April 16, 2014

මනමාලි කැන්දන් ආවා..!

අලුත් අවුරුද්දෙන් පස්සෙ ඉස්සෙල්ලාම ලියන පෝස්ට් එකෙන් කියන්න යන්නෙ සුභ ආරංචියක් නොවැ.. අවුරුදු ගාණක් හීන මව මවා හිටපු දෙයක් ගිය සතියෙ සැබෑ වුණා.. මට ඉතිං ඔය ඉස්සර ඉඳන් තිබ්බ උණක් නෙ ෆොටෝග්රැෆි කියන්නෙ..Compact කැමරා එකක් යූස් කර කර ඉඳපු මට මගේම DSLR එකක් අතගානකං තිබ්බෙ බොහොම බරපතල සුව නොවන මෙව්ව එකක්. :P 
ඕං ඉතිං ගිය සතියෙ එකොළොස් වෙනිද ඒ මෙව්ව එක සුව උණා.. 


Nikon D3100... Entry Level DSLR එකක්...වැඩි ආටෝප නැති වුණත් මේක එදා වගේම අදටත් ගොඩක් හොඳ කැමරාවක්.. 
හාහා පුරා අවුරුද්දට වැඩ ඇල්ලුවෙත් මේකෙන් පොටෝ එකක් ගහල.. :D
උප්පැන්නෙ.


මේකත් එක්ක තව ලෙන්ස් එහෙකුත් නිකං ලැබුණා..
50 mm ප්‍රයිම් ලෙන්ස් එකක්.. 



මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Travel Photograaphy කරන අය. Potrait වලටත් නරකම නැහැ.

මේක අරං දුන්න මගෙ අම්මයි තාත්තටයි කොහොම ස්තූති කරන්නද මංද..කවදහරි මං ඒ ණය ගෙවනවා.. :)



ඉතිං මේක පට්ටම අවුරුද්දක්..! :D
දැං නං සංචාරකයට අවුලක් නැතුව සංචාරය කරතැහැකි..
සියලු බලාපොරොත්තු ඉටුවෙන, සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුුරුද්දක් වේවා...! 



17 comments:

  1. එහෙනම් දෙන්නත් පවුල් කන්නකො.. අපිටත් ළමයි හෙම බලන්න පුළුවන් වෙයි නෙ. :D

    සංචාරකයාට ත් සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන අයියා... :D :D

      Delete
  2. අළුත් මනමාලිටයි බොටයි සුභ පැතුම්. ඕකෙන් ගන්න හොද ළමයි ටිකක් ඉක්මනටම අපට පෙන්නහන්.

    සංචාරකයටත් පවුලේ සැමටත් අළුත් මනමාලිටත් සුභ නව වසරක් වේවා………!!!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ඈ...බොහොම ස්තූතියි..
      සතුට බෝ වේවා...!!

      Delete
  3. දෙන්න එකතු වෙලා ළමයි හැදුවම අපිටත් ඒ ගැන කියන්නකෝ..

    ReplyDelete
  4. අඩා ඔ්ක තියන් කජු කනෙවයි ෙහාද පින්තූර ටිකක් ඉක්මණටම ගත්ත නං අපිටත් බලන්නම

    ReplyDelete
    Replies
    1. ගන්නං ගන්නං.. කලිං තිබ්බ කැමරාවෙන් ගෙදර ඉන්න මැස්සගෙ පවා පිංතූර ගත්ත එකේ දැං ගන්න දෙයක් නෑ..කොහෙහරි යන්නම වෙනවා.. :D

      Delete
  5. එළ එළ, සංතෝසයි මචෝ.. අලුත් මනමාලිගෙන් ගත්තු ෆොටෝ ටිකක් ඉක්මනටම ගේන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ...දෙන්නං දෙන්නං.. :D

      Delete
  6. පාවිච්චි කරන්න හරිම ලේසි, ගානට වටිනා පට්ටම කැමරාවක්! :D

    ReplyDelete
    Replies
    1. එන්ට්‍රි ලෙවල් කැම් වලින් හොඳම එකක් නොවැ මේක... :D

      Delete
  7. Successfully added your blog to Sindi Lanka. Thank you for joining with us

    ReplyDelete
  8. මට නම් දැන් පොටොවක් ගන්න ෆොන් කැල්ලක් වත් නැතුව ඉන්නෙ ,තිබුණ කාලෙ නම් සත්තුන් ගේ කැලෑව පොටො ගැහුවා ,

    ReplyDelete
    Replies
    1. ඩිජිටල් බට්ටෙක් වත් ගත්තනං....!

      Delete
  9. අයි ඇම් නිකෝන් ටූ... :) මමත් D3100

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...