September 23, 2014

ඇලස්කන් සිහිනය හඹා ගිය සංචාරකයා..

ඒ 1992 අගෝස්තු මාසයයි.. ශීත කාලය අවසන්ව හාත්පසම හරිත පැහැයෙන් බබළමින් තිබූ සුන්දර ඇලැස්කාවේ වනගතව එහි දර්ශනීයත්වය රසවිඳි ඔහුගේ දෑස් ඒ වනවිට ඇස්පිල්ලමක්වත් නොගසා, ඔහුට නවාතැන් දුන් වනමැද තිබී හමුවූ අබලන් බස් රියේ ජනේලය තුලින් නිල්වන් අඹර දෙසට මානා තිබුණි. ඔහු අසල වැටී තිබුණු ඔහුගේ දිනපොතේ අන්තිමට සටහන් කර තිබුණේ "Beautiful Berries" යනුවෙන් පමණි. ඒ අසලම විවිධ පැළැටි වර්ගවල විස්තර සහිත පොතක් ද ඔහුව මරණයේ ද්වාරය කරා යැවූ wild potato ශාකයක ඵල කිහිපයක්ද විසිරී තිබුණි. මද සුළඟට සලිත වූ ගස්කොළන් හැර සියල්ල නිශ්චලය..

1990 දී ඇමරිකාවේ Emory විශ්වවිද්‍යාලයේ ඉගෙනුමෙන් පසු ඔහුගේ එකම අරමුණ වූයේ මුදල් සහ මිනිසුන්ගෙන් සඳහටම වෙන් වී තම මුළු ජීවිතයම ත්‍රාසජනක සංචාරයන් සඳහා කැප කිරීමයි. ඔහු ළඟ ඉතිරි කරගත් ඩොලර් 24000 ක මුදල චෙක් පතක් මගින් OXFAM නම් වූ දිළිඳුන්ගේ කුසගින්න නිවාලන අරමුදලක් සඳහා පරිත්‍යාග කෙරුණි. ග්‍රීෂ්ම සෘතුවේ එක් දිනයක ඔහු තම පවුලෙන් සහ මුළු සමාජයෙන්ම රහසේම නික්මව ඔහුගේ පැරණි Datsun රථය කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇරිසෝනා සහ දකුණ ඩකෝටා ව හරහා පදවමින් සිටියේ කිලෝමීටර 6864 ක් දුරින් පිහිටා තිබූ සුන්දර ඇලස්කන් සිහිනය සපුරා ගැනීමටයි. 

කෙසේ හෝ එක් රාත්‍රියක ඔහුටත් ඔහුගේ ගමන් සගයා වූ කාර් රථයටත් සුළු විවේකයක් ලබා ගනු වස් ගං ඉවුරක රථය නවතා පිටිපස අසුනේ නිදි කිරමින් සිටි ඔහු තිගැස්සී අවදි වූයේ ක්ෂණික ගං වතුරක රළ පහරකටය.
අබලන් වූ තම Datsun රථය අතහැර ඔහු තම සංචාරය ඇරඹුවේය. 
විසල් වනාන්තර, ගංගා ඇළ දොළවල්, කඳු ගිරි ශිඛර සහ නොයෙකුත් මිනිසුන් වෙසෙන පෙදෙස් මැදින් ඔහු සංචාරය කළේය. අතරමගදී කුළුපග වූවෙකු "ඔබේ පවුල කොහෙද ජීවත් වන්නෙ..ඔවුන් මොනවද කරන්නෙ ?" යැයි ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ "මට තවදුරටත් පවුලක් කියා දෙයක් නොමැත" යන්නයි.

සුළු මුදලක් සොයාගැනීම සඳහා ඔහු ඔහුගේ දිගු සංචාරය අතරතුර සුළු රැකියාවල නිරත වුණි. කාලයත් සමඟ බොහෝ දුර ගෙවා දමමින්, ප්‍රාන්ත දේශ සීමා පසු කරමින් ඔහු ඇලස්කාවට ළං වෙමින් සිටියේය. එක් අවස්ථාවක රහසේම දේශ සීමාවක් පසු කරන්නට උත්සහ කරමින් සිටිද්දී ඔහු පොලිසියට අසු වුවද ඔහුගේ තත්වය තේරුම් ගත් ඔවුන් ඔහුව මුදා හැරුණි.

Ronald Franz නම් වූ මහල්ලෙක් ඔහුට හමුවුණි. ඔහුගේ ජීවිත කතාවට සවන් දෙන රොනල්ඩ් ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන යාමට පොරොන්දු වුණි. රොනල්ඩ් අත්කම් ශිල්පය ප්‍රගුණ කළ අයෙකු විය. ඔහු රොනල්ඩ් නම් මහළු මිත්‍රයාගෙන් අත්කම් ශිල්පය ඉගෙන ගැණුනි. ඔහු තමන් සඳහා ඉණ පටියක් සාදවාගෙන එහි ඔහු සංචාරය කළ පෙදෙස් සහ සිහිවටන කැටයම් කළේය. 

  
පවුලක් හෝ නෑදැයින් කිසිවෙකු නොමැති අවුරුදු 80 ක් වයසැති ඒ රොනල්ඩ් නම් වූ මහල්ලා ඔහුත් සමග දැඩි මිත්‍රත්වයක් ඇති කර ගැණුනි.
ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන ගොස් ඔහුගෙන් නික්ම යන මොහොතේදී "ඔබට මගේ මුණුබුරෙක් වී මාත් සමග ජීවත් වෙන්නට බැරිද ?" යැයි ඇසූ විට "අපි ඒ ගැන ඇලැස්කාවට ගිහිං ඇවිත් කතා කරමු.." යනුවෙන් පැවසූවත් ඔහු කවදාවත් නැවත නොපැමිණුනි.  

අවසානයේදී ඔහු 1992 අප්‍රේල් මාසයේදී Fairbanks සහ The Stampede Trail කඳු ශිඛරය ඔස්සේ ඔහුගේ එකම සිහිනය වූ සුන්දර ඇලැස්කාවට ළඟා වුණි. Teklanika නදිය තරණය කිරීමෙන් පසු ඇලැස්කාවෙ සුවිසල් වනයේ සැරිසැරූ ඔහුට Fairbanks නගරයේ අබලන් වූ බස් රථයක් වනය මැද තිබී හමුවුණි. ඔහු එය හැඳින්වූයේ Magic Bus ලෙසටයි. තම ස්ථීර නවාතැන කරගත් අබලන් බස් රථය ඔහුට සුරපුරයක් විය. 

හුදෙකලාවම තම ජීවිතය ඇලැස්කාවෙ මාස කිහිපයක් ගෙවා දැමූ ඔහු නැවතත් තම ත්‍රාසජනක සංචාරය ඇරඹීමට තීරණය කෙරුණි. අවාසනාවන්ත ලෙස ඔහු ඇලැස්කාවට පැමිණීම සඳහා තරණය කෙරූ Teklanika නදිය පිටාර ගලමින් තිබුණි. රෞද්‍ර සැඩ පහර ඔහුට කුරිරු වුණි. ඇලැස්කාවෙන් පිටවීමට නම් Teklanika නදිය තරණය කළ යුතුය. අවසානයේදී රෞද්‍ර සැඩ පහර කීකරු වන තෙක් තවත් කාලයක් ඇලැස්කාවේම ගත කිරීමට ඔහු තීරණය කළේය. දින ගෙවී යද්දී කෑම හිඟ වීම හේතුවෙන් ඔහු ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගැණුනි. 
අවසානයේදී ඔහු කුසගින්න නිවා ගැනීම සඳහා නොයෙක් ඵල වර්ග සොයමින් වනයේ ඇවිද්දේය. ඔහු නොදැනුවත්වම wild potato ශාකයක ඇල්කොලයිඩ නම් විෂ තැවරුණු ඵල කෑමට ගෙන තිබුණි. තම සිරුර ක්‍රමයෙන් මරණය කරා ඇදී යන බව ඔහුට දැනුණි. කිසිවක් කර කියා ගත නොහැකිව සුවිසල් වනයක් මැද අබලන් වූ බස් රියක ඔහු මරණය එන තෙක් බලා සිටියේය. ඩොලර් 24000 ක මුදලක් දිළිඳුන්ගේ කුසගින්න නිවාලීමේ අරමුදලක් වෙත පරිත්‍යාග කෙරූ  
Christopher McCandless නම් වූ ශ්‍රේෂ්ට සංචාරකයා ඒ වන විට කුසගින්න හේතුවෙන් අබලන් බස් රියක් තුළ මිය ගොස් සිටියේය. ඒ 1992 අගෝස්තු මාසයයි.  
ඔහුගේ මරණයෙන් දවස් 19 කට පසු ඇලැස්කාවට පැමිණ සිටි දඩයක්කාරයන් පිරිසක් විසින් ඔහුව Magic Bus රථය තුල සිට සොයා ගැණුනි. ඔහු විසින් සටහන් කළ වචන කිහිපයක් ඒ අසල තිබී හමුවිය.

" I have had a happy life and thank the Lord. Goodbye and may God bless all!"
_______________________________

Christopher McCandless ගේ කැමරාවේ තිබී ඔහු විසින් ලබාගත් self portrait කිහිපයක් හමු වුණි..





 _______________________________

Magic Bus..





   
_______________________________

1996 දී Christopher McCandless ගේ දිනපොත සහ සටහන් පාදක කරගෙන Jon Krakauer විසින් පොතක් ලියැවිණි. 2007 වර්ෂයේදී Sean Penn විසින් එම පොත පාදක කොටගෙන 
 Christopher McCandless ගේ ශ්‍රේෂ්ට සංචාරය Into the Wild නමින් සිනමාවට නැඟුවේය.

                                                             ♥

 

      
    

 


  




30 comments:

  1. wow.. such a wonderful article about a wonderful human being..
    Thanx for the tip about the movie and the book..
    cheers..!!

    ReplyDelete
    Replies
    1. Thank you very much...
      you can also download the book from the internet as a pdf. file..
      cheers..!!

      Delete
  2. උඹ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංචාරකයෙක් , නියමයි බං. great... excellent (Y)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ඉවානයො... ;)

      Delete
  3. මම මේ ෆිල්්ම එක බැලුවා..කදිම ෆිල්ම් එකක්. හරිය ට දුක් විදිනවා එයා මැරෙන්න.

    ReplyDelete
    Replies
    1. මාත් ෆිල්ම් එකෙන් තමයි මොහුව හඳුනගත්තෙ.. පොත ඩවුන්ලෝඩ් කරාට තාම කියවන්න බැරි වුණා..

      Delete
  4. ඔත්තුවට් ස්තූතියි අසංක.ඉවාන් අයිය කිව්ව වගේ නමට ගලපෙන්නම වැඩ කරනවා ඔයා..ෆිල්ම් එකත් බලන්න ඕනි.
    ඕන් ඔයා එහෙම කෑම අරගෙන යන්න යන සංචාරයක්..නැත්නම් දැක්කනේ වෙනදේ ;)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අම්බෝ ඔව්.. ;)
      ෆිල්ම් එකත් බලන්න...ලස්සනයි..
      ස්තූතියි දිලා..

      Delete
  5. මචෝ... පුදුම ආසාවකින් එක දිගට කියවගෙන ආවේ. උඹේ සටහන් වලින් හොඳම සටහන. නොඉවසිල්ලෙන් පහලට කියවගෙන ආවේ මේ ගැන ෆිල්ම් එකක් තියෙනවද කියල දැනගන්න. ඉකමනට මේ ෆිල්ම් එක බලන්න ඔනේ.

    This is the life I have ever wanted, This is the life I have ever appriciated, This is the life, which man kind ever needed.

    ReplyDelete
    Replies
    1. මාත් මේක පුදුම ආසාවකින් ලීවෙ.. :)
      ෆිල්ම් එකත් බලන්න පට්ට ලස්සනයි.. පළවෙනි පාර බලල ඉවරවෙනකොටනං කඳුළුත් ආවා..

      Me too මචෝ...

      Delete
    2. ෆිල්ම් එක ගන්නෙ කොතනින්ද මචෝ..

      Delete
    3. මංනං බාගත්තෙ ටොරන්ට් වලින්...
      http://kickass.to/usearch/into%20the%20wild%202007/
      මෙතනින්

      Delete
  6. හුස්ම ගන්නවත් වෙලාවක් නැති හැල්මේ දුවන ජීවිතයක් ගෙවද්දි මේවගේ ඒවා කියවනකොට අනේ මටත් මේ වගේ හැමදේම අත ඇරලා නිදහසේ සංචාරය කරන්න පුලුවන්නම් කියල හිතෙනව.

    //I have had a ` HAPPY LIFE ` and thank the Lord.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අපි කාටත්.. මොන තරම් දේවල්, මොන තරම් ලස්සන තැන් තියෙද්දිද අපි මේ සමාජයටම බැඳිල හිර වෙලා ඉන්නෙ..

      //Happiness only real when shared//
      ඒකත් කීවෙ ක්‍රිස්ටෝෆර්ම තමා.. :)

      Delete
  7. ඉන් ටු ද වයිල්ඩ් බලන්න ඕන...
    අපුරු සංවේදි සටහනක් සංචේ....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බලාන් බලාන්...
      ස්තූතියි මහියො
      ජය වේවා...

      Delete
  8. විස්තර නම් අනගි ස්තුතී සහෝ

    ReplyDelete
  9. ආසාවෙන් කියවන්න පුළුවන් සටහනක් මචෝ!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියා..මාත් මාර ආසාවෙන් තමා මේක ලීවෙ..

      Delete
  10. උඹට ජය.. බලන්න ආස හිතෙන විදියටම ලියා ඇත..

    ReplyDelete
    Replies
    1. එහනෙම් බලාන් ඈ..පට්ට ෆිල්ම් එක..
      තැන්කූ දේශා..
      ජය වේවා...

      Delete
  11. මමනං ෆිල්ම් බලන්නේ නෑ.
    උඹේ පොස්ට් එක ෆිල්ම් එක බැලුව හා සමානයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජීවන අයියා..

      Delete
  12. සටහනට ස්තුතියි. ටොරන්ට් එක වෙත යමින්..! :)

    Chandana

    ReplyDelete
    Replies
    1. ජය වේවා චන්දන අයියා... :)

      Delete
  13. Fascinating blog! Is your theme custom made or did you
    download it from somewhere? A design like yours with a few simple
    adjustements would really make my blog shine. Please let me know where you got your design. Thanks

    my web page: Funny Cat Vine

    ReplyDelete
  14. ලෙසටම ලියලා තියෙන්නෙ ,ෆිලුමත් බලන්න ඕන ජය

    ReplyDelete
    Replies
    1. තැන්කූ සහෝ...
      ෆිල්ම් එකත් බලාන් ගති...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...