December 21, 2013

බයිසිකල් පැදිල්ල | Riding Bicycles

                                                                                                            බයිසිකලයක් පැදල නැති කෙනෙක් නැතුව ඇති. අදටත් ලෝකයෙ වඩාත් ජනප්‍රියම වාහනය තමයි බයිසිකලය. ඉන්ධන දහනයක් නැති, පරිසරයට වඩාත් හිතකාමී මේ බයිසිකලය පළමු වරට නිපදවපු කෙනෙක් කියල හොයාගන්න අමාරුයි.. බයිසිකලය විවිධ රටවල්වලින් විවිධ අලුත් අදහස් තියෙන මිනිසුන්ගෙ මහන්සියක ප්‍රතිඵලයක්.      
Pierre LallementKirkpatrick MacmillanPierre Michaux ඒ අයගෙන් කිහිපදෙනෙක්.
කොහොම නමුත් මේ අපූරු රෝද දෙකේ වාහනය ලෝකයෙ සීඝ්‍රයෙන්  ප්‍රචලිත වුණා. බයිසිකලයට 1816 ඉඳන් වගේ ඈත ඉතිහාසයක් තියනව. කොහොමහරි මේ බයිසිකලය අද වන විට විවිධ වර්ග කිරීම් වලින්, විවිධ වෙළඳ නාම වලින්, තාක්ෂණිකව දියුණු වෙලා අපූරු භාණ්ඩයක් බවට පත්වෙලා තියෙනව..
සමහරු බයිසිකල් පදින්නෙ විනෝදාංශයක් විදිහට. තවත් අය ක්‍රීඩාවක් විදිහට. ව්‍යායාමයක් විදිහටත් බයිසිකල් පැදීම කරනව. කොහොම පැද්දත් බයිසිකල් පැදීමෙන් මිනිසාට කායිකව මෙන්ම මානසිකව ද ලැබෙන ප්‍රයෝජන ගොඩයි. 
     
                         # ව්‍යායාම් කිරීමට පහසුම ක්‍රමයක් තමයි බයිසිකල් පැදීම. අනෙකුත් ව්‍යායාම් ක්‍රමවලට සාපේක්ෂව නොමිලේම බයිසිකල් පැදීමෙන් අඩු කැපවීමක් මත වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කිරීමට පුලුවන්. ආසන්න වශයෙන් පැයකට කැලරි 300 ක් පමණ දහනය කරන්න පුලුවන්.  
                        # විශේෂයෙන්ම බයිසිකල් පදින විට පාද වල මෙන්ම අත් වල පේශි වල ද පේශි සැකසීම වර්ධනය වෙනව.
     
                        # බ්‍රිතාන්‍ය වෙද්‍ය සංගමයක පරීක්ෂණයකට අනුව සතියකට ආසන්න වශයෙන් කිලෝමීටර 30 ක් බයිසිකල් පැදීමෙන් හදවත් කිරීට රෝග ඇතිවීම 50% කින් අඩු වෙනව.  
     
                        # ඕනෑම ක්‍රමවත් ව්‍යායාමයකින් ආතතිය අඩු කර ගැනීමට හැකියි. බයිසිකල් පැදීමත් ආතතිය අඩු කර ගැනීමට ඉතා සුදුසු මාර්ගයක්. 
                       # ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙ වෙද්‍ය කණ්ඩායමක් සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙනව නිසි ආකාරව නින්ද නොයන අයට හොඳින් හිරු එළිය තිබෙන දහවල් කාලයක බයිසිකල් පැදීම ඉතා හොඳ බෙහෙතක් බව.

                      # බයිසිකල් පැදීමෙන් මොළයේ ධාරණ ශක්තිය සඳහා වෙන් වුණු Hippocampus කියන කලාපයෙ අලුත් මස්තිෂ්ක සෛල නිපදවීමට මනා පිටුවහලක් සිදු වන බවට ඉලිනොයිස් විශ්වවිද්‍යාලයෙ පර්යේෂකයින් සොයා ගෙන තිබෙනව.

                     # බයිසිකල් පැදීම ඉතා හොඳ ව්‍යායාමයක් කියල කලිනුත් සඳහන් කරා. එමගින් ශරීරයේ ප්‍රතිශක්ති සෛල වඩාත් ක්‍රියාකාරීව තබනව. 
                    # බයිසිකලය 100% ක් පරිසර හිතකාමීයි. මෝටර් රථයක් නිපදවීමට යන ලෝහ ප්‍රමාණයෙක් බයිසිකලයක් නිපදවීමට වැය වන්නෙ 4% ක් පමණයි.
                   
                   # අද ලෝකයේ බොහොමයක් මිනිසුන්ට තිබෙන ප්‍රශ්නයක් වෙන තරබාරුව අඩු කර ගැනීමට ඉතාමත් සුදුසු ව්‍යායාමයක්.

               

මගේ මවුන්ටන් එක.. :D
බයිසිකලෙත් එක්ක රස්තියාදු වෙමු...      


“Life is like riding a bicycle. To keep your balance, you must keep moving.”

                        ~ Albert Einstein ~
                                               
                                                                                 

2 comments:

  1. වටින පොස්ටුවක් මමත් අදටත් මොන වාහන තිබුනත් බයිසිකල් එක පාවිච්චි කරනවා ,

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...