"අපගේ කොළොම්තොටට ඉතා සුදු පැහැය ඇති ජාතියක් පැමිණ සිටිති. ඔවුහු බොහෝ රූපශ්‍රීයෙන් යුක්තව යකඩ හැට්ට ඇඟලා ගෙන, යකඩ තොප්පි හිස ලා ගෙන විගසක් එක තැනක නොසිට සක්මන් කරන්නාහ. සුදුගල් සපා කමින් ලේ බොන්නාහ. එක මාළු කූරියාට, එක දෙහි ගෙඩියට රන් රිදී දෙක තුන බැගින් දෙන්නාහ. ඔවුන්ගේ තුවක්කු උණ්ඩය ගවු ගණන් ගොසින් වන් කළ යුගන්ධර පර්වතය පවා පොඩි වන්නේය.."
ලංකාව මුල්ම වතාවට යටත් විජිතයක් බවට පත් කරපු පරංගින් කොළඹට ගොඩ බැස්ස වෙලාවෙ කොළොම්පුර වැසියන් ඒ ගැන රජ්ජුරුවන්ට දන්වල තිබුණ හැටි රාජාවලියෙ ලියැවිලා තියෙන්නෙ ඔය විදිහට. ඔය සුදුගල් කියන්නෙ පාන් වලට. ලේ බොනවැයි කියන්නෙ වයින් වලට. නැත්තං හිතයි ඩ්‍රැකියුල ගෙන් පැවත එන ජාතියක් කියල :D
හෙහ් හෙහ්...
පෘතුගීසි කාරයා ලංකාවට ආවේ අහම්බෙන්. මාලදිවයන පැත්තට යාත්‍රා කරනකොට කුණාටුවකට හසු වෙලා, වාර්තාවලට අනුව දවස් 18 කට පස්සෙලු ගාලු වරායට ඇවිල්ලා තියෙන්නෙ. ගාලු වරායට සේන්දු වුනාම පස්සෙ තමයි දැනගෙන තියෙන්නෙ මේ ඇවිල්ලා තියෙන්නෙ නමින් විතරක් දැනගෙන උන්නු සිලෝන් දිවයිනට බව. ඒ කාලෙ ලංකාව කුරුඳු, අලි ඇතුන් සහ වෙළඳ ද්‍රව්‍ය වලට බොහොම ජනප්‍රියයිලු. මේ පෘතුගීසි නැව් කණ්ඩායමේ නායකයා ලොරෙන්සෝද අල්මේදා (Don Lourence da Almeda) කියන සෙන්පතියා.
කරුණු කාරණා ටිකක් දැනගත්තට පස්සෙ අල්මේදා ප්‍රමුඛ නැව් කණ්ඩායම රජ්ජුරුවන්ව හම්බවෙන්න කොළඹ පැත්තට යාත්‍රා කරනවා. එතකොට රජ්ජුරුවො හත්වැනි පරාක්‍රමබාහු. හිටියෙ කෝට්ටෙ අගනුවරෙනෙ. 1505 නොවැම්බර් 15 වැනිදා තමයි කොළඹ වරායට ඇවිල්ලා නැංගුරම් දාන්නෙ. එතකොට තමයි ඔය පටන් ගන්න කොටම කිව්ව වගේ කාලතුවක්කු පත්තු කරල තියෙන්නෙ අපි ආවෝ කියල දැනුම් දෙන්න.. :D
මේ බව දැනගත්තු පෘතුගාල අධිරාජයා හෙන සතුටු වුණා. මොකද ලංකාවෙ තියෙන මුළු සේසතම මොකක්හරි ජිල්මාට් එකක් දාල එහෙට අදින්න පුළුවන්නෙ. පාප්තුමා ප්‍රමුඛ කාදිනල් සභාව මේ පණිවිඩය සමරන්නට රෝම නගරයෙ විශේෂ පෙරහැරක් පවත්වලා වතිකානුවෙ අතිවිශේෂ යාඥාවකුත් සංවිධානය කරාලු.
කොළඹට ළඟා වුණු පරංගියා සිහිවටනයක් හැටියට මුහුද වෙරළ ආසන්නයෙ තිබුණු ගල් පර්වතයක පාතුගීසී රාජ්‍ය ලාංඡනයයි වර්ෂයයි සටහන් කරා.
මේ ගල් පර්වතේ ඉංග්‍රීසීන් මේ රට පාලනය කරන කාලෙදි වරාය පුළුල් කරන වැඩ කටයුතු වලදි පස් හාරනකොට හම්බවෙලා රජ ගෙදර ළඟ තියෙන ගෝර්ඩන් උද්‍යානයෙ තැන්පත් කරාලු. දැන්නං ඒ ගල් පර්වතේ ස්මාරකයක් හැටියට කොළඹ වරායෙද කොහෙද තියෙනවා.
ලොරෙන්සෝද අල්මේදා එහෙම එකපාරටම රජතුමාව හමුවෙන්න ගියෙ නෑ. ඉස්සෙල්ලාම පිටත් කරේ ෆර්නාඩ් කොට්රිම් කියන කපිතාන්ව දූතයෙක් විදිහට. එන පොට හොඳ නැහැයි කියල දැනගත්තු ෆර්නාඩ් ව රජ මාළිගාවට එක්කන් ගිය මිනිස්සු ෆර්නාඩ්ව කෝට්ටෙ නුවරට රැගෙන ගියේ වෙන පාරකින්. මයිල 6 ක දුර ගෙවා දැමීමට දින තුනක් ගත කරාලු. :D ඔය සිද්ධියෙන් තමයි "පරංගියා කෝට්ටෙ ගියා වගේ" කියල ප්‍රස්ථා පිරුළක් හැදුනෙ.
කොහොමින් කොහොමහරි දෙගොල්ලොම කතා බස් කරගෙන ලංකාවෙ වරායන් සතුරන්ගෙන් ආරක්ෂා කරල දෙන්න පෘතුගීසින් පොරොන්දු වුණා. ඒ වෙනුවට ලංකාවෙන් ඔවුන්ට අවුරුද්දකට කුරුඳු බහාර් 400 ක් (ටොන් 60 ක්) ගෙවීමට රජතුමා පොරොන්දු වුණා. ගබඩා සංකීර්ණයක් අවශ්‍ය වෙන හින්ද නිරිත දිග දිය කඩනය අසල වෙළඳ ගබඩාවකුත් හැදුවා රජ්ජුරුවන්ගෙන් අවසර අරගෙන.
තම ආගම ඇදහීමට ඒ අසලින් අල්මේදා ගෙ පෞද්ගලික සාන්තුවරයා ගෙ නමට පල්ලියක් ඉදි කරා.
ඒත් අරාබි වෙළදුන් පෘතුගීසින් වෙළඳ ගබඩාවක් හදන එකට විරුද්ධ වුණා. ඒ වෙනකොට එ් පෙදෙසෙ වෙළඳ ඒකාධිකරාය අත්පත් කරගෙන තිබුණෙ අරාබි ජාතිකයින්. ඒ නිසා විටින් විට පෘතුගීසි හේවායින්ට තාඩන පීඩන එල්ලා කරා. වෙළඳ ගබඩා සංකීර්ණයටක් ප්‍රහාර නිකුත් කරා. මේ සිද්ධිය දැනගත්තු පෘතුගාල අධිරාජයා මේ බව හොයා බලන්න ලෝපෙ සෝරස් ද අල්බගේරියා නම් ආණ්ඩුකාරවරයව ලංකාවට එව්වා. සෝරස් මේ බව රජුට දන්වල බලකොටුවකුත් හදන්න අවසර පැතුවා. රජතුමත් අවසර දුන්නා. පසුව ලෙපෝ ද පොරිටෝ කියන සැලසුම් ශිල්පියා ලව්වා කොහොමහරි කොළඹ බලකොටුවකුත් ඉදි කරා. නැව්වලින් ගෙනාපු කාලතුවක්කුවලින් බලකොටුව සන්නද්ධ කරා. එක් අවස්ථාවකදි පරංගි අරාබි ජාතිකයන්ගෙ ගෙවල් ගිනිබත් කරල දරුණු ප්‍රහාරයකුත් එල්ල කරාලු.
බලකොටුවෙ ආරක්ෂාවට දිය අගල් කපල හකුලන්න පුළුවන් දඬු කඳකුත් (පාලමක් වෙන්ඩ ඇති) සවි කරා. බ්‍රිටෝ කියන සෙනවියා කොටු බැම්මෙ දකුණු පැත්තෙන් කපපු දිය අගල තමයි ඔය පස්සෙ කාලෙකදි බේරෙ වැව නමින් සංවර්ධනය වෙලා තියෙන්නෙ.
1587 දි සීතාවක රාජසිංහ 50000 ක සේනාවක් එක්ක මේ බලකොටුවට පහර දුන්නට පරංගි ගෝවෙන් සේනාව ගෙන්නගෙන ඒ ප්‍රහරය ව්‍යර්ථ කරා.
පස්සෙ කාලෙකදි පරංගින්ගෙ රූකඩයක් බවට පත්වුණු ධර්මපාල රජු දොන් ජුවන් ධර්මපාල නමින් බෞතිස්ම ලැබුවා. පෘතුගීසින් කියන කියන පදේට නටපු හින්ද කෝට්ටෙ රට වැසියන්ගෙ අප්‍රසාදයට පත් වෙලා ධර්මපාල රජ්ජුරුවො කොළඹට ආවා. දැං අගනුවර කොළඹ. මේ නිසා කොළඹ නගරය පාලනය කරන පළමු රජු වෙන්නෙ ධර්මපාල.
දැං සියල්ලක්ම සිදු වුණෙ පරංගින්ගෙ කැමැත්තට. සැබැවින්ම කොළඹ පාලනය කරේ ධර්මපාල නෙවේ පෘතුගීසින්. පෘතුගාලයෙ සෙබස්තියන් අධිරාජයා කොළඹ නගරය හැඳින්නුවෙ "මගේ අගනුවර වූ කොළඹ" නමින්. කුරුඳු ඇතුළු සියලු වස්තු සම්භාරය ගනිමින් තම ආගම ප්‍රචාරය කිරීම තමයි පරංගින්ගෙ අරමුණ වුණේ. සෑම තැනම පල්ලි සෑදෙව්වා.
1597 දි දොන් ජුවන් මරණයට පත් වුණා. පරංගින් විසින් ධර්මපාල රජුව රහසේම වෙඩි තබා ඝාතනය කරයි කියලත් කියනවා. පෘතුගීසින් ඔහුගේ දේහය කොළඹ රජමැදුර පිටිපස්සෙ සාන්ත ෆ්‍රැන්සින් කන්‍යාරාමයෙදි ගරුසරු ඇතුව භූමිදාන කරා.
පසුව පෘතුගාලයෙ අධිරාජයා විසින් ලංකාවේ එකම උරුමකරු හැටියට ඩී. ජෙරනිමෝද අසවේදු (Don Jeronimo Azevedu) පත් කරා.
ඔහොම තමයි පෘතුගීසි කාරයා රටවල් ඇල්ලුවෙ.. :D
ප.ලි. - තොරතුරු විකිපීඩියාවෙන් සහ සමන් කළුආරච්චි මහතා විසින් රචිත ලිපියක් ඇසුරෙනි..
July 25, 2014
July 20, 2014
කාලයත් සමග අමතක වුණු මතකයක්..
හිච්චි කාලෙ අපි හැමෝටම මොකක්හරි විනෝදාංශයක් තියෙන්න ඇති. නොතිබෙන්නත් ඇති.. ඔය පොඩි පන්තිවල ඉන්නකොට ටීචර්ස්ල අපේ නම ගම එහෙම අහනකොට අහන ප්‍රශ්නයක් තමා විනෝදාංශය මොකක්ද කියන එක. පොඩි එවුන් ඉතිං නානප්‍රකාර එව්ව කියනව. විනෝදාංශයක් නැති එවුන් මොකක්හරි බොරුවක් ඇදබාල නිකං ඉන්නවා. ගොඩක් දෙනා කියන්නෙ මුද්දර එකතු කරනවැයි කියල. :D විනෝදාංශ ගත්තාම නානප්‍රකාර එව්ව තියේ. අමුතු අමුතු එව්ව තියේ..
සා.පෙ වලින් පස්සෙ පන්තියෙ හිටිය හොඳම යාළුවො ටික කොළඹ ඉස්කෝලවලට මාරු වෙලා ගියා. ඉතුරු වුණේ පස් හය දෙනෙක් විතරයි.
දැං අවුරුදු දෙකක් ගෙවිලා ගිහිල්ල ඉවරයි. ඔය ඉස්කෝලෙන් ගිය සමහර යාළුවො දෙතුන් දෙනෙක් එක්ක එදායින් පස්සෙ තාම වචනයක්වත් කතා කරන්න බැරි වුනා. වෙන මොකක්වත් හින්ද නෙවේ කන්ටැක්ට් කරගන්න හරියට නම්බර් එකක්වත් ගන්න බැරි වුණු හන්දා. ගොඩක් අය නං නුගේගොඩ ක්ලාස්වලදි මුණගැහුනා. හාපෝ ලියන්න ගත්තාම ඔහේ ලියනව කතාව වෙන පැත්තකට යනව කියල තේරෙන්නෙවත් නෑ.. ! :P
කොහොමහරි ඉතිං පහුගිය දවසක මං මුහුණු පොතේ ඔය ඕපාදූපයක් කියවගෙන ඉන්නකොට මෙසේජ් එකක් ආවා.
"අඩෝ අසංකයා මාව මතකද?"
බැලින්නං එ් කාලෙ ළඟින්ම හිටපු පොරක්..එතකොට ඒ යකා බුකියෙ හිටියෙ නෑ නොවැ.. :D
ඔහොම ආ ගිය තොරතුරු කතා කර කර ඉන්දැද්දි මිනිහ එක පාරටම අහපි
"අර මුද්දර පොත් තාම උඹ ගාව තියනවද ?" කියල..
එතකොට තමා මට මතක් වුණේ මං හරි ආදරෙන් එකතු කරපු මුද්දර ටික.. :)
ඇත්තටම ඕ ලෙවල් කාලෙ වෙද්දි මුද්දර එකතු කිරිල්ල අතහැරල දාල තිබ්බෙ. අතහැරල දාල කිව්වෙ ඇත්තටම වෙලාවක් හම්බුන්නෑ ඔය වැඩේට. හතේදි අටේදි විතර තමා ඕක දරුණුවටම ක්‍රියාත්මක වුනේ. අර යාළුවා මාත් එක්ක හය වසරෙ ඉඳන්ම හිටපු යාළුවෙක්. මිනිහට ඒක මතක තිබුණ එක ගැන මට ඇත්තටම පුදුම හිතුණා.
ඉතිං ඒ ප්‍රශ්නෙ මගෙන් ඇහුවාම මගෙ හිත අතීතයටම ගියා. ඒ මතකයන් ටික එවෙලෙ මට ලබා දුන්නෙ මාරම හැඟීමක්.
ඒත් කෝ දැන් ඒ ටික....!!? :o
හොයල බැලින්නං පුංචි කබඩ් කෑල්ලක තිබිල ඒ වස්තු සම්භාරය තිබ්බ විදිහටම හම්බුනා. කිසිම පලුද්දක් නැතිව... :)

ඔය මුද්දර විනෝදය කියල තියෙන්නෙ පොතක්. මුද්දර වර්ග කරන හැටි වගේ ගොඩක් ඒව ඔය පොතේ විස්තර කරල තියෙනවා.
පන්තියෙ හිටපු යාළුවන්ගෙන් කිහිපදෙනෙක්ම ඔය මුද්දර එකතු කරන වැඩේ කරා. ඔය අතරින් මට තමා වැඩිම මුද්දර ගාණක් තිබ්බෙ කියල පුංචි ආඩම්බරයකුත් නැතිවම නෙවේ.
ඒ කාලෙ තාත්තා වැඩ කරපු තැන බොස් ගෙ ගෙවල් තිබුණෙ බම්බලපිටියෙ. පස්සෙ කාලෙකදි එයා පිටරට පදිංචියට ගියා. බම්බලපිටියෙ ගෙදර ඉතුරු වුණේ එයාගෙ මල්ලි විතරයි. ගොඩක් වයසයි. තාත්තා ඉතිං මාසෙකට දෙවතාවක් විතර එහෙ ගිහිල්ල ගේ සුද්ධ පවිත්‍ර කරල දාල එන්න පුරුදු වෙලා හිටියා. එයත් මුද්දර පිස්සෙක්. මුළු ජීවිත කාලෙම කරල තියෙන්නෙ මුද්දර එකතු කරන එකද මන්ද..ඒ තරමට මුද්දර එයා ගාව තිබුණා. ඔය හින්දම කට්ටිය එයාට කිව්වෙ මුද්දර මහත්තයා කියල.. තාත්තා එහෙ යන යන සැරේට මට දෙන්න කියල මුද්දර පොඩ්ඩක් දෙන්න පුරුදු වෙලා හිටියා. ඔය කාරණාවත් මගෙ මුද්දර එකතුව වැඩි වෙන්න හේතු වුණා..
අපි ගොඩක් ආස වුණේ රට මුද්දර එකතු කරන්න. සමහර ළමයි කොහෙං හරි රට මුද්දරයක් හොයාගත්තාම ඒක කාට හරි දීල ලංකාවෙ මුද්දර කිහිපයකට හුවමාරු කරගන්නත් පුරුදු වෙලා හිටියා. මා ගාව වැඩියෙන්ම රට මුද්දරවලට තිබුණෙ ඕස්ට්‍රේලියාවෙ මුද්දර..
මේ තියෙන්නෙ මුද්දරය නිකුත් කරන්න ඉස්සෙල්ල නිකුත් කරන සමරු කවර
මුද්දර එකතු කිරිල්ල ගැන මතකය අවධි වුණු හන්ද විකිපිඩියා එකත් පොඩ්ඩක් කරකෝල බැලින්නං මුද්දර එකතු කිරීමෙ විනෝදාංශයට 1860 වසර වෙනකං ඉතිහාසයක් තියනවලු... :o
ඔය මුද්දර එකතු කරන අැල්බම් බුක්ෂොප් වල ගන්න තිබුණා. එතකොට නං ගාණ රුපියල් 300 ක් විතර ඇති.
ටිකක් විතර පොෂ් වෙන්න ඕන්නං මුද්දර අැල්බම් වල රඳවනකොට එහෙම අල්ලන්න අඬුවක් වගේ එහෙකුත් තියේ.. :P මං ගාවත් තිබ්බා දැංනං ඕක කොහෙද දන්නෑ..ඒ වුනාට ඕකෙං මුද්දර අල්ලන්න ගියාම එපා වෙනවා. අතින් අල්ලන එක ඊට වඩා ලේසියි.. -_-
මේ තියෙන්නෙ ඒ වගේ එකක්..පින්තූරය නෙට් එකෙං..
ලංකාවෙ මුද්දරනං නොයෙකුත් වර්ග වලට බෙදල තියෙනවා. මං වැඩියෙන්ම ආස වුණේ කුරුල්ලන්ගෙ මුද්දර වලට.
96 වර්ල්ඩ් කප් එක වෙනුවෙන් නිකුත් කරපු මුද්දරේ.. ^_^
කුමාර් ආනන්දන්, පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීම වෙනුවෙන් නිකුත් කරපු මුද්දරය..
ලංකා තේ ශත සංවත්සරය වෙනුවෙන් නිකුත් කරපු එකක්..
ඔය වගේ ගොඩක් මුද්දර තියේ..ඔක්කොම දාන්න ගියොත් හොඳට හිටී.. -_-
ඉතිං..කාලෙකට පස්සෙ මුහුණ පොතෙන් හම්බවෙච්ච යාළුවෙක් මගේ මතකය අවධි කරේ මේ විදිහට. මේ මුද්දර වලින් මං කොච්චර සතුටක් ලබන්න ඇත්ද කියල හිතාගන්න බෑ.. ඒත් මේක තවදුරටත් කරගෙන යන්න බැරි වේවි මේ කලබල ජීවිතෙත් එක්ක.
සමහර වෙලාවට අතීතය කියන්නෙ ආදරණීය හැඟීම් සාගරයක්... :)

Subscribe to:
Comments (Atom)