මම ඒවට ආස නැහැ.."
ඇයට සුපුරුදු, ඔහුට නුහුරු බස් වහරෙන් පැවසූ ඇය ආයිමත් හෙට හමුවන පොරොන්දුවත් ඇතිව වෙන්ව ගියා.
"ඇය මේ තරම් නපුරු ඇයි..
නමුත් ඇය මට ආදරෙයි..ඒ ඇගේ හැටි..
නපුරු ආදරවන්ති.."
සැඳෑ අහස රත් පැහැ ගන්වමින් හිරු තම දවස නිමා කිරීමට සැරසෙන හැටි මොහොතක් බලා සිටි තරුණයා යන්නට සැරසුණා. හැමදාමත් ඔවුන් දෙදෙනා හමු වූ කුඩා නදියට මුහුණලා නිශ්චලව තිබූ බංකුව දෙස ඔහු හැරී බැලුවා..
"අපි කොයිතරංනං මේ ගං ඉවුර මත ඉඳගෙන ආදරය කරන්න ඇත්ද..
මේ ගඟ හැමදාම ගලා බැස්සෙ හරිම කම්මැලි විදිහට.. ඒත් ඔයා හැමදාම මේ ගඟ දිහා හරිම ආසාවෙන් බලා හිටියා.. "
ඔහු නගරය දෙසට වැටී තිබුණු පටු පාර දිගේ පියමනින්නට වුණා.. ඔහුට හෙට දවසක් තිබුණෙ නැහැ. ඔහු ජීවත් වුණේ වර්තමානයෙ විතරයි. නගරයෙ කවුරුත් ඔහුට කිව්වෙ 'රස්තියාදුකාරයා' කියල. සුරුට්ටුවක් දල්වගත්ත තරුණයා දුම් රැළි තරු රෑන් අතරට පිඹිමින් ඇවිද ගියා. ඈ සමග ගත කරපු මොහොතක් පාසා ඔහු මේ රස්තියාදුකාර ලෝකයෙන් මිදිලා ප්‍රේමණීය හැඟීම් සමග ජීවත් වුණු අයුරු ඔහුට මතක් වුණා. ඈව හමු වුණු හැටි, ඈ ත් සමග ගත කරපු දවස්.. මේ සියල්ලම ඔහුගෙ මනසෙ මැවී පෙනුණා.
තවත් දවසක්..! ඔහුට දැණුනෙ මුළු ලෝකයම තමන්ට වෛර කරනව වගේ. සැබැවින්ම ඔහුත් ලෝකයාට වෛර කරා. ධනවාදී සපත්තු අඩි වලින් තෙරපුණු ඔහුගේ ජීවිතයට ආදරය කරන්න කවුරුත් හිටියෙ නැහැ.
කුණු කාණු දුර්ගන්ධයත් එක්කම විහිදී යන මුඩුක්කු ලෑලි ගෙවල් අතරින් සුරංගනා ලෝකයට පිවිසුණු තරුණයා තම ශ්‍රමය අන්තිම දහඬිය බිඳුව තෙක්ම කුසගින්න වෙනුවෙන් පුද කරා.
"ඈ ඇවිල්ලත් ඇති.."
ඉක්මන් ගමනින් ඔහු ගං ඉවුරට පිවිසුණා. නමුත් ඈ එහි සිටියෙ නැහැ. වෙනදා වගේම කම්මැලිකමින් ගලා ගිය නදිය දෙසට මුහුණලා නිසලව පැවතුණු බංකුව පමණක් එහි තිබුණා. ඒ අසලට පියමැන්න තරුණයාට බංකුව මත ඔහු විසින් ඇයට තෑගි දුන් නවකතා පොත පමණක් එහි තිබුණා. පිටු අතර විසිරුණු ඔහුගෙ දෑසට දැකගන්නට ලැබුණෙ හසුනක්..
"මං යනවා..ආයි එන්න එපා..!!!"
ලස්සනයි... ලිපිය
ReplyDeleteස්තූතියි..! ඇත්තටම මං කතා ලියන්නවත් කවි ලියන්නවත් දන්නෙ නැහැ..
ReplyDeleteලියන්න දෙයක් නැති හන්ද ලිව්ව මිසක්...! :)
ඇත්තෙන්ම ලස්සන අදහසක්. අදයි රස්තියාදු ගහන්න ආවෙ. (y)
ReplyDeleteගොඩක් ස්තූතියි..! සාදරයෙන් පිළිගන්නව..!! :D
Delete