tag:blogger.com,1999:blog-67729374443692867512024-03-06T12:34:52.540+05:30හුදෙකලා රස්තියාදුවAsankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-6772937444369286751.post-74252688972551318022017-01-20T20:24:00.001+05:302017-01-20T20:24:31.736+05:30ඇල්ල කඳු මුදුනට | To Ella Summitඈත දුර රටක කුඩා චමරියක ගත වෙන නීරස ජීවිතයට සංචාරකයා මොහොතකට සමු දුන්නා. හිතේ හැටියට සැරිසරන්න තැන් බොහොමයි. නිවාඩුව කෙටියි.!

දිනය 2016 දෙසැම්බර් 16.

කොටුව දෙසට ඇදෙන බස් රථයක එල්ලුණ මං රාත්‍රී 7.50 ට කොටුව දුම්රිය ස්ථානය අසල. මං බදුල්ලට යන රාත්‍රී තැපැල් දුම්රියට ගොඩ වුණා. ගමනාන්තය කිතල් ඇල්ල දුම්රිය ස්ථානය. හැමදාමත් වගේ මේ හුදෙකලා රස්තියාදුකාරයට ගමන් සගයා වුණේ මගේ ආදරණීය කැමරාව විතරමයි..

කෝච්චි ගමන ඇතැම් විට වෙහෙස කරයි. ඒත් නිදහස්. බසයක එල්ලුනොත් පැය 5 කට ආසන්න කාලයකින් ළඟා වෙන්න හැකි දුරක් මම මේ පැය 11 ක් පමණ රේල් පීලි දෙකක් උඩ ගෙවා දමන්න සැරසෙන්නෙ. මං පාපුවරුවට ගොඩ වුණා. ඇඟේ හිරිගඩු නංවන උඳුවප් සීතල සුළඟ. ටික වෙලාවකින් කොංගො සද්දෙත් එක්ක හොඳ සිංදු වගයක් කියවෙන්න පටන් ගත්තා. මේ අවස්ථාව එනකං තමයි මාත් බල බල හිටියෙ...!

පහුවදා හිමිදිරි උදේ මං ඇල්ල දුම්රිය ස්ථානයෙන් කෝච්චි ගමනට සමු දෙනකොට වෙලාව 7.00 ට පමණ ඇති. රේල් පාර දිගේ ආපසු කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දෙසට මං ඇවිදන් යන්න පටන් ගත්තා. මගේ ගමනාන්තය ඇල්ල කඳු මුදුන.!

රේල් පාර දිගේ යනකොට හමුවුණු සීයා කෙනෙක්ගෙන් පාර අහගත්තු මං බෝ ගහක් අසලින් වැටී තිබුණු අඩි පාරක් දිගේ මගේ ගමන ආරම්භ කරා. පුංචි දිය පාරක් මතින් වැටිල තිබුණ පාලමකින් එතෙර වුණාම හමුවුණේ විශාල මාන පඳුරු යායක්. පුංචි පුංචි අඩි පාරවල් හැම පැත්තටම. නිණව්වක් නැතිවම කන්ද දෙසට ඇදෙන අඩි පාරක් දිගේ මං ගමන් කරා. මාන පඳුරු යායෙන් බේරිච්ච මං පුංචි තේ වත්තක් මැද. තවත් හිතවත් ගැමියෙක්ගෙන් මාර්ගය ගැන අවබෝධයක් ගත්තු මං කඳු මුදුන දෙසට ඇදුනා.

බැක්පැක් එකේ බර, ගමන් වෙහෙස, මනස්කාන්ත හරිත වන දනව්, බඩගින්න, පිපාසය, නැවුම් සුළඟ. මේ ඔක්කොම එකතු වෙන්න ඕනෙ නියම සංචාරයකට.

මද දුරක් තැනිතලා භූමියකුත් පසු කරගෙන ඉදිරියට ඇදුණ මට දර්ශනය වුණා ඇල්ල කඳු මස්තකය. ඊට මුහුණලා තියෙන පුංචි ශ්‍රී පාදයත්. මේ කන්දට පුංචි ශ්‍රී පාදය කියන්නෙ එය සමනළ කන්දෙ හැඩයට බොහෝ අතින් සමාන නිසා. වතුර පිපාසාව නිවාගන්නට මොහොතකට මං නතර වුණා.

තවත් විනාඩි කිහිපයක ගමනකින් පසු හමුවෙන අඩි පාර තරමක් බෑවුම් සහිත මාර්ගයක්. පොළොව තෙත බරිත නිසා තරමක් ලිස්සන සුළුයි.

අවසන මං කඳු මුදුනට ළඟා වුණා. මුළු ගමනට ගත වෙලා තිබුණා පැය එක හමාරකට ආසන්න කාලයක්. හෙමි හෙමින් වැටෙන අව් රශ්මියත් එක්ක මීදුම අතරින් දිස් වෙන දර්ශනය ගොඩක් ලස්සනයි. පහළට ගැඹුරු ප්රපාතය. එතැන පොඩියට වෙළඳාමක් කරපු ගැමියෙක්ගෙන් තේ කහට කෝප්පයක් ගත්තු මං තුඩුවෙ කෙළවරටම ළං වුණා.

මේ කඳු හුස්ම ගන්නවා. මටත් දැනෙනවා..මම හුස්ම ගන්නවා.!

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com5tag:blogger.com,1999:blog-6772937444369286751.post-76001972471753006682016-05-15T00:39:00.002+05:302016-05-15T17:46:39.338+05:30The Lonely Shepherd | තනි වූ එඬේරා

එය රොමානියාවෙ කුඩා ගම්බද පෙදෙසකි. තණ බිම් යායම ටිකෙන් ටික අඳුරේ ගිල්වමින් සූර්යයා තවත් දවසක අවසානය සනිටුවහන් කරමින් සිටියි. බටහිර අහස දීප්තිමත් රතු පැහැයකින් නැහැවී ඇත. උදේම තණ බිමට රැගෙන ආ බැටළු රංචුව තවමත් නිදැල්ලෙ තණ කමින් සිටියි. උන්ගෙ කටවල් මොහොතකටවත් නවතින්නෙ නැති හැටි.!

එඬේරා තම අවට පරිසරය සිසාරා දෑස් යොමු කළේය. බැලු බැලූ අත හාත්පස විහිදී ඇත්තෙ ලොකු පොඩි කඳු පන්තිය.

"කන්ද.., මේ හාත්පසටම සජීවි ප්‍රාණයකට ඇත්තෙ උඹත්, මාත්, මගේ මේ මිත්රයින් පිරිසත් පමණි.! ඔව්..නුඹත් හුස්ම ගන්නා බව මම දනිමි.!!"

ඝණ ඕක් ගස් මුදුන් සිප ගෙන සීත සුළං හමයි. පැරණි ඕක් ගස් සෙවණක් යට ඉඳගත් එඩේරා සැඳෑවෙ තිබූ කාන්සිය දුරුලීමට තම බටනලාව වාදනය කිරීමට පටන් ගත්තේය. දිගින් දිගටම.. ඔව්..මුළු විශ්වයම ඔහුට දැන් අවනතය..

මේ සියුමැලි ස්වර මාලාව ඇසූ පළමු අවස්ථාවේම මා මනසේ ඇඳුණේ ඒ වගේ චිත්‍රයක්. හදවතට දැනෙන්නෙ අපූරු වේදනාත්මක හැඟීමක්. විශිෂ්ඨ සංගීතඥයෙක් වන ජේම්ස් ලාස්ට් (James Last)ගෙ සුප්‍රසිද්ධ නිර්මාණයක් වන The Lonely Shepherd. මෙය වාදනය කරන්නෙ ඒ වගේම විශිෂ්ට බටනලා (Pan Flute) වාදකයෙක් වන රොමේනියානු ජාතික ජෝර්ජ් සැම්ෆියර් (Gheorge Zamfire).

Gheorge Zamfire

James Last

Quentin Tarantino ගෙ Kill Bill චිත්‍රපටය බලා ඇත්නම් ඔබට මේ වාදනය හුරු පුරුදු ඇති.

විඳින්න..ඔබේ හදවත හඬා වැළපේවි..! :)

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com8tag:blogger.com,1999:blog-6772937444369286751.post-58553069096109488462015-04-19T22:11:00.001+05:302015-04-19T22:11:13.963+05:30අබුඩාබියේ මතකයන්සංචාරකතුමාට අබුඩාබි යන්න අවස්ථාවක් ලැබුණා.

තාත්තත් දවස් කිහිපයකට ඉස්සෙල්ලා ලංකාවට ආවා මාත් එක්කම යන්න. මේ සංචාරකයගෙ පළමු ගුවන් ගමන.. :P

කොළඹ ඉඳන් අබුඩාබි වලට ගුවන් ගමන පැය හතර හමාරක් වගේ තියෙන්නෙ.

උඩ ඉඳං අබුඩාබි නගරය රෑට පේන හැටි

අපි අබුඩාබි ගුවන්තොටුපලෙන් බැහැල කෙලින්ම තාත්ත නවාතැන් ගන්න බෝඩිමට ගියා. අපි නවාතැන් ගන්න බෝඩිම තිබුනෙ Mussafah වල. අබුඩිබා සිටි එකේ ඉඳන් කිලෝමීටර් 25 ක් විතර දුරින්. එතන තවත් ලංකාවෙ තුන්දෙනෙක් හිටියා. කාමරේ පස්දෙනෙක්ට සෑහෙන්න ඉඩකඩ තිබුණ නිසා නවාතැන් ගන්න එක ප්‍රශ්නයක් වුනේ නෑ. උදේට ඔක්කොමල රැකියාවට යන නිසා තනියම කම්මැලිකමේ තමයි කාමරේ ඉන්න වුනේ. හැන්දෑ වරුවෙනං රටතොට බලාගන්නත් එක්ක පොඩ්ඩක ඇවිද්දා. හොඳ වෙලාවට එනකොට කියවන්න පොත් ටිකකුත් අරං ආව.. :D

සිකුරාද කියන්නෙ අරාබි රටවල් වල හැමෝටම නිවාඩු දවසක්. එ් වගේ දවසක තමයි අපි කොහෙ හරි යනවනං ගියේ.

අපි ඉස්සෙල්ලාම ගියා අබුඩාබි Ferrari World එකට. ඒක පිහිටල තිබුනෙ Yas Island කියල තැනක. ලෝකෙ විශාලතම ගෘහස්ථ විනෝද උද්‍යානය තමයි මේක. ඒ වගේම ලෝකෙ වේගවත්ම roller coaster එකත් තියෙන්නෙ මේ පාර්ක් එකේ.

Formula 1 තරඟ වලට ගන්න රේසින් කාර්

රේසින් කරා එහෙක එන්ජිමක්

අබුඩාබි වලට දෙසැම්බර් ඉඳන් මාර්තු, අප්‍රේල් වෙනකං වගේ තරමක හොඳ කාලගුණයක් තියනව. අවුරුද්දකට දෙතුන් පාරක් වගේ තමා වැහි පොදයක් වැටෙන්නෙ. ඊටපස්සෙ ඉතිං මුළු අවුරුද්දෙම ගිනියම් රස්නෙ.

ඩුබායි තියෙන්නෙ අබුඩාබි ඉඳන් කිලෝමීටර් 141 ක් දුරින්. ලෝකෙ උසම ගොඩනැගිල්ල තියෙන්නෙ ඩුබායි වල. ඒ ඩුබායි බර්ජ් කලීෆා (Burj Khalifa) බිල්ඩිම. මේකෙ උස මීටර් 829.8 ක් (අඩි 2722ක්).

2004 වැඩ පටන් ගත්තු මේ බිල්ඩිමේ වැඩ අවසන් කරල තියෙන්නෙ 2009 දි.

මේ රටේ කොහෙ බැලුවත් රට ඉඳි ගහක්නං වරදින්නෑ..

සංචාරකතුමා :3

ඒ බිල්ඩිම ඉදිරිපසින් තියන පොඩි ජලාශයෙ වතුර මල් සංදර්ශනයක් තියෙනවා. රෑටනං විදුලි බුබුළු වල ආලෝකයත් එක්ක එතන හරි ලස්සනයිලු. ඒත් අපි රෑ වෙනකං හිටියෙ නෑ ආවා.

එමිරේට්ස් පැලස් (Emirates Palace) කියන්නෙ අබුඩාබි වල තියෙන සුප්‍රසිද්ධම තරු හතේ හෝටලයක්.

ඡායාරූපය අන්තර්ජාලයෙනි

ලෝකයේ දෙවැනියට මිල අධිකම හෝටලයත් මේ එමිරේට්ස් පැලස් හෝටලය. තවත් විශේෂත්වයක් තමයි Fast and Furious 7 ෆිල්ම් එකේ කොටස් කිහිපයකුත් මේ පැලස් එක පරිශ්‍රයෙ රූගත කරල තියෙනවා. කාමර 302 කින් සමන්විත මේ හෝටලේ ඒ කාමර වලින් බොහොමයක් රත්තරන් සහ මාබල් වලින් නිමවල තියෙන්නෙ. ඉතිං මේ හෝටලේ ඇතුලෙ ප්‍රධාන ඉංජිනේරුවෙක් ලංකාවෙ මහත්මයෙක්. කොහොමහරි මේ පැලස් එක ඇතුලෙ පොඩ්ඩක් දැක බලාගෙන ෆොටෝ දෙක තුනක් ගන්න මටත් දුර්ලභ අවස්ථාවක් හම්බුනා. :D

පැලස් එක ඇතුලෙ ප්‍රධාන නැටුම් ශාලාව

ෆොටෝ එකේ ඉන්නෙ අබුඩාබි වල පාලකයා Khalifa bin Zayed. ඔහුත් ඉඳල හිටල මේ හෝටලේ කාලය ගත කරන්න එනවලු.

අබුඩාබි වල ගත කරපු දවස් කිහිපය ඇතුලත මං ගිය කැමතිම තැන Al-Ain. අබුඩාබි ඉඳන් කිලෝමීටර් 174 ක් දුර ගෙවන් සිකුරාද දවසක අපි ඔක්කොම Al-Ain ගියා. අබුඩාබි වලට වැඩිය මේ ප්‍රදේශයෙ තරමක් ස්වභාවික සෞන්දර්යත්වය වැඩියි. Jebel Hafeet කඳු පන්තිය තියෙන්නෙ Al-Ain ප්‍රදේශයෙ.

ඈතින් පේන්නෙ Jebel Hafeet කඳු පන්තිය.

කන්ද උඩම

ඈතින් පේන්නෙ ඕමාන්

කන්ද උඩ පැයක් විතර ගත කරල හැන්දෑවෙලේ අපි ආයිත් බෝඩිමට එන්න පිටත් වුණා.

ඒ වෙනකොට ලංකාවට එන්න තව දවස් කිහිපයක් විතරයි ඉතුරු වෙලා තිබුණෙ. ඒ දවස් ටිකත් නොදැනීම ගෙවිල ගියා..

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com12tag:blogger.com,1999:blog-6772937444369286751.post-22718978031770903612015-02-05T08:52:00.000+05:302015-02-06T19:08:12.303+05:30කයිමන් දොරකඩ | Kaiman Gate

"පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා

ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා

සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා

කයිමන් දොරකඩ ඉඳපං මං එනතුරු සෙලෙස්තිනා"

එදානං සෙලෙස්තිනා එතෙනට වෙලා බලං හිටියට අදනං කයිමන් දොරටුව කියල එකක් නෑ.. තියෙන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරපු ඝණ්ඨාර කුළුණක් විතරයි. :)

ඉතිහාසයට, අතීත නටබුන් වලට කවදත් මනාප සංචාරකතුමා ඔය ඝණ්ඨාර කුළුණ බලාගෙන එන්නත් එක්ක ඊයෙ පෙරේදා දවසක කොටුවෙ රවුමක් දැම්මා.

ලංකාව පළමු වතාවට පිට දේශක්කාරයින්ගෙ යටත් විජිතයක් බවට පත්වුණේ පෘතුගීසි පාලනය යටතෙ. පරංගින්ගෙ ප්‍රධානතම බලකොටුව වුණේ කොළඹ කොටුව. අද හඳුන්වන ඕල්කට් මාවත සහ අවට ප්‍රදේශය වටකරමින් පෘතුගීසින් කබොක් ගල් වලින් විශාල ප්‍රකාරයක් බැන්දා. ඒ විශාල තාප්පයෙන් කොටු වුණ කොටස තමයි කොටුව විදිහට හැඳින්වුනේ. තාප්පයෙන් පිටත පිටකොටුව. පිටකොටුවෙ ඉඳන් එන කෙනෙකුට කොටුවට ඇතුල් වෙන්න තිබ්බෙ එකම එක මාර්ගයක්, නැත්නම් දොරටුවක් විතරයි. ඒ තමයි කයිමන් දොරටුව.

මේ කයිමන් ගේට්ටුව විවෘත වුණේ ශාන්ත ජෝන් ඇළ මාර්ගය (St. John's Canel) මතින් ඉදිවුණ පාලමට. පසු කාලයකදි ඉංග්‍රීසින් විසින් මේ කොටුව වටා තිබුණු ප්‍රකාරය කඩා දමලා ශාන්ත ජෝන් ඇළ සහ ඒ අවට පහත් බිම් පුරවල කොටුව සහ පිටකොටුව එකම භූමියක් විදිහට පත් කරා.

ඉංග්‍රීසින් විසින් කොටු බැම්ම කඩා දැමීම (මූලාශ්‍රය - lankapura.com)

ඒ නිසා අද ඉතිරිවෙලා තියෙන්නෙ කයිමන් දොරටුව අසල තිබුණු සුවිශාල ඝණ්ඨාර කුළුණ විතරයි.

පිටකොටුව ප්‍රධාන වීදියෙ ඉඳන් ඕල්කට් මාවත දෙසට 4 වෙනි හරස් වීදිය පටන් ගන්න තැනම තමයි මේ ඝණ්ඨාර කුළුණ පිහිටලා තියෙන්නෙ.

කාලය කොයිතරම් දේවල් වෙනස් කරනවද..

පෘතුගීසින් නම් මේ දොරටුව හැඳින්නුවෙ "පුර්ටෙ රෙයිනා" හෙවත් "බිසෝ දොරටුව" යන නමින්ලු. ලන්දේසී යුගය වෙනකොටත් මේ පවුර සහ දොරටුව ඒ විදිහටම තිබුණා. ලන්දේසි මේ දොරටුව හැඳින්නුවෙ කයිමන් දොරටුව නමින්. ඒකට විශේෂ හේතුවක් තිබුණා. ඉහත සඳහන් කරපු ශාන්ත ජෝන් ඇළ බේරෙ වැවට සම්බන්ධයි. බේරෙ වැවේ හිටිය කිඹුලන් මේ ඇළ මාර්ගය දිගේ ඇවිත් මේ දොරටුව අසල හිඳිමින් කුණු කසල ආදිය කා දමමින් ජීවත් වුණාලු. හැම වෙලාවෙම කිඹුලන් ගැවසුණු තැනක් නිසා මෙතැනට ලන්දේසි බසින් Kaimaan Port විදිහට හඳුන්වන්න පටන් ගත්තා. ලන්දේසි බසින් කයිමාන් කියන්නෙ කිඹුලන්ටලු.

මේ සුවිශේෂි දොරටුව පිහිටි තැන අදට ඉතිරිවෙලා තිබෙන මේ ඝණ්ඨාර කුළුණ මීටර් හතරක් විතර උස ආරුක්කු හැඩයෙන් යුක්ත එකක්. ඝණ්ටාරය බුවනෙකබාහු රජතුමා විසින් කතෝලික පියතුමන්ලගෙ ඉල්ලීමක් පිට වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටෙ ප්‍රදේශයෙ හදපු ශාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමන්ට කැප කරන ලද දේවස්ථානයකට අයිති ඝණ්ටාරයක්. මේ ඝණ්ඨාරය ඒ කාලෙදි එදිනෙදා වාදනය වුණේ රාත්‍රී කාලයෙදි කයිමන් දොරටුව වහන අවස්ථාව දැනුම් දෙන්නට.

නිල වශයෙන් අවසන් වතාවට මේ ඝණ්ටාරය වාදනය වෙලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය යුගයෙදි. ඒ 1926 ජනවාරි 21 වෙනිද පස්වැනි ජෝර්ජ් රජුගෙ අභාවය දැනුම් දීමටත්, ජනවාරි 28 ඔහුගේ දේව මෙහෙය වෙනුවෙනුත් සහ 1945 අගෝස්තු 14 වැනිදා දෙවන ලෝක යුද්ධයෙ අවසාන කාලයෙදි ජපානය යටත් වුණු දිනයෙදි.

ඒ කාලයෙ අධිකරණය මගින් වරදකරුවන් වුණු ඇතැම් අයව එල්ලා මරන ස්ථානයත් තිබිල තියෙන්නෙ කයිමන් දොරකඩ අසල තැනක. මිනීපෙට්ටි වෙළඳාමටත් කයිමන් දොරකඩ ප්‍රදේශය ප්‍රසිද්ධ වුණාලු.

බ්‍රිතාන්‍ය යුගය වෙනකොට මේ කයිමන් දොරකඩ අසල ප්‍රදේශය වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. ලන්දේසි යුගයෙදි ඔවුන්ගෙ කාසි මුද්‍රණය කර තිබෙන්නෙත් ඒ අසල තිබූ මුද්‍රණාගාරයකින්. (VoC)

"කොළඹ කොටුවෙ කොටු දොරකඩ නෝනච් චී

නුඹ බලන්ට මා එනකොට රෑ වෙච් චී

නුඹට ගෙනා තල සූකිරි දිය වෙච් චී

අදට පිනට දොර ඇරපං නෝනච් චී

තවත් රස්තියාදුවකින් හමුවෙමු.. :)

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com18tag:blogger.com,1999:blog-6772937444369286751.post-56572560126012752562014-12-04T09:20:00.002+05:302014-12-04T12:19:15.583+05:30ඇඹුල්ගමට ගිය ගමනගොඩ දවසකින් කොහෙවත් ඇවිදින්න යන්න බැරි වුණා. ෆොටෝග්‍රැෆි ක්ලාස් තියෙන දවස්වලටනං ක්ලාස් ඇරිල එනකොට කොහේ හරි පොඩි රස්තියාදුවක් ගහල තමා එන්නෙ. ගාල්ලෙ යන්න කියල හිතා හිටියත් තිබුණ අසනීප තත්වයත් එක්ක යන්න බැරි වුණා. ගොඩ කාලයක ඉඳං තියෙන ආශාවක් තමා මාර්ටින් වික්‍රමසිංහ මහත්මය ජීවත් වුණු කොග්ගල ප්‍රදේශයෙ සංචාරයක නිරත වෙන එක. ළඟදිම යන්න තමා හිතං ඉන්නෙ..!

කොහොමහරි දවසක් හැන්දෑකොරේක හිතුණා ඇඹුල්ගම පුරාණ රජමහා විහාරයත් එක්ක තියෙන කන්ද නගින්න ඕනය කියල. ඇඹුල්ගම තියෙන්නෙ කඩුවෙල, ඒ කියන්නෙ අපේ ගෙවල් හරියෙ ඉඳන් කිලෝමීටර් 10 ක් විතර දුරින්. කොළඹ ඉඳන්නං අවිස්සාවේල්ල පාරෙ ආවොතින් කිලෝමීටර් 22 ක් වගේ ඇති. මහාලොකු ගමනක් නොවුනට ඒ ගැන පොඩියට බ්ලොග් එකේ සටහනක් දාන්න හිතුණා. .

මං කලින් කඳු නැගිල්ලකදි හඳුන්වල දීපු චමත් කියන හාදයත් මේ ගමනට එක් වුණා. ගෙදරින් පිටත් වෙද්දි නං වැස්සක පෙර සළකුණු අහසෙ පේන්න තිබ්බා. ඒත් වැස්ස වළාවක දෙයියො අපට අනුකම්පා කරා..

ඓතිහාසික වශයෙන් ඇඹුල්ගම පුරාණ විහාරය පිළිබඳ ගොඩක් කරුණු තියෙනවා. විශේෂයෙන්ම මේ කන්ද ආශ්‍රිතව පිහිටල තියෙන ගල් ගුහා.

දැන් ඇඹුල්ගම රජමහ විහාරය නමින් හැඳින්වුවට පුරාණ කාලෙදි මේ විහාරය හඳුන්වල තියෙන්නෙ ඇඹලව රත්ගල් වෙහෙර නමින්. ඒ කියන්නෙ ඉස්සර ඇඹුල්ගම ග්‍රාමයට කියල තියෙන්නෙ ඇඹලව කියල. කාලයත් එක්ක ඇඹලව, ඇඹුල්ගම විදිහට පරිණාමය වෙන්න ඇති.

ඇඹුල්ගම හංදියෙ ඉඳන් මීටර් 500 ක් විතර තියෙන දුර ඇවිදං ගිහිල්ල අපි කන්ද නගින්න පටන් ගත්තා.

කන්ද නගින්න පටන් ගන්නකොටම වගේ තමයි මේ විදිහට මිහිඳු මහරහතන් වහන්සේගෙ ලංකාගමනයෙ අවස්ථාවක් පිළිම විදිමට නිර්මාණය කරල තියෙනව දකින්න පුළුවන් වෙන්නෙ.

(අන්තර්ජාලයෙනි)

ගල් පඩි වලට අඩිය තිය තියා ටික දුරක් ගියාම පුංචි වැලි මළුවක් හමුවෙනවා. මෙතැන පසු කාලීනව ඉදි කරපු විශාල හිටි පිළිමයක් තියෙනවා.

ඒ වගේම සැතපෙන පිළිමයකුත්, සමාධි බුදු පිළිමයකුත් දකින්නට පුළුවන්. විශාල හිටි පිළිමය හැරුණාම අනෙකුත් පිළිම නං මට හිතෙන්නෙ පෞරාණික පිළිම. දැන් ප්‍රතිසංස්කරණය කරල තියෙනවා.

සැතපෙන බුදු පිළිමයට තරමක් එහායින් දැකගන්න පුළුවන් තවත් හිටි පිළිමයක්.

සංචාරකයට හිතෙන විදිහට ඒ ආනන්ද හිමියන්ව වෙන්න ඕනෙ නිරූපණය කරල තියෙන්නෙ. එතකොටම මතක් වෙන්නෙ ගල් විහාරයෙත් සැතපෙන පිළිමය අසලින්ම තියෙන පිළිමය.

(ගල් විහාරයෙ තියෙන පිළිමය)

ගොඩක් විද්වතුන්ගෙ අදහස ඒ බුද්ධ පරිණිර්වාණයෙන් ශෝකයට පත් ආනන්ද හිමියන්ගෙ පිළිමයක් බව. මේ පිළිමයෙත් තියෙන්නෙ ගල් විහාරයෙ පිළිමයෙ තියෙන මුද්‍රාවමයි..

ඇඹලව රත්ගල් විහාරය ආශ්රිත ඓතිහාසික කතා පුවතුත් ගොඩක් තියෙනවා. ඉතිහාසයෙ සඳහන් වෙන විදිහට දුටුගැමුණු රජතුමාගෙ රාජ්‍ය කාලයෙ හිටිය මලියදේව මහරහතන් වහන්සේ කාලයක් කැළණි ගඟ ආශ්රිත ඇඹුල්හෙළු නම් පෙදසක වැඩ සිටියලු. ඒ පෙදෙස විදිහට ගොඩක් දෙනා පිළිගන්නෙ මේ ඇඹුල්ගම කන්ද ආශ්රිත ප්‍රදේශය. ඒ වගේම දඹදෙණියෙ රාජධානියෙ රජකම් කරපු 3 වන විජයබාහු රජතුමා ඒ කාලෙදි සිදුවුණු කාලිංඝ මාඝ ආක්‍රමණයට එරෙහිව තමන්ගෙ සේනා සංවිධානය කරපු ස්ථානයක් හැටියටත් ගොඩක් පාලකයින්ට හදිසි ආක්‍රමණ වලින් සැඟවෙන්න යොදාගත්තු ස්ථානයක් හැටියටත් මේ ප්‍රදේශය ප්‍රසිද්ධයි. අදටත් කටාරං කොටපු ගල්ගුහා ගොඩක් දැකගන්න පුළුවං.

කන්ද උඩට නගින්න තියෙන්නෙ විශාල පර්වතයක් අයිනෙන් වගේ. දැන්නං යකඩ වැටවල් සවි කරල තියෙන හන්ද අවධානමක් නෑ. කොහොමහරි වැඩි වෙලාවක් යන්න කලින් අපි කන්ද උඩට ආවා. මුළු පළාතම හොඳට පේනවා එතෙන්ට. පැත්තකින් කැළණි නදියත් ගලාගෙන යනවා. කන්දක් උඩට නැග්ගොත් මගෙ කැමරා පොඩ්ඩෙන් පැනරොමාවක් වරදින්නෑ ඉතින්.. :)

අපි කලින් දවසක නැග්ග කොරතොට කන්දත් මෙතෙන්ට පෙනුණා.

(මැදින් පොඩියට පේන්නෙ ඒ කන්ද)

තවත් ටික වෙලාවක් ඉඳල අපි ආපහු එන්න පටන් ගත්තා.

තවත් පුංචි රස්තියාදුවක නිමාව...

Travelling is almost like talking with men of other centuries..

~Rene Descartes~

කාලයක් බ්ලොග් කියෝ කියෝ ඉඳල ඊට පස්සෙ මොනවහරි ලියනව කියල බ්ලොග් එකක් අටෝගත්තා..

ඉතිං අද බබාගෙ පළවෙනි උපන්දිනේ.. !! :D

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com28tag:blogger.com,1999:blog-6772937444369286751.post-26393695583818189572014-11-17T10:34:00.000+05:302014-11-17T18:10:46.142+05:30ආනන්ද, සර්පයා දුටුවාද ?නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ සිනමා නිර්මාණය, තණ්හා රතී රඟා දින ගණනාවක සිට රස විඳීමට බලා සිටියත් ඇති වූ අසනීප තත්වය සහ යෙදුණු ගමන් බිමන් කිහිපය නිසා ම ඊට කාලයක් වෙන් කරගන්නට බැරි විය. වෙලාවක් කලාවක් ගැන නොහිතන මා මීට දින කිහිපයකට පෙර මොරසූරන වර්ෂාව මැද්දේම රාත්‍රී දර්ශනය බැලීමට කඩුවෙල නගරයේ විජයන්ති සිනමාහලට පැමිණියත් ගිය පයින්ම ආපසු එන්නට සිදු වූයේ රාත්‍රී දර්ශනය බැලීම සඳහා පැමිණ තිබුනේ මා පමණක් නිසාවෙනි..

කෙසේ හෝ ඉරිදා දිනයක නැවතත් සිනමාහලට ගොස් තණ්හා රතී රඟා රස වින්දෙමි. කාලාන්තරයක් තිස්සේ අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය සීනිබෝල සිනමා නිර්මාණ මගින් පට්ට ගසමින් ප්‍රේ්ක්ෂකයින්ට සිනමාව එපා වෙමින් තිබූ අවධියක තණ්හා රතී රඟා යනු ඉඩෝර බිම්කඩකට වැටුණු නැවුම් වර්ෂාවකි.

මෙය විචාරයක් නම් නොවේ. හුදෙක් චිත්‍රපටිය නැරඹීමෙන් ඇති වූ ප්රබෝධය යුනිකෝඩ ගත කිරීමකි.

එදවස වර්ෂ දෙදාස් නවයේ මැයි මස දහ අට වන දිනයි. කතාව ඇරඹෙන්නේ ප්රභාකරන් මිය යාමේ පුවතත් සමග රතිඤ්ඤා පත්තු කරමින් සහ කිරිබත් දන්සැල් දෙමින් ආනන්දයට පත් මිනිසුන් ජාතික කොඩි වනමින් සතුටු වන අයුරු දෙරණ නාලිකාවේ විශේෂ ප්‍රවෘත්තියක් ලෙස පෙන්වමින්ය.

කතාවේ ප්‍රධානම නළුවෙක් වන සිරිතුංග හෙවත් සරත් කොතලාවල අල්මාරිය පීරා සොයාගන්නා ජාතික කොඩියේ දුහුවිලි පිස දමා නැවත එළියට ගන්නේ නිදහසේ සතුට සැමරීම සඳහායි.

මෙහි සංකීර්ණතම චරිතය වන්නේ ද තිදරු පියෙක් වන සිරිතුංගයි. අවසානය තෙක්ම මා ඔහුගේ මනෝමය සිතුවිලි කෙබඳුදැයි පිළිබඳව කුතුහලයකින් පෙළුණෙමි.

කෙසේ හෝ සිරිතුංගත් ඔහුගේ මිත්රයින් දෙදෙනා වන ත්‍රී රෝද රථ රියදුරෙක් වන විමල් හෙවත් කුමාර තිරිමාදු ත් සරසවි ශිෂ්‍යයකු වන සුරාජ් හෙවත් නාමල් ජයසිංහ ත් යාපනයේ සංචාරයක් යෑම සඳහා සැලසුම් කරයි.

පසුව මිත්රයින් දෙදෙනා ජාතික කොඩිය සහ බෞද්ධ කොඩිය එල්ලූ විමල්ගේ ත්‍රීවිල් රථයෙන් යාපනයට යයි. මේ අතර විමල්, ජසින්තා නම් වූ තරුණිය සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගනියි. විමල් දුරකථනයෙන් ජසින්තා සමග පෙම්බස් හුවමාරු කරගනිමින් අවිඥාණිකව කකුලෙන් වෙරළේ වැලි හාරමින් සිටිද්දී ත්රස්තවාදීන් සතුව තිබූ ගිනි අවියක් ඔහුට හමුවේ. ඒ අසලම සර්පයෙකු සිටීමෙන් සංකේතාත්මකව විනාශය, තණ්හාව නිරූපණය කරයි. ගිනි අවියට කුමක් කරන්නේද යන්න මිත්රයින් තිදෙනා අතර අදහස් හුවමාරු වේ. විමල්ට අවශ්‍ය වන්නේ ගිනි අවිය කොළඹ රැගෙන ගොස් විකුණා මුදල් ගැනීමටයි. ගිනි අවිය ගමනේ සිහිවටනයක් ලෙස ළඟ තබා ගැනීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වන සුරාජ් අදහස් කරයි. මේ අතර සිරිතුංග ගිනි අවිය විසිකර දමා නැවත ආපු ලෙසම කොළඹ යාමට තම මිත්රයින් දෙදෙනාට බල කරයි. ඔහු තිදරු පියෙක් නිසා මේ හේතුවෙන් යම් කිසි කරදරයකට මුහුණ පාන්නට සිදු වුනොතින් බිරිඳ සහ දරුවන් ජීවත් වන්නේ කෙසේදැයි බියෙන් පසු වෙයි. නමුත් ඔහුගේ සිතේ ද ගිනි අවිය පිළිබඳ ආශාවක් තිබෙන බව ව්‍යංගයෙන් කතාවේ ඇතැම් දර්ශන වලින් පිළිඹිමු වන බව මට සිතුණි. කෙසේ හෝ ගිනි අවිය විමල් කොළඹ රැගෙන එයි. එන අතරමගදී අපට හමුවන සේවය නිම කළ පොලිස්කාරයෙකුගේ චරිතය බලය සහ තරාතිරම පෙරටු කර ගනිමින් වංචාව සහ දූෂණය සිදු කරන අයුරු පෙන්වා දෙයි.

කෙසේ හෝ විමල් සහ සුරාජ් අතින් ගිනි අවිය තමන්ට සිදු වෙන අසාධාරණයක් හමුවේ පාවිච්චි කිරීමට සිදුවීමෙන් තමන් සතුව ගිනි අවියක් තිබෙන බවට සමාජයට හෙළි දරව් වේ. ඔවුන් දෙදෙනාම පොලීසියේ රැහැනට අසු වේ. ඊට ප්‍රථම සිරිතුංග ගිනි අවිය බලෙන් ගෙන තම නිවසේ පෙට්ටගමක් යට සඟවා තබයි. ඒ අසලම කඩුවක් ද සඟවා තිබීමෙන් ඔහු සතුව බලයට තිබූ ආශාව නිරූපණය කරයි.

නැවතත් සංකේතාත්මකව සර්පයකු පෙට්ටගම යට සැඟවෙයි...

තෙවන වරට ද ගිනි අවිය අවිඥ්ඤාණිකව පත්තු වේ.........!!!!

සිනමා කෘතියක තිබිය යුතු නාට්‍යමය විලාශය අවසානය තෙක්ම නොඅඩුව තිබුණි. සරත් කොතලාවල, කුමාර තිරිමාදුව, නාමල් ජයසිංහ සහ සුලෝචනා වීරසිංහ ගේ තාත්වික සහ ප්‍රතිභා පූර්ණ රංගනය කතාව ප්‍රේක්ෂකයාගේ හැඟිම් සමග එකට ගැටීමට සමත් වුණි.

කතාවේ අවසාන භාගයේදී සිදු වී ඇති දෙය ආරංචි වී සිරිතුංග තම සේවා ස්ථානයේ සිට නිවසට බයිසිකලය පදිමින් එන සැටි විනාඩි කිහිපයක රූප රාමවුක සටහන් වේ. එම මුළු කාලය තුල මෙතෙක් සිදූ වූ සිද්ධීන් ඒත් සමග වාදනය වන සිරිතුංග ගේ සියළු හැඟීම් මුසු කර තිබූ පියානෝ නාදයත් සමග නැවත මගේ මනසේ දෝංකාරය දීමට පටන් ගත්තේය.

තවත් තීරණාත්මක රූප රාමු කිහිපයකින් කතාව අවසාන වෙයි..... :)

මෙතුවක් කාලයකට මා නැරඹූ සමාජීය සහ දේශපාලනික තේමාවක් රැගත් විශිෂ්ටතම සිනමා නිර්මාණයක් ලෙස තණ්හා රතී රඟා හැඳින්විය හැකිය.

පින්තූර තණ්හා රතී රඟා facebook පිටුවෙනි...

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com22tag:blogger.com,1999:blog-6772937444369286751.post-3857665957817404862014-11-13T00:19:00.001+05:302014-11-13T00:59:52.504+05:30අහිමි වාසනාව

උදා හිරු පූජනයේ

පිණිබිඳු සැඟව යන හිමිදිරියේ

විහඟුන්ගේ කූජනයටත් පෙර

ඇසෙන්නේ

දැවමය සිරකුටියේ

සිරගත වුණු ඔබේ හඬයි..

රුපියල් සත කෝටි ගණනින් දන් දී

ලැබෙනා සොච්චම වෙනුවෙන්

කෑ ගසා අයදින..,

ලෑලි කුටියෙන් නික්ම

මාළිගාවක වැජඹෙන්නට

වෛවර්ණ කොල කැබලි අතර

දෝංකාර නගන ධ්වනි තරංග

ඔබේ හඬයි..

පිදුවත් වාසනාව

යනෙන උන් හට

අහිමිය එයම තවමත්

සිතුවම් කරන්නට වර්ණ

කළු සුදු ජීවිතයේ..

පින්තූරය ගූගලයෙනි..

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com25tag:blogger.com,1999:blog-6772937444369286751.post-24696329981523500222014-10-12T15:32:00.002+05:302014-10-12T15:38:44.585+05:30සියදෝරිස් අත්තා සහ පැල් කවි'සියඹලදෙණිය' කියන්නෙ ඒ ඉසව්වෙ තියෙන පොඩිම ගම්මානෙ. හතරපැත්තෙන්ම සුවිසාල කඳු පේළියකට වටවෙලා තිබුණු හන්ද ඒ ගම්දනව්ව ඒ ඉසව්වෙ හැංඟිලා වගේ තිබුණේ. සියඹලාදෙණියෙ ජීවත් වෙච්ච මිනිස්සුත් හේන් ගොවිතැනට පිං සිද්ධ වෙන්ට අඩුවක් පාඩුවක් නැතුව කාල බීල ජීවත් වෙලා තමන්ගෙ පණ කෙන්දත් රැකගෙන උන්න මිසක් ගොවිතැනෙන් ලැබිච්ච ඵලදාව විකුණගන්ටයි, අවුරුදු කාලෙට නගරෙ කඩමංඩියට ගොහිං චීත්තයක් සරමක් අරං එන්නයි ඇරෙන්න ඉං එපිට පස් පෑගුවෙ නෑ.

මේ ගම්මානෙට සියඹලදෙණිය කියල නම හැදුනෙනං බෝම සාරෙට හැදුණු සියඹල වත්තක් තිබුණු හන්ද..

ගම්මානෙටම තිබුණෙ එකම එක කඩයයි. ඒ අප්පුවගෙ කඩේ. දවස තිස්සෙම හේනත් එක්ක ඔට්ටු වෙන ගමේ කවුරුත් ඉර දෙයියො උන්දැලගෙ හේමලයත් අඬ ගහගෙන බස්නාහිර පැත්තෙන් හැංගිලා යන්න හදන වෙලාවට වැවෙන් ඇඟ පත එහෙම හෝදගෙන කාරිය කාත් කවුරුත් හකුරු කෑල්ලකුත් එක්ක කහට ඩිංගිත්තක් බොන්න, දාං අතක් අදින්ට එකතු වෙන්නෙ අප්පුවගෙ කඩපිලට. ඒ කාරණේ එහෙම සිද්ධ වුනාට මොකද කඩේ ඉස්සරහ සියඹල ගහ යට තිබුණු බංකුව උඩ දවසම ලැග් ගහගෙන ඉඳපු මනුස්සයෙක් හිටියා. ඒ සියදෝරිස් අත්තා. අවුරුදු අසූවක්ම වයස හන්ද ගොවිතැන් කරන්ටත් බැරි එකේ දවසම උන්නෙ ඔතන. ගෙදෙට්ට ගියේ වේල සප්පායම් වෙන්ටයි රෑට නිදාගන්ටයි විතරයි. උන්දැගෙ පුතණ්ඩියා සිරිපාලය, ගෙදෙට්ට අඩුවක් පාඩුවක් කරන්නැතුව අප්පොච්චගෙ හේන වගා කෙරුව. සියදෝරිස් අත්තගෙ රාජකාරිය දවසම බංකුවට වෙලා ඉඳගෙන කඩේට එන එවුන්ට කවියක් කතන්දරයක් කියා දීල විහිළුවක් තහළුවක් කරගෙන බුලත් හපයක් වික විකා ඉන්න එක. හවසට කඩේට රැස් වුණු කට්ටියත් පුරුදු වෙලා හිටියෙ සියදෝරිස් අත්තගෙ කවි කතන්දර අහන්න.

"ඈ බොල පොඩි මැණිකො. උඹෙන් බත් ඩිංගක් කෑවෙ නෑ බොල කාලෙකිං. උඹ හදන පොළොස් මාළුව වගේ පොළොස් මාළුවක් හදන්න බෑ මේ අහලගං හතක එකියකටවත්."

සියදෝරිස් අත්තා කඩේට ආපු පොඩි මැණිකට කීවා.

"වෙලාවක එන්ටකො ඒ පැත්තෙ. මං හදල තියන්නම්"

පොඩි මැණිකා කීවෙ ලැබුණු වර්ණනාවෙන් තරමක ආඩම්බරකාර හිනාවකින් සැරසිලා.

"ඇයි සියදෝරිස් අත්තට විතරක්. අපිටත් දීල කෑවාම මක් වෙනවද?.."

හේන් කටයුතු අහවර කරල ඇවිල්ල කඩපිලේ බංකුව උඩ සිරිපාලයත් එක්ක දාං අතක් ඇද ඇදා උන්නු ගුණපාලය කීවෙ තාමත් පෙළවහක් කරගනෙ නැති පොඩි මැණිකා දිහා මනමාල බැල්මකුත් දාගෙනම...

"ඈ බං ගුණපාලයො උඹ අද පැල් රකින්න යන්නැතෙයි. ඊයෙත් මූකලානෙන් කඩා පාත් වුණු වල් ඌරො රංචුවක් සිරිපාලයගෙ හේන දෙවනක් කරල. සාරෙට හැදීගෙන ආපු බඩ ඉරිඟු පැළ ටික විනාස කරල දාල."

සියදෝරිස් අත්ත සියඹල ගහ මුලට බුලත් කෙළ පාරකුත් ගහල කීවා.

"තව ඩිංගිත්තකින් යන්ට ඕනෙ අත්තෙ. කොහෙද මේ ගම්මානෙ එකෙකුටවත් තාම තුවක්කු ලයිසන් එක ගන්ට හම්බුන්නෑනොවැ. ගිනි බටයක් තිබ්බනං ඕකුන්ට කරන වැඩේ දනී මං"

ගුණපාල කීවෙ සිරිපාලයගෙ ඉත්තො තුන්දෙනෙක්ම අරගන්න ගමං.

"බොලා ඔහොම කියනකොට මටත් මතක් වුණා අපි ඒ කාලෙ පැල් රැකපු හැටි. බොලාට වගේ තමා අපිටත් ඒ කාලෙ ගිනි බට තියාගන්න සුදු මහත්තැයල අවසර දුන්නෑ. ගිනි බටයක් තිබ්බෙ ගමේ ආරච්චිල ගාව විතරයි. දරු මල්ලොත් ගෙදර තනිකරල දාල අපේ මායිය හදල දෙන බත් මුලත් අරගෙන හඳ පායගෙන එනකොට හේනට යනව පැල් රකින්න. ගෙදරින් එළියට බහින්නෙ සමන් දෙයියො සිහි කරගෙන. අර සිරිපාලයගෙ හේනෙ තිබ්බ විසාල මාර ගහේ තමා මගේ පැල තිබ්බෙ. හේනට ඇවිල්ල පැල ගාවින් ගිනි මැලයකුත් පත්තු කරල කාරිය පැලට නගිනව. හූ තියල ගිණි මැල පත්තු කරල තමා හේන දෙවනක් කරන්ට එන සත්තුන්ව එලවගන්නෙ. ඔහොම ඉන්නකොට දවසෙම හේනත් එකක් ඔට්ටු වුණු හන්ද නිදි මත, කාංසිය හැදෙනවා. ඔය වෙලාවට තමා කවියක් එහෙම කියල කාංසිය ඇරෝගන්නෙ. ඔය පොඩි මැණිකගෙ අප්පොච්චා තමා පැල් කවි කියන්න සූරයා. පොඩි එකෝ.., උඹ අහල තියේද මේ කවිය.."

සියදෝරිස් කීවෙ උගුරෙ රැල් බුරුල් ඇරල කවියක් කියන්ට සූදානං වෙන ගමන්..

"අහගනිංකො මේක.."

පෙරකාලේ කරපු අකුසල්වල අප ලා

මේ කාලේ විඳිති දුක් පැල්වලට වෙ ලා

රජකාලේ පටන් පුරුදුව පැල් රැක ලා

ලොකු රාලේ කියන් පැල්කවි තෝරා ලා

"මගේ හේන ගාවින්ම වගේ තිබ්බෙ සූරසේනයගෙ හේන. ඌත් කවි කියන්ට හපනා. මායි ඌයි පැල් රකිනකොට තරඟෙට පැල කවි කියාගත්තා."

දුකින් දුකින් මම පැලපිට උන්කල ට

කිරලෙක් ඇවිත් බය ගැන්නුවයි එවි ට

අනිච්චන් කිරලො මා බය ගැන්නුව ට

හෙට වෙනදා දඩ පමුණවයි කිරලා ට

"නිදිමත යන්ටත් එක්ක මං ඕම සීපදයක් කිව්වාම සූරසේනයත් ඒකට හරියන්ට එකක් කියනව"

මගේ රැලේ එක කිරලෙක් අඩු බැවි න

අඬා ගියෙමි උඹ සිටිනා පැල උඩි න

ඒ වරදට දඩගනිතොත් මා අති න

අනිත් ගමන එන්නෙමි උඹෙ පැල උඩි න

"ගුණපාලයො.., උඹත් කියාන්කො බලන්න පැල් කවියක්"

සියදෝරිස් ගුණපාලයට කීවා.

"ඕං එහෙනං අහගනිල්ලකො.."

කැලේ ගොසින් ඉනි කැපුවා කැත්ත දනී

වෙලේ ගොසින් ඉනි හැදුවා නියර දනී

පැලේ ගොසින් පැල් ලැග්ගා පැදුර දනී

මෙදා පැලේ පැල් ලැග්ගා දෙවියො දනී

ගුණපාලය සීපදය අහවර කරනවත් එක්කම සියදෝරිස් අත්ත තව සීපදයක් කියන්ට පටන් ගත්තා.

අඹුවට බයේ ගෙදරින් යයි පැල උඩ ට

ඌරට බයේ නොබසියි මැරුවත් බිම ට

ඒකට මොකද තව පුරසාරම් එම ට

මූලට හොඳයි හැඳ නැතුවම පටවන් ට

ඒ කවියට කඩ පිලේ හිටිය පොඩි එවුන්ට හිනා..

"අදනං මෙතන කවි මඬුවක් වෙන්ටයි යන්නෙ"

පොඩි මැණික ගාවින්ම බිම ඇන තියා ගත්තු එතනා කීවා.

"ඕං එහෙනං මේ ටිකත් අහගනිල්ලා.." සිරිපාලයත් බලාගෙන හිටියෙ සීපදයක් කියන්ට.

අහස තනිවේද විදුලිය කෙටුවා ම

පොළොව තනිවේද මම බිම බැලුවා ම

මූද බොරවේද ගොඩරැල ගැසුවා ම

සිතේ දුක යාද දවසක් ඇඬුවා ම

"ඕං බලහං මායියයි දරු පැංචො ටිකයි ගෙදර තනියම දාල පැල් රකින්ට ආපු දුක ඒ සීපදේම තියනවා.".. සියදෝරිස් අත්ත කීවා.

දනවා පපුව සිහිවෙනකොට අම්ම මගේ

එනවා කඳුළු නෙත්දෙක රතුවෙලා යුගේ

වෙනවා මෙහෙම කල් ලැබුනම සෙනසුරු ගේ

මොනවා කියා සිත සනසා ගන්ද මගේ

බුලත් කඩන්නේ නැටි අල්ල අල් ලා

පුවක් කඩන්නේ නැටි සොල්ල සොල් ලා

වඳුරො පනින්නේ පිණි සොල්ල සොල්ලා

මගෙ පුතු අඬන්නේ ඉව අල්ල අල් ලා

මෙච්චර වෙලා නිස්සබ්දව හිටිය පුංචි බණ්ඩත් ඈත කන්ද උඩින් පායගෙන එන හඳ දිහා බලාගෙනම කීවා. හඳ පායනව කියන්නෙ දරුමල්ලො ටික ගෙදර තනිකරල දාල පැල් රකින්න යන්න වෙලාව හරි කියන එක.

"නිදිමතක් කාංසියක් පාළුවක් දැනෙන්න නොදී රෑට පැල උඩට වෙලා හේන ආරක්සා කරගන්න පිහිට උනේ ඔය එවෙලෙට ගොතන පැල් කවි ටික තමා." සියදෝරිස් අත්ත කීවෙ තවත් පැල් කවියක් කියල.

අහසේ තරුසේම ගොවිතැන් කරන් නේ

පොළොවේ වැලිසේම බෝගත් ඉසින් නේ

මගෙ හේනමයි ඌරට පෙණෙන් නේ

විස්ණු සමන් දෙවියෝ නඩු බලන් නේ

"හා හා දැන් ඉතින් ගෙවල්වලට පලයල්ලා..ගොම්මනත් වැටීගෙන එනවා." සියදෝරිස් අත්ත කීවෙ බංකුවෙන් නැගිටින ගමන්.

"පොඩි මැණිකෝ., ඔන්න එහෙනං මතක් කරල පොළොස් ඇඹුලක් හදාන් ඈ. උඹෙ පොළොස් ඇඹුල එක්ක කළු ගලක් උනත් කෑවහැකි බොල"..

සුවඳනැති මලක් පිපුනයි අපෙ වත් තේ

සුවඳ නැති නමුත් ලෝකෙට රුව ඇත්තේ

එකයි දෙකයි තුන හතරයි එක ඉත් තේ

එරබඳුමලට විතරයි බඹරිඳු නැත් තේ

සියදෝරිස් අත්ත ගෙදෙට්ට හෙමින් හෙමින් යන ගමන් කියාගෙන ගියා..

ඒත් එක්කම අප්පුවගෙ කඩේ පරණ රේඩියෝ එකේ අමරදේව මහත්තයගෙ සින්දුවකුත් යනව ඇහුණා. අප්පුව සද්දෙ පොඩ්ඩක් වැඩි කරේ එක අතකින් තාලෙ අල්ලන ගමන්මයි.

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com36tag:blogger.com,1999:blog-6772937444369286751.post-89385948704657297282014-09-23T17:57:00.002+05:302014-09-23T17:57:45.510+05:30ඇලස්කන් සිහිනය හඹා ගිය සංචාරකයා..ඒ 1992 අගෝස්තු මාසයයි.. ශීත කාලය අවසන්ව හාත්පසම හරිත පැහැයෙන් බබළමින් තිබූ සුන්දර ඇලැස්කාවේ වනගතව එහි දර්ශනීයත්වය රසවිඳි ඔහුගේ දෑස් ඒ වනවිට ඇස්පිල්ලමක්වත් නොගසා, ඔහුට නවාතැන් දුන් වනමැද තිබී හමුවූ අබලන් බස් රියේ ජනේලය තුලින් නිල්වන් අඹර දෙසට මානා තිබුණි. ඔහු අසල වැටී තිබුණු ඔහුගේ දිනපොතේ අන්තිමට සටහන් කර තිබුණේ "Beautiful Berries" යනුවෙන් පමණි. ඒ අසලම විවිධ පැළැටි වර්ගවල විස්තර සහිත පොතක් ද ඔහුව මරණයේ ද්වාරය කරා යැවූ wild potato ශාකයක ඵල කිහිපයක්ද විසිරී තිබුණි. මද සුළඟට සලිත වූ ගස්කොළන් හැර සියල්ල නිශ්චලය..

1990 දී ඇමරිකාවේ Emory විශ්වවිද්‍යාලයේ ඉගෙනුමෙන් පසු ඔහුගේ එකම අරමුණ වූයේ මුදල් සහ මිනිසුන්ගෙන් සඳහටම වෙන් වී තම මුළු ජීවිතයම ත්‍රාසජනක සංචාරයන් සඳහා කැප කිරීමයි. ඔහු ළඟ ඉතිරි කරගත් ඩොලර් 24000 ක මුදල චෙක් පතක් මගින් OXFAM නම් වූ දිළිඳුන්ගේ කුසගින්න නිවාලන අරමුදලක් සඳහා පරිත්‍යාග කෙරුණි. ග්‍රීෂ්ම සෘතුවේ එක් දිනයක ඔහු තම පවුලෙන් සහ මුළු සමාජයෙන්ම රහසේම නික්මව ඔහුගේ පැරණි Datsun රථය කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇරිසෝනා සහ දකුණ ඩකෝටා ව හරහා පදවමින් සිටියේ කිලෝමීටර 6864 ක් දුරින් පිහිටා තිබූ සුන්දර ඇලස්කන් සිහිනය සපුරා ගැනීමටයි.

කෙසේ හෝ එක් රාත්‍රියක ඔහුටත් ඔහුගේ ගමන් සගයා වූ කාර් රථයටත් සුළු විවේකයක් ලබා ගනු වස් ගං ඉවුරක රථය නවතා පිටිපස අසුනේ නිදි කිරමින් සිටි ඔහු තිගැස්සී අවදි වූයේ ක්ෂණික ගං වතුරක රළ පහරකටය.

අබලන් වූ තම Datsun රථය අතහැර ඔහු තම සංචාරය ඇරඹුවේය.

විසල් වනාන්තර, ගංගා ඇළ දොළවල්, කඳු ගිරි ශිඛර සහ නොයෙකුත් මිනිසුන් වෙසෙන පෙදෙස් මැදින් ඔහු සංචාරය කළේය. අතරමගදී කුළුපග වූවෙකු "ඔබේ පවුල කොහෙද ජීවත් වන්නෙ..ඔවුන් මොනවද කරන්නෙ ?" යැයි ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ "මට තවදුරටත් පවුලක් කියා දෙයක් නොමැත" යන්නයි.

සුළු මුදලක් සොයාගැනීම සඳහා ඔහු ඔහුගේ දිගු සංචාරය අතරතුර සුළු රැකියාවල නිරත වුණි. කාලයත් සමඟ බොහෝ දුර ගෙවා දමමින්, ප්‍රාන්ත දේශ සීමා පසු කරමින් ඔහු ඇලස්කාවට ළං වෙමින් සිටියේය. එක් අවස්ථාවක රහසේම දේශ සීමාවක් පසු කරන්නට උත්සහ කරමින් සිටිද්දී ඔහු පොලිසියට අසු වුවද ඔහුගේ තත්වය තේරුම් ගත් ඔවුන් ඔහුව මුදා හැරුණි.

Ronald Franz නම් වූ මහල්ලෙක් ඔහුට හමුවුණි. ඔහුගේ ජීවිත කතාවට සවන් දෙන රොනල්ඩ් ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන යාමට පොරොන්දු වුණි. රොනල්ඩ් අත්කම් ශිල්පය ප්‍රගුණ කළ අයෙකු විය. ඔහු රොනල්ඩ් නම් මහළු මිත්‍රයාගෙන් අත්කම් ශිල්පය ඉගෙන ගැණුනි. ඔහු තමන් සඳහා ඉණ පටියක් සාදවාගෙන එහි ඔහු සංචාරය කළ පෙදෙස් සහ සිහිවටන කැටයම් කළේය.

පවුලක් හෝ නෑදැයින් කිසිවෙකු නොමැති අවුරුදු 80 ක් වයසැති ඒ රොනල්ඩ් නම් වූ මහල්ලා ඔහුත් සමග දැඩි මිත්‍රත්වයක් ඇති කර ගැණුනි.

ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන ගොස් ඔහුගෙන් නික්ම යන මොහොතේදී "ඔබට මගේ මුණුබුරෙක් වී මාත් සමග ජීවත් වෙන්නට බැරිද ?" යැයි ඇසූ විට "අපි ඒ ගැන ඇලැස්කාවට ගිහිං ඇවිත් කතා කරමු.." යනුවෙන් පැවසූවත් ඔහු කවදාවත් නැවත නොපැමිණුනි.

අවසානයේදී ඔහු 1992 අප්‍රේල් මාසයේදී Fairbanks සහ The Stampede Trail කඳු ශිඛරය ඔස්සේ ඔහුගේ එකම සිහිනය වූ සුන්දර ඇලැස්කාවට ළඟා වුණි. Teklanika නදිය තරණය කිරීමෙන් පසු ඇලැස්කාවෙ සුවිසල් වනයේ සැරිසැරූ ඔහුට Fairbanks නගරයේ අබලන් වූ බස් රථයක් වනය මැද තිබී හමුවුණි. ඔහු එය හැඳින්වූයේ Magic Bus ලෙසටයි. තම ස්ථීර නවාතැන කරගත් අබලන් බස් රථය ඔහුට සුරපුරයක් විය.

හුදෙකලාවම තම ජීවිතය ඇලැස්කාවෙ මාස කිහිපයක් ගෙවා දැමූ ඔහු නැවතත් තම ත්‍රාසජනක සංචාරය ඇරඹීමට තීරණය කෙරුණි. අවාසනාවන්ත ලෙස ඔහු ඇලැස්කාවට පැමිණීම සඳහා තරණය කෙරූ Teklanika නදිය පිටාර ගලමින් තිබුණි. රෞද්‍ර සැඩ පහර ඔහුට කුරිරු වුණි. ඇලැස්කාවෙන් පිටවීමට නම් Teklanika නදිය තරණය කළ යුතුය. අවසානයේදී රෞද්‍ර සැඩ පහර කීකරු වන තෙක් තවත් කාලයක් ඇලැස්කාවේම ගත කිරීමට ඔහු තීරණය කළේය. දින ගෙවී යද්දී කෑම හිඟ වීම හේතුවෙන් ඔහු ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගැණුනි.

අවසානයේදී ඔහු කුසගින්න නිවා ගැනීම සඳහා නොයෙක් ඵල වර්ග සොයමින් වනයේ ඇවිද්දේය. ඔහු නොදැනුවත්වම wild potato ශාකයක ඇල්කොලයිඩ නම් විෂ තැවරුණු ඵල කෑමට ගෙන තිබුණි. තම සිරුර ක්‍රමයෙන් මරණය කරා ඇදී යන බව ඔහුට දැනුණි. කිසිවක් කර කියා ගත නොහැකිව සුවිසල් වනයක් මැද අබලන් වූ බස් රියක ඔහු මරණය එන තෙක් බලා සිටියේය. ඩොලර් 24000 ක මුදලක් දිළිඳුන්ගේ කුසගින්න නිවාලීමේ අරමුදලක් වෙත පරිත්‍යාග කෙරූ

Christopher McCandless නම් වූ ශ්‍රේෂ්ට සංචාරකයා ඒ වන විට කුසගින්න හේතුවෙන් අබලන් බස් රියක් තුළ මිය ගොස් සිටියේය. ඒ 1992 අගෝස්තු මාසයයි.

ඔහුගේ මරණයෙන් දවස් 19 කට පසු ඇලැස්කාවට පැමිණ සිටි දඩයක්කාරයන් පිරිසක් විසින් ඔහුව Magic Bus රථය තුල සිට සොයා ගැණුනි. ඔහු විසින් සටහන් කළ වචන කිහිපයක් ඒ අසල තිබී හමුවිය.

" I have had a happy life and thank the Lord. Goodbye and may God bless all!"

Christopher McCandless ගේ කැමරාවේ තිබී ඔහු විසින් ලබාගත් self portrait කිහිපයක් හමු වුණි..

Magic Bus..

1996 දී Christopher McCandless ගේ දිනපොත සහ සටහන් පාදක කරගෙන Jon Krakauer විසින් පොතක් ලියැවිණි. 2007 වර්ෂයේදී Sean Penn විසින් එම පොත පාදක කොටගෙන

Christopher McCandless ගේ ශ්‍රේෂ්ට සංචාරය Into the Wild නමින් සිනමාවට නැඟුවේය.

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com30tag:blogger.com,1999:blog-6772937444369286751.post-71919268011896305842014-09-21T00:32:00.002+05:302014-09-21T00:32:37.203+05:30නො කවි

ගංගාවක් වන්නට වෙර දරන

පිණි බිඳුවක් මෙන්

සිහින මවමි මා

ලැබුමට ඔබේ ස්නේහය

හැරගිය කල

සුවඳ පමණක් ඉතිරි කොට

පවසන්නම් මුහුදට

ඔබේ සිනහවේ ලස්සන..

අනේ මන්ද බං... !!

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com24tag:blogger.com,1999:blog-6772937444369286751.post-52311435072651779032014-09-08T19:48:00.000+05:302014-09-08T19:48:31.385+05:30බැද්දේගම | The Village in the Jungle ලෙනාඩ් වුල්ෆ් ගැන මං පළමුවරට දැනගත්තෙ ඔහු විසින් රචනා කරල, ප්‍රේමචන්ද්‍ර අල්විස් විසින් පරිවර්තනය කරල තිබුණු ඉතාමත් ආසාවෙන් කියවපු ලක් බිමේ සත් වසක් නම් කෘතියෙන්. ලෙනාඩ් වුල්ෆ් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු ලංකාවට පැමිණෙන්නෙ 1904 ඔක්තොම්බරයෙදි. ඒ කියන්නෙ ලංකාව බ්‍රිතාන්‍ය යටක් විජිතයක්ව පැවති කාලයෙදි. ඒ සිවිල් සේවකයෙකු වශයෙන්.

වුල්ෆ් ලංකාවෙ සේවය කරේ සුළු කාලයක් පමණක් වුවත් ඔහුට අත්දකින්න සිදුවෙන අත්දැකීම් ගොන්න අතිමහත්. ඔහු විසින් රචිත බොහොමයක් කෘති වලට පාදක වෙන්නෙ මේ අත්දැකීම්.

පහුගිය ඉරිද දවසක කොටුව පැත්තෙ පොඩි රවුමක් ගහන්න ඕනෙ කියල හිතාගෙන ගියපු මං ගුණසේන එකට ගියෙ නොදැනුවත්වම.

කොටින්ම මට යන්න උවමණාවකුත් තිබුණා. ඒ විභූතිභූෂණයන්ගෙ අරණකට පෙම් බැඳ පොත හොයා ගන්න. ඒත් ඉතින් අන්තිමට එන්න සිද්ධ වුනේ තව පොත් හතරක් පහක්ම අරගෙන. පර්ස් එකේ තිබ්බෙ රුපියල් දෙදාහක් හන්ද ඔයින් බේරුණා. :D සුසිත රුවන් ගෙ රාවණා මෙහෙයුම, එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ මළගිය ඇත්තෝ, සුනේත්‍රා රාජකරුණා මහත්මියගෙ කවිකඳුර අතර ලෙනාඩ් වුල්ෆ් ගෙ The village in the Jungle නොහොත් බැද්දේගමත් ඒ අතර තිබුණා. පරිවර්තනය කරල තියෙන්නෙ ඒ.පී. ගුණරත්න විසින්.

සම්පූර්ණයෙන්ම බලලා නැති වුණාට මට මතකයි බැද්දේගම චිත්‍රපටියත් ටීවී එකේ පෙන්නුව. බැද්දේගම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් මහත්මයා. පොත කියවල ඉවර වෙලා චිත්‍රපටියත් බලන්න නෙට් එකේ සර්ච් කරල බැලුවට හම්බුන්නෑ..!

ලෙනාඩ් වුල්ෆ් මේ පොත ලියල තියෙන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කියල තමා කියන්නෙ. විදේශිකයෙක් අතින් ලියැවුණාට බැද්දේගම කතාවෙ සිංහල මිනිසුන්ගෙ චරිත නිරූපණය, ජීවිතය පිළිබඳ සියුම් පැතිකඩයන් පවා ගෙන හැර පාමින් කතාව ලිවීම සිංහල නවකතා කරුවෙකුටත් වඩා විශිෂ්ටයි. කතාවෙ අන්තර්ගතය පිළිබඳව ගත්තොත් මෙහි සිදුවන්නෙ බැද්දේගම කියන කැළෑ බද අති දුෂ්කර ගමේ සහ එහි ඉතාමත් දුක්ඛිතව ජීවත් වෙන පවුල් කිහිපයක පරිහානිය. වැස්ස නැති කමින් නියඟය නිසා බැට කන, නූගත් කම සහ අන්ධ විශ්වාසයන්, ඉඩම් හිමියන් විසින් දුප්පත් ගොවියන්ව දරිද්‍රතාවයටම තල්ලු කිරීම හේතුවෙන් මිනිස්සු පරිහානියට පත්වන විදිහ වුල්ෆ් විසින් තම නිර්මාණයට සම්බන්ධ කරගෙන තියන විදිහ සිත්ගන්නා සුළුයි.

"බැද්දේගම වනාහි අතිශයින් ප්‍රශංසනීය වූ ද මනහර වූ ද කෘතියකි. එහි අපට හමු වන්නේ නො ඇසූ විරූ චරිත විශේෂයන්ය. අපේ ගෞරවය ද අනුකම්පාව ද ඔවුන්ට එකවර හිමිවේ"

~Morning Post පුවත්පත~

අන්තිම පිටුව වෙනකංම පුදුම කුතුහලයකින් වගේම ගොඩක් ආසාවෙන් පොත කියවන්න පුළුවන්. දුෂ්කර ගම්බද මිනිස්සුන්ගෙ ජීවිත අපි හිතාගෙන ඉන්නවටත් වඩා දුක්ඛිතයි. නමුත් ඒක තමයි සත්‍ය.

බුක් ෆෙයාර් එකේදි ලෙනාඩ් වුල්ෆ ගෙ බැද්දේගම හමුවුණොත් රුපියල් තුන්සිය විසි පහක් දීල ගත්තට පාඩු වෙනනැති වෙයි..!

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com27tag:blogger.com,1999:blog-6772937444369286751.post-47310375171784094512014-08-21T18:22:00.000+05:302014-08-21T22:15:07.346+05:30රෑ මනමාලී.."Queen of the Night"... සමහර රටවල් වල කඩුපුල් මල හඳුන්වන්නෙ ඒ නමින්. රාත්‍රියටම පිපිලා සඳ රාජිණියගෙ සෞම්‍යාලෝකය මැද බොහොම තේජවන්තව බැබලුණාට මොකද ඉර උදාවෙනවත් එක්කම හැමෝටම හොරෙන් හැංගිලා යනවා.

සංචාරකයා මීට කලින් කඩුපුල් මලක් දැකල තිබුණෙ එක පාරයි. ඒ අසල්වැසි ගෙදරක තිබුණු කඩුපුල් පැළයක. මල් තුන හතරක්ම පිපිලා තිබුණා. අපිටත් එකක් දුන්නා බුදුන්ට පූජ කරන්නෙයි කියලා. ඒ ගෙදරින් තමයි අම්මා මීට අවුරුද්දකට විතර කලින් කොළයත් එක්කම තිබ්බ පොඩි මුල් කෑල්ලක් ගෙනල්ලා ගෙදර ඉස්සරහ තිබ්බ අඹ ගහේ පොල් ලෙලි වලින් පුංචි පෝච්චියක් හදල පැළ කරේ. කඩුපුල් පැළ හටගන්නෙ කොළවලින් නෙ. කොහොමහරි මීට දින කිහිපයකට කලින් ඒ ගෙනල්ලා පැළ කරපු කඩුපුල් පැළේ කොළයක අග්ගිස්සෙන් පුංචි පුංචිම පොහොට්ටුවක් ඇවිල්ලා තිබුණා. ඔහොම දවස් දෙක තුනක් හෙමිහිට යද්දි පොහොට්ටුවත් එන්න එන්න ලොකු වුණා. දවසක් අම්මා කිව්වා අද රෑටනං කඩුපුල් මල පිපෙනවා කියලා. මාත් බොහොම ආසාවෙන් හිටියෙ කඩුපුල් මල පිපෙනකංම ඒ දිහා බලං ඉන්න. හවස් වෙනකොටම කැමරාවයි ට්‍රයිපෝඩ් එකයි අටෝගත්තා.

මේ හවස 7.15ට විතර..

මට මේ පොහොට්ටුව දකිනකොට ඇතිවෙන්නෙම පුපුරන්න ඔන්න මෙන්න තියෙන දිය බුබුළක වගේ හැඟීමක්.. :D :)

චන්දන ලියනආරච්චි ගෙ සින්දුවකුත් මතක් වුණා ඒ ගමන්..

"සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ
නුඹ තාම නිදිද..
නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ.."

මේ ෆොටෝ එක ගත්තෙ රෑ 8.00 ට..

මනමාලි දැන්නං කළඑළි බහිහන්නයි සූදානම..

මේ වෙනකොට කඩුපුල් මල බලං ඉද්දි හෙමි හෙමිහිට පිපෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි සුවඳත්.

මේ ෆොටෝ එක ගන්නකොට 8.10 යි..

8.40 විතර වෙද්දි කඩුපුල් මල බොහෝ දුරට පිපිලා.

කඩුපුල් මලේ සුවඳනං දැං බොහොම මිහිරියට දැනෙනවා.

දවස් ටිකේම තිබ්බෙ වැහිබර කාලගුණයක් හන්ද සීතලත් දැනෙනවා. ඒ මදිවට මදුරුවො. බැරිම තැන ගෙට ගිහිල්ලා සිද්ධාලේප කුප්පියක් ඇඟේ අතුල්ලගෙන ආවා. :P

9.00 ට විතර ෆොටෝ එකක් ගන්නකොට තිබුණේ මේ විදිහට.

10.00 ට තමයි මේ ෆොටෝ එක ගත්තෙ..

දැන්නම් කඩුපුල් මල හොඳටම වගේ පිපිලා..

රේණු ටිකයි කලංකයයි මුළුමනින්ම නිරාවරණය වෙලා.

මුළු මිදුලම සුවඳයි.

දහය එකොළහ විතර වෙද්දි කඩුපුල් මල සම්පූර්ණයෙන්ම පිපෙනවා කියල තමයි කියන්නෙ. ඔය විද්‍යාත්මක භාෂාවෙන් කඩුපුල් මල හඳුන්වන්නෙ Epiphyllum oxypetalum කියලා. ඉන්දියාවෙ අයනං හඳුන්වන්නෙ "බ්‍රහ්ම කමලම්" කියලා. ඒ අයගෙ විශ්වාසයක් තියනවලු මේ අපි හඳුන්වන කඩුපුල් මල පිපෙන ගමන් දෙවියන්ට යාඤා කරාම ඒ අයගෙ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වෙන බව.

ජපන්නු මේ කඩුපුල් මලට හඳුන්වන්නෙ "Beauty under the Moon" නමින්..

මේ තියෙන්නෙ ගත්තු තවත් ෆොටෝ ටිකක්..

කඩුපුල් මල පිපෙනකංම ෆොටෝ ගහල අන්තිමට හැදුව වීඩීයෝ එකක්. සංචාරකයගෙ Adobe Premier Pro දැනුමනං අන්තිමයි..කොහොමහරි වීඩියෝ කෑල්ලක් අටවගත්තා. පිපෙන හැටි බලාගන්න ඕන්නං මේක බලන්න.. :)

ඔය එකෝමත් එක කියන රටේ.. :D තිබ්බලු විශාල පාළු වනාන්තරයක්. මේ පාළු වනය ඇතුලෙ තිබ්බා මල් ගොමු වලින් වට වෙච්ච ලස්සනම ලස්සන විලක්. මේ වනාන්තරයෙ හිටපු සුරංගනාවියන් එකතු වෙලා මේ විල වටේම නට නට සින්දු කියල සතුටු වෙන්න පුරුදු වෙලා හිටියලු.

දවසක් මේ විදිහට සුරංගනාවියො විල වටේම නට නට සතුටින් ඉඳිද්දි තාපසයෙක් මේ ඉසව්වට ආවලු භාවනා කරන්න සුදුසු තැනක් හොය හොයා. මේ සුරංගනාවියො මේ තවුසව දැකපු ගමන්ම විලට බැහැල මානෙල් මල් බවට පත්වෙලා හැංගුණාලු. මේ ගැන දන්නැති තවුසා විල අසල තිබුණු ගහක් යට වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තලු.

සුරංගනාවියන් විලෙන් ගොඩ වී ආපසු වාසස්ථාන කරා යන්න බලං හිටියත් මේ තවුස දකියි කියල බයේ විලටම වෙලා හිටියලු. ඒත් තාපසයා රාත්‍රිය වෙනකංම භාවනා කර කර හිටියා.

සඳත් උදා වෙනකංම විලටම වෙලා හිටපු සුරංගනාවියන්ට සීතලෙන් ගැහි ගැහි මේ විදිහට තවත් ඉන්න බැරි වුණා. ඉවසල බැරිම තැන තවුසට නොදැනෙන්න හෙමින් හෙමින් විලෙන් එගොඩට පිය නැඟුවත් සුළු ශබ්දයටත් තාපසයගෙ දැහැන බිඳුණා. තමන් මෙච්චර වෙලා තබාගත්තු දැහැන බිඳීමේ අමනාපයෙන් තවුසා මේ සුරංගනාවියන්ව යළිත් විලෙහි මානෙල් මල් බවට හැරෙව්වලු. මේ සිද්ධිය දැකපු වනයට අධිපති දෙවියො සුරංගනාවියන් ගැන අනුකම්පා හිතුණත් ඔවුන්ව මේ සාපයෙන් බේරගන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. ඒ වුණත් සුළුවෙන් හරි පිහිට වෙන්න ඕනෙ කියල හිතාගෙන වනයට අධිපති දෙවියො මේ මානෙල් මල් කඩාගෙන විල අසල තිබුණු ගස්වල අතු අග රැඳෙව්වා.

උපුල් කියන්නෙ මානෙල් නෙ. කැඩූ+උපුල් = කඩුපුල් බවට හැරුණලු.

අදටත් මේ විදිහට සඳ ඇති සුන්දර රාත්‍රී කාලයෙදි විකසිත වෙන්නෙ මේ පුංචි සුරංගනාවියන්.. :)

ප.ලි. - අමතර තොරතුරු විකිපිඩියාවෙන් සහ පුවත්පත් ලිපියකින්...

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com42tag:blogger.com,1999:blog-6772937444369286751.post-19357483098574848062014-08-14T17:16:00.000+05:302014-08-14T19:54:14.842+05:30මැක්‍රො සෙල්ලං | Macro Photography with an Extension Tubeෆොටෝග්‍රැෆි කියන්නෙ මගෙ ප්‍රියතම සබ්ජෙක්ට් එක කියල කවුරුත් දන්නව නෙහ්. ඔය අතරෙ සංචාරකයට තිබ්බ ලොකුම ආසාවක් තමා මැක්‍රො ඡායාරූප ගන්න එක. ඉස්සෙල්ලාම කියන්න ඕනෙ ඔය දැන් කාලෙ ඕනම ස්මාර්ට් ෆෝන් එහෙක ඉඳන් කම්පැක්ට් කැමරාවල පවා තියෙන Macro Mode එකට දැම්මා කියල ප්‍රායෝගිකව මැක්‍රො ඡායාරූප ගන්න බෑ කියන එක. ඡායාරූපයට ගන්න වස්තුවෙ යම් කිසි විශාලනයක් ලැබුනත් ඒව මැක්‍රො හෙවත් ක්ෂද්ර ඡායාරූප නෙවෙයි. එව්ව Close-Up විතරයි. ගන්න ඡායාරූපය මැක්‍රො වෙන්නනං කැමරාවෙ සෙන්සරයට ලැබෙන ප්‍රතිබිම්භය වස්තුවට සාපේක්ෂව 1:1 අනුපාතයක් වෙන්න ඕනෙ. ඒ කියන්නෙ සැබෑ ප්‍රමාණයම හරි ඒ ආසන්න අගයකට හරි.

DSLR එකක් තිබ්බ කියලත් එහෙම එළකිරි සහ ජලය වගේ මැක්‍රො ගන්න බෑ. පොඩි පොඩි කෘමින්ගෙ, මල්වල වගේ ඕනම මැක්‍රො ඡායාරූපයක් ගන්නවනං ඉතාම තියුණුව (Sharp), සමීපව නාභිගත කරගැනීමේ හැකියාවක් තියෙන්නෙ ඕනෙ. ඉතිං ඒ මෙව්ව එක ඔය DSLR එකත් එක්ක හම්බවෙන 18-55 වගේ ලෙන්ස් වල නෑ. ඒ වෙනුවෙන්ම නිපදවපු මැක්‍රො ලෙන්ස් තියනවා. හැබැයි ගාණ සැරයි.

ඒත් මැක්‍රො ගන්න තව ක්‍රම නැතුව නෙවේ. අපේ අයිලාෂ් අයියා ඒ ගැන හොඳ විස්තර ටිකක් දාල තිබුණා. මෙතනින් යන්න එතෙන්ට...

ඉතිං ඔය අතුරු ක්‍රම වලින් ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ Extension Tube එක. කැමරාවෙ බොඩි එකයි ලෙන්ස් එකයි අතරට මේක සම්බන්ධ කරාම ඉතාම කුඩා දේවල්වලට ලේසියෙන් ෆෝක්ස් කරගන්න පුළුවන්. මේකෙන් වෙන්නෙ කැමරාවෙ නාභි තලයෙයි (Focal Plane) ලෙන්ස් එකයි අතර දුර වැඩි වෙන එක. එතකොට අපිට ළඟා වෙන්න පුළුවන් අවම නාභි දුර (Focus Distance) වැඩි වෙනවා. (ඒ කොහොමද කියල අහන්න එපා..එහෙම වෙනවා :3)

ඉතිං රුපියල් බර ගාණක් ඔය මැක්‍රො ලෙන්ස් එහෙකට වියදම් කරන්න බැරි හන්ද මාත් Ebay දෙයියන්ගෙන් අහල බැලුව Extension Tube එකේ තත්වෙ.

$ 6.02 ක් කියන්නෙ රුපියල් 780 ක් විතර..

සති තුන හතරකින් බඩු ගෙදර. හැබැයි එක්ස්ටෙන්ෂන් ටියුබ් වලත් ජාති දෙකක් තියේ. කැමරාවත් එක්ක Electric Contacts නැති එක සහ තියෙන එක. Electric Contacts තියෙන එක තමයි වඩාත් හොඳ. ඒක පාවිච්චි කරද්දි කැමරාවෙ Auto Focus පසුකම සක්‍රිය කරගන්න පුළුවන්. හැබැයි ඒකෙත් ගාණ සැරයි. :P $ 50-80 ත් අතර තමා.

මේ තියෙන්නෙ ආපු එක

ටියුබ් රාජයා ආපු දවසෙම කැමරාවට 50mm ලෙන්ස් එකයි Extension Tube එකයි හයි කරගෙන වත්ත වටේ පොඩ්ඩක් ඇවිදල බැලුවා. අවුලක් නෑ. මැක්‍රො ලෙන්ස් එකක් තරමට නොවුනත් තරමක් දුරට වැඩේ සාර්ථකයි. ඉලෙක්ට්‍රික් කන්ටැක්ට්ස් නැති Extension Tube එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන් නියමම ලෙන්ස් එකක් තමයි 50mm f/1.8D එක. මොකද මේකෙ ඇපචර් එක වෙනස් කරන්න පුළුවන් රින්ග් එකක් වෙනමම තියේ. ^_^

මේ තියෙන්නෙ ගත්තු ඡායාරූප කිහිපයක්.. :)

මේ මී මැස්සෙක් නං නෙවේ..පොඩිම පොඩි මලක වහල හිටපු කනෙයියාවෙක්.. මල්වල පරාගනය සිද්ධ වෙන්නෙ මෙහෙම තමා..

මේ මිදුලෙ මල් පැළයක පරවෙලා තිබුණු මලක අන්තිමට ඉතුරු වෙච්ච රේණු..

කැමරාවත් එල්ලං වත්තෙ පඳුරු අස්සෙ බඩගාද්දි තමයි මෙයාව හම්බුනේ. ෆොටෝ එකට ලොකුවට පෙනුනට වී ඇටයක් තරං ඇති..

මොණරකුඩුම්බිය පැළෑටියෙ මල්..

මේ පින්තූරෙ ෆෝකස් අවුට් ගිහිල්ල තමයි..

ඒත් මට හිතුණ ඒකත් ලස්සනයි කියල..

පඳුරක් අස්සෙ වහල හිටපු පුංචිම පුංචි කුරුමිණි ජෝඩුවක්.. නිදහසේ සංසර්ගයෙ යෙදෙන්නවත් නෑ කියල මට බැන්නද දන්නෙනම් නෑ.. :D

කවදහරි අවාරෙට සිරිපා වන්දනාවෙ යන්න පෙරුම් පුරන දළඹුවෙක්.. :)

මිදුලෙ තිබ්බා පුංචි දම් පාට මල් තියෙන පඳුරු වගයක්. මෙතෙන්ට හැමදාම මී මැස්සො එනවා. ෆොටෝ එකක් ගන්න ගියාට වැඩේ සාර්ථක නෑ මලේ වහල ටක්ගාල පියඹල යනවා. :( ඉතිං මී මැස්සා මලට ආපු ගමන් මැනුවල් ෆෝකස් කර කර ඉන්නකොට ඌ වැඩෙත් කරගෙන ගිහිං ඉවරයි. අර මං උඩදි කිව්ව Auto Focus එකක් තිබ්බනං මීට වැඩිය වැඩේ සාර්ථක වෙන්න තිබ්බා.

මල්..

අපේ ජීවිතයත් මේ වගේ නෙහ්..

මැක්‍රො ඡායාරූප ගන්නවනං කැමරාව හෙලවෙන්නෙ නැති වෙන්න තියාගන්න ට්‍රයිපොඩ් එකක් හරි වෙන ආධාරකයක් හරි පාවිච්චි කරන එක ඇඟට ගුණයි. මොකද වස්තුවට ගොඩක් සමීප වෙන හන්ද පොඩි සෙලවීමකින් වුණත් පින්තූරය Blur වෙන්න පුළුවන්.. ඔය උඩ තියන වතුර බිංදුවෙ පින්තූරෙත් හොඳට බැලුවොත් තේරෙයි හෙලවිලා කියලා.

එහෙම නැත්තං අවමය 1/200 වගේ ෂටර් ස්පීඩ් එහකටවත් යන්න ඕනෙ..

ගොහිං එන්නං ඈ..

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com32tag:blogger.com,1999:blog-6772937444369286751.post-51193325469849824562014-08-05T19:32:00.001+05:302016-02-20T21:44:17.244+05:30අලි අඩියන්ගේ Percussion සංගීතය..මක්කැයි මේ පර්කෂන් කියන්නෙ..? මං දන්න විදිහට විස්තරයක් කරොත් Percussion සංගීතය කියන්නෙ මොකක්හරි සංගීත භාණ්ඩයක් ඝට්ටනය(strike) කරල හරි කම්පනය කරල ලබා ගන්න රිද්මයට. එතකොට හැම සංගීත භාණ්ඩයක්ම වගේ Percussion නෙ. මොකද ගොඩක් සංගීත භාණ්ඩ වලින් ශබ්දය ලබා ගන්නෙ කම්පනය කරල. එහෙම වුනාට Percussion වලට වැඩියෙන් ගන්නෙ බෙර වර්ග. එතකොට අපේ දවුල, තම්මැට්ටම, ගැට බෙරය, යක් බෙරය, උඩැක්කිය.. ඒවත් Percussion තමා..

මේ ෆොටෝ කෑල්ල බලපුවාම තේරෙයි..

සංචාරකයට ඔය බෙර ජාති වලට ඉස්සර ඉඳන්ම හෙන ආසාවක් තිබ්බෙ.. දන්න පදයක් නැති වුනාට ඔය කොංගො එකක් වගේ ගන්න හෙන ආසයි. කොහෙදෑ ඉතින් එව්වල ගණං අහපුවාම උඩ යනවා. Percussion කිව්වාම හැමෝටම මතක් වෙන්නෙ අප්‍රිකානු සංගීතය නෙ.අප්‍රිකාව විශේෂ වුනාට ලෝකෙ ඕනම රටක සංගීතයෙ උපත Percussion මියුසික් තමා.

අපි ඉන්න දිහාවෙ ඒ කියන්නෙ කඩුවෙල රංකඩු දේවාලෙ එහෙම ගම්මඩු දෙවොල්මඩු පටන් ගත්තාම මං හෙන ආසාවෙන් යන්නෙ. මොකද අන්තිම දවසෙ ගිනි පාගල උත්සවේ ඉවර වෙනකං හැම දවසෙම නැටුම් නටනවා. ඔය වන්නම් වල නම්නං මං දන්නෑ ඕං. නැටුමට වැඩිය මං ආස බෙර සද්දෙට. මේ සැරේ පටන් ගන්නෙ අගෝස්තු 16 ද කොහෙද..

දන්නෙම නැතුව කතාව පිට පැන්න නොවැ..

ලංකාවෙත් Percussion මියුසික් තරමක් ජනප්‍රියයි. ඒ අතරින් ලංකාවෙ Percussion මියුසික් බෑන්ඩ් වලින් හොඳටම ජනප්‍රිය හික්කඩුවෙ Elephant Foot සහ Naadro.

Elephant Foot කණ්ඩායම බිහි කරේ ලාල් ප්‍රියන්ක (මැද ඉන්නෙ)

තමන්ටම ආවේණික වෙච්ච පුදුම හිතෙන රිදමයක් ඒ සංගීතයෙ තියෙන්නෙ. මං Percussion මියුසික් වලට තියෙන උණ කොච්චරද කියල කිව්වොත් ඔය එදිනෙදා ඇහෙන සින්දු වලට වැඩිය මේව අහල ඇති.. :P කට හඬක් නෑ.. හැබැයි ඒ වැයෙන හැම රිද්මයක්ම කතා කරනවා..

මේක තමයි Elephant Foot ල ඉස්සෙල්ලාම රෙකෝඩ් කරපු ට්‍රැක් එක සහ වීඩියෝ එක.. "වැසි වනය"

මේක ආවෙ ළඟදි.. "අලි අඩියා"

මං ඉස්සෙල්ලාම ඇහුවෙ Rain Forest. එදායින් පස්සෙ තමා මේ කලාවට පෙම් බඳින්න පටන් ගත්තෙ. දැනට Elephant Foot ල ඇල්බම් තුනයි කරල තියෙන්නෙ. ඉස්සෙල්ලාම ආවෙ "Rain Forest".

ඊළඟට "දළු"

මේ ළඟදි තමයි "අලි අඩියා" රිලීස් වුණේ..

පළවෙනි ඇල්බම් දෙක යාන්තං නෙට් එකේ තිබිල හොයාගත්තට මේක හොයාගන්න මාර ගේමක් දුන්නෙ. MC එක පුරාම බැලුව හොයාගන්න හම්බුන්නෑ. බැරිම තැන Elephant Foot මුහුණු පොතේ පේජ් එකට ගිහිල්ල ලාල් අයියට මැසේජ් එකක් දැම්මා. කොළඹ හැර ආයි ගන්න තියෙන්නෙ හික්කඩුවෙ Drum Shop එකේ විතරයිලු. හික්ඩුවෙ යන්නයැ මේක ගන්න.

ලාල් අයියා කිව්වා ගෙදෙට්ට පොස්ට් කරන්නම් කියල. කොහොමහරි සල්ලි එකවුන්ට් එහෙකට දාල ඇඩ්රස් එක දුන්නාම මීට සති කිහිපයකට කලින් ඩීවීඩී එක ආවා.

මේ තියෙන්නෙ ළඟදි සිරසෙ වැඩසටහනකට Elephant Foot ආපු වෙලාවක්..

මෙතන කොටල යූ ටියුබ් චැනල් එකට යන්ඩෝ..

ගොහිං එන්නං ඇ..

:D :D :D :D

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com26tag:blogger.com,1999:blog-6772937444369286751.post-69455392072693050502014-08-01T10:46:00.000+05:302014-08-01T20:00:51.348+05:30අන්න බලන් සඳ සහ බකමූණු අන්දරය කවුද මන්ද කියපු කතාවක් තියනවනෙ නිදාගන්න යනකොට ඔලුවෙ තියෙන ඔක්කොම ප්‍රශ්න පැත්තකිං අරං තියල එන්න කියල. පුස් කාල නරක් වෙයි කියල බයයි වගේ නං ෆ්‍රිජ් එකෙන් දාල ආවත් කමක් නෑ.. :D එහෙම කියල තියෙන්නෙ මොකද නිදාගන්න ආපුවාම ඊට වැඩිය ඕන තරං ප්‍රශ්න ඔලුවට එනවලු. කාගෙ වුණත් මසුරං කතාව. කියපු මෑන් ගෙ කටට ඔබන්න හිතෙනවා අලුතෙන් ආපු නිකොන් ඩී810 කැමරාවක්. පත සූම් ලෙන්ස් එහෙකුත් එක්කම. :D

මංතුමා දැං බම්බලපිටියෙ ලාල් හෑගොඩ සර්ගෙ ක්ලාස් එකට යනවනෙ. අදත් සුපුරුදු පරිදි ගිහිල්ලා වැඩ කටයුතු ටිකත් ඉෂ්ට සිද්ද කොරගෙන දොළහ හමාරට විතර ආපහු ගෙදරට මංගච්චන්න 177 බස් එකේ නැග්ගාම එවෙලෙ හීනියට වැහි පොදකුත් වැටෙන්න පටන් ගත්තා. ඒක නෙවේ කාරණේ දැං බස්වල සීසීටීවී කැමරාත් හයි කොරලනෙ. ඔය පිටිපස්සෙම සීට් වල ඉන්න කපල් දැං ලව් කරල හමාරයි. මොකද බස් එකේ හැම අස්සක් මුල්ලක්ම අර ඉස්සරහ තියෙන එල්සීඩී කෑල්ලෙන් පේනවනෙ. එව්ව වැඩක් නෑ මංතුමා දැන් කඩුවෙලට ආවයි කියමුකො. ගෙදරත් ඇවිල්ලා බාපු ෆිල්ම් කෑල්ලකුත් බලල කාල බීල රෑ දහයට විතර නිදා ගන්න ගියාට...මොන..නින්ද අහලකවත් නෑ..ෆිල්ම් කියපුවාම මතක් වුණේ ළඟදි බලපු හොඳම ෆිල්ම් එකක් තමා ජොනී ඩෙප් අයියා රඟපාන Transcendence.. කෘතිම බුද්ධිය ගැන බලපු හොඳම ෆිල්ම් එකක්..සැහ්..කියල වැඩක් නෑ ඒකනං.

නින්දට අධිපති දෙයියො මේ දවස්වල මයෙත් එක්ක හෙන මළෙන් ඉන්නෙ.

ඒ මදිවට නිදාගන්න ගියාම වෙලාව යන්නෙත් නෑ. හැබැයි උදේට තමයි ඒකෙ ආනිසංසෙ තේරෙන්නෙ..

හරියන්නෑ මේ වැඩේ කියල දාගත්ත ලැප. මොනව ගැන ලියනවද කියල අදහසක්වත් නැතුව පෝස්ට් එකක් කොටන්න ගත්තා. ඔච්චර වෙලා කොටපු ටික තමා ඔය උඩ තියෙන්නෙ. :P

අද (07/27) හෑගොඩ සර් අපේ ෆොටෝග්‍රැෆි ක්ලාස් එකේ විෂයට අමතරව අලුත් දෙයක් එකතු කරා. බොහෝවිට අපේ තරුණ පරම්පරාව කලාවත් එක්ක ගැවසෙනවා අඩුයි නේ. හැමෝම නෙවේ. ඒ වගේම තමයි විකෘති වෙච්ච සංස්කෘතියක් තමයි දැන් වර්ධනය වෙන්නෙ. විශේෂයෙන් ඔය ගීත කලාව එහෙම. මටනං අද එන සින්දු අහද්දි ඇඬෙනවා ඇ..නිකං නෙවේ හොටු බේර බේර. කලාතුරකින් එන සින්දුවක් අහන්න පුළුවන් සයිස් එකේ තිබ්බට රූප රචනයෙන් මුළු සින්දුවම එකම ඇඬිල්ලක් කරනවා. ඒක මාර ට්‍රෙන්ඩ් එක ඕයි දැං. අපේ අලුත් පරම්පරාවත් ඒ විදිහටම හැඩ ගැහෙන්න පුරුදු වෙලා නෙ.

ඉතිං ඔය නිසා අපේ සර් පන්තිය තව පැය කාලකින් දීර්ඝ කරා. මොකටවත් නෙවේ. අපි හැම සතියෙම දැං ඡායාරූපකරණයට අමතරව වෙන මොකක්හරි කලාවක් ගැන කතා කරනවා. ගීතයක් වෙන්න පුළුවං චිත්‍රයක් ගැන වෙන්න පුළුවන් ඒ මොකක්හරි නිර්මාණයක් ගැන. අපි ඒ නිර්මාණය එවෙලෙම රසවිඳල ඒ ගැන කතා කරනවා.

අද අපිට අහන්න දුන්නා මහගමසේකරයන්ගෙ කුණ්ඩල කේශි නාට්‍යයෙ එන ගීතයක්..

කුණ්ඩල කේශි නාට්‍යයෙ කතාව මේක..

එකමත් එක රටක ඉන්නවලු බොහොම ධනවත් සිටු පවුලක්. මේ සිටුතුමාටයි සිටුතුමියටයි හිටියා රූප සොබාවෙන් අග තැන්පත් බෝම හුරුබුහුටි සිටු කුමරියක්. දන්නවනෙ ඉතිං ඔය රූප සොබාව හෙන භයානකයි නොවැ. ඉතිං මේ කුමරියගෙ අම්මයි තාත්තායි මොකද කරේ මේ කුමරියව ආරක්ෂා කරගන්න ඔය එක්ටැම් ගේ කියන්නෙ..ආන්න ඒ වගේ එහෙක රඳවල තියනවා. ඉතිං මේ කුමරිය ඔහොම ඉන්නකොට කල් යත්ම ඔය අපේ එවුන්ගෙ පොඩ්ඩක් දැලි රුවුල එනකොට තරුණ විසේ ඔලුවට ගහනව වගේ මේ කුමරියගෙ හිතත් ආදර හැඟීම් වලින් පිරුණලු.

හරි හරි ඉතිං කුමරියගෙ දැලි රැවුල වැවුන්නෑ.. :3

කුමරිය ඔහොම ඉන්න අතරෙ දවසක් එක්ටැම් ගේ අසලින් බොහොම භයානක හොර දෙටුවෙක් රාජපුරුෂයන් විසින් අල්ලගෙන මාළිගාවට ගෙනියනව දැක්කා. හොර දෙටුවෙක් වුනාට මිනිහ ඇඟ පත එහෙම හොඳට තියෙන බොහොම කඩවසම් හොරෙක්. ඉතිං කුමරියට මේ හොරා දැකපු ගමන් ඒ මනුස්සයා ගැන ආදර හැඟීමක් ඇතිවෙලා එක්ටැම් ගෙට වෙලා කන්නෙ බොන්නෙ නැතුව කාන්සියෙන් වගේ ඉන්න ගත්තා. මේ වෙනස තේරුණු කුමරියගෙ දෙමව්පියො මේ ගැන ඇහුවාම කුමරිය විස්තරේ කිව්වා. මුලින් මුලින් අදිමදි කළාට සිටුතුමයි සිටුතුමියි කුමරිය මේ විදිහට කන්නෙ බොන්නෙ නැතුව ඉඳියි කියල හිතල මේ වැඩේට කැමති වුනා.

ඒත් මූ හොරෙක්. ඉන්නෙ රාජපුරුෂයන්ගෙ ආරක්ෂාව මැද්දෙ. ඒ කාලෙයි අද කාලෙයි වෙනසක් නෑ පගාව අල්ලස් ගැනීම් ඒ කාලෙත් තිබ්බලු. :D සිටුතුමා මොකද කරේ රාජපුරුෂයන්ට කහවණු දීල හොරාව ගෙල සිඳ දමන්න ගෙනියන පෙරහැරේදි පැහැරගන්නවා. රාජපුරුෂයොත් හොරා පැනල ගියා වගේ ඇක්ට් එකක් දාන්න ඇති.

කොහොමහරි කුමරියයි හොරායි කසාඳ බැඳල බෝම ආදරෙන් හිටියට මොකෝ හොරාගෙ ජන්ම පුරුද්ද නවත්තගන්න බැරි වුණා. කුමරියගෙ කරේ තිබ්බ රත්තරං ආභරණ වලට හොරාට කෑදරකමක් ඇති වුණා. ගැහුව ප්ලෑනක්..

හොරාත් කන්නෙ බොන්නෙ නැතුව නිකං දුකින් වගේ හිටියා. ඉන්නකොට කුමරිය ඇහුවලු ඇයි ඒ කියල. හොර දෙටුවා කිව්ව මං ගෙල සිඳ දාන්න ගෙනියන්න කලින් දෙවියෙක්ට භාරයක් වුණා ඒකයි මට මෙච්චර වස්තුව ලැබුණෙ ඒ හින්ද ඒ භාරෙ ඔප්පු කරන්න අර දෙයියො වාසය කරන සොරුන් හෙලන ගල උඩට යන්න ඕනැයි කියල.

කුමරියක් කැමති වෙලා දෙන්න එක්ක ගමන පිටත් වුණා. අන්තිමේදි කැලෑවක් මැද්දෙන් ගිහිල්ල පර්වතය උඩට නැගල හොර දෙටුවා කුමරියට ඇත්තම විස්තරේ කියනවා. හොරා කුමරියව පර්වතයෙන් පහලට තල්ලු කරල දාන්න සූදානම් වෙනවා. දැං කුමරිය දන්නවා තමං රැවටුණා කියල. කුමරියත් බේරෙන්න උපායක් යොදල හොරාට කියනව මට මැරෙන්න ඉස්සෙල්ලා ඔබ වටේ පැදකුණු කරල වන්දනා කරන්න ඕනි කියල අන්තිම වටේදි හොරාව තල්ලු කරනවා ගලෙන් පල්ලෙහාට.

ඔන්න ඕකයි කුණ්ඩල කේශි නාට්‍යයෙ කතාව.. කතාවෙ කුමරියයි හොර දෙටුවයි සොරුන් හෙලන ගල උඩට නගින්න ඉස්සෙල්ලා කෑළෑවක් මැද්දෙන් ගමන් කරනවා. ඒ ජවනිකාවෙදි තමයි "අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා" කියන මහගමසේකරයන් විසින් රචිත ගීතය ඇසෙන්නෙ. මේ ගීතය පළමුවෙන් ගායනා කරේ බෙන් සිරිමාන්න සහ ට්‍රිලීෂියා ගුණවර්ධන. දෙවනුව ගායනා කරේ විශාරද එඩ්වඩ් ජයකොඩි සමග සන්ධ්‍යා දීපානි.

අන්න බලන් සඳ රන් තැටියෙන්

සුදු සීත ගඟුල් ගලනා

හද සෝක තැවුල් නිවනා

චන්දන පල්ලව කෝකිල කූජන

සංගීතයේ පැටලී

සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ

ආදර බස් කියනා

හඬ දේවිනි කන් පිනනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන්

බඳ බන්දා සෙනේ සිතිනී

ලිය වැල් පැටලී ගොසිනී

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ

මාරුතයේ හැපිලා

මන්මද රංගන මණ්ඩපයේ මෙම

මන්ද බලා හිඳිනේ

තව පෙම්බර මා සාමිනේ

චන්දන පල්ලව කියන්නෙ සඳුන් දළු.

කෝකිලයන්ගෙ කූජනය මඳ සුළඟත් එක්ක සඳුන් දළු වල පැටලිලා අපූරූ සංගීතයක් මවනවා කියල තමයි ඒ කියන්නෙ. සුන්දරත්වයෙන් පරිපූර්ණ වුනු වනය ආදර බස් දොඩන යහන් ගැබක් වගේ.. මහගමසේකරයන්ට මේ වගේ සිතුවිලි පද බඳින්න කොයිතරම් නං ප්‍රතිභාවක් තියෙන්න ඇත්ද..

මේ පද ටිකේ මං ආසම කොටස අන්තිමට තියෙන "පුෂ්ප පිපී මකරන්ද ගලා" කියන පද ටික.. ඒ කොටස කුමාරිය විසින් අර හොර දෙටුවට ව්‍යංගාර්තයෙන් කරන ඉල්ලීමක් වගේ..

මන්මද රංගන මණ්ඩපයේ මෙම

මන්ද බලා හිඳිනේ

තව පෙම්බර මා සාමිනේ

මේ පද මාලාව හෑගොඩ සර් අපූරුවට විස්තර කරා. හිතේ තියෙන ඒ සිතුවිලි ටික ඒ තරං ලස්සනට ලියලා දාන්න මං තුමාට දස්සකමක් නෑ නොවැ.. නිදහසේ ඉන්න වෙලාවක අහල බලන්නකො...

මේ ගීතය නූර්ති ශෛලයට නිර්මාණය කරපු එකක්..

මහගමසේකරයන්

ගොහිං එන්නං ඈ...

රජිත දිසානායකගෙ නාට්‍ය තුනක් වේදිකාගත කරනව ලයනල් වෙන්ඩ්ට් එකේ අගෝස්තු 1,2,3..

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com19tag:blogger.com,1999:blog-6772937444369286751.post-35709177653385717512014-07-25T11:55:00.000+05:302014-07-28T01:14:16.760+05:30පෘතුගීසී කාරයා..රටවල් අල්ලන්න සූරයා.."අපගේ කොළොම්තොටට ඉතා සුදු පැහැය ඇති ජාතියක් පැමිණ සිටිති. ඔවුහු බොහෝ රූපශ්‍රීයෙන් යුක්තව යකඩ හැට්ට ඇඟලා ගෙන, යකඩ තොප්පි හිස ලා ගෙන විගසක් එක තැනක නොසිට සක්මන් කරන්නාහ. සුදුගල් සපා කමින් ලේ බොන්නාහ. එක මාළු කූරියාට, එක දෙහි ගෙඩියට රන් රිදී දෙක තුන බැගින් දෙන්නාහ. ඔවුන්ගේ තුවක්කු උණ්ඩය ගවු ගණන් ගොසින් වන් කළ යුගන්ධර පර්වතය පවා පොඩි වන්නේය.."

ලංකාව මුල්ම වතාවට යටත් විජිතයක් බවට පත් කරපු පරංගින් කොළඹට ගොඩ බැස්ස වෙලාවෙ කොළොම්පුර වැසියන් ඒ ගැන රජ්ජුරුවන්ට දන්වල තිබුණ හැටි රාජාවලියෙ ලියැවිලා තියෙන්නෙ ඔය විදිහට. ඔය සුදුගල් කියන්නෙ පාන් වලට. ලේ බොනවැයි කියන්නෙ වයින් වලට. නැත්තං හිතයි ඩ්‍රැකියුල ගෙන් පැවත එන ජාතියක් කියල :D

හෙහ් හෙහ්...

පෘතුගීසි කාරයා ලංකාවට ආවේ අහම්බෙන්. මාලදිවයන පැත්තට යාත්‍රා කරනකොට කුණාටුවකට හසු වෙලා, වාර්තාවලට අනුව දවස් 18 කට පස්සෙලු ගාලු වරායට ඇවිල්ලා තියෙන්නෙ. ගාලු වරායට සේන්දු වුනාම පස්සෙ තමයි දැනගෙන තියෙන්නෙ මේ ඇවිල්ලා තියෙන්නෙ නමින් විතරක් දැනගෙන උන්නු සිලෝන් දිවයිනට බව. ඒ කාලෙ ලංකාව කුරුඳු, අලි ඇතුන් සහ වෙළඳ ද්‍රව්‍ය වලට බොහොම ජනප්‍රියයිලු. මේ පෘතුගීසි නැව් කණ්ඩායමේ නායකයා ලොරෙන්සෝද අල්මේදා (Don Lourence da Almeda) කියන සෙන්පතියා.

කරුණු කාරණා ටිකක් දැනගත්තට පස්සෙ අල්මේදා ප්රමුඛ නැව් කණ්ඩායම රජ්ජුරුවන්ව හම්බවෙන්න කොළඹ පැත්තට යාත්‍රා කරනවා. එතකොට රජ්ජුරුවො හත්වැනි පරාක්‍රමබාහු. හිටියෙ කෝට්ටෙ අගනුවරෙනෙ. 1505 නොවැම්බර් 15 වැනිදා තමයි කොළඹ වරායට ඇවිල්ලා නැංගුරම් දාන්නෙ. එතකොට තමයි ඔය පටන් ගන්න කොටම කිව්ව වගේ කාලතුවක්කු පත්තු කරල තියෙන්නෙ අපි ආවෝ කියල දැනුම් දෙන්න.. :D

මේ බව දැනගත්තු පෘතුගාල අධිරාජයා හෙන සතුටු වුණා. මොකද ලංකාවෙ තියෙන මුළු සේසතම මොකක්හරි ජිල්මාට් එකක් දාල එහෙට අදින්න පුළුවන්නෙ. පාප්තුමා ප්රමුඛ කාදිනල් සභාව මේ පණිවිඩය සමරන්නට රෝම නගරයෙ විශේෂ පෙරහැරක් පවත්වලා වතිකානුවෙ අතිවිශේෂ යාඥාවකුත් සංවිධානය කරාලු.

කොළඹට ළඟා වුණු පරංගියා සිහිවටනයක් හැටියට මුහුද වෙරළ ආසන්නයෙ තිබුණු ගල් පර්වතයක පාතුගීසී රාජ්‍ය ලාංඡනයයි වර්ෂයයි සටහන් කරා.

මේ ගල් පර්වතේ ඉංග්‍රීසීන් මේ රට පාලනය කරන කාලෙදි වරාය පුළුල් කරන වැඩ කටයුතු වලදි පස් හාරනකොට හම්බවෙලා රජ ගෙදර ළඟ තියෙන ගෝර්ඩන් උද්‍යානයෙ තැන්පත් කරාලු. දැන්නං ඒ ගල් පර්වතේ ස්මාරකයක් හැටියට කොළඹ වරායෙද කොහෙද තියෙනවා.

ලොරෙන්සෝද අල්මේදා එහෙම එකපාරටම රජතුමාව හමුවෙන්න ගියෙ නෑ. ඉස්සෙල්ලාම පිටත් කරේ ෆර්නාඩ් කොට්රිම් කියන කපිතාන්ව දූතයෙක් විදිහට. එන පොට හොඳ නැහැයි කියල දැනගත්තු ෆර්නාඩ් ව රජ මාළිගාවට එක්කන් ගිය මිනිස්සු ෆර්නාඩ්ව කෝට්ටෙ නුවරට රැගෙන ගියේ වෙන පාරකින්. මයිල 6 ක දුර ගෙවා දැමීමට දින තුනක් ගත කරාලු. :D ඔය සිද්ධියෙන් තමයි "පරංගියා කෝට්ටෙ ගියා වගේ" කියල ප්රස්ථා පිරුළක් හැදුනෙ.

කොහොමින් කොහොමහරි දෙගොල්ලොම කතා බස් කරගෙන ලංකාවෙ වරායන් සතුරන්ගෙන් ආරක්ෂා කරල දෙන්න පෘතුගීසින් පොරොන්දු වුණා. ඒ වෙනුවට ලංකාවෙන් ඔවුන්ට අවුරුද්දකට කුරුඳු බහාර් 400 ක් (ටොන් 60 ක්) ගෙවීමට රජතුමා පොරොන්දු වුණා. ගබඩා සංකීර්ණයක් අවශ්‍ය වෙන හින්ද නිරිත දිග දිය කඩනය අසල වෙළඳ ගබඩාවකුත් හැදුවා රජ්ජුරුවන්ගෙන් අවසර අරගෙන.

තම ආගම ඇදහීමට ඒ අසලින් අල්මේදා ගෙ පෞද්ගලික සාන්තුවරයා ගෙ නමට පල්ලියක් ඉදි කරා.

ඒත් අරාබි වෙළදුන් පෘතුගීසින් වෙළඳ ගබඩාවක් හදන එකට විරුද්ධ වුණා. ඒ වෙනකොට එ් පෙදෙසෙ වෙළඳ ඒකාධිකරාය අත්පත් කරගෙන තිබුණෙ අරාබි ජාතිකයින්. ඒ නිසා විටින් විට පෘතුගීසි හේවායින්ට තාඩන පීඩන එල්ලා කරා. වෙළඳ ගබඩා සංකීර්ණයටක් ප්‍රහාර නිකුත් කරා. මේ සිද්ධිය දැනගත්තු පෘතුගාල අධිරාජයා මේ බව හොයා බලන්න ලෝපෙ සෝරස් ද අල්බගේරියා නම් ආණ්ඩුකාරවරයව ලංකාවට එව්වා. සෝරස් මේ බව රජුට දන්වල බලකොටුවකුත් හදන්න අවසර පැතුවා. රජතුමත් අවසර දුන්නා. පසුව ලෙපෝ ද පොරිටෝ කියන සැලසුම් ශිල්පියා ලව්වා කොහොමහරි කොළඹ බලකොටුවකුත් ඉදි කරා. නැව්වලින් ගෙනාපු කාලතුවක්කුවලින් බලකොටුව සන්නද්ධ කරා. එක් අවස්ථාවකදි පරංගි අරාබි ජාතිකයන්ගෙ ගෙවල් ගිනිබත් කරල දරුණු ප්‍රහාරයකුත් එල්ල කරාලු.

බලකොටුවෙ ආරක්ෂාවට දිය අගල් කපල හකුලන්න පුළුවන් දඬු කඳකුත් (පාලමක් වෙන්ඩ ඇති) සවි කරා. බ්‍රිටෝ කියන සෙනවියා කොටු බැම්මෙ දකුණු පැත්තෙන් කපපු දිය අගල තමයි ඔය පස්සෙ කාලෙකදි බේරෙ වැව නමින් සංවර්ධනය වෙලා තියෙන්නෙ.

1587 දි සීතාවක රාජසිංහ 50000 ක සේනාවක් එක්ක මේ බලකොටුවට පහර දුන්නට පරංගි ගෝවෙන් සේනාව ගෙන්නගෙන ඒ ප්‍රහරය ව්‍යර්ථ කරා.

පස්සෙ කාලෙකදි පරංගින්ගෙ රූකඩයක් බවට පත්වුණු ධර්මපාල රජු දොන් ජුවන් ධර්මපාල නමින් බෞතිස්ම ලැබුවා. පෘතුගීසින් කියන කියන පදේට නටපු හින්ද කෝට්ටෙ රට වැසියන්ගෙ අප්‍රසාදයට පත් වෙලා ධර්මපාල රජ්ජුරුවො කොළඹට ආවා. දැං අගනුවර කොළඹ. මේ නිසා කොළඹ නගරය පාලනය කරන පළමු රජු වෙන්නෙ ධර්මපාල.

දැං සියල්ලක්ම සිදු වුණෙ පරංගින්ගෙ කැමැත්තට. සැබැවින්ම කොළඹ පාලනය කරේ ධර්මපාල නෙවේ පෘතුගීසින්. පෘතුගාලයෙ සෙබස්තියන් අධිරාජයා කොළඹ නගරය හැඳින්නුවෙ "මගේ අගනුවර වූ කොළඹ" නමින්. කුරුඳු ඇතුළු සියලු වස්තු සම්භාරය ගනිමින් තම ආගම ප්‍රචාරය කිරීම තමයි පරංගින්ගෙ අරමුණ වුණේ. සෑම තැනම පල්ලි සෑදෙව්වා.

1597 දි දොන් ජුවන් මරණයට පත් වුණා. පරංගින් විසින් ධර්මපාල රජුව රහසේම වෙඩි තබා ඝාතනය කරයි කියලත් කියනවා. පෘතුගීසින් ඔහුගේ දේහය කොළඹ රජමැදුර පිටිපස්සෙ සාන්ත ෆ්‍රැන්සින් කන්යාරාමයෙදි ගරුසරු ඇතුව භූමිදාන කරා.

පසුව පෘතුගාලයෙ අධිරාජයා විසින් ලංකාවේ එකම උරුමකරු හැටියට ඩී. ජෙරනිමෝද අසවේදු (Don Jeronimo Azevedu) පත් කරා.

ඔහොම තමයි පෘතුගීසි කාරයා රටවල් ඇල්ලුවෙ.. :D

ප.ලි. - තොරතුරු විකිපීඩියාවෙන් සහ සමන් කළුආරච්චි මහතා විසින් රචිත ලිපියක් ඇසුරෙනි..

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com41tag:blogger.com,1999:blog-6772937444369286751.post-45221090596032638312014-07-20T05:30:00.000+05:302014-07-20T05:30:36.687+05:30කාලයත් සමග අමතක වුණු මතකයක්.. හිච්චි කාලෙ අපි හැමෝටම මොකක්හරි විනෝදාංශයක් තියෙන්න ඇති. නොතිබෙන්නත් ඇති.. ඔය පොඩි පන්තිවල ඉන්නකොට ටීචර්ස්ල අපේ නම ගම එහෙම අහනකොට අහන ප්‍රශ්නයක් තමා විනෝදාංශය මොකක්ද කියන එක. පොඩි එවුන් ඉතිං නානප්‍රකාර එව්ව කියනව. විනෝදාංශයක් නැති එවුන් මොකක්හරි බොරුවක් ඇදබාල නිකං ඉන්නවා. ගොඩක් දෙනා කියන්නෙ මුද්දර එකතු කරනවැයි කියල. :D විනෝදාංශ ගත්තාම නානප්‍රකාර එව්ව තියේ. අමුතු අමුතු එව්ව තියේ..

සා.පෙ වලින් පස්සෙ පන්තියෙ හිටිය හොඳම යාළුවො ටික කොළඹ ඉස්කෝලවලට මාරු වෙලා ගියා. ඉතුරු වුණේ පස් හය දෙනෙක් විතරයි.

දැං අවුරුදු දෙකක් ගෙවිලා ගිහිල්ල ඉවරයි. ඔය ඉස්කෝලෙන් ගිය සමහර යාළුවො දෙතුන් දෙනෙක් එක්ක එදායින් පස්සෙ තාම වචනයක්වත් කතා කරන්න බැරි වුනා. වෙන මොකක්වත් හින්ද නෙවේ කන්ටැක්ට් කරගන්න හරියට නම්බර් එකක්වත් ගන්න බැරි වුණු හන්දා. ගොඩක් අය නං නුගේගොඩ ක්ලාස්වලදි මුණගැහුනා. හාපෝ ලියන්න ගත්තාම ඔහේ ලියනව කතාව වෙන පැත්තකට යනව කියල තේරෙන්නෙවත් නෑ.. ! :P

කොහොමහරි ඉතිං පහුගිය දවසක මං මුහුණු පොතේ ඔය ඕපාදූපයක් කියවගෙන ඉන්නකොට මෙසේජ් එකක් ආවා.

"අඩෝ අසංකයා මාව මතකද?"

බැලින්නං එ් කාලෙ ළඟින්ම හිටපු පොරක්..එතකොට ඒ යකා බුකියෙ හිටියෙ නෑ නොවැ.. :D

ඔහොම ආ ගිය තොරතුරු කතා කර කර ඉන්දැද්දි මිනිහ එක පාරටම අහපි

"අර මුද්දර පොත් තාම උඹ ගාව තියනවද ?" කියල..

එතකොට තමා මට මතක් වුණේ මං හරි ආදරෙන් එකතු කරපු මුද්දර ටික.. :)

ඇත්තටම ඕ ලෙවල් කාලෙ වෙද්දි මුද්දර එකතු කිරිල්ල අතහැරල දාල තිබ්බෙ. අතහැරල දාල කිව්වෙ ඇත්තටම වෙලාවක් හම්බුන්නෑ ඔය වැඩේට. හතේදි අටේදි විතර තමා ඕක දරුණුවටම ක්‍රියාත්මක වුනේ. අර යාළුවා මාත් එක්ක හය වසරෙ ඉඳන්ම හිටපු යාළුවෙක්. මිනිහට ඒක මතක තිබුණ එක ගැන මට ඇත්තටම පුදුම හිතුණා.

ඉතිං ඒ ප්‍රශ්නෙ මගෙන් ඇහුවාම මගෙ හිත අතීතයටම ගියා. ඒ මතකයන් ටික එවෙලෙ මට ලබා දුන්නෙ මාරම හැඟීමක්.

ඒත් කෝ දැන් ඒ ටික....!!? :o

හොයල බැලින්නං පුංචි කබඩ් කෑල්ලක තිබිල ඒ වස්තු සම්භාරය තිබ්බ විදිහටම හම්බුනා. කිසිම පලුද්දක් නැතිව... :)

ඔය මුද්දර විනෝදය කියල තියෙන්නෙ පොතක්. මුද්දර වර්ග කරන හැටි වගේ ගොඩක් ඒව ඔය පොතේ විස්තර කරල තියෙනවා.

පන්තියෙ හිටපු යාළුවන්ගෙන් කිහිපදෙනෙක්ම ඔය මුද්දර එකතු කරන වැඩේ කරා. ඔය අතරින් මට තමා වැඩිම මුද්දර ගාණක් තිබ්බෙ කියල පුංචි ආඩම්බරයකුත් නැතිවම නෙවේ.

ඒ කාලෙ තාත්තා වැඩ කරපු තැන බොස් ගෙ ගෙවල් තිබුණෙ බම්බලපිටියෙ. පස්සෙ කාලෙකදි එයා පිටරට පදිංචියට ගියා. බම්බලපිටියෙ ගෙදර ඉතුරු වුණේ එයාගෙ මල්ලි විතරයි. ගොඩක් වයසයි. තාත්තා ඉතිං මාසෙකට දෙවතාවක් විතර එහෙ ගිහිල්ල ගේ සුද්ධ පවිත්‍ර කරල දාල එන්න පුරුදු වෙලා හිටියා. එයත් මුද්දර පිස්සෙක්. මුළු ජීවිත කාලෙම කරල තියෙන්නෙ මුද්දර එකතු කරන එකද මන්ද..ඒ තරමට මුද්දර එයා ගාව තිබුණා. ඔය හින්දම කට්ටිය එයාට කිව්වෙ මුද්දර මහත්තයා කියල.. තාත්තා එහෙ යන යන සැරේට මට දෙන්න කියල මුද්දර පොඩ්ඩක් දෙන්න පුරුදු වෙලා හිටියා. ඔය කාරණාවත් මගෙ මුද්දර එකතුව වැඩි වෙන්න හේතු වුණා..

අපි ගොඩක් ආස වුණේ රට මුද්දර එකතු කරන්න. සමහර ළමයි කොහෙං හරි රට මුද්දරයක් හොයාගත්තාම ඒක කාට හරි දීල ලංකාවෙ මුද්දර කිහිපයකට හුවමාරු කරගන්නත් පුරුදු වෙලා හිටියා. මා ගාව වැඩියෙන්ම රට මුද්දරවලට තිබුණෙ ඕස්ට්‍රේලියාවෙ මුද්දර..

මේ තියෙන්නෙ මුද්දරය නිකුත් කරන්න ඉස්සෙල්ල නිකුත් කරන සමරු කවර

මුද්දර එකතු කිරිල්ල ගැන මතකය අවධි වුණු හන්ද විකිපිඩියා එකත් පොඩ්ඩක් කරකෝල බැලින්නං මුද්දර එකතු කිරීමෙ විනෝදාංශයට 1860 වසර වෙනකං ඉතිහාසයක් තියනවලු... :o

ඔය මුද්දර එකතු කරන අැල්බම් බුක්ෂොප් වල ගන්න තිබුණා. එතකොට නං ගාණ රුපියල් 300 ක් විතර ඇති.

ටිකක් විතර පොෂ් වෙන්න ඕන්නං මුද්දර අැල්බම් වල රඳවනකොට එහෙම අල්ලන්න අඬුවක් වගේ එහෙකුත් තියේ.. :P මං ගාවත් තිබ්බා දැංනං ඕක කොහෙද දන්නෑ..ඒ වුනාට ඕකෙං මුද්දර අල්ලන්න ගියාම එපා වෙනවා. අතින් අල්ලන එක ඊට වඩා ලේසියි.. -_-

මේ තියෙන්නෙ ඒ වගේ එකක්..පින්තූරය නෙට් එකෙං..

ලංකාවෙ මුද්දරනං නොයෙකුත් වර්ග වලට බෙදල තියෙනවා. මං වැඩියෙන්ම ආස වුණේ කුරුල්ලන්ගෙ මුද්දර වලට.

96 වර්ල්ඩ් කප් එක වෙනුවෙන් නිකුත් කරපු මුද්දරේ.. ^_^

කුමාර් ආනන්දන්, පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීම වෙනුවෙන් නිකුත් කරපු මුද්දරය..

ලංකා තේ ශත සංවත්සරය වෙනුවෙන් නිකුත් කරපු එකක්..

ඔය වගේ ගොඩක් මුද්දර තියේ..ඔක්කොම දාන්න ගියොත් හොඳට හිටී.. -_-

ඉතිං..කාලෙකට පස්සෙ මුහුණ පොතෙන් හම්බවෙච්ච යාළුවෙක් මගේ මතකය අවධි කරේ මේ විදිහට. මේ මුද්දර වලින් මං කොච්චර සතුටක් ලබන්න ඇත්ද කියල හිතාගන්න බෑ.. ඒත් මේක තවදුරටත් කරගෙන යන්න බැරි වේවි මේ කලබල ජීවිතෙත් එක්ක.

සමහර වෙලාවට අතීතය කියන්නෙ ආදරණීය හැඟීම් සාගරයක්... :)

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com23tag:blogger.com,1999:blog-6772937444369286751.post-5376204831876742272014-07-19T17:46:00.001+05:302014-07-19T17:46:38.218+05:30පියානෝ නාදය..

මා වඩාත්ම ප්‍රිය කරන ලොව විශිෂ්ට ඡායාරූපශිල්පියෙකු වන

Steve McCurry ගේ පින්තූරයක් රස විඳිමින් සිටි අවස්තාවක සිතට ආ සිතුවිලි පොදක සටහනකි.. කවි නිසැදෙස් පද බඳින්නට සහ අදහස් ගැලපීමට මා හට කිසිදු දක්ෂතාවයක් නොමැති නිසා සහ ස්වයං තෘප්තිය උදෙසා ලියූ හේතුවෙන් නොදැක්ක ගානට සිටියාට අවුලක් නැත..! :D

අහිංසක දෑස්

වෙනත් ලොවක අතරමංව..

පසෙකින් තිබෙන කුඩා මල්ලක්

ඇඳ වුන් ඉරී ගිය වැරහැල්ලක්

ගයයි දුක්බර ශෝකාන්තයක්..

වැසී ගිය කඩයක් ඉදිරිපිට

ඉඳ සිටිනා ඔහු අත

පොතක් නොවරදියි සැම විට..

විටෙක යනෙන එවුන් දෙස

නෙත් අයාගෙන සිටියි

අහිංසක බැල්මකින් නිතරම

මිරිඟුවක් පසුපස හඹා යන්නන්..

වාහනවල ධූමයෙන් කළු වුණු මුහුණ..

අතරින් නැඟෙන සුදුවන් දෑස්

ලොප් වී ඇත පරණ ෆෝඩ් රථයකට

පවසයි ඔහුගෙ සිත

"මටත් තිබුණා ඉස්සර"..

බිම වැටුණු කාසියක නාදයෙන්

බිඳී ගියේය ඔහුගේ දැහැන..

නගරයේ ඝෝෂාව මැද

සියුමැලි ඇඟිලි තුඩු තත් අතර දුවන

ඇසෙයි පියානෝ සංගීතයක්

පාර අයිනේ බංගලාවෙන්..

පෙරලීය තවත් පිටුවක්

රසවත් කතාවක..

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com16tag:blogger.com,1999:blog-6772937444369286751.post-39027301392367940752014-07-13T21:02:00.002+05:302014-07-13T21:16:21.624+05:30කඳු නැගිල්ල පොඩි රස්තියාදුවක්..

ගිය බදාදා හවස කලාතුරකින් රින්ග් වෙන මගේ ෆෝන් කට්ටට කෝල් එකක් ආවා.. :D (මෙසේජ් එකක් ආවත් එන්නෙ මොබිටෙල් එකෙං)

"අඩෝ මේ පොඩි ගමනක් යන්ද ?"

"කොහෙද බං ?"

"කොරතොට පන්සලට ටිකක් එහා තියෙන ගල් වල ගාව කන්ද.."

"ඉතිං.."

"දැක්කාම නිකං කිචි කිචි වගේ..නඟිමුද කියහං"

"මොන කඳුද බං..වහින්නත් එනවා.."

"වරෙංකො.."

"අද බෑ ඕයි..මේ පොතක් හම්බුනා බං..හෙට බලමු."

ඕං ඔහොමයි කන්ද නගින්න තීරණය කර ගත්තෙ..

මේකගෙ නම චමත්. ඉස්කෝලෙ ඉන්න හැම කෙල්ලෙක්ගෙම සම්පූර්ණ දත්ත මුගෙ ඔලුවෙ තියනවා.

උදේ අට වෙනකොට යං කියල කිව්වාට මේකා එනව කියල කෝල් එක දෙනකොට නවය විතර ඇති..කිව්වට මොකෝ මේ නිදිකුම්බරයා කොල් එක දුන්නාම තමා මටත් ඇහැරුණේ.. :D (ආ එතකොට නිදිකුම්බරයො දෙන්නයි නෙහ්)

කොහොමහරි කැමරාවත් ලෑස්ති කරන් ගෙදර තිබ්බ රෝද තුනත් අරගෙන (ස්පෙයාර් වීල් එකත් එක්ක හතරයි) මෑන්වත් දාගෙන කොරතොටට ගියා..බයිසිකලෙන් ගමන යන්න ආස වුණාට කොහෙද ඉතිං අනික් එකාගෙ පුටාර් එක කැඩිල..

ගිහිල්ල ත්‍රීවීල් එක පන්සලෙන් දාල පයිං ගෑටුවා කන්ද ගාවට. හොයල හොයල අන්තිමේදි කන්ද උඩට නගින්න පාරක් හොයාගත්තා. කොයිකටත් ගල් වලේ වැඩ කරන මාමා කෙනේක්ගෙන් අැහුවා. මුං අපි නගිනකං ඉඳල බෝර දාන්න පටන් ගත්තොත් එහෙම. ආයි බෝර දාන්නෙ හවස එකටලු. පුපුරවන්න ඉස්සෙල්ලා නලා හතරක් පිඹිනවලු.

අපිත් ඉතිං බණ්ඩාර හැටහත්කට්ටුවක පිහිට ආරක්සාවයි කියල හිතාගෙන කන්ද නගින්න පටන් ගත්තා. සෙරෙප්පු දෙකක් දාං ආව එකේ ඵල විපාකෙ තේරෙන්නෙ කන්ද නගිනකොට. ලිස්සනවා ලිස්සනවා ඉවරයක් නෑ. අන්තිමේදි යටි පතුල් දෙකට අබ සරණයි කියල හිතාගෙන සෙරෙප්පු දෙක ගත්තා අතට. මහලොකුවට කඳු නගින්න ආවට අරූ වතුර බෝතලයක්වත් ගෙනල්ල නෑ.. -_-

අම්මා බලෙං මගෙ බෑග් එකට වතුර බෝතලයක් එබුව හින්ද හොඳට ගියා.

පොඩි පොඩි ගස්වල අතු අයින් කර කර කන්දෙ පළවෙනි ටික නැග්ගට පස්සෙ තමා අමාරුම හරිය හම්බුණේ. පොඩි පොඩි ගල් පර්වත බඩගාගෙන, කටු පඳුරු අස්සෙන් රිංග රිංග යනකොට එපා වෙනවා. හැබැයි එතකොට තමා මරු.. ^_^

ඔහොම යනකොට චමතා එකපාරටම අතින් නවතින්න කියල සිග්නල් එකක් දුන්නා. කොළ පොඩි වෙන සද්දයකුත් ඇහුණා.

"අඩෝ වල් ඌරො ඉන්නවද දන්නෑ.."

"මේ පැත්තෙ කොහෙද යකෝ වල් ඌරො.."

කටට ආපු එක කියල දැම්මට හාරල තිබ්බ පොඩි පොඩි ගුහා ටිකකුත් දැක්කා..

බඩගාල බඩගාල අන්තිමේදි කන්ද උඩ ගල් තලාවට ආවා.. උඩට කොරතොට පන්සලේ අලුතෙන් හදන ලොකු බුදු පිළිමෙ පේනවා..

මාර හුළඟක් තියෙන්නෙ.. ගල් තලාව උඩ පැයක් විතර හිටියා.

මේ තියෙන්නෙ බෝවිටියා මල් කියල තමා අර මහදැනමුත්තා කීවෙ...

සංචාරක තෙමේ පොඩ්ඩක් ඇහැ කරකෝල බැලින්නං මෙතෙන්ට කොළඹ වරායත් පේනවා.. කැමරාව අංශක 180 ක්ම කරකෝල ගත්ත ෆොටෝ දෙක තුනක්, ගෙදර ගිහිල්ල ෆොටෝෂොප් දෙයියංගෙ පිහිටෙන් පැනරෝමාවක් හදන්න..

කන්ද උඩ සිග්නල් ටවර් එහෙකුත් තියේ.. චමතා කිව්ව එතෙන්ටත් යං කියල..ටවර් එකේ ඉතිං මොනව බලන්නද..ඔන්න ඔහෙ එතෙන්ටත් ගිහිල්ල ආවා. එන ගමන් සමනළ්ලු කිහිපදෙනෙක් දැක්කත් සංචාරකයා ගාව තියන 18-55 ලෙන්ස් එකත් එක්ක උංගෙ ෆොටෝ ගන්නව බොරු..හෙමින් සීරුවෙ ෆොටෝ එකක් ගන්න බැලුවත් ළඟට එද්දි ටක්ගාල පියාඹලා යනවා..සමනළ්ලු දහ පහළොස් දෙනෙක්ම මං ගාවට ඇවිල්ල කින්ඩිය දාල පියාඹලා ගියා.. අන්තිමේදි අල්ලගත්තෙ කොහෙදෝ ඉඳං කඩං පාත් වෙච්ච බත් කූරෙක් විතරයි.

එකට විතර බෝර දානව කිව්ව හන්ද හෙමින් හෙමින් කන්ද බහින්න පටන් ගත්තා.. ආපු පාර හොයාගන්න බැරුව එකම අඩි පාරවල් ටිකේ කැරකි කැරකි ඉඳල තමා අන්තිමේදි පල්ලං බහින්න මාර්ගයක් හොයාගත්තෙ..

ෆෝන් කට්ටෙන් ගත් සංචාරක තුමාගෙ ෆොටෝ කෑල්ලක්...

භාගයක් දුර ආපහු එනකොට මෙන්න බොලව් දඩාං ගාල පොළොව දෙදරන සද්දයක් ඇහුණා.. චමත ෆෝන් එකෙං වෙලාව බැලුවා. තාම එකට නෑ. මුං දැම්මම බෝර දානවද. ගහපු නළාවකුත් නෑ.. එවෙලෙ නං පොඩි බයකුත් දැනුණා. ඇයි යකෝ ගල් කෑල්ලක් පත බෑ වුණොත් එහෙම මළ කෙළියයි..කොයිකටත් අඩිය ඉක්මන් කරා. කඳු නගින වැඩේට වඩා අමාරුයි බහින වැඩේ. ඒ මදිවට සෙරෙප්පුවත් කැඩිල ගියා.

බෝර තුන හතරක් විතර දාපුවාම ආයි සද්දයක් ආවේ නෑ.. අන්තිමේදි මාර ගේමක් දීල කන්ද පාමුලට බැස්සා. ආපහු යන්න පාර තිබුණෙ ගල්වල ගාවින්. මිනිස්සු කවුරුත් පේන්න හිටියෙත් නෑ.. ඒ ළඟින් යනකොටම බෝරයක් පිපිරුවොත් එහෙම.. ඈතට වෙලා යන්න වෙනිං පාරක් තියේද කියල බලද්දි ඈතින් මිනිස්සු තුන් හතර දෙනෙක් ආපහු වැඩ කරන්න එනව දැක්කා.. ඒ කියන්නෙ පුපුරෝල ඉවරයි..එතකොට තමා ඇඟට ලේ ටිකක් ඉනුවෙ..

මේ තියෙන්න ඔය කියපු ගල් වල..

කොහොමහරි ත්‍රාසජනක (එහෙමද මන්ද) චාරිකාවකින් පස්සෙ පන්සලට ආවා.

මේ බුදු පිළිමය තමයි අර කන්දට පෙනුණෙ..

කොරතොට රජමහා විහාරය කියන්නෙ ගොඩක් ඓතිහාසික ස්ථානයක්. ලෙන් ලිපි ගණනාවක්ම තියනවා.. කටාරං කොටපු ගල් ගුහා කිහිපයකුත් තියනවා.

අන්තිමේදි යාළුවගෙ ගෙදෙරට ගිහිල්ල බත් වේලකුත් සප්පායම් වෙලා ගෙදර එනකොට හවස පහ විතර ඇති.

කකුල් දෙකටනං හොඳ ගණං..

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com27tag:blogger.com,1999:blog-6772937444369286751.post-74626446525411536822014-07-08T16:06:00.000+05:302014-07-08T16:10:26.063+05:30අලුත් ඇරඹුමක්.. ජූලි හය වෙනිදා..එදා තමයි මට ලාල් හෑගොඩ නම් වූ සොඳුරුතම මිනිසා හමුවුණු දවස..!!

මේ තාක් කල් මං ඡායාරූපකරණයෙහි නියැලුණේ පොත්පත් වලින්, නෙට් එකෙන් අහුලගත්ත දැනුමකින්. කැමරාවෙ බොත්තමක් එබුවාම ෆොටෝ එක වදිනවා.. ෆොටෝග්‍රැෆි වල රහ තේරිලා ගෙදර තිබ්බ පුංචි ඩිජිටල් බට්ටගෙන් අහුවෙන අහුවෙන එකේ ෆොටෝ ගන්න පටන් ගන්නකොට දැනං හිටියෙ එච්චරයි. ඒ මීට අවුරුදු ගාණකට කලිං.

කොහොමින් කොහොමහරි ෆොටෝ එකක් වෙනුවට හොඳ ඡායාරූපයක් ගන්න තරමට ඒ දැනුම යංතමින් හරි වැඩි දියුණු කරගත්තා. ඩිජිටල් බට්ටට සමුදීලා DSLR එකක් ගන්න නාහෙං අඬ අඬා ඉද්දි තාත්තා ඒකත් අරං දුන්නා..

ඡායාරූපකරණය කියන්නෙ ඉගෙනගෙන ඉවරකරන්න පුළුවං කලාවක් නෙවේ මං හිතන්නෙ. තමං ඡායාරූපයට ගන්න අලුත් රාමුවක් පාසා අලුත් අත්දැකීමක්, අලුත් දෙයක් ඉගෙනගන්නවා.

ඔය අතරෙ පිළිවෙලකට මේ දේ ඉගෙනගන්න මට ඕන වුණා.

ශ්‍රී ලංකාවෙ ප්‍රසිද්ධම ඡායාරූපශිල්පියෙක් වෙච්ච විල්සන් හෑගොඩයන්ගෙ පුත් ලාල් හෑගොඩ සර් ගෙ ඡායාරූපකරණ පාඨමාලාවට ඇතුළත් වෙන්න මට තිබුණෙ පුදුම ආසාවක්. හතු පිපෙන්නා වගේ කොළඹ පුරාම පොටෝ පන්ති තිබුණට ලාල් හෑගොඩ සර්ගෙ ඡායාරූපකරණ පාඨාමාලාවට යනවමයි කියල හිතාගත්තා.

ඒත් මාස දෙකක් හොඳට කාල බීලා ජීවත් වෙන්න පුළුවං ගාණක් වියදම් කරල කැමරාවකුත් අරං දීපු මගෙ දෙමව්පියන්ගෙන් ඒ මදිවට තව පන්තියකට යන්නත් රු.විසිපන්දාහක් ඉල්ලන්න මට මගෙ හිත ඉඩ දුන්නෑ..

අනවශ්‍යයයි කියල හිතුණු ඔක්කොම වියදම් නැවැත්තුවා. හම්බවෙච්ච හැම රුපියලම (සතේ ඒව දැං නෑනෙ :D) එකතු කරල අන්තිමේදි ගාණ ගොඩ දාගත්තා. කොටින්ම කිව්වොත් අවුරුද්දට ඇඳුමක් ගන්න කියල දීපු සල්ලිත් හෙමීට පොතට දැම්මා.

ගාණ හදාගෙන ක්ලාස් එක ගැන අයිඩියා එක අම්මට කියල බැලුවා. එදා ඉඳංම ඉතිං තාත්ගෙන් අහන්නෙ නැතුව මෙලෝ දෙයක් නොකරපු හින්ද හම්බවෙන උත්තරේ මං දැනං උන්නා.

"තාත්තගෙන් අහල බලමු"..

සිකුරාදා.. එදාට එහෙ නිවාඩු..

තාත්තා ආවා ස්කයිප්.. අම්මා ඇහුවා මේ ගැන.. මං සල්ලි හිටං එකතු කරගෙන තියෙන්නෙ කියලත් කීවා.

ක්ලාස් එක ගැන විස්තර ටික අහල තාත්තා දීපු උත්තරෙන් මං උඩ ගියා..

"හරි ඔය සල්ලි ටික ඔයාගෙ පොතට දාගන්නව.. course එක කරන්න ඕන සල්ලි ටික මං හෙට එවන්නං.. " :)

තාත්තගේ ආදරේ මහ සාගරේ වගේ කියනවනෙ..

ඉහේ මල් වත්තක්ම පිපුණු හැපී එකෙන් ටක්ගාල ලාල් හෑගොඩ සර්ගෙ සයිට් එකට ගිහිල්ලා විස්තර ටිකත් දැනගෙන මුහුණුපොතේ හිටපු යාළුවෙක්ගෙන් පන්තිය තියෙන්නෙ බම්බලපිටියෙ පොලීසිය ඉස්සරහ බිල්ඩිමේ කියලත් දැනගත්තා..මගෙ වාසනාවටමද මන්දා ඊළඟට ළමයි ඇතුළත් කරගන්න දිනය තිබුණෙ ජූලි හය කියල..

ගිය ඉරිද උදේම බම්බලපිටි ගියා. එන්න කියල තිබුණෙ උදේ අටට වුණාට සංචාරක තෙමේ උදේ හත වෙනකොට එහෙ. කලිං දවසෙ ෆෝන් එකේ තිබ්බ ඇප් කෑල්ලකින් කොල්ලුපිටියෙ ඉඳං බම්බලපිටියට යන බස් එක සර්ච් පාරක් දාල බලපුවාම ආවෙ 100, 101 කියල නොවැ..කොල්ලුපිටිය බස් ස්ටෑන්ඩ් එකෙං බැහැල ටිකක් ඇවිදල බැලින්නං මෙන්න බොලේ පාරවල් වන් වේ කරල එක විකාරයයි.. කොහොමහරි බස් එකට නැගල බම්බලපිටිය පොලිසීය ගාවට ටිකට් එකක් අරගෙන ගූගල් මැප් දෙයියන්ගෙන් බම්බලපිටිය පොලෝසීය තියන තැනත් හොයාගෙන GPS මෙව්ව එකත් ඕන් කරගෙන මූණ ෆෝන් එකේ ඔබාගෙන හිටියා. බුකියෙ හිටපු උන්දැ කිව්වෙ එච්චර දුරක් නෑ කියල. ඒ වුණාට බස් එක ගියාට GPS මෙව්ව එක යන්නෑ..

එදා තමයි මං තේරුං ගත්තෙ තාක්සණේ එච්චර විස්වාස කරන්න හොඳ නෑ කියල.. කිලෝමීටරයක් විතර ආපහු ආවා.. -_-

පැයක් කලිං ආපු හන්ද හොඳයි..

ලාල් හෑගොඩ සර්ව ඉස්සෙල්ලාම හමුවුණු දවස එදා. ඇත්තටම ඡායාරූපකරණය කියන්නෙ මොකක්ද කියල මං තේරුම් ගත්තෙ එදා.

ඉතිං මේක මගෙ තවත් සැබෑ වුණු සිහිනයක්..

ලාල් හෑගොඩ සර් ශ්‍රේෂ්ට ඡායාරූපශිල්පියෙක් වගේම විශිෂ්ට කවියෙක්..

බුලු ගහ යට කවි පන්තිය මීට කළිං දාල ඇති..

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com24tag:blogger.com,1999:blog-6772937444369286751.post-83390394467035277152014-07-01T20:09:00.002+05:302014-07-02T11:38:55.294+05:30මහල්ලා සහ මුහුද | The Old Man and the Sea

"ඔවුහු හොඳට යාත්‍රා කළහ. නිතර කරදියෙන් දෑත තෙමා ගත් මහල්ලා හොඳ සිහියෙන් සිටීමට වෑයම් කළේය. අහසේ රැස් වන්නට වූ කුමුලස් වළාකුළු උඩින් ප්‍රමාණවත් තරම් කුන්තල වළාකුළු තිබුණු හෙයින් රෑ එළි වන තෙක් සුළඟ නොමඳව හමන බව මහල්ලා දැන ගත්තේය. තමා මහ මාළුවකු අල්ලා ගැනීම සිහිනයක් නොව සැබෑවක් බව සැක හැර දැන ගැනීම පිණිස මහල්ලා නිතර මාළුවා දෙස බැලුවේය. මෙය සිදු වුණේ ඔහුට පළමු වන මෝරා පහර දීමට පැයකට කලින්ය."

පොත ලියල තියෙන්නෙ 'අර්නස්ට් මිලර් හෙමින්වේ'. 1951 දි.

පෙරේදා පුස්තකාලයට ගිය වෙලේ ගත්තු පොත් අතර මේකත් තිබුණා.

පොතේ කතෘ, අර්නස්ට් හෙමින්වේ, ඔහුගේ ජීවිත කාලය පුරාම අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබා ගත්ත පුද්ගලයෙක්. පුවත්පත් වාර්තාකරුවෙක් හැටියට ග්‍රීක යුද්ධයට, ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට, දෙවන මහා යුද්ධයට සහභාගි වෙලා ජීවිතයේ ඉතුරු කාලය සාහිත්‍ය කරුවෙක් ලෙස ගත කරලා. ඒ වගේම හෙමින්වේ දඩයක්කාරයෙක්, මසුන් මරන්නෙක්.

ඔහු දවසක් උදේම මසුන් ඇල්ලීමට මුහුදු යන්න ගිය වෙලාවක 'මැනුවෙලි උලිබාරි මොන්ටේස්පෑන්' නම් කියුබානු ධීවරයෙක් අහම්බෙන් හමු වෙනවා. ඔහු හෙමින්වේට ඔහුට සිදු වූ දුක්මුසු සිදුවීමක් ගැන පවසනවා.

හෙමින්වේ 'The Old Man and the Sea' නමින් රචනා කරන්නෙ ඒ කතාව.

කතාවනං බොහොම සරළයි. නමින් 'සන්තියාගෝ' කියන මසුන් මරන මහල්ලෙක්ට අවාසනාව පිරුණු දවස් අසූ හතරකට පස්සෙ වාසනාව පෑදෙමින් බිලී කොක්කට විශාල මාළුවෙක් අහුවෙනවා. අන්තිමේදි මේ මාළුවා අල්ලගන්න සන්තියාගෝට විශාල වෙහෙසක් දරන්න වෙනවා. ඒත් ආයිමත් අවාසනාව සන්තියාගෝට පහර දෙන්න පටන් ගන්නවා...!! ජයග්‍රහණය, පරාජය, දුක, වේදනාව, හාස්‍ය පිරුණු කතාවක් තමයි මහල්ලා සහ මුහුද.

"මේ කතාව ලිවීමේදි මා අනුගමනය කළේ මුහුදේ පාවෙන හිම පර්වතයක පිළිවෙත. හිම පර්වතයෙන් අටෙන් හතක් පමණ දිය යට නොපෙනී පාවෙන අතර දියෙන් මතු වී පෙනෙන්නෙ අටෙන් කොටසක් පමණයි. මසුන් මැරීම හා කියුබානු ධීවරයන්ගෙ ජීවිතය පිළිබඳ මගේ දැනුම හා අත්දැකීම් ඇතුළත් කොට මහල්ලාගේ කතාව ඇසුරෙන් මට මහා නව කතාවක් ලියන්නට තිබුණා. නමුත් කතාව ලිවීමේදි මා ඒ සියල්ල ඉවත දමා අවශ්‍ය දෙය පමණයි ගත්තෙ. නවකතාකාරයා ලිවිය යුත්තෙ තමා දන්නා දෙයින් අවශ්‍යම දෙය පමණයි. අනෙක් සියල්ලම ඔහු විසින් ඉවත දැමිය යුතුයි. කතාව ශක්තිමත් වෙන්නෙ එවිටයි. එය තමාගෙ ආත්මයෙන් පෙරී එන හරයයි. මම මේ පොත ලිව්වෙ බොහොම ලොකු වෑයමකින්. මා එය දෙසීය වාරයකටත් වඩා කියවා තියෙනවා. ඒ හැම විටම මා තුළ කිසියම් විපර්යාසයක් ඇති වන බව මට දැනෙනවා."

~අර්නස්ට් හෙමින්වේ~

කෙටියෙන් කිව්වොත් මට දැනෙන්නෙ මහල්ලා සහ මුහුද ගොඩක් සරළ කතාවක්. ඒත් සරළ බව සාර්ථකත්වය මනින්න පුළුවන් සාධකයක් නෙවේ.

හෙමින්වේට මේ පොත සඳහා ඇමරිකන් ෆුලිස්ටර් ත්‍යාගයත්, නොබෙල් ත්‍යාගයත් හිමි වුණා. කියුබානු ජාතිකයන් හෙමිංවේට ඉහළම රාජ්‍ය සම්මානයක් දීල ජාතික වීරයෙක් හැටියටත් නම් කරා.

'The Old Man and the Sea' 'මහල්ලා සහ මුහුද' නමින් සිංහලයට පරිවර්තනය කරල තිබුණෙ සිරිල් සී. පෙරේරා.

පස්සෙ කාලෙකදි මේ නමින් Animation කෙටි චිත්‍රපටියකුත් නිර්මාණය වෙලා. :)

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com24tag:blogger.com,1999:blog-6772937444369286751.post-38458713499627931582014-06-22T19:05:00.001+05:302014-06-22T20:19:32.104+05:30ඇඩිෂම් වලට ගිය ගමන හවස තුනට විතර පිටකොටුවෙන් බදුල්ල බස් එකේ පිටත් වුණේ හපුතලේ බලා යන්න. ඇඳුම් ටිකයි අනික් ලට්ට ලොට්ට ටිකයි තියෙන බෑග් එක සීට් එක යටින් දාල කැමරා බෑග් එක විතරක් අතේ තියාගත්තෙ වැඩි ආරක්ෂාවට කියල හිතලමයි. සති අන්ත දවසක් හින්ද අවිස්සාවේල්ල පහු කරාම හුස්මක් කටක් ගන්නවත් ඉස්පාසුවක් නැති තරමට සෙනඟ පිරිලා. හපුතලේ තිබුණා අපෙ මාමා කෙනෙක් බලාගත්ත ගෙස්ට් හවුස් එකක්. හපුතලේ නගරයෙ තියෙන උසම තැන තමයි මේක තිබුණේ. ඉතිං මං අවුරුද්දකට වතාවක් විතර සති දෙක තුනක් හපුතලේ ගත කරන්න පුරුදු වෙලා හිටියා.

පැය කිහිපයකින් විතර හපුතලේ නගරයට ළඟා වෙනකොට මීදුමෙන් මුළු පළාතම වෙළාගෙන. සීතල ඉවසගන්න බැරි හින්දමද මන්ද කකුල් දෙක ඉක්මනින්ම ත්‍රීවීල් රථයක් දෙසට පිය නැගුවා. මාමා කිව්ව හැටියටනං ඒ දවස් ටික හපුතලේට එච්චර හොඳ කාලගුණයක් නෙමෙයි තිබිල තියෙන්නෙ. මුළු දවස තිස්සෙම අනෝරා වැස්ස. පස් කඳු කඩං වැටිල පාරවල් අවහිර වෙලා.

වාසනාවකට වගේ පහුවෙනිද වෙනකොට වරුසාව නතර වෙලා අව්ව පායල පැහැදිලි කාලගුණයක පෙර නිමිති පහල වෙලා තිබුණා.

ඔය ඉන්න අතරෙ හපුතලේට කිලෝමීටර් හතරක් විතර දුරින් තියෙන සාන්ත බෙනඩික් තාපාසාරාමය හෙවත් ඇඩිෂම් බංගලාව බලන්න යන්න අදහසක් පහළ වුණා.

කැමරාවත් බෑග් එකට දාගෙන ගමන පයින්ම යන්න පිටත් වුණා. යන අතරමග තනිකරම තිබුණෙ තේ වතු, කඳුකරය..

ස්ට්‍රෝබෙරි, ජෑම් පේර කඩවල් පාර අයිනෙ. වෙසක් නිවාඩුව හන්ද කඩවල් කිහිපයක් වහල. හපුතලේ කියන්නෙ බොහොම සාමකාමී නගරයක්. බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික කියල භේදයක් නෑ.

විශාල වනාන්තරයක් මැදින් තිබුණු කෙටි තාර පාරක් දිගේ ගිහිල්ල අන්තිමේදි ඒ ප්‍රපාතවත් පෙනුමක් තියෙන් බංගලාවට ආව.

මේ බංගලාව හදල තියෙන්නෙ 1931 ඉංග්‍රීසි වැවිලිකාර රදළයෙක් වුණු සර් තෝමස් ලිස්ටර් විලියස් (Sir Thomas Lister Villiers).

තෝමස් ලංකාවට ඇවිල්ල තියෙන්නෙ බොගවන්තලාව, ඇල්බැද්ද වතුයායෙ නිලධාරියෙක් විදිහට. ලංකාවට එනකොට තෝමස්ගෙ සාක්කුවෙ තිබිල තියෙන්නෙ පවුම් දහයක් විතරයි. ඊට පස්සෙ තමයි වැවිලි කර්මාන්තයෙ යෙදිල දියුණු වෙලා තියෙන්නෙ.

බංගලාව මුළුමනින්ම ගොඩනගල තියෙන්නෙ කළු ගලින්. දැකුම්කළු ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකින් නිර්මාණය කරල තියෙන මේ බංගලාවෙ වහලය වගේම ජනේල, පඩිපෙල්, දොරපලු, බිම හදල තියෙන්නෙ බුරුම තේක්ක වලින්. බංගලාව නිර්මාණය කරල තියෙන්නෙ R. Booth සහ F. Webster කියන ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනා විසින්. බංගලාව ඇතුලෙ ඡායාරූප ගැනීමට අවසර දෙන්නෙ නැහැ. මේ අන්තර්ජාලයෙන් ලබා ගත්ත කිහිපයක්. ඒ වගේම නරඹන්න දෙන්නෙත් බංගලාවෙ සීමා සහිත කොටසක් විතරයි.

බංගලාව ඇතුලෙ තියෙන සියළුම ගෘහ භාණ්ඩයක්ම ඉතා පැරණි වටිනා දේවල්. රේඩියෝ, පිඟන් භාණ්ඩ, පොත්, ආදි බංගලාවෙ තියෙන නොයෙකුත් විච්චූරණ සිත ආදි කාලෙට ගෙනියනවා.

පස්සෙ කාලෙකදි සර් තෝමස් මිය ගියාම පස්සෙ 1961 දි සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායෙ පූජකවරයා විසින් මේ සුවිසල් බංගලාව තාපාසාරාමයක් විදිහට පවත්වගෙන ගිහිල්ලා. අදටත් සියලුම නඩත්තු කටයුතු වගේම මේ බංගලාව පවත්වගෙන යන්නෙත් ඔවුන් විසින්. ඇඩිෂම් බංගලාව විසින්ම නිෂ්පාදනය කරන ජෑම්,කෝඩියල් වගේ ඒව විකුණල තමයි නඩත්තු කටයුතු වලට ඕන කරන මුදල් හොයාගන්නෙ.

ඔවුන්ගෙ ආදර්ශ පාඨය "යාඤාව සහ වැඩ කිරීම".

පැයක් පමණ එතන ගත කරල ආයිමත් එනකොට මීදුමත් එක්ක වැහි පොද ටිකකුත් බිම පතිත වෙන්න පටන් ගත්තත් පොඩි වෙලාවකට විතරයි. ඒ වුණත් කොයිකටත් කියල ඉක්මනටම ආවා.

මං හිටපු ගෙස්ට් හවුස් එකේ මල් වවන්න භාර වෙලා තිබුණෙ රාජා කියන දමිළ මාමා කෙනෙක්ට. රාජාගෙ ගෙදර හිටිය ඇති කරන ගිරවෙක්. සංචාරක තෙමේ ඉතිං කුරුල්ලෙක් දැක්කොත් ෆොටෝ එකක් ගන්න අමතක කරන්නෙ නෑනෙ.

මේ ඉන්නෙ අළු ගිරවෙක්. රු.500 නෝට්ටුවෙ ඉන්නෙ මෙයා.

ප.ලි. - ඇඩිෂම් බංගලාවේ ඇතුළත ඡායාරූප ගැනීමට අවසර නොමැති නිසා ඇතුළත ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි..

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com22tag:blogger.com,1999:blog-6772937444369286751.post-36003987405612586922014-06-13T19:49:00.001+05:302014-06-13T20:15:09.711+05:30කූඩු හැදිල්ල සහ ඇම්ඩන්ගෙ ගැටේ

වෙසක් වලට හදපු වෙසක් කූඩුව වැස්සට තෙමිල කීතු කීතු වලට ඉරිල ගිහිල්ලා. මේ පාර එකයි හැදුවෙ. ඒක හින්ද ලොකුවටම හැදුව. මොනව කරන්නද ඉතිං ඔය දේ තමයි ලෝකෙ වෙනස් වෙන්නැති එකම දේ...

ඔය අතරෙ මට තවත් පාසල් මතකයක් සිහියට ආව. වෙසක් කාලෙට ඉතිං ඉස්කෝල වල වෙන වැඩක් නෙ කූඩු හදන එක. එක අවුරුද්දක අපි හිටපු සෙක්ෂන් එකට භාර දුන්නා වෙසක් වලට ලොකු කූඩුවක් හදන්න. එතකොට අපි දහය වසරෙද කොහෙද. ඔය කාලෙට හෙන ජොලි ලු. මොකද ආයි ඕක හදල ඉවරවෙලා වෙසක් දවසට ලයිට් දාල පත්තු කරල පෙන්නනකං ඉගැන්විල්ලක් නෑනෙ.. :D වෙසක් දවසට සති දෙකක් විතර තියල ඉතිං වැඩේ පටන් ගන්නව. ඔය කිව්වට පළවෙනි දවස් දෙක තුනේ වැඩේ කෙරෙන්නෙ කටින්. කට්ටියක් අටේ නවයෙ පන්ති ගාණෙ ගොහිං මල් කැඩීමේ රාජකාරිය අරඹනව. තවත් කට්ටියක් හිටිය කොඩි ගස් පැනීමේ උණ තියෙන. පන්තියට ටිකක් එහායින් පොඩි පිට්ටනි කෑල්ලක කොස් ගහකුයි කොට්ටං ගහකුයි තිබ්බා. ඔය ගස් දෙක තමා කුණ වුනේ. කුණ කියන්නෙ කොඩි ගස් පනිද්දි ගන්න ගස් දෙකනෙ. :P කොහෙද දැං කාලෙ පොඩි එවුං ඕව දන්නවැයැ. ඕක තමා ඒ කාලෙ අපේ ප්‍රියතම සෙල්ලම.

ඔහොම ඉඳල දවස් දෙක තුනකිං කූඩුව හැදිල්ල පටන් ගන්නවා. හදන කූඩුව මොන වගේ එකක්ද කොච්චර ලොකුද කියල එහෙම තීරණය කොරල ඉස්සෙල්ලාම හට් එක ගහං ඉන්න ඕන හන්ද ඔය ඉස්කෝලෙට අඩි දෙකේ තුනේ දුරින් හිටපු ළමයිංගෙ ගෙවල්වලිං මන්න, කැති, පොරෝ එහෙම හොයං ඇවිල්ල යනව උණ ගස් ටිකකුයි පුවක් ගහකුයි කපන්න. හංවැල්ල වගේ සුළු නාගරික පැත්තක අපේ ඉස්කෝලෙ, ඒ කියන්නෙ රාජසිංහ මධය විද්‍යාලය තිබ්බත් ඉස්කෝලෙ වටේම තියෙන්නෙ වෙල් යායවල්, මඩ වගුරු, රබර් වතු කෑලි. දහ පහළොස් දෙනෙක් විතර සෙට් වෙලා ගියා ඕං උණ ගස් පඳුරු හොයාගෙන. රටේ නැති වල්පල් දොඩෝ දොඩෝ ගිහිල්ල අන්තිමේදි හොඳ උණ පඳුරක් හොයාගත්තා. සෙට් එකේ හිටිය එකෙක් මෑන් ට කිව්වෙ ඇම්ඩන් කියල. :D මිනිහට ඒ නම හැදිච්ච හැටිනං තාමත් මං දන්නෑ. ඔය කැපිලි කෙටිලි වැඩ වලට මුලින්ම අතගහන්නෙ මිනිහ තමා. ඕං ඉතිං දහ පහළොස් දෙනෙක් ආවට තුන් හතර දෙනෙක් සෙට් වෙලා උණ ගස් ටික බිම පත බාන්න පටං ගත්තා. ටික වෙලාවක් යනකොට නිකං කටු අනිනව වගේ දැනෙන්න පටන් ගත්තා. බැලින්නං උණ ගහක තිබ්බ ලොකු දිමි ගොට්ටක් බිමට පත බෑවිලා ඇවිස්සිලා. කොහොමහරි අන්තිමේදි උණ ගස් හතරක් පහක් කපල උස්සං ආවා. ඔය එන අතරමගදි ගෙවල් වල පාර අයිනට වෙන්න තිබ්බ පේර ගස්වලට එහෙම මුකුත් වුණේ නෑ.!! :D

තවත් අමතක වෙන්නැති වැඩක් වුණේ පුවක් ගහ කපන්න ගිහිල්ලා. කපන්න ගිය පුවක් ගහ තිබුණෙ ඉස්කොලෙට ළඟින්ම තිබුණ ගෙයක් එහා පැත්තෙ තිබුණ පාළු වත්තක. ඒ ගෙයයි පාළු වත්තයි වෙන් වුණේ කම්බි වැටකින්. ඕකටත් ඉතිං මුල් තැන ගත්තෙ ඇම්ඩන් තමා. පුවක් ගහ තිබුණෙ කම්බි වැටට ළඟින් වෙන්න. පුවක් ගහ කපන්නත් ඕනෙ කම්බි වැට බේරගන්නත් ඕනෙ. ඇම්ඩන් ළඟ තිබ්බ කොස් ගහට නැගල අත්තක් දිගේ ගොහිං පුවක් ගහේ මුදුනෙන් ලණුවක් අරගෙන බැඳල ලණුවෙ අනික් කොන කොස් අත්ත උඩින් පල්ලෙහාට දැම්මා. මිනිහ ගස් බඩ ගාන්නත් හෙන සූරයා. කට්ටිය ලණුව හයියෙන් අල්ලගෙන ඉන්න අතරෙ ඇම්ඩන් පුවක් ගහ කපන්න පටන් ගත්තා. අන්තිම ටික කපාගෙන ඉවර වෙනකොටම ඇම්ඩන් දාපු ගැටේ හොඳකම හින්දම පුවක් ගහ කම්බි වැටත් කඩාගෙන බිමට පත බෑ වුණා. අපේ වාසනාවට ඒ ගෙදර හිටියෙ අහිංසක සීය කෙනෙකුයි ආච්චි කෙනෙකුයි. ඕක හදාගන්න බැරියැ කියල අපිට පුවක් ගහත් අරං යන්න කිව්වා. පස්සෙ ඉතිං කට්ටියම එකතු වෙලා පුවක් ගහ කර තියං කූඩුව හදන තැනටම ගෙනිච්චා. හැබැයි මට මතකයි මට ඉස්සරහිං හිටපු එකා කොටයි. මං හිතන්නෙ මිනිහ පුවක් ගහේ එල්ලිලා ආවෙ. :D

කූඩුවත් හදල ඉවර වුණා. හුටා..කූඩුව කරකවන්න මෝටරයක් ඕනෙ. ඔය සෙට් එක අතරෙ හිටියා ඔය ඉලෙක්ට්‍රික් වැඩ වලට එහෙම දස්ස හාදයෙක්. කාගෙවත් ගෙදර හොයාගන්න මෝටරයක් තිබ්බෙ නෑ. මිනිහ මොකද කරේ පන්තියෙ එල්ලල තිබ්බ ෆෑන් එක ගලෝල මෝටරේ ගත්තා. කොහොමහරි වෙසක් දවසත් ඉවරවෙලා දවස් දෙකු තුනක් යනකං මේක ටීචර්ස්ලට මාට්ටු වුණේ නෑ. අන්තිමට පන්තියටම අම්බානකට බැනුම් අහන්න සිද්ධ වුණා.

කූඩුව අලෝල ලයිට් එල්ලන වැඩේ සිද්ධ වුණේ වෙසක් දවසට ඉස්සෙල්ල දවසෙ. ඉස්කෝලෙං පස්සෙ හවස් වෙනකංම හිටියා. ඒ දවස් මතක් වෙනකොටත් හිනා යනවා. කූඩුව අලෝල සැරසිලි දාන එක ඉතිං පිරිමි පාර්ශවේට තිබ්බ රාජකාරියක් නෙවේ නොවැ. අර ඉස්සෙල්ලා කිව්ව කොස් ගහේ වැල ගෙඩියක් තිබුණ. සුවඳේ ඉන්න බෑ. ඕක ඔහොම එල්ලි එල්ලි තියෙද්දි කොහොමද බලං ඉන්නෙ. ඇම්ඩන්ට පිං සිද්ධ වෙන්න ඒ වැල ගෙඩියත් කඩං කෑවා.

ඔහොම කරපු පිස්සු වැඩ ගොඩක් අන්තිමේදි කූඩුවත් හදල ඉවර වුණා. වෙසක් දවසෙ රාත්තිරියෙදි ලයිට් පත්තු කරල කූඩුව ගමේ හැමෝටම පෙන්නද්දි තියෙන සතුට...! කියල නිම කරන්න බෑ...

ඒ වගේ අනන්තවත් සුන්දර මතකයන් ජීවිතේට එකතු කරපු මගෙ පාසලට සමුදෙන්න තියෙන්නෙ තවත් මාස දෙකක් විතරයි...!!

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com20tag:blogger.com,1999:blog-6772937444369286751.post-15015656191188008282014-06-04T18:45:00.000+05:302014-06-04T19:49:38.762+05:30දුම් කලාව | Smoke Photography අලුත් කැමරාව අරං මාස දෙකක් වත් ගත නොවුනට ඒ ටික කාලටෙ කැමරාවෙං ගත්තු වැඩනං ගොඩයි. මුළු දවස තිස්සෙම වහිනව. ඉතිං මේ ටිකේ කැමරාව නිවාඩු ගොහිං. එහෙමයි කියල නිකං ඉන්න පුළුවනයැ. ඉතිං ඔහොම ඉන්නකොට හිතුණා දුමක් ගහන්න.. :P හැබැයි හඳුන්කූරකින්..! :D

වැඩේ කරන්න මං පාවිච්චි කරේ කැමරාවයි, 50mm Prime ලෙන්ස් එකයි, හඳුන්කූරු දෙහෙකුයි, LED ටේබල් ලෑම්ප් එකයි, කළු පාට කමිසයකුයි..!

ඔක්කොටම ඉස්සෙල්ල මේ ටික අටෝගෙන ඉන්න ඕනෙ. පසුබිම කළු පාටින් අඳුරු කරන්න ඕන හින්ද ඉස්සෙල්ලාම කමිසය රැඳෙව්ව.

හඳුන්කූරු දෙක මෙව්ව එහෙකිං රඳවල තිබ්බ. :P

දුම ආලෝකවත් කරන්න මං ගාව Flashers නැති හින්ද LED ලෑම්ප් එකකින් පැති ආලෝකයක් දුන්න. කැමරාවෙ Flasher එක භාවිතයෙන් නං එච්චර සාර්ථක වෙන්න බෑ කියල හිතුණ.

ඡායාරූපය ගන්න වෙලාවෙදි ඇතිවෙන සෙලවීම් වලිං බොඳ වීම නැති කරගන්න Tripode එකක් පාවිච්චි කරා.

මේ වැඩේ කරන පරිසර තත්වය හුළං හමන්නෙ නැති තැනක් වෙන්න ඕනෙ. ජනෙල් ටික වහල දැම්මාම හරි ඉතිං.

ඔක්කොම අටෝගෙන ඉවරයි.

දැං තියෙන්නෙ අවසාන episode එක.

ආලෝක තත්වය අනුව කැමරාවෙ සැකසුම් හදාගන්න ඕනෙ. Shutter Speed එක 1/200 ක් ගත්ත. Aperture එක f/2 ක් වගේ ගාණකට තියාගත්ත. ISO ගොඩක්ම ඉහළ දැම්මොත් ඡායාරූපයෙ ඇති වන Noise (ඒ Noise නෙවේ මේ Noise) ප්‍රමාණය වැඩි වෙනව. ඒ හින්ද 200 කට විතර දා ගත්ත.

Shoot...!!

දුම් වලිං විවිධ රටා මැවෙන විදිහට පොඩි හුළඟක් දුන්නට කමකුත් නෑ..

නිවැරදි අවස්ථාව ග්‍රහණය කර ගැනීම තමා වැදගත්..

සාර්ථකයි කියල හිතෙනකං විවිධ රටා වල ඡායාරූප ගත්තා.

පස්සෙ Adobe Lightroom වලිං පොඩ්ඩක් Contrast, Brightness වගේ ඒව හදල පසුබිම තව කළු කරන්න ඕන්නං එහෙමත් කරල, කැමති Effect එකක් යොදල අන්තිමේදි මේ වගේ ටිකක් ප්‍රතිඵලේ විදිහට හම්බුණා..!

Dancers

Pattern of the Smoke

Dragon

Women

Understanding Photography is Understanding Light.. :)

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com20tag:blogger.com,1999:blog-6772937444369286751.post-10621895598155837132014-06-01T13:12:00.000+05:302014-06-01T13:12:59.540+05:30කියවිල්ල | Reading

මැයි මාසයටම ලිව්වේ එක ලිපියකි. බ්ලොග් එක පාළුවට ගොහිංය. අන් කිසිවක් නිසා නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ගේ 'වානේ පන්නරය ලැබූ හැටි' කෘතියේ දෙවැනි කොටස හම්බවීමයි. එය මා කවදත් ප්‍රිය කරන රුසියානු කෘති පරිවර්තකයෙක් වන දැදිගම වී.රුද්‍රිගු ගේ අනුවාදයකි.

මෙය විචාරයක් නොවේ..මට විචාර ලිවීමට දැනුමක් නැත.

මුළු ලෝකයෙන්ම මා වෙන් වී හුදෙකලා වන මොහොතක් ඇත. ඒ පොතක් කියවන විටයි.

මා වඩාත් ප්‍රිය කරන්නේ ලාංකීය ඉතිහාසය ගැන පොත් වලටය. එහි ආරම්භය රොබට් නොක්ස් ගේ 'එදා හෙළ දිව' ය. ලංකාව ගැන ලාංකීය නොවන විදෙස් ලේඛකයන් විසින් ලියූ පොත් මට අගනා වස්තුවක්ය. වෙනස් රාමුවකින් ලංකාව ගැන විස්තර කරන විට එය වඩාත් රසවත්ය. එදා හෙළ දිව එහි මුදුන් මල් කඩකි.

"උගුල් ඇටවීමත් හන්දි වෙදකමටත් ඔවුන් තරම් දක්ෂයෝ මුළු ලෝකයෙහිම නැත්තෝය. බතකුත් මාළු දෙකකුත් උදවු වන්නට කලියෙන් ඔහුට පත්තුවක් ගල්වා බිදුණු හන්දියක් ප්‍රකෘතිමත් කළ හැකිය."  -එදා හෙළ දිව-

බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව, විල්හේල්ම් ගයිගර් ගේ ලංකා ගමන ඉන් කිහිපයකි. සංචාරය පිළිබඳ පුදුම උණකුත් ඇති වූයේ මේ නිසාමය.

ඒ ගැන අපේ රටේ ලේකඛයන් විසින් ලියූ පොත් කිහිපයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'කළුනික සෙවීම' මා වඩාත් ආසාවෙන් කියවූ පොතකි. එස්.පී.එස්. වීරසිංහ නැමැති සොඳුරු සංචාරකයා විසින් ලිවූ හුළං හොරු, මුනි සිරිපා සිඹිමින්නේ වැනි පොත් පෙළත් අගනේය.

ඒ පොත් මේ පොත් කියා විශේෂයක් නැත. අහුවෙන ඕන පොතක් මා කියවයි. ඒ කාලෙ නොහොත් හිච්චි කාලෙ :P කියවිල්ල පටන් ගත්තේ වික්‍රමසිංහයන්ගේ මඩොල් දූවෙනි. ඒ කාලෙ වීරයා උපාලි සහ ජින්නා ය. නැවත නැවත කියවමින් ඒ පොත අනේක වාරයක් රසවින්දේ ය. මා හිතාන උන්නේ මඩොල් දූව යනු කතාවෙ එන ස්ථානයක් පමණක් බවය. දවසක් අපි චාරිකාවක් යන අතරමගදී තාත්තා බෝඩ් ලෑල්ලක් පෙන්නා "අර තියෙන්නෙ මඩොල් දූවට යන පාර" කියා පුංචි අතුරු පාරක් පෙන්නුවේ ය. හුටා..! මඩොල් දූව කියන්නෙ ඇත්ත තැනක්ද..!? සතුට ඉයවහ ගියේය...!!!

තාමත් මට වික්‍රමසිංහයන්ගේ පොත් සියල්ලම කියවා නිම කිරීමට බැරි වී තිබේය. කියවා ඇත්තේ ගම්පෙරළිය,උපන්දා සිට, යුගාන්තය, අපේ ගම, කලි යුගය, කළුනික සෙවීම, විරාගය හා මඩොල් දූව පමණිය. වික්‍රමසිංහයන්ගේ පොත් වලින් මා හට අමතක නොවනම චරිතය විරාගයෙහි අරවින්ද ය.

මහගමසේකරයන්ගේ ද පොත් කිහිපයක් කියවා ඇත. හෙට ඉරක් පායයි, ප්රබුද්ධ, තුංමංහංදිය ආදී පොත් ඉන් මා කියවූ වඩාත් රසවත් ඒවාය. මහගමසේකරයන්ගේ කාව්‍ය කෘති වල ඇත්තේ වචනයට නැඟීමට බැරි අමුතුම සුන්දරත්වයකි.

"වසා දමමි මුළු මහත් අතීතය

වසා දමමි අනාගතය

වර්තමානය පමණි ජීවිතය

එකෙනෙහිම අතීතය හොරෙන් විත්

පෙනෙන නොපෙනන දුරට

පෙන්වයි ඇඟිල්ල දික් කර

අර බලපන් අර බලපන්

අනාගතේ සොඳුරු සිහින"

මෑතකදී මා දුටු අන්තර්ජාල ලිපියක සඳහන් වූයේ පිටරටක එක්තරා පොත් කියවන මිනිසෙකු තම නිවස ඉදිරිපට තැපැල් පෙට්ටියක් වැනි පොත් කිහිපයකින් පිරවූ ජංගම පුස්තකාලයක් තනා ඇති අයුරුය. ඕනෑම කෙනෙකුට කැමති පොතක් ගෙන ගොස් කියවා නැවත එහි තැබීමට හැකිය. මෙවැන්නක් වර්තමාන ලංකාවෙ සිදු කරහොත් සිදුවන දේ මා නොදනී...!?!

මගේ එක් පුරුද්දක් වන්නේ කියවන සෑම පොතකම නම හා යම්කිසි විශේෂ දෙයක් වී නං එය කුඩා දිනපොතක සටහන් කිරීමය. එය මා හට ආශ්වාදයක් ගෙන දෙන්නකි. සමහර වෙලාවට පුස්තකාලයෙන් ගෙනෙන පොත් කියවන්නේම නැතුව ආපසු භාර දෙන අවස්ථාද ඇත. ඒ ඊට වඩා රසවත් පොතක් මිලදී ගත් විට හෝ හම්බුණු විටය.

තවත් නොයෙකුත් රසවත් වටිනා පොත් කියවා ඇතත් ඒවා සටහන් කිරීමෙන් ලිපිය දිග්ගැස්සෙයි.

කුමක් හෝ ලියා තැබීමේ අරමුණින් අරමුණක් නැතුව ලිවීමට පටන් ගත් පෝස්ටුව අවසන් වූයේ මෙසේය. වචන ලස්සනට හසුරුවා ලිපි ලිවීමට හැකියාවක් මට නැතය... :P

නොක්ස්, වික්‍රමසිංහයන්, මහගමසේකර, ඩොයිල්, මක්සිම් ගෝර්කි ආදී එකී නොකී ලේඛකයන් ඔස්සේ ඇවිත් දැන් මගේ හිත නතර වී තිබෙන්නේ පාවෙල් කොර්චාගින් ළඟය...රුසියාවේය...බොල්ෂෙවික් සංවිධානයේය..!!

"The World is a book..., and those who do not travel read only a page..."

So...

Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com8