March 27, 2014

මගේ ඡායාරූපකරණය - පාපොච්චාරණය | My Photography - Confession

ෆොටෝග්රැෆි (සිංහලෙන් ඡායාරූපකරණය :P) යනු මට වැළඳුනු දරුණුම උණකි. මතක විදිහට මේ උණ වැළඳුනේ 2010 වර්ෂයේ විතර. එදා පටං ගෙදර ඉන්න මැස්සාගේ සිට බල්ලා දක්වාම ෆොටෝ ගත්තා. ඉස්සර ඉඳංම පුංචි පහේ ඩිජිටල් කැමරාවක හිමි කරුවෙකු වුණත් මේක කලාවක් කියල දැනගත්තම පස්සෙ අහුවෙන හැම දෙයකටම කැමරාව අල්ලල ෆොටෝ ගන්නව වෙනුවට පොඩ්ඩක් හිතල මතල ෆොටෝ ගන්න පුරුදු වුණා. ඔහොම පළවෙනියටම ගත්තෙ ගෙදර වත්තෙ තිබ්බ මල් පොකුරක ෆොටෝ කෑල්ලක්. 


පස්සෙ ඕක Picasa වගේ සොෆ්ට්වෙයාර් වලින් edit කරල හැඩ බැලුවා.  මතක හැටියටනං ඒ වෙනකොට මට තිබ්බෙ 
Panasonic - Lumix DMC FX 8 ඩිජිටල් කැමරාවක්.  
දැන්නං ඒක කොහෙද දන්නෑ.. :P
                                                    Panasonic - Lumix DMC FX8

මේ කලාවෙ ඉතිහාසය ගැන පුංචි විස්තරයක් කරනවනං ඡායාරූපකරණය හෙවත් Photography කියන ඉංග්‍රීසි වචනය හැදිල තියෙන්නෙ ප්‍රංශ වචනයකින්. ඒ ප්‍රංශ වචනයත් හැදිල තියෙන්නෙ ග්‍රීක වචන කිහිපයක අනුසාරයෙන්. 
ඒකෙ තේරුම “ආලෝකයෙන් ඇඳීම“. 
ප්‍රථම වතාවට ස්ථීර ඡායාරූපයක් අරගෙන තියෙන්නෙ 1826 දි. ඒ ප්‍රංශ ජාතික “ජෝසෆ් නිසෙෆෝ නිප්සෙ (Joseph Nicepho Niepce) කියන මහත්තයලු.
  
                             ප්‍රථම ස්ථීර ඡායාරූපය

ඔහොම යනකොට මට ඕන වුණා ඡායාරූපකරණය ගැන තව ඉගෙන ගන්න. කොළඹ හා ඊට ආසන්න ප්‍රදේශවල ඡායාරූපකරණය ගැන පාඨමාලා අනන්තවත් තිබුණත් ඉස්කෝලෙ යන හින්ද ඒවට යන්න වෙලාවක් නැති වුණා. ඒත් අන්තර්ජාලය කියන එක නිවැරදි විදිහට පාවිච්චි කරන කෙනාට ඒක බාධකයක් නෙමේ. Photographyගැන ඉගෙන ගන්න ඕන තරං වෙබ් සයිට් හා බ්ලොග් සයිට් තියෙනවා. 
ISO, Exposure, Shutter Speed, Aperture, Composing වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ අන්තර්ජාලයෙන්. තාමත් ඉගෙන ගන්නව. ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් අඩවියක් තමයි සමීර අයියගෙ බ්ලොග් එක. ඒ වගේ තව ගොඩක් තියනව ඉගෙන ගන්න පුලුවන්..
ෆොටෝ කතා
I know Foto
රිද්ම සංකලන
Digital Photography
PhotographyLK 

#මට හොඳ මං ගත්තු ඡායාරූප කිහිපයක්...




                                                             



                                




                                                               නිශ්චල නාටිකංගනාවො

                                                             දියත උද්‍යානයෙදි ගත්තෙ

                                                           Long Exposure Photography

                                          ගෙදර තිබ්බ ඔරලෝසුවකටවත් පාඩුවෙ ඉන්න දුන්නෑ

                                                කවදත් මං වැඩියෙන්ම කැමති Black & White



                               
                                                                Smoke Photography

 
                                                          ෆොටෝෂොප් ජිල්මාට්ටුවක්


මේක ඉවසීමෙන් ප්‍රගුණ කරන්න ඕන කලාවක්. ඒ වගේම එක මොහොතකින් හැමදෙයක්ම ඉගෙන ගන්නත් බෑ. දවසින් දවසින් අලුත් දේවල් එකතු වෙනවා. තව අවුරුද්දකින් පමණ මට හිතෙයි ඒ කාලෙ වෙනකොට මම අරං තියන හොඳ ෆොටෝ වල හැටියට මේව මොනවද කියල. 

තාමත් මට තියෙන්නෙ Nikon Coolpix S4200 පොඩි කම්පැක්ට් ඩිජිටල් කැමරාවක්. මීට වඩා වැඩි යමක් කරන්නනං DSLR වර්ගයෙ කැමරාවක් තියෙන එක හොඳයි. මිල සාපේක්ෂව ඉතා ඉහලයි. මම ඉස්සෙල්ලාම DSLR කැමරාවක් අතගෑවෙ හපුතලේ දි. ඒ Nikon D3000 කියන පරණ මොඩ්ල් එකක්. නෑදෑයෙක්ට අයිති එකක්. ඒ වෙලාවෙනං හිතට දැනුණු සතුට කියල නිම කරන්න බෑ. නිධානයක් පහළ වුණා වගේ. :D :D
ගෙදරිං නං කියන්නෙ විභාගෙ ලියල ඉවර වෙනකං ඕව අරගන්නෑ කියල..
ඉතිං කෝමත් ෆේල් වෙන එකේ අරං දුන්නාම මොකෑ වෙන්නෙ මං අහන්නෙ...!!! :P :P

Travel Photography, Macro, Nature, Wildlife වගේ ක්ෂේත්‍ර තමයි මං ආසම. 
කවදහරි ඒ සිහිනෙ සඵල වෙන්නැතෑ.. එතකං බලා ඉන්නව..

ප.ලි. - අවසන් වශයෙන් කීමට ඇත්තේ මෙය කවදාවත් සුව නොවන උණක් බවයි...!!!

    
  


                                               

                     


12 comments:

  1. පට්ටනෙ. සිරාවටම සුපිරියි.

    මටනම් ගොඩක් හිතට ඇල්ලුවෙ මල් වල පින්තූර ටික. අර පූසා ඉන්න එකත් නියමයි.

    ඔය උණ දෙගුණ තෙගුණ වේවා…!! තව තවත් අලුත් දර්ශණ ලැබේවා…!! (y)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ප්‍රියා...
      දැන්නං ඇත්තම කිව්වොත් මල්වල ෆොටෝ ගහලම එපා වෙලා තියෙන්නෙ.. :D :D

      Delete
  2. ඔබගේ ආශාව, උනන්දුව, කැපවීම හා "උණ" ඉතාම අගයකල යුතුයි. මේ කාරනා හතර පත අට එකට හිඳවල ගත්තම මේ ක්ෂේත්‍රය තුල ඔබේ අනාගතය ඉතාම දීප්තිමත් වන වගනම් සක්සුදක් සේ පැහැදිලියි. ෆොටෝ එකක් ගහන්නතියා කැමරාවක් අල්ලන විදියවත් දන්නැතිවුනත් මේ කලාව මාත් හරිම කැමති විෂයක්.

    //ඉතිං කෝමත් ෆේල් වෙන එකේ\\

    මේකටනම් එකඟවෙන්න බෑ කොල්ලෝ. ඉගනගන්න එකත් ගොඩක් උවමනාවෙන් කරන්න. එතකොටයි ඔය ක්ෂේත්‍රය තුල වුනත් ඔයාට දිගු ගමනක් යන්න හැකිවෙන්නෙ.ඒ නිසා විභාගෙත් බැලන්ස් කරගන්න.

    ඔයාට මං සුභපතනවා.

    ජය වේවා!

    ReplyDelete
  3. බොහොම ස්තූතියි මනෝෂ්..
    දැන්නැති දෙයක් තියනවනං ඕන වෙලාවක අහන්න කියල දෙන්නම්..!
    ප.ලි. - මේ වගේ කමන්ට් එකක් දැක්කාමත් හිත පිනා යනව..:D
    ජයෙන් ජයම වේවා...!!!

    ReplyDelete
  4. හුටස්... අර ලිංක් ටිකට නං රොම්බ නන්රි...
    ලස්සන පිංතූර ටික... ඔයාට ලස්සනට පොටෝ ගහන්නත් පුලුවං එකේ. මෙකද ඒ පැත්තෙන්ම යන්න හිතුවොත්

    ReplyDelete
  5. අදහසක් නං තියේ..බලමුකො
    ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට..!
    :)

    ReplyDelete
  6. Travel Photography, Macro, Nature, Wildlife
    කැමති මේවට නම්,උණ හොදවෙන්නෙත් නැතිනම්..
    සෑහෙන කාලයක් ඉවසා දරන්න වෙයි.

    පින්තුර ඇල්ලිලිි කලාව ගැන නම් නොදනිමි.
    ලේසියෙන් ගොඩයන්න පුලුවන් ගැල්ලමයිට පොටෝ අල්ලලා.
    ප්‍රසිද්ද ගෑනු පොටෝ අල්ලන හුගක් අය මුලින් ඔයා ආස ක්ෂේත්‍රවල පොටෝ ඇල්ලිල අතැර දාපු අය.

    ReplyDelete
  7. :D :D ඉවසල ඉවසල බැරිම තැන..ඒත් ඉවසනව නෙහ්.. :)
    අම්මෝ ගෑල්ලමයිට පොටෝ අල්ලන්නනං බෑ...!

    ReplyDelete
  8. අඩෝ, මාත් ඔයා වගේ... ISO, DoF, bokeh එහෙම මාත් දැන ගත්තෙ දැලෙන්.. මට තාම තියෙන්නෙ කොම්පැක්ටුවක් (WB250F).... උණ නම් දරූණුවටම....

    ReplyDelete
    Replies
    1. උණ තව වැඩි කරගමු.. ;)

      Delete
  9. ඔය උණ හැදෙන්නේ ඕනම දෙයක් සුන්දර විදියට දකින්න පුලුවන් මිනිස්සුන්ට..ජය වේවා

    ReplyDelete
  10. ඔය උණ හැදෙන්නේ ඕනම දෙයක් සුන්දර විදියට දකින්න පුලුවන් මිනිස්සුන්ට..ජය වේවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...