November 17, 2014

ආනන්ද, සර්පයා දුටුවාද ?

නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ සිනමා නිර්මාණය, තණ්හා රතී රඟා දින ගණනාවක සිට රස විඳීමට බලා සිටියත් ඇති වූ අසනීප තත්වය සහ යෙදුණු ගමන් බිමන් කිහිපය නිසා ම ඊට කාලයක් වෙන් කරගන්නට බැරි විය. වෙලාවක් කලාවක් ගැන නොහිතන මා මීට දින කිහිපයකට පෙර මොරසූරන වර්ෂාව මැද්දේම රාත්‍රී දර්ශනය බැලීමට කඩුවෙල නගරයේ විජයන්ති සිනමාහලට පැමිණියත් ගිය පයින්ම ආපසු එන්නට සිදු වූයේ රාත්‍රී දර්ශනය බැලීම සඳහා පැමිණ තිබුනේ මා පමණක් නිසාවෙනි.. 

කෙසේ හෝ ඉරිදා දිනයක නැවතත් සිනමාහලට ගොස් තණ්හා රතී රඟා රස වින්දෙමි. කාලාන්තරයක් තිස්සේ අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය සීනිබෝල සිනමා නිර්මාණ මගින් පට්ට ගසමින් ප්‍රේ්ක්ෂකයින්ට සිනමාව එපා වෙමින් තිබූ අවධියක තණ්හා රතී රඟා යනු ඉඩෝර බිම්කඩකට වැටුණු නැවුම් වර්ෂාවකි. 
මෙය විචාරයක් නම් නොවේ. හුදෙක් චිත්‍රපටිය නැරඹීමෙන් ඇති වූ ප්‍රබෝධය යුනිකෝඩ ගත කිරීමකි.

එදවස වර්ෂ දෙදාස් නවයේ මැයි මස දහ අට වන දිනයි. කතාව ඇරඹෙන්නේ ප්‍රභාකරන් මිය යාමේ පුවතත් සමග රතිඤ්ඤා පත්තු කරමින් සහ කිරිබත් දන්සැල් දෙමින් ආනන්දයට පත් මිනිසුන් ජාතික කොඩි වනමින් සතුටු වන අයුරු දෙරණ නාලිකාවේ විශේෂ ප්‍රවෘත්තියක් ලෙස පෙන්වමින්ය.  
කතාවේ ප්‍රධානම නළුවෙක් වන සිරිතුංග හෙවත් සරත් කොතලාවල අල්මාරිය පීරා සොයාගන්නා ජාතික කොඩියේ දුහුවිලි පිස දමා නැවත එළියට ගන්නේ නිදහසේ සතුට සැමරීම සඳහායි. 
මෙහි සංකීර්ණතම චරිතය වන්නේ ද තිදරු පියෙක් වන සිරිතුංගයි. අවසානය තෙක්ම මා ඔහුගේ මනෝමය සිතුවිලි කෙබඳුදැයි පිළිබඳව කුතුහලයකින් පෙළුණෙමි.

කෙසේ හෝ සිරිතුංගත් ඔහුගේ මිත්‍රයින් දෙදෙනා වන ත්‍රී රෝද රථ රියදුරෙක් වන විමල් හෙවත් කුමාර තිරිමාදු ත් සරසවි ශිෂ්‍යයකු වන සුරාජ් හෙවත් නාමල් ජයසිංහ ත් යාපනයේ සංචාරයක් යෑම සඳහා සැලසුම් කරයි. 
පසුව මිත්‍රයින් දෙදෙනා ජාතික කොඩිය සහ බෞද්ධ කොඩිය එල්ලූ විමල්ගේ ත්‍රීවිල් රථයෙන් යාපනයට යයි. මේ අතර විමල්, ජසින්තා නම් වූ තරුණිය සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගනියි. විමල් දුරකථනයෙන් ජසින්තා සමග පෙම්බස් හුවමාරු කරගනිමින් අවිඥාණිකව කකුලෙන් වෙරළේ වැලි හාරමින් සිටිද්දී ත්‍රස්තවාදීන් සතුව තිබූ ගිනි අවියක් ඔහුට හමුවේ. ඒ අසලම සර්පයෙකු සිටීමෙන් සංකේතාත්මකව විනාශය, තණ්හාව නිරූපණය කරයි. ගිනි අවියට කුමක් කරන්නේද යන්න මිත්‍රයින් තිදෙනා අතර අදහස් හුවමාරු වේ. විමල්ට අවශ්‍ය වන්නේ ගිනි අවිය කොළඹ රැගෙන ගොස් විකුණා මුදල් ගැනීමටයි. ගිනි අවිය ගමනේ සිහිවටනයක් ලෙස ළඟ තබා ගැනීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වන සුරාජ් අදහස් කරයි. මේ අතර සිරිතුංග ගිනි අවිය විසිකර දමා නැවත ආපු ලෙසම කොළඹ යාමට තම මිත්‍රයින් දෙදෙනාට බල කරයි. ඔහු තිදරු පියෙක් නිසා මේ හේතුවෙන් යම් කිසි කරදරයකට මුහුණ පාන්නට සිදු වුනොතින් බිරිඳ සහ දරුවන් ජීවත් වන්නේ කෙසේදැයි බියෙන් පසු වෙයි. නමුත් ඔහුගේ සිතේ ද ගිනි අවිය පිළිබඳ ආශාවක් තිබෙන බව ව්‍යංගයෙන් කතාවේ ඇතැම් දර්ශන වලින් පිළිඹිමු වන බව මට සිතුණි. කෙසේ හෝ ගිනි අවිය විමල් කොළඹ රැගෙන එයි. එන අතරමගදී අපට හමුවන සේවය නිම කළ පොලිස්කාරයෙකුගේ චරිතය බලය සහ තරාතිරම පෙරටු කර ගනිමින් වංචාව සහ දූෂණය සිදු කරන අයුරු පෙන්වා දෙයි. 

කෙසේ හෝ විමල් සහ සුරාජ් අතින් ගිනි අවිය තමන්ට සිදු වෙන අසාධාරණයක් හමුවේ පාවිච්චි කිරීමට සිදුවීමෙන් තමන් සතුව ගිනි අවියක් තිබෙන බවට සමාජයට හෙළි දරව් වේ. ඔවුන් දෙදෙනාම පොලීසියේ රැහැනට අසු වේ. ඊට ප්‍රථම සිරිතුංග ගිනි අවිය බලෙන් ගෙන තම නිවසේ පෙට්ටගමක් යට සඟවා තබයි. ඒ අසලම කඩුවක් ද සඟවා තිබීමෙන් ඔහු සතුව බලයට තිබූ ආශාව නිරූපණය කරයි.
නැවතත් සංකේතාත්මකව සර්පයකු පෙට්ටගම යට සැඟවෙයි...

තෙවන වරට ද ගිනි අවිය අවිඥ්ඤාණිකව පත්තු වේ.........!!!!
______________________________________

සිනමා කෘතියක තිබිය යුතු නාට්‍යමය විලාශය අවසානය තෙක්ම නොඅඩුව තිබුණි. සරත් කොතලාවල, කුමාර තිරිමාදුව, නාමල් ජයසිංහ සහ සුලෝචනා වීරසිංහ ගේ තාත්වික සහ ප්‍රතිභා පූර්ණ රංගනය කතාව ප්‍රේක්ෂකයාගේ හැඟිම් සමග එකට ගැටීමට සමත් වුණි.
කතාවේ අවසාන භාගයේදී සිදු වී ඇති දෙය ආරංචි වී සිරිතුංග තම සේවා ස්ථානයේ සිට නිවසට බයිසිකලය පදිමින් එන සැටි විනාඩි කිහිපයක රූප රාමවුක සටහන් වේ. එම මුළු කාලය තුල මෙතෙක් සිදූ වූ සිද්ධීන් ඒත් සමග වාදනය වන සිරිතුංග ගේ සියළු හැඟීම් මුසු කර තිබූ පියානෝ නාදයත් සමග නැවත මගේ මනසේ දෝංකාරය දීමට පටන් ගත්තේය. 

තවත් තීරණාත්මක රූප රාමු කිහිපයකින් කතාව අවසාන වෙයි..... :)
මෙතුවක් කාලයකට මා නැරඹූ සමාජීය සහ දේශපාලනික තේමාවක් රැගත් විශිෂ්ටතම සිනමා නිර්මාණයක් ලෙස තණ්හා රතී රඟා හැඳින්විය හැකිය. 






පින්තූර තණ්හා රතී රඟා facebook පිටුවෙනි...




22 comments:

  1. ඇත්තටම මේ වගේ කතාවකට දාපු නම බලහං.. ඒක නිකං ටෙනීගේ කොමඩියකට දාන නමක් වගේ..

    ReplyDelete
    Replies
    1. නමනං ප්‍රේක්ෂකයන්ව ඇදගන්න දාපු නමක් වගේ..

      Delete
  2. මඟක් එද්දිම කියවන එක නතර කලා. හිතකින් නෙවෙයි, ඒත් එහෙම කරන්න උනා. ෆිල්ම් එක බලන්න උඹේ ලිවිල්ල මට බල කලා.

    \\එදවස වර්ෂ දෙදාස් නවයේ මැයි මස දහ අට වන දිනයි. කතාව ඇරඹෙන්නේ ප්‍රභාකරන් මිය යාමේ පුවතත් සමග රතිඤ්ඤා පත්තු කරමින් සහ කිරිබත් දන්සැල් දෙමින් ආනන්දයට පත් මිනිසුන් ජාතික කොඩි වනමින් සතුටු වන අයුරු දෙරණ නාලිකාවේ විශේෂ ප්‍රවෘත්තියක් ලෙස පෙන්වමින්ය.
    කතාවේ ප්‍රධානම නළුවෙක් වන සිරිතුංග හෙවත් සරත් කොතලාවල අල්මාරිය පීරා සොයාගන්නා ජාතික කොඩියේ දුහුවිලි පිස දමා නැවත එළියට ගන්නේ නිදහසේ සතුට සැමරීම සඳහායි. //

    මෙන්න මෙතනට එනකල් කියෙව්වා. මට දර්ශනය මැවිල පේනවා. බොහෝ විට ඔය අල්මාරිය ඇරල කොඩිය හොයන වෙලාවෙ පසුබිමෙන් සාලෙ ඒ නිවුස් එක යන හඬ ඇහෙනවා ඇති. ආ..හ්. කියල වැඩක්නෑ. ඉක්මනට බලන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳා..
      වෙලාවක් ලැබුනු වෙලාවක බලන්න..

      Delete
  3. උඹේ චිත්‍රපට සටහන නං පට්ට ඇත්තටම බං වැඩිපුර යමක් කියල නැතත් කියන්න ඕන ටික තියේ කියල හිතනව...
    මං හිතං උන්නෙ බලන්න යන්න ඒත් තාම වෙලාවක් ආවෙ නෑ...
    ලෙක්චර් කට් කරල පිලුමක් බලන්න යන්නත් හිත හදාගන්න අමාරුයි බන්ස්
    මක්ක කොරන්නද කියල කම්පනා කොලේ

    ReplyDelete
    Replies
    1. //මෙය විචාරයක් නම් නොවේ. හුදෙක් චිත්‍රපටිය නැරඹීමෙන් ඇති වූ ප්‍රබෝධය යුනිකෝඩ ගත කිරීමකි.// :)

      හිත හිතා ඉන්නකොට පෙරහැර ගිහිල්ල තියෙයි.. මං ජයන්ත චන්ද්‍රසිරිගෙ සමනළ සංධ්වනියත් ඔය විදිහට හිත හිතා ඉඳල බලන්න බැරි වුනා..දැං මේ DVD එක එනවයි කිව්ව ඒක එනකං බලං ඉන්නෙ..
      ස්තූතියි මහි..

      Delete
  4. මේක නම් බැලුව කියල පාඩු නැහැ වගෙයි පේන්නෙ.. තාම හෝල් වල තියෙනව නේද? ස්තූතියි සංචාරකයා දැනුවත් කිරීමට...

    ReplyDelete
    Replies
    1. බැලුවට පාඩු නෑ..
      තාමනං තියේ..

      ආරංචියනං ළඟදිම නවතියි ලු..

      Delete
  5. එල ද බ්‍රා...
    බලන්න ආස හිතුනා ලියවිල්ල නිසා

    ReplyDelete
    Replies
    1. සේම් ටු යූ අයියණ්ඩි.. :D

      Delete
  6. මම බුකියෙ දැක්ක මේක වේගෙන් හෝල් වලින් ගැලවෙන ෆිල්ම් එකක් කියල. රේඛාවත් එහෙම ඉක්මනින් ගැලවුන ෆිල්ම් එකක්නෙ. කොහොම උනත් මේ ලිපියෙ කතාව කියල තියෙනව වැඩියි කියල හිතුන!


    ReplyDelete
    Replies
    1. ඔය ගැන නිලේන්ද්‍ර දේශප්‍රිය එක්ක කරපු සංවාදයකුත් බුකියෙ දාල තිබ්බා..

      මං ලීවෙ සාරාංශය විතරයි.. මීට වැඩිය සිදුවීම් කතාව ඇතුලෙ වෙනවා..
      කොහොමහරි ඉන්දික කිව්ව දේ ගැනත් හිතල මං සුළු වාක්‍යයක් වෙනස් කරා..!

      ස්තූතියි ඉන්දික..

      Delete
  7. ඒදා ඉදලා අැඩ් බලබල හිටියාට තාම බලන්න බැරිවුණා................... හැකි පළමු අවස්ථාවේ යනවා.. ඔත්තුවට තැන්කූ............

    ReplyDelete
    Replies
    1. වැඩියෙන්ම දෙරණෙ ඇඩ් යන්නෙ ඇයි කියල මීටර් වුනේ චිත්‍රපටිය බැලුවාම පස්සෙ..

      Delete
  8. ඉන්න ශිල්පීන් නම් මාත් කැමති අය. චිත්‍රපටය හොඳ ඇති කියල හිතෙනව.

    නමුත් පහුගිය කාලෙ ආපු නිර්මාණ වල නම් ප්‍රචාරයේ දී කියවුණු තරම් දෙයක් නොතිබුණු නිසා චිත්‍රපට එපා වෙලා තිබුනෙ. ඉඩක් ලැබුනොත් බලන්න ඕන. ස්තුති සටහන ට.

    ReplyDelete
    Replies
    1. සරත් කොතලාවල, කුමාර තිරිමාදුව, කමල් අද්දරආරච්චි. ^_^

      ජය වේවා..

      Delete
  9. නම තමයි නේ අප්සට්? :/

    බලන්න යන්න ඕනෙ සංචෝ... වෙලාව තමයි හිඟ මේ දවස්වල

    ReplyDelete
    Replies
    1. කට්ටිය කොහොමත් මේ දවස්වල බිසී තමා.. :D

      Delete
  10. බලන්න යන්න ආසයි ..වෙලාවක් කොයින්ද ? වෙලාවක් හදාගත්තත් ආයේ එක්කන් යන්න කෙනෙක් කෝ ?? නෑනෙ ..තනියම යන්න දෙන්නෙත් නෑ ..ඉතින් කවද හරි ටී වී ..එකෙ පෙන්නන දවස වෙනකන් බලාන ඉන්නව ..සමනළ සංධවනිය බලන්න යද්දිත් ඔය දුකමයි උනේ :( ...

    ReplyDelete
    Replies
    1. හයියූ තනියෙන් ෆිල්ම් එකක්වත් බලන්න යන්නෙ දෙන්නෙ නැද්ද... :/
      ටීවී එකේ කවද පෙන්නයිද.....
      :(

      Delete
  11. මම මේ ගැන ඇහුවමයි.. නමේ නම් ලොකු අවුලක් නෑ වගේ..

    ReplyDelete
  12. මාරු නේද තණ්හා රතී රඟා ෆිල්ම් ඒක...?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...