උදා හිරු පූජනයේ
පිණිබිඳු සැඟව යන හිමිදිරියේ
විහඟුන්ගේ කූජනයටත් පෙර
ඇසෙන්නේ
දැවමය සිරකුටියේ
සිරගත වුණු ඔබේ හඬයි..
රුපියල් සත කෝටි ගණනින් දන් දී
ලැබෙනා සොච්චම වෙනුවෙන්
කෑ ගසා අයදින..,
ලෑලි කුටියෙන් නික්ම
මාළිගාවක වැජඹෙන්නට
වෛවර්ණ කොල කැබලි අතර
දෝංකාර නගන ධ්වනි තරංග
ඔබේ හඬයි..
පිදුවත් වාසනාව
යනෙන උන් හට
අහිමිය එයම තවමත්
සිතුවම් කරන්නට වර්ණ
කළු සුදු ජීවිතයේ..
පින්තූරය ගූගලයෙනි..
ෆැක්ට්රිය ළඟ ඉන්න සීයගෙ ටිකට් කඩෙන් මාත් හැමදාම ලොතරැයියක් ගන්නවා මචං. ඒ ගන්න හැම මොහොතකම උඹේ මේ කවිය වගේම කවියක් මගේ හිත ඇතුලෙ දෝංකාර දෙනවා. මේ මනුස්ස ජීවිත ගැන පුදුම සංවේගයක් දැනෙනවා.
ReplyDeleteපෞද්ගලිකව මමනං ලොතරුයි ටිකට් පත් ගන්න එකනං කරන්නෑ.. අපෙ අම්මනං ගන්නවා.
Deleteමේ අය විකුණන එක ටිකට් එහකෙට ලැබෙන්නෙ බොහොම පොඩි ගාණක්ද කොහෙද..
මං දන්න තරමට රුපියල් දෙකක්. මම දවසකට එකක් අනිවාරෙන්ම ගන්නවා. මඟ ඇරුනොත් ඉරිදට විතරයි. හැබැයි එකකට වඩානම් ගන්නෙම නෑ කලාමතුරකින් හැර.
Deleteමනොෂ්..
Deleteකෝටි ගානක් හදිසියේ පහල කරගන්න නොවුනට අහිංසකයෙක් ගේ , අහිංසක දරු පවුලක කෝටි ගානක් හීන හැබෑ කරගන්න උඹ සුළුවෙන් හරි දායක වෙන එක ගැන මට බොහොම ලොකු පැහැදීමක් ඇති වුනේ..
හොද දැක්මක්..
ReplyDeleteස්තූතියි දේශා..
Deleteඅපූරු කවියක් අපූරු අදහසක්...
ReplyDeleteහැබෑටම හිතෙන හැටි නං ඇත්තටම උඹ පට්ට පොරක්
ජයවේවා
එහෙම වෙන්නැති.. :)
Deleteස්තූතියි මහියො..
හා මචං
Deleteඩොට් දෙකයි පී අකුරයි
කවිය එළ මචන්.හිතේ තියන මනුස්සකමට උඹට මම දෙනවා.........
ReplyDeleteමෙය මුදල් ගෙවා ප්රචාරය කරන ලද කමන්ටුවකි. :3
Deleteස්තූතියි කටුස්..
ඇත්තටම මේ මිනිස්සු උදේ ඉඳන් කෑගහගෙන මෙච්චර කට්ටක් කන්නෙ ජීවිතය ගැටගහගන්නනෙ. ඒ මිනිස්සු විඳින දුක ගැන අපිටත් කවියක් කියවල හරි තේරුම් ගන්න සැලස්සුවට සංචාරකයට මගේ උත්තමාචාරය. ජය වේවා!!!
ReplyDeleteස්තූතියි මනා..
Deleteජය වේවා.
මේ මම සංචාරකයගේ කවියක් කියෙව්වමයි.නියමයිනෙ ලස්සනට කවි ලියන්නත් පුලුවන්නෙ.කවියේ අදහසට මම හරි ආසයි .මට ඔය විදිහේ අදහසක් අපේ කැම්පස් එක ගාව ඉන්න සපත්තු මහන කෙනා ගැන හිතිල තියනව දාස් ගණන් වටිනා සපත්තු එයාගාවට හදන්න ගෙනාවට දවසකට කොච්චර පුංචි මුදලක්ද එයාලට ලැබෙන්නෙ...
ReplyDeleteහංසි කියන්නෙ මෙයා ගැන ද, නැත්නම් මේ වගෙ වෙන කෙනෙක් ද බලන්න. මේකත් ලස්සන කතාවක්.
Deletehttp://aagiyakatha.blogspot.com/2014/04/blog-post.html
මට කවි ලියන්න දක්ෂකමක් නෑ හංසියො... මේක මේ හදිසියෙම ගෙතුණු පද ටිකක්...
Deleteබොටත් ස්තූතියි චන්දනයො ඔත්තුවට..
@ චන්දන .. ගොඩක්ම ස්තුතියි මේ ලිපියට .හිත සසල කරපු කතාවක්...මම කිව්වෙ මේ සපත්තු මහන කෙනා ගැන තමයි.හැමදාම කැම්පස් යද්දි දකින මේ පුද්ගලය ගැන මට කතාවක් ලියන්න හිතුන වාර එමටයි.කලින් සපත්තු හදපු කෙනා කවුරුද කියල නම් දන්නෙ නෑ .දැන් ඉන්නෙ එහෙනම් එයාගේ පුතා. ...චන්දන දුන්න කතාව කියවද්දි ගොඩක් දුක හිතුන. ආයෙත් කැම්පස් යනකොට ඒ කෙනා දකිද්දි මේ කතාව ආයෙ ආයේ මතක් වෙයි ......
Deleteමේ සහෘද මිනිස් කංඩායම වෙනුවෙන් කවි, ගී, ලියවිලා නැතුවම ඇති සමහරවිට. සංචාගේ සංවේදීත්වය අගය කලයුතුයි, ඔබේ නිර්මාණයට ප්රථම. නියමයි සංචා.
ReplyDeleteබොහොම ස්තූතියි අරූ අයියෙ..
Deleteඒ කතාවනම් සහතික ඇත්ත මචං.. අනිත් මිනිස්සුන්ට වාසනාව අලෙවි කරන ඔවුන් එක අතකට අවාසනාවන්තද?
ReplyDeleteඑහෙම වෙන්න ඇති..
Deleteහොඳ අදහසක්.. හොඳ නිර්මාණයක්. තව ලියන්න.
ReplyDeleteමං නම් ලොතරැයි ගන්නෙ නෑ. දැන් ලොතරැයි විකිණෙන්නෙ අඩුවෙන් කියලත් කියනව නේද. ඉතින් ඒ අය දවසෙ ගාණ හොයා ගන්න සෑහෙන කට්ටක් කන්න ඕන. ඉස්සර මෙහෙ හිටියා රෝද පුටුවකින් ගිහින් ලොතරැයි විකුණපු කෙනෙක්. එයාගෙන් නම් ඒ දවස් වල මාත් ගත්තා, ඒ ධෛර්යයට සැලකීමක් විදිහට.
මාත් ඉස්කෝලෙ යද්දි දෙපාරක් තුන්පාරක් විතර අරං තියේ.. ගොඩකාලෙකිං ගත්තෙ නෑ..
Deleteස්තූතියි චන්දන..
ජීවිතේ වාසනාවන්ත කරගන්න වාසනාව විකුණන ජීවිත කොට්ටාශය....
ReplyDeleteහදවතට ගොඩක් දැනුනා සංචාරකයෝ...
වාසනාව හෙව්වට තවම හම්බුන්නැති එක තමා දුක..
Delete