..
පසෙකින් තිබෙන කුඩා මල්ලක් 
ඇඳ වුන් ඉරී ගිය වැරහැල්ලක්
ගයයි දුක්බර ශෝකාන්තයක්..
වැසී ගිය කඩයක් ඉදිරිපිට
ඉඳ සිටිනා ඔහු අත
පොතක් නොවරදියි සැම විට..
විටෙක යනෙන එවුන් දෙස
නෙත් අයාගෙන සිටියි 
අහිංසක බැල්මකින් නිතරම
මිරිඟුවක් පසුපස හඹා යන්නන්..

වාහනවල ධූමයෙන් කළු වුණු මුහුණ..
අතරින් නැඟෙන සුදුවන් දෑස්
ලොප් වී ඇත පරණ ෆෝඩ් රථයකට
පවසයි ඔහුගෙ සිත
"මටත් තිබුණා ඉස්සර"..
බිම වැටුණු කාසියක නාදයෙන්
බිඳී ගියේය ඔහුගේ දැහැන..

නගරයේ ඝෝෂාව මැද
සියුමැලි ඇඟිලි තුඩු තත් අතර දුවන
ඇසෙයි පියානෝ සංගීතයක්
පාර අයිනේ බංගලාවෙන්..
 පෙරලීය තවත් පිටුවක්
රසවත් කතාවක..
 
 

16 comments:

  1. හැබැයි පින්තූරෙට ගැලපෙන කවිය ... මටත් තිබුනා ඉස්සර මෙන්න මේ පදේ වැදුනා හොඳටම

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තං එක පදයක් හරි වැදුණා.. :D

      Delete
  2. කතාවක් වගෙයි ,රසයි බන් නිර්මාණය කියන්න තෙරෙන්නෙ නෑ එත් රසයි ...

    ReplyDelete
    Replies
    1. මටත් තේරෙන්නෙ නෑ නොවැ..

      Delete
  3. /කවි නිසැදෙස් පද බඳින්නට සහ අදහස් ගැලපීමට මා හට කිසිදු දක්ෂතාවයක් නොමැති නිසා සහ ස්වයං තෘප්තිය උදෙසා ලියූ හේතුවෙන් නොදැක්ක ගානට සිටියාට අවුලක් නැත..! :D/ කෙප්ප නොකෙලා සිටියානම් අගනේය..

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. කෙප්ප නෙවෙයි විදානෙ.. :D අම්මපා..

      Delete
  4. කවි ලියන්න බෑ කියුවාට ලියා ඇති කවියනම් ඉතා අගේය.................

    ReplyDelete
    Replies
    1. ස්තූතිය..ගී පවුරකින් මගේ කවි වගේ එකකට ඉතා අගේය කියා ඇසීමත් වාසනාවන්ය.. :D

      Delete
  5. හුදකලා ෆීලින් එකක් වැදුන. .........................

    ReplyDelete
  6. සිරාවටම ගති ඈ..

    ReplyDelete
  7. මචෝ කිසිම අවුලක් නෑ. නිසැඳස උපරිමයි. බය නැතිව ඒකටත් අතගහපන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බං.. බලමුකො.. :)

      Delete
  8. මරු අනේ ..දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි..
      මේ ඉසව්වට වෙල්කම් ඈ.. :D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...