November 13, 2014

අහිමි වාසනාව

උදා හිරු පූජනයේ
පිණිබිඳු සැඟව යන හිමිදිරියේ
විහඟුන්ගේ කූජනයටත් පෙර
ඇසෙන්නේ 
දැවමය සිරකුටියේ
සිරගත වුණු ඔබේ හඬයි..

රුපියල් සත කෝටි ගණනින් දන් දී
ලැබෙනා සොච්චම වෙනුවෙන්
කෑ ගසා අයදින..,
ලෑලි කුටියෙන් නික්ම
මාළිගාවක වැජඹෙන්නට
වෛවර්ණ කොල කැබලි අතර
දෝංකාර නගන ධ්වනි තරංග
ඔබේ හඬයි..
  
පිදුවත් වාසනාව
යනෙන උන් හට
අහිමිය එයම තවමත්
සිතුවම් කරන්නට වර්ණ
කළු සුදු ජීවිතයේ..




පින්තූරය ගූගලයෙනි..




26 comments:

  1. ෆැක්ට්‍රිය ළඟ ඉන්න සීයගෙ ටිකට් කඩෙන් මාත් හැමදාම ලොතරැයියක් ගන්නවා මචං. ඒ ගන්න හැම මොහොතකම උඹේ මේ කවිය වගේම කවියක් මගේ හිත ඇතුලෙ දෝංකාර දෙනවා. මේ මනුස්ස ජීවිත ගැන පුදුම සංවේගයක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. පෞද්ගලිකව මමනං ලොතරුයි ටිකට් පත් ගන්න එකනං කරන්නෑ.. අපෙ අම්මනං ගන්නවා.
      මේ අය විකුණන එක ටිකට් එහකෙට ලැබෙන්නෙ බොහොම පොඩි ගාණක්ද කොහෙද..

      Delete
    2. මං දන්න තරමට රුපියල් දෙකක්. මම දවසකට එකක් අනිවාරෙන්ම ගන්නවා. මඟ ඇරුනොත් ඉරිදට විතරයි. හැබැයි එකකට වඩානම් ගන්නෙම නෑ කලාමතුරකින් හැර.

      Delete
    3. මනොෂ්..

      කෝටි ගානක් හදිසියේ පහල කරගන්න නොවුනට අහිංසකයෙක් ගේ , අහිංසක දරු පවුලක කෝටි ගානක් හීන හැබෑ කරගන්න උඹ සුළුවෙන් හරි දායක වෙන එක ගැන මට බොහොම ලොකු පැහැදීමක් ඇති වුනේ..

      Delete
  2. අපූරු කවියක් අපූරු අදහසක්...
    හැබෑටම හිතෙන හැටි නං ඇත්තටම උඹ පට්ට පොරක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නැති.. :)
      ස්තූතියි මහියො..

      Delete
    2. හා මචං
      ඩොට් දෙකයි පී අකුරයි

      Delete
  3. කවිය එළ මචන්.හිතේ තියන මනුස්සකමට උඹට මම දෙනවා.........

    ReplyDelete
    Replies
    1. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද කමන්ටුවකි. :3

      ස්තූතියි කටුස්..

      Delete
  4. ඇත්තටම මේ මිනිස්සු උදේ ඉඳන් කෑගහගෙන මෙච්චර කට්ටක් කන්නෙ ජීවිතය ගැටගහගන්නනෙ. ඒ මිනිස්සු විඳින දුක ගැන අපිටත් කවියක්‌ කියවල හරි තේරුම් ගන්න සැලස්සුවට සංචාරකයට මගේ උත්තමාචාරය. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනා..
      ජය වේවා.

      Delete
  5. මේ මම සංචාරකයගේ කවියක් කියෙව්වමයි.නියමයිනෙ ලස්සනට කවි ලියන්නත් පුලුවන්නෙ.කවියේ අදහසට මම හරි ආසයි .මට ඔය විදිහේ අදහසක් අපේ කැම්පස් එක ගාව ඉන්න සපත්තු මහන කෙනා ගැන හිතිල තියනව දාස් ගණන් වටිනා සපත්තු එයාගාවට හදන්න ගෙනාවට දවසකට කොච්චර පුංචි මුදලක්ද එයාලට ලැබෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හංසි කියන්නෙ මෙයා ගැන ද, නැත්නම් මේ වගෙ වෙන කෙනෙක් ද බලන්න. මේකත් ලස්සන කතාවක්.

      http://aagiyakatha.blogspot.com/2014/04/blog-post.html

      Delete
    2. මට කවි ලියන්න දක්ෂකමක් නෑ හංසියො... මේක මේ හදිසියෙම ගෙතුණු පද ටිකක්...

      බොටත් ස්තූතියි චන්දනයො ඔත්තුවට..

      Delete
    3. @ චන්දන .. ගොඩක්ම ස්තුතියි මේ ලිපියට .හිත සසල කරපු කතාවක්...මම කිව්වෙ මේ සපත්තු මහන කෙනා ගැන තමයි.හැමදාම කැම්පස් යද්දි දකින මේ පුද්ගලය ගැන මට කතාවක් ලියන්න හිතුන වාර එමටයි.කලින් සපත්තු හදපු කෙනා කවුරුද කියල නම් දන්නෙ නෑ .දැන් ඉන්නෙ එහෙනම් එයාගේ පුතා. ...චන්දන දුන්න කතාව කියවද්දි ගොඩක් දුක හිතුන. ආයෙත් කැම්පස් යනකොට ඒ කෙනා දකිද්දි මේ කතාව ආයෙ ආයේ මතක් වෙයි ......

      Delete
  6. මේ සහෘද මිනිස් කංඩායම වෙනුවෙන් කවි, ගී, ලියවිලා නැතුවම ඇති සමහරවිට. සංචාගේ සංවේදීත්වය අගය කලයුතුයි, ඔබේ නිර්මාණයට ප්‍රථම. නියමයි සංචා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ අයියෙ..

      Delete
  7. ඒ කතාවනම් සහතික ඇත්ත මචං.. අනිත් මිනිස්සුන්ට වාසනාව අලෙවි කරන ඔවුන් එක අතකට අවාසනාවන්තද?

    ReplyDelete
  8. හොඳ අදහසක්.. හොඳ නිර්මාණයක්. තව ලියන්න.

    මං නම් ලොතරැයි ගන්නෙ නෑ. දැන් ලොතරැයි විකිණෙන්නෙ අඩුවෙන් කියලත් කියනව නේද. ඉතින් ඒ අය දවසෙ ගාණ හොයා ගන්න සෑහෙන කට්ටක් කන්න ඕන. ඉස්සර මෙහෙ හිටියා රෝද පුටුවකින් ගිහින් ලොතරැයි විකුණපු කෙනෙක්. එයාගෙන් නම් ඒ දවස් වල මාත් ගත්තා, ඒ ධෛර්‍යයට සැලකීමක් විදිහට.

    ReplyDelete
    Replies
    1. මාත් ඉස්කෝලෙ යද්දි දෙපාරක් තුන්පාරක් විතර අරං තියේ.. ගොඩකාලෙකිං ගත්තෙ නෑ..
      ස්තූතියි චන්දන..

      Delete
  9. ජීවිතේ වාසනාවන්ත කරගන්න වාසනාව විකුණන ජීවිත කොට්ටාශය....

    හදවතට ගොඩක් දැනුනා සංචාරකයෝ...

    ReplyDelete
    Replies
    1. වාසනාව හෙව්වට තවම හම්බුන්නැති එක තමා දුක..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...