February 7, 2014

වැලන්ටයින් සුල මුල | History of Valentine's Day

පෙබරවාරි 14 වැනි දිනට යෙදී ඇති වැලන්ටයින් දිනය, නැතිනම් පෙම්වතුන්ගේ දිනය ලොව පුරා වෙසෙන පෙම්වතුන්ට සුවිශේෂී දිනයක්.

අද වන විට බොහෝ ලෙස වාණිජකරණයට පත් වෙලා තිබෙන මේ ආදරවන්තයින්ගෙ දිනය බිහි වුණේ කොහොමද...

#දෙවැනි ක්ලෝඩියස් රජු රජ කරන කාලයෙදි රෝමයෙ යුද්ධය බොහෝ ලෙස පැතිරුණා. එම නිසා ක්ලෝඩියස් රජු තම යුධ සේනාව තව තවත් වර්ධනය කර ගැනීමට සියලුම අවිවාහක තරුණයන් යුද්ධය සඳහා සොල්දාදුවන් ලෙස බැඳිය යුතු බව පවසමින් ආඥාවක් ඉදිරිපත් කළා.
මේ අතර තව තවත් යුධ ගිනි දැල් ඇවිලෙද්දී ක්ලෝඩියස් රජුට සිතුණා රටේ විවාහක තරුණයින් තම පවුල ආරක්ෂා කරනවා මිස තම රට ගැන නොසිතන බව. එබැවින් රටේ සියලුම තරුණයින්ට විවාහ වීම තහනම් කරනු ලැබුවා. මෙයින් ආදරවන්තයින් ඉතා ශෝකයට පත් වුණා. 

මේ අතර වැලන්ටයින් නම් කිතුනු පූජකවරයෙක් සිටියා. තම පෙම්වතා, පෙම්වතිය සමග එකට ජීවත් වන්නට නොහැකි වීම නිසා ශෝකයට පත්ව සිටි ආදරවන්තයින් ගැන දුකට පත් වුණු මෙම වැලන්ටයින් නම් පූජකවරයා ක්ලෝඩියස් රජුගේ නීතියට පිටතින් ආදරවන්තයින්ට විවාහ බන්ධනය හොර රහසේම පිරි නැමුවා.

කලක් යාමේදී ක්ලෝඩියස් රජතුමාට මෙම වැලන්ටයින් ගැන දැනගන්නට ලැබුණා. වැලන්ටයින්ව සිරගත කිරීමට රජු නියම කළා.

මෙසේ වැලන්ටයින් සිරගතව සිටිද්දී බොහෝ තරුණ ආදරවන්තයින් මොහුගේ සුව දුක් විමසා යෑම පුරුද්දක් කර ගත්තා. ආදරවන්තයින් වැලන්ටයින්ගේ සිර කුටියේ ජනේලයෙන් මල් කළඹවල් සහ හසුන්පත් එව්වා. 
සිරගෙදර ආරක්ෂකයාගේ දියණිය මෙසේ වැලන්ටයින්ව දැක බලා සුව දුක් විමසා යෑම පුරුද්දක් කර ගත්තා. ඇයගේ පියා ඇයට ඒ සඳහා අවසර දී තිබුණා. ඇය වැලන්ටයින් සමඟ පැය ගණන් කතා කරමින් කාලය ගෙවා දැමුවා. 
මේ අතර දෙවැනි ක්ලෝඩියස් රජු වැලන්ටයින් පූජකවරයාට මරණ දඬුවම ලබා දී තිබුණා. මෙසේ මරණ දඬුවමට යටත් වන දිනයේදී වැලන්ටයින් තමා සමඟ පැවැත්වූ මිත්‍රත්වය වෙනුවෙන් ස්තූති කරමින් සිරගෙදර ආරක්ෂකයාගේ දියණිය ට දෙන ලෙස හසුනක් ලියා තැබුවා. 
එහී තිබී ඇත්තේ "Love from your Valentine" යනුවෙන්.
පසුව ආදරවන්තයිනගේ දිනයේදී ආදර හසුන්පත් හුවමාරු කර ගැනීමට මූලික වී ඇත්තේ මෙසේ වැලන්ටයින් විසින් ඇයට දෙනු ලැබූ හසුන් පතයි.
වැලන්ටයින් මිය ගිය දිනය ලෙස සඳහන් වී ඇත්තේ ක්‍රි.ව. 269, පෙබරවාරි 14 වන දිනයයි. එතැන් පටන් සෑම අවුරුද්දකම පෙබරවාරි මස 14 වැනි දිනය ආදරවන්තයින් විසින් ඉතාමත් ආදරයෙන් සමරනු ලබනවා. 











2 comments:

  1. ඕo බලමුකෝ ඒකෙත් හැටි. ලිපිය ලිව්වා එක හොඳයි සංචා.. අද සමාජෙ කස්ටිය ලොකුවට ඕක සමරුවට සුලමුල දන්නේ නැහැ නෙව. :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙහ් කියන්නෙ.. ;)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...