1990 දී ඇමරිකාවේ Emory විශ්වවිද්‍යාලයේ ඉගෙනුමෙන් පසු ඔහුගේ එකම අරමුණ වූයේ මුදල් සහ මිනිසුන්ගෙන් සඳහටම වෙන් වී තම මුළු ජීවිතයම ත්‍රාසජනක සංචාරයන් සඳහා කැප කිරීමයි. ඔහු ළඟ ඉතිරි කරගත් ඩොලර් 24000 ක මුදල චෙක් පතක් මගින් OXFAM නම් වූ දිළිඳුන්ගේ කුසගින්න නිවාලන අරමුදලක් සඳහා පරිත්‍යාග කෙරුණි. ග්‍රීෂ්ම සෘතුවේ එක් දිනයක ඔහු තම පවුලෙන් සහ මුළු සමාජයෙන්ම රහසේම නික්මව ඔහුගේ පැරණි Datsun රථය කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇරිසෝනා සහ දකුණ ඩකෝටා ව හරහා පදවමින් සිටියේ කිලෝමීටර 6864 ක් දුරින් පිහිටා තිබූ සුන්දර ඇලස්කන් සිහිනය සපුරා ගැනීමටයි.
කෙසේ හෝ එක් රාත්‍රියක ඔහුටත් ඔහුගේ ගමන් සගයා වූ කාර් රථයටත් සුළු විවේකයක් ලබා ගනු වස් ගං ඉවුරක රථය නවතා පිටිපස අසුනේ නිදි කිරමින් සිටි ඔහු තිගැස්සී අවදි වූයේ ක්ෂණික ගං වතුරක රළ පහරකටය.
අබලන් වූ තම Datsun රථය අතහැර ඔහු තම සංචාරය ඇරඹුවේය.
විසල් වනාන්තර, ගංගා ඇළ දොළවල්, කඳු ගිරි ශිඛර සහ නොයෙකුත් මිනිසුන් වෙසෙන පෙදෙස් මැදින් ඔහු සංචාරය කළේය. අතරමගදී කුළුපග වූවෙකු "ඔබේ පවුල කොහෙද ජීවත් වන්නෙ..ඔවුන් මොනවද කරන්නෙ ?" යැයි ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ "මට තවදුරටත් පවුලක් කියා දෙයක් නොමැත" යන්නයි.
සුළු මුදලක් සොයාගැනීම සඳහා ඔහු ඔහුගේ දිගු සංචාරය අතරතුර සුළු රැකියාවල නිරත වුණි. කාලයත් සමඟ බොහෝ දුර ගෙවා දමමින්, ප්‍රාන්ත දේශ සීමා පසු කරමින් ඔහු ඇලස්කාවට ළං වෙමින් සිටියේය. එක් අවස්ථාවක රහසේම දේශ සීමාවක් පසු කරන්නට උත්සහ කරමින් සිටිද්දී ඔහු පොලිසියට අසු වුවද ඔහුගේ තත්වය තේරුම් ගත් ඔවුන් ඔහුව මුදා හැරුණි.
Ronald Franz නම් වූ මහල්ලෙක් ඔහුට හමුවුණි. ඔහුගේ ජීවිත කතාවට සවන් දෙන රොනල්ඩ් ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන යාමට පොරොන්දු වුණි. රොනල්ඩ් අත්කම් ශිල්පය ප්‍රගුණ කළ අයෙකු විය. ඔහු රොනල්ඩ් නම් මහළු මිත්‍රයාගෙන් අත්කම් ශිල්පය ඉගෙන ගැණුනි. ඔහු තමන් සඳහා ඉණ පටියක් සාදවාගෙන එහි ඔහු සංචාරය කළ පෙදෙස් සහ සිහිවටන කැටයම් කළේය.
පවුලක් හෝ නෑදැයින් කිසිවෙකු නොමැති අවුරුදු 80 ක් වයසැති ඒ රොනල්ඩ් නම් වූ මහල්ලා ඔහුත් සමග දැඩි මිත්‍රත්වයක් ඇති කර ගැණුනි.
ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන ගොස් ඔහුගෙන් නික්ම යන මොහොතේදී "ඔබට මගේ මුණුබුරෙක් වී මාත් සමග ජීවත් වෙන්නට බැරිද ?" යැයි ඇසූ විට "අපි ඒ ගැන ඇලැස්කාවට ගිහිං ඇවිත් කතා කරමු.." යනුවෙන් පැවසූවත් ඔහු කවදාවත් නැවත නොපැමිණුනි.
අවසානයේදී ඔහු 1992 අප්‍රේල් මාසයේදී Fairbanks සහ The Stampede Trail කඳු ශිඛරය ඔස්සේ ඔහුගේ එකම සිහිනය වූ සුන්දර ඇලැස්කාවට ළඟා වුණි. Teklanika නදිය තරණය කිරීමෙන් පසු ඇලැස්කාවෙ සුවිසල් වනයේ සැරිසැරූ ඔහුට Fairbanks නගරයේ අබලන් වූ බස් රථයක් වනය මැද තිබී හමුවුණි. ඔහු එය හැඳින්වූයේ Magic Bus ලෙසටයි. තම ස්ථීර නවාතැන කරගත් අබලන් බස් රථය ඔහුට සුරපුරයක් විය.
හුදෙකලාවම තම ජීවිතය ඇලැස්කාවෙ මාස කිහිපයක් ගෙවා දැමූ ඔහු නැවතත් තම ත්‍රාසජනක සංචාරය ඇරඹීමට තීරණය කෙරුණි. අවාසනාවන්ත ලෙස ඔහු ඇලැස්කාවට පැමිණීම සඳහා තරණය කෙරූ Teklanika නදිය පිටාර ගලමින් තිබුණි. රෞද්‍ර සැඩ පහර ඔහුට කුරිරු වුණි. ඇලැස්කාවෙන් පිටවීමට නම් Teklanika නදිය තරණය කළ යුතුය. අවසානයේදී රෞද්‍ර සැඩ පහර කීකරු වන තෙක් තවත් කාලයක් ඇලැස්කාවේම ගත කිරීමට ඔහු තීරණය කළේය. දින ගෙවී යද්දී කෑම හිඟ වීම හේතුවෙන් ඔහු ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගැණුනි.
අවසානයේදී ඔහු කුසගින්න නිවා ගැනීම සඳහා නොයෙක් ඵල වර්ග සොයමින් වනයේ ඇවිද්දේය. ඔහු නොදැනුවත්වම wild potato ශාකයක ඇල්කොලයිඩ නම් විෂ තැවරුණු ඵල කෑමට ගෙන තිබුණි. තම සිරුර ක්‍රමයෙන් මරණය කරා ඇදී යන බව ඔහුට දැනුණි. කිසිවක් කර කියා ගත නොහැකිව සුවිසල් වනයක් මැද අබලන් වූ බස් රියක ඔහු මරණය එන තෙක් බලා සිටියේය. ඩොලර් 24000 ක මුදලක් දිළිඳුන්ගේ කුසගින්න නිවාලීමේ අරමුදලක් වෙත පරිත්‍යාග කෙරූ
Christopher McCandless නම් වූ ශ්‍රේෂ්ට සංචාරකයා ඒ වන විට කුසගින්න හේතුවෙන් අබලන් බස් රියක් තුළ මිය ගොස් සිටියේය. ඒ 1992 අගෝස්තු මාසයයි.
ඔහුගේ මරණයෙන් දවස් 19 කට පසු ඇලැස්කාවට පැමිණ සිටි දඩයක්කාරයන් පිරිසක් විසින් ඔහුව Magic Bus රථය තුල සිට සොයා ගැණුනි. ඔහු විසින් සටහන් කළ වචන කිහිපයක් ඒ අසල තිබී හමුවිය.
" I have had a happy life and thank the Lord. Goodbye and may God bless all!"
_______________________________
Christopher McCandless ගේ කැමරාවේ තිබී ඔහු විසින් ලබාගත් self portrait කිහිපයක් හමු වුණි..
Magic Bus..
_______________________________
1996 දී Christopher McCandless ගේ දිනපොත සහ සටහන් පාදක කරගෙන Jon Krakauer විසින් පොතක් ලියැවිණි. 2007 වර්ෂයේදී Sean Penn විසින් එම පොත පාදක කොටගෙන
Christopher McCandless ගේ ශ්‍රේෂ්ට සංචාරය Into the Wild නමින් සිනමාවට නැඟුවේය.
♥ ♥ ♥
wow.. such a wonderful article about a wonderful human being..
ReplyDeleteThanx for the tip about the movie and the book..
cheers..!!
Thank you very much...
Deleteyou can also download the book from the internet as a pdf. file..
cheers..!!
උඹ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංචාරකයෙක් , නියමයි බං. great... excellent (Y)
ReplyDeleteතැන්කූ වේවා ඉවානයො... ;)
Deleteමම මේ ෆිල්්ම එක බැලුවා..කදිම ෆිල්ම් එකක්. හරිය ට දුක් විදිනවා එයා මැරෙන්න.
ReplyDeleteමාත් ෆිල්ම් එකෙන් තමයි මොහුව හඳුනගත්තෙ.. පොත ඩවුන්ලෝඩ් කරාට තාම කියවන්න බැරි වුණා..
Deleteඔත්තුවට් ස්තූතියි අසංක.ඉවාන් අයිය කිව්ව වගේ නමට ගලපෙන්නම වැඩ කරනවා ඔයා..ෆිල්ම් එකත් බලන්න ඕනි.
ReplyDeleteඕන් ඔයා එහෙම කෑම අරගෙන යන්න යන සංචාරයක්..නැත්නම් දැක්කනේ වෙනදේ ;)
හිකිස්.. අම්බෝ ඔව්.. ;)
Deleteෆිල්ම් එකත් බලන්න...ලස්සනයි..
ස්තූතියි දිලා..
මචෝ... පුදුම ආසාවකින් එක දිගට කියවගෙන ආවේ. උඹේ සටහන් වලින් හොඳම සටහන. නොඉවසිල්ලෙන් පහලට කියවගෙන ආවේ මේ ගැන ෆිල්ම් එකක් තියෙනවද කියල දැනගන්න. ඉකමනට මේ ෆිල්ම් එක බලන්න ඔනේ.
ReplyDeleteThis is the life I have ever wanted, This is the life I have ever appriciated, This is the life, which man kind ever needed.
මාත් මේක පුදුම ආසාවකින් ලීවෙ.. :)
Deleteෆිල්ම් එකත් බලන්න පට්ට ලස්සනයි.. පළවෙනි පාර බලල ඉවරවෙනකොටනං කඳුළුත් ආවා..
Me too මචෝ...
ෆිල්ම් එක ගන්නෙ කොතනින්ද මචෝ..
Deleteමංනං බාගත්තෙ ටොරන්ට් වලින්...
Deletehttp://kickass.to/usearch/into%20the%20wild%202007/
මෙතනින්
Thanks macho..
Deleteහුස්ම ගන්නවත් වෙලාවක් නැති හැල්මේ දුවන ජීවිතයක් ගෙවද්දි මේවගේ ඒවා කියවනකොට අනේ මටත් මේ වගේ හැමදේම අත ඇරලා නිදහසේ සංචාරය කරන්න පුලුවන්නම් කියල හිතෙනව.
ReplyDelete//I have had a ` HAPPY LIFE ` and thank the Lord.
එහෙම තමයි අපි කාටත්.. මොන තරම් දේවල්, මොන තරම් ලස්සන තැන් තියෙද්දිද අපි මේ සමාජයටම බැඳිල හිර වෙලා ඉන්නෙ..
Delete//Happiness only real when shared//
ඒකත් කීවෙ ක්රිස්ටෝෆර්ම තමා.. :)
ඉන් ටු ද වයිල්ඩ් බලන්න ඕන...
ReplyDeleteඅපුරු සංවේදි සටහනක් සංචේ....
ජයවේවා
බලාන් බලාන්...
Deleteස්තූතියි මහියො
ජය වේවා...
විස්තර නම් අනගි ස්තුතී සහෝ
ReplyDeleteඑල එල රාජ් ...
Deleteආසාවෙන් කියවන්න පුළුවන් සටහනක් මචෝ!!
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රියා..මාත් මාර ආසාවෙන් තමා මේක ලීවෙ..
Deleteඋඹට ජය.. බලන්න ආස හිතෙන විදියටම ලියා ඇත..
ReplyDeleteඑහනෙම් බලාන් ඈ..පට්ට ෆිල්ම් එක..
Deleteතැන්කූ දේශා..
ජය වේවා...
මමනං ෆිල්ම් බලන්නේ නෑ.
ReplyDeleteඋඹේ පොස්ට් එක ෆිල්ම් එක බැලුව හා සමානයි.
ස්තූතියි ජීවන අයියා..
Deleteසටහනට ස්තුතියි. ටොරන්ට් එක වෙත යමින්..! :)
ReplyDeleteChandana
ජය වේවා චන්දන අයියා... :)
DeleteFascinating blog! Is your theme custom made or did you
ReplyDeletedownload it from somewhere? A design like yours with a few simple
adjustements would really make my blog shine. Please let me know where you got your design. Thanks
my web page: Funny Cat Vine
ලෙසටම ලියලා තියෙන්නෙ ,ෆිලුමත් බලන්න ඕන ජය
ReplyDeleteතැන්කූ සහෝ...
Deleteෆිල්ම් එකත් බලාන් ගති...