March 17, 2014

රාජාලියන්ගෙ හොටෙල් කැලිෆෝනියා | Eagles' Hotel California

Eagles

1971 දි ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් නුවරින් Eagles නමින් බිහි වුණු සංගීත කණ්ඩායම වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ 1976 වර්ෂයෙදි නිර්මාණය වුණු Hotel California ගීතයත් සමගින්.
හොටෙල් කැලිෆෝනියා රචනා කරේ ඊගල් සංගීත කණ්ඩායමේ ම සගයන් තිදෙනෙකු වන Don Felder, Don Henley සහ Glenn Frey විසින්. 

" මේ ගීතය තුලින් අර්ථ දැක්වීමට උත්සහ කෙරුණෙ ධනවාදී ඇමරිකානු සිහිනයේ අඳුරු යටිබඩ සහ දුරාචාරය ගැන. ලොස් ඇන්ජලීස් නුවර ධනවතුන්ගෙ ධනවාදී ජීවිතය."
                                                                  ~Don Henley~
' Mirrors on ceiling, 
The pink champagne on ice '

හොටෙල් කැලිෆෝර්නියා ගීතයේ ගැබ් වී තිබුණු අදහස පිළිබඳ ලෝකයේ බොහෝ මතිමතාන්තර නිර්මාණය  වුණා. 
ඇතැමුන් පැවසුවෙ හොටෙල් කැලිෆෝනියා තුලින් පැවසීමට උත්සහ කරන්නෙ යක්ෂයා ඇදහීම පිළිබඳව බවයි. 

' They stab it with their steely knives,
 But they just can't kill the beast '

ගීතය නිර්මාණය වුණු මුල් කාලයේ බොහෝ දෙනා විශ්වාස කරේ මෙම ගීතය California සංචාරක හෝටලයේදී ගායනා කරනු ලැබූවක් බවයි. නමුත් සත්‍ය වශයෙන්ම එවන් සංචාරක හෝටලයක් එම වකවානුවේදී තිබී නැහැ. 

" අපි රාත්‍රියෙදි රිය පදවාගෙන ලොස් ඇන්ජලීස් නුවරට පැමිණෙනවා. එවිට ඔබට දකින්න පුලුවන් ලොස් ඇන්ජලීස් වල ක්ෂිතජයේ දිලිසෙන විදුලි බුබුළු වල ආලෝකය. ඒත් එක්කම අපේ මනසට එන්නේ ධනවතුන්ගේ සුපෝබභෝගි ජීවිත, හොලිවුඩ් පුරවරය සහ අපේ සියලුම හීන.. හොටෙල් කැලිෆෝනියා ලියවුණෙත් ඒ ආකාරයට "
                                                                  ~Don Felder~
කෙසේ නමුත් හොටෙල් කැලිෆෝනියා යනු හදවතට කතා කරන ගීතයක්.. 


2 comments:

  1. ඔව් හදවතට තට්ටුවක් දානවා තමයි ඒ ගීතය.
    මෙච්චර දවස් අහලා තිබුනට විස්තරයක් නම් දැනගෙන හිටියේ නෑ. :)
    ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. මම Eagles ල ගැන දැන ගත්තෙත් ඔය ගීතයෙන්..
      අදහස් දැක්වුවාට ගොඩක් ස්තූතියි...! :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...