September 21, 2014

නො කවි



ගංගාවක් වන්නට වෙර දරන
පිණි බිඳුවක් මෙන්
සිහින මවමි මා
ලැබුමට ඔබේ ස්නේහය

හැරගිය කල
සුවඳ පමණක් ඉතිරි කොට
පවසන්නම් මුහුදට
ඔබේ සිනහවේ ලස්සන..



අනේ මන්ද බං... !!

24 comments:

  1. වුවද පිනි බිදුව ගංගාවක්.
    විය ඔබ එය ගිලගත් මහ මුහුදක්

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ජීවනයො සිතුවිල්ලට... :)

      Delete
  2. පිණි බිඳුවට ගංගාවක් වෙන්න බැරි නෑ!!

    ReplyDelete
  3. නෙළුම් කොලය මත පිණි බිඳ
    පොකුණ අමතා මෙලෙස කියේය
    "සොහොයුර
    ඔබ
    මට වඩා මදක් ලොකු
    දිය බිංදුවක් පමණි "
    -මහගමසේකරයන් -

    ලස්සන පබැඳුමක් අසංක :)

    ReplyDelete
    Replies
    1. නෙළුම් පතක දිය බිඳ ගැන ඉස්සර දවසක මට හිතුන හැටි,

      http://www.masandumal.blogspot.com/2014/06/blog-post.html

      Delete
    2. ස්තූතියි දිලෝ... :) මහගමසේකරයන්ගෙ කවි පන්තියක් එක් කරාට..

      Delete
    3. @මනෝ...
      මතකයි මතකයි...

      Delete
  4. පිනි බිඳු වලටත් වඩා පොඩි ජල අණු එකතුවෙලා තමයි බං ගංගාවක් හැදෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි නෙහ්. .

      Delete
  5. මොනවා කියන්නද ???පද ටික ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මොනා කියන්නද කියල මටත් තේරෙන්නෑ බං... :3
      තැන්කූ ඈ...

      Delete
  6. හරි හරි එහෙනං ඌත් ඉවරයි වගේ....
    අහෝ දුකකි ඉරකි තිතකි පොලිස් පොල්ලකි...
    ඇගෙ පේමය ලැබුණ වහා පොස්ට් එකක් වැටෙය් එහෙනං...

    ReplyDelete
    Replies
    1. මේ යකා මේ මොනවද කියවන්නෙ අෑ... O.o
      අපිනං වැටෙයි ඔය බොරු වළවල්වල... :D

      Delete
  7. ගඟක් උනේ අපරාදේ කියලා හිතෙනවා ඇති නේ.. අපූරුයි..

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං... පිණි බිංඳුව ඉර එළියට වාෂ්ප වෙලා ගියානං ඒකත් එකක්...
      ස්තූතියි මාතෙ...

      Delete
  8. ගඟට, පිණි බිඳුවට
    වඩා මහ මුහුදට
    දැනෙයි දුක කදිමට

    නුබෙ දුකත් කී විට
    අසයි හෝ හඬ මදක් අඩු කොට..
    දරන දුක් කදුලට
    තමයි ලුණුරස ලැබුනෙ සයුරට..
    :)

    ReplyDelete
    Replies
    1. අගේ ඇති පද ටික බං...
      ස්තූතියි සහෝ..
      :) :) :)

      Delete
  9. ඕවා අඔහොම තමයි මල්ලි වෙන අතක් බලාගමු, මුහුදේ ඉන්නේ එක කෙල්ලද? ආ සොරි මාලුවද බං?

    ReplyDelete
    Replies
    1. හෑ....... :o
      මොන ඉලව්ද බං අපිට..

      Delete
  10. විදි සුවදක..........
    ............මතක ශේෂයන්
    දවාලන
    හද
    තාරකාවන්
    සිහිකොට ඵල කීම
    හස්ත කර්මාන්තෙට හැර

    ReplyDelete
    Replies
    1. හිකිස්..ඒකත් මරු ඈ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...