කොහොමහරි දවසක් හැන්දෑකොරේක හිතුණා ඇඹුල්ගම පුරාණ රජමහා විහාරයත් එක්ක තියෙන කන්ද නගින්න ඕනය කියල. ඇඹුල්ගම තියෙන්නෙ කඩුවෙල, ඒ කියන්නෙ අපේ ගෙවල් හරියෙ ඉඳන් කිලෝමීටර් 10 ක් විතර දුරින්. කොළඹ ඉඳන්නං අවිස්සාවේල්ල පාරෙ ආවොතින් කිලෝමීටර් 22 ක් වගේ ඇති. මහාලොකු ගමනක් නොවුනට ඒ ගැන පොඩියට බ්ලොග් එකේ සටහනක් දාන්න හිතුණා. .
මං කලින් කඳු නැගිල්ලකදි හඳුන්වල දීපු චමත් කියන හාදයත් මේ ගමනට එක් වුණා. ගෙදරින් පිටත් වෙද්දි නං වැස්සක පෙර සළකුණු අහසෙ පේන්න තිබ්බා. ඒත් වැස්ස වළාවක දෙයියො අපට අනුකම්පා කරා..
ඓතිහාසික වශයෙන් ඇඹුල්ගම පුරාණ විහාරය පිළිබඳ ගොඩක් කරුණු තියෙනවා. විශේෂයෙන්ම මේ කන්ද ආශ්රිතව පිහිටල තියෙන ගල් ගුහා.
දැන් ඇඹුල්ගම රජමහ විහාරය නමින් හැඳින්වුවට පුරාණ කාලෙදි මේ විහාරය හඳුන්වල තියෙන්නෙ ඇඹලව රත්ගල් වෙහෙර නමින්. ඒ කියන්නෙ ඉස්සර ඇඹුල්ගම ග්රාමයට කියල තියෙන්නෙ ඇඹලව කියල. කාලයත් එක්ක ඇඹලව, ඇඹුල්ගම විදිහට පරිණාමය වෙන්න ඇති.
ඇඹුල්ගම හංදියෙ ඉඳන් මීටර් 500 ක් විතර තියෙන දුර ඇවිදං ගිහිල්ල අපි කන්ද නගින්න පටන් ගත්තා.
කන්ද නගින්න පටන් ගන්නකොටම වගේ තමයි මේ විදිහට මිහිඳු මහරහතන් වහන්සේගෙ ලංකාගමනයෙ අවස්ථාවක් පිළිම විදිමට නිර්මාණය කරල තියෙනව දකින්න පුළුවන් වෙන්නෙ.
(අන්තර්ජාලයෙනි)
ගල් පඩි වලට අඩිය තිය තියා ටික දුරක් ගියාම පුංචි වැලි මළුවක් හමුවෙනවා. මෙතැන පසු කාලීනව ඉදි කරපු විශාල හිටි පිළිමයක් තියෙනවා.
ඒ වගේම සැතපෙන පිළිමයකුත්, සමාධි බුදු පිළිමයකුත් දකින්නට පුළුවන්. විශාල හිටි පිළිමය හැරුණාම අනෙකුත් පිළිම නං මට හිතෙන්නෙ පෞරාණික පිළිම. දැන් ප්රතිසංස්කරණය කරල තියෙනවා.
සැතපෙන බුදු පිළිමයට තරමක් එහායින් දැකගන්න පුළුවන් තවත් හිටි පිළිමයක්.
සංචාරකයට හිතෙන විදිහට ඒ ආනන්ද හිමියන්ව වෙන්න ඕනෙ නිරූපණය කරල තියෙන්නෙ. එතකොටම මතක් වෙන්නෙ ගල් විහාරයෙත් සැතපෙන පිළිමය අසලින්ම තියෙන පිළිමය.
(ගල් විහාරයෙ තියෙන පිළිමය)
ගොඩක් විද්වතුන්ගෙ අදහස ඒ බුද්ධ පරිණිර්වාණයෙන් ශෝකයට පත් ආනන්ද හිමියන්ගෙ පිළිමයක් බව. මේ පිළිමයෙත් තියෙන්නෙ ගල් විහාරයෙ පිළිමයෙ තියෙන මුද්රාවමයි..
ඇඹලව රත්ගල් විහාරය ආශ්රිත ඓතිහාසික කතා පුවතුත් ගොඩක් තියෙනවා. ඉතිහාසයෙ සඳහන් වෙන විදිහට දුටුගැමුණු රජතුමාගෙ රාජ්ය කාලයෙ හිටිය මලියදේව මහරහතන් වහන්සේ කාලයක් කැළණි ගඟ ආශ්රිත ඇඹුල්හෙළු නම් පෙදසක වැඩ සිටියලු. ඒ පෙදෙස විදිහට ගොඩක් දෙනා පිළිගන්නෙ මේ ඇඹුල්ගම කන්ද ආශ්රිත ප්රදේශය. ඒ වගේම දඹදෙණියෙ රාජධානියෙ රජකම් කරපු 3 වන විජයබාහු රජතුමා ඒ කාලෙදි සිදුවුණු කාලිංඝ මාඝ ආක්රමණයට එරෙහිව තමන්ගෙ සේනා සංවිධානය කරපු ස්ථානයක් හැටියටත් ගොඩක් පාලකයින්ට හදිසි ආක්රමණ වලින් සැඟවෙන්න යොදාගත්තු ස්ථානයක් හැටියටත් මේ ප්රදේශය ප්රසිද්ධයි. අදටත් කටාරං කොටපු ගල්ගුහා ගොඩක් දැකගන්න පුළුවං.
කන්ද උඩට නගින්න තියෙන්නෙ විශාල පර්වතයක් අයිනෙන් වගේ. දැන්නං යකඩ වැටවල් සවි කරල තියෙන හන්ද අවධානමක් නෑ. කොහොමහරි වැඩි වෙලාවක් යන්න කලින් අපි කන්ද උඩට ආවා. මුළු පළාතම හොඳට පේනවා එතෙන්ට. පැත්තකින් කැළණි නදියත් ගලාගෙන යනවා. කන්දක් උඩට නැග්ගොත් මගෙ කැමරා පොඩ්ඩෙන් පැනරොමාවක් වරදින්නෑ ඉතින්.. :)
අපි කලින් දවසක නැග්ග කොරතොට කන්දත් මෙතෙන්ට පෙනුණා.
(මැදින් පොඩියට පේන්නෙ ඒ කන්ද)
තවත් ටික වෙලාවක් ඉඳල අපි ආපහු එන්න පටන් ගත්තා.
තවත් පුංචි රස්තියාදුවක නිමාව...
Travelling is almost like talking with men of other centuries..
~Rene Descartes~
__________________
කාලයක් බ්ලොග් කියෝ කියෝ ඉඳල ඊට පස්සෙ මොනවහරි ලියනව කියල බ්ලොග් එකක් අටෝගත්තා..
ඉතිං අද බබාගෙ පළවෙනි උපන්දිනේ.. !! :D
බ්ලොග් බබාගෙ පළවෙනි උපන්දිනේට සුබ පැතුම් !!
ReplyDeleteවිස්තරේ වගෙම පින්තූර ටිකත් ලස්සනයි.
ස්තූතියි ප්රසන්න අයියා.. :D
Deleteහදපිරි උණුසුම් සුබපැතුම් සංචෝ..!! මම ආසම බ්ලොග් එකක් මේක.. ඉදිරියටම යමු. ජයවේවා.!!!!
ReplyDeleteඅහන්නත් සතුටුයි.. බොහොම ස්තූතියි.. :)
Deleteසංචාරය... මටනම් නිරාමිස සුවයක් හෙන දෙන මහ පුදුම දෙයක්. මාසෙකට වතාවක් වත් මෙහෙම කෙටි ගමනක් හරි යෙදෙන එක තමයි වටිනාකම.
ReplyDeleteඅවුරුද්දට සුබපැතුම්.. ඒ වගේම තව අවුරුදු ගානක් මේ විදියට ඔබත් එක්ක සංචාරය කිරීමට වාසනාව ලැබේවා..
//සංචාරය... මටනම් නිරාමිස සුවයක් හෙන දෙන මහ පුදුම දෙයක්//
Deleteඅනිවාර්යෙන්ම..
බොහොම ස්තූතියි මනෝෂ්..මගෙ එකම අරමුණත් ඒක විතරයි..
මේක පාරෙ යද්දි නිතර දැක්කට යන්න ඕනෙ කියලා හිතාගෙන හිටියට තාම ගිහින් නැහැ. වැඩි දුරකුත් නැහැ කොස්ගම ඉදන්. මේ සැරේ නිවාඩුවට කොහොම හරි යනවා. ලස්සන ෆොටෝ දාලා උනන්දු කළාට ස්තූතියි.
ReplyDeleteකොස්ගම ඉඳන් කිලෝමීටර් 12 ක් 14 ක් වගේ ඇති ඕන්නං.. යන්න..
Deleteවිස්තරේ බොහොම වටිනවා. ඔය වගේ පොඩි පොඩි සංචාර මාසෙකට දෙහෙකට සැරයක් වත් කරගන්න තියෙනවනම් කොච්චර වටිනවද...
ReplyDelete----
උපන්දිනයට හද පිරි සුබ පැතුම.
කොහෙවත් ගියෙ නෑ කියන්නෙ මටනං ඉතින් කෑවෙ නෑ වගේ..
Deleteගොඩක් ස්තූතියි..
ඔව්
ReplyDeleteතෝ නොලියන එක ඇර වෙන පුස්නයක් නං නෑ මට
(ඒක මොටද මං මුට කියන්නෙ)
ආව වගේම ඉදිරියටත් ලියං පලයන් මලේ
ජයෙන් ජයම වේවා
:D හහ්..
Deleteපුළු පුළුවන් වෙලාවට ලියල දානව ඉතිං..
බොහොම ස්තූතියි - ජය වේවා
සුබ මෙවුවා එකක් සහෝ
ReplyDeleteපොස්ට් එක සුපිරි ඈ
තැන්කිව් වේවා..
Deleteගෙවල්ගාව ඉන්න එකාගේ උපන්දිනේට සුභ නොපතා කොහොමද....
ReplyDeleteසුභ උපන්දිනයක් කිවුවා.....දිගටම මේ සන්චාරය යාමට දිරිය වාසනාව වේවා......
බොහොම ස්තූතියි
Deleteඅවුරුද්දක් වුණාට තුන් හිතින්ම සුභ පතනවා................. හරිම සතුටුයි සංචාරක මචං......... දිගට ම බ්ලොග් සගයින් ඒක්ක ඉන්න කියලා අාරාධනා කරනවා........ ඔබ විසින් ලියන්නා වූ ක්ෂේත්රය ගත්තාම ඒක ටිකක් වෙනස් ම ඒකක්.. ඒක අපේ බ්ලොග් සහෘදයන් අතර විවිධත්වය පෝෂණය කරනවා............ ඉතින් අපි දිගට ම මේ විදිහ නිර්මාණත් ඒක්ක ඉන්නවා.. අගෙයි.................
ReplyDeleteබොහොම ස්තූතියි ගී පවුරෙ.. :)
Deleteපහුවෙලා සුබ පැතුවට කමක් නෑ නේද ..ඔන්න තරහ නෑනෙ ;) සුබම සුබ උපන්දිනයක් .තව තව රස්තියාදු ගහල මේ වගේ ලිපි ලියන්න. :D අර පැනොරාමා එක නම් මගේ හිතට ඇල්ලුව.ලස්සනයි :)
ReplyDeleteහහ්.. :D
Deleteබොහොම ස්තූතියි හංසියො... !!!
ප්රාර්ථනා කරන්නම් දිගු කාලයක් බ්ලොග් ලෝකේ ඉන්න ලැබෙන්න කියලා..ජය වෙවා.........
ReplyDeleteබොහොම ස්තූතියි ජය වේවා
Deleteඅදයි මේ පැත්තට ගොඩ වුනේ.. දිගු ගමනකට සුබ පැතුම්..
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteසංචාරකයො සද්දයක් නැත්තෙ මොකෝ?
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!
දන්නැද්ද ඉතිං අපිත් දැන් රැකී රක්ෂා කරන උදවිනෙහ්. :/
Deleteකමන්ට් එක දැක්කෙ දැං.
මනාටත් සුභම සුභ නව වසරක්.!!
අදයි මේ පැත්තට ආවේ...
ReplyDeleteඅගේ ඇති බ්ලොග් 1ක්..ජය
ස්තූතියි. :)
Delete