ෂර්ලොක් හෝම්ස් කතා මාලාව රචනා කරේ ශ්‍රීමත් ආතර් කොනල් ඩොයිල් නම් වෛද්‍යවරයා විසින්. මුල්ම කතාව රචනා කරේ 1887 වර්ෂයෙදි.
ඒ A Study in Scarlet නම් දීර්ඝ කතාවයි.
ඒ A Study in Scarlet නම් දීර්ඝ කතාවයි.
කොනල් ඩොයිල් විසින් රචනා වුණු මුලු ෂර්ලොක් හෝම්ස් කතා ගණන 60 කි. ඉන් හතරක් නවකථා. ඉතිරි පනස් හය කෙටි කතා යි.
#නවකථා 4
01. A Study in Scarlet (1887)
02. The Sign of the Four (1890)
03. The Hound of the Baskervilles (1901)
04. The Valley of Fear (1914)
#ඉතිරි කෙටි කතා 56 පොත් 5 ක අඩංගුයි.
01. The Adventures of Sherlock Holmes (1892)
02. The Memoirs of Sherlock Holmes (1894)
03. The Return of Sherlock Holmes (1905)
04. His Last Bow (1917)
05. The Case Book of Sherlock Holmes (1927)
එංගලන්තයෙන් උපත ලද මේ රහස් පරීක්ෂක චරිත 2 වැඩි කල් නොගොස්ම ලොව ඉතාමත් ජනප්‍රිය වුණා. ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන් මනඃකල්පිත චරිත දෙකක් වුණත් ලොව ප්‍රසිද්ධම ලිපිනය ලෙස ප්‍රකට වෙලා තියෙන්නෙ හෝම්ස් ජීවත් වුණු
221B, Baker Street, London. යන ලිපිනය. උන්මාදය කෙතරම්ද කිව්වොත් මේ ලිපිනයට හෝම්ස් ගෙ නමට ලියුම් පවා පැමිණුනාලු. එදා මේ ලිපිනය අනුව එතන තිබුනෙ බැංකුවක් බවයි සඳහන් වෙන්නෙ. පසුව එම ස්ථානයේ ෂර්ලොක් හෝම්ස් නමින් කෞතුකාගාරයක් ඉදි වුණා.
ශ්‍රී ලංකාවෙ ෂර්ලොක් හෝම්ස් කතා සිංහල පරිවර්තන පොත් බොහොමයක් තිබුණත් ඉන් වඩාත් ප්‍රචලිත චන්දන මෙන්ඩිස් මහතා ගෙ පරිවර්තන පොත් පෙළයි.
ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන් පොත් වලට සීමා නොවී හෝම්ස් ඇසුරෙන් වේදිකා නාට්‍ය, චිත්‍රපටි පමණක් නොව රූපවාහිනී කතා මාලා පවා නිර්මාණය වුණා.
මේ අතරින් මම වැඩියෙන්ම ආස නව්‍යකරණයට ලක් වුණු 21 වෙනි සියවසේ ෂර්ලොක් හෝම්ස් ප්‍රබන්ධයක් වන BBC රූපවාහිනී චැනලය මගින් නිෂ්පාදනය වුණු SHERLOCK රූපවාහිනී කතා මාලාවට. කොනල් ඩොයිල් ගෙ නිර්මාණ වලින් තරමක් වෙනස් වුවත් ඉතා ආසාවෙන් බලන්න පුලුවන්. මෙහි හෝම්ස් ගේ චරිතය ඉතා දක්ෂ නළුවෙක් වෙන Benedict Cumberbatch විසිනුත් වොට්සන් ගේ චරිතය Martin Freeman විසිනුත් රඟපානවා.
ඇත්තටම මේක ඇබ්බැහි වුණු උණක්..!!
ෂර්ලොක් හෝම්ස් පොත් කියවන්න තියෙනවනම් මට ආයෙ කන්න ඕනිත් නෑ. ඒ තරමටම මං ඇබ්බැහිවෙලා ඉන්නෙ. ඔය කතා60ට අමතරව චන්දන මෙන්ඩිසුත් අලුතින් කතා ලියනවා. ඩොයිල් ලියපුවා තරම්ම නැතත් ඒවත් ආසාවෙන් කියවන්න පුලුවන්.
ReplyDeleteඩොයිල් ලියපු කතාවලට වෙනසක් නොකරපු හෝම්ස් ෆිල්ම් හරි ටෙලි සීරීස් හරි නැත්ද ඔයා දන්න?
https://www.google.lk/search?q=Adventures+of+sherlock+homes&sourceid=ie7&rls=com.microsoft:en-US&ie=utf8&oe=utf8&gws_rd=ssl#safe=active&q=The+Adventures+of+Sherlock+Holmes&stick=H4sIAAAAAAAAAONgecTozC3w8sc9YSmrSWtOXmM04eIKzsgvd80rySypFFLjYoOyZLh4pTj1c_UNLNKrctI1GKS4uRBcHgBfohC2SAAAAA
Deleteඔව් ඔය කතා ටිකට අමතරවත් ලියපු කතා තියේ..ඒවලිනුත් ගොඩක් ඒව හොඳයි..ඒවලින් සමහර ඒව චන්දන මෙන්ඩිස් ලියපු ඒව නෙමෙයි කොනල් ඩොයිල්ගෙන් පස්සෙ හෝම්ස් කතා ලියපු අයගෙ කතා වල පරිවර්තන..
ReplyDeleteවෙනසක් නොකරපු ටීවී සීරියස් එකක් තියෙනව..1984 දි ආපු එකක්..
http://www.hackrish.biz/2012/12/the-adventures-of-sherlock-holmes-1984.html
aluthin apu 1k thiyenawa elementry... nuthana yugayata galapena holmes..
ReplyDeleteඒකෙ වොට්සන්ට රඟපාන්නෙ කෙල්ලෙක් නෙහ්.. :3
Deleteෂර්ලොක් හෝම්ස් කතානම් සුපිරිම තමා මාත් ආසම කෙනා ෂර්ලොක් හෝම්ස් තමා පිස්සු හැදෙනවා
ReplyDeleteෂර්ලොක් හෝම්ස් කතානම් සුපිරිම තමා මාත් ආසම කෙනා ෂර්ලොක් හෝම්ස් තමා පිස්සු හැදෙනවා
ReplyDelete