February 7, 2014

වැලන්ටයින් සුල මුල | History of Valentine's Day

පෙබරවාරි 14 වැනි දිනට යෙදී ඇති වැලන්ටයින් දිනය, නැතිනම් පෙම්වතුන්ගේ දිනය ලොව පුරා වෙසෙන පෙම්වතුන්ට සුවිශේෂී දිනයක්.

අද වන විට බොහෝ ලෙස වාණිජකරණයට පත් වෙලා තිබෙන මේ ආදරවන්තයින්ගෙ දිනය බිහි වුණේ කොහොමද...

#දෙවැනි ක්ලෝඩියස් රජු රජ කරන කාලයෙදි රෝමයෙ යුද්ධය බොහෝ ලෙස පැතිරුණා. එම නිසා ක්ලෝඩියස් රජු තම යුධ සේනාව තව තවත් වර්ධනය කර ගැනීමට සියලුම අවිවාහක තරුණයන් යුද්ධය සඳහා සොල්දාදුවන් ලෙස බැඳිය යුතු බව පවසමින් ආඥාවක් ඉදිරිපත් කළා.
මේ අතර තව තවත් යුධ ගිනි දැල් ඇවිලෙද්දී ක්ලෝඩියස් රජුට සිතුණා රටේ විවාහක තරුණයින් තම පවුල ආරක්ෂා කරනවා මිස තම රට ගැන නොසිතන බව. එබැවින් රටේ සියලුම තරුණයින්ට විවාහ වීම තහනම් කරනු ලැබුවා. මෙයින් ආදරවන්තයින් ඉතා ශෝකයට පත් වුණා. 

මේ අතර වැලන්ටයින් නම් කිතුනු පූජකවරයෙක් සිටියා. තම පෙම්වතා, පෙම්වතිය සමග එකට ජීවත් වන්නට නොහැකි වීම නිසා ශෝකයට පත්ව සිටි ආදරවන්තයින් ගැන දුකට පත් වුණු මෙම වැලන්ටයින් නම් පූජකවරයා ක්ලෝඩියස් රජුගේ නීතියට පිටතින් ආදරවන්තයින්ට විවාහ බන්ධනය හොර රහසේම පිරි නැමුවා.

කලක් යාමේදී ක්ලෝඩියස් රජතුමාට මෙම වැලන්ටයින් ගැන දැනගන්නට ලැබුණා. වැලන්ටයින්ව සිරගත කිරීමට රජු නියම කළා.

මෙසේ වැලන්ටයින් සිරගතව සිටිද්දී බොහෝ තරුණ ආදරවන්තයින් මොහුගේ සුව දුක් විමසා යෑම පුරුද්දක් කර ගත්තා. ආදරවන්තයින් වැලන්ටයින්ගේ සිර කුටියේ ජනේලයෙන් මල් කළඹවල් සහ හසුන්පත් එව්වා. 
සිරගෙදර ආරක්ෂකයාගේ දියණිය මෙසේ වැලන්ටයින්ව දැක බලා සුව දුක් විමසා යෑම පුරුද්දක් කර ගත්තා. ඇයගේ පියා ඇයට ඒ සඳහා අවසර දී තිබුණා. ඇය වැලන්ටයින් සමඟ පැය ගණන් කතා කරමින් කාලය ගෙවා දැමුවා. 
මේ අතර දෙවැනි ක්ලෝඩියස් රජු වැලන්ටයින් පූජකවරයාට මරණ දඬුවම ලබා දී තිබුණා. මෙසේ මරණ දඬුවමට යටත් වන දිනයේදී වැලන්ටයින් තමා සමඟ පැවැත්වූ මිත්‍රත්වය වෙනුවෙන් ස්තූති කරමින් සිරගෙදර ආරක්ෂකයාගේ දියණිය ට දෙන ලෙස හසුනක් ලියා තැබුවා. 
එහී තිබී ඇත්තේ "Love from your Valentine" යනුවෙන්.
පසුව ආදරවන්තයිනගේ දිනයේදී ආදර හසුන්පත් හුවමාරු කර ගැනීමට මූලික වී ඇත්තේ මෙසේ වැලන්ටයින් විසින් ඇයට දෙනු ලැබූ හසුන් පතයි.
වැලන්ටයින් මිය ගිය දිනය ලෙස සඳහන් වී ඇත්තේ ක්‍රි.ව. 269, පෙබරවාරි 14 වන දිනයයි. එතැන් පටන් සෑම අවුරුද්දකම පෙබරවාරි මස 14 වැනි දිනය ආදරවන්තයින් විසින් ඉතාමත් ආදරයෙන් සමරනු ලබනවා. 











February 2, 2014

ලංකාවේ තේ | Ceylon Tea


දශක ගණනාවක් තිස්සෙ පැවත එන තේ කියන්නෙ විශ්ව පානයක්. මෙහි විද්‍යාත්මක නාමය වන්නෙ 'කැමෙලියා සිනෙන්සිස්' (Camellia sinensis). ලංකාවට මුලින්ම තේ පැළෑටි ගෙන එන ලැබුවෙ 1824 දි බව සඳහන් වෙනවා. පසුව තේ වගාව වාණිජ කර්මාන්තයක් ලෙස ලංකාවේ අරඹනු ලැබුවේ 1867 දී ජේම්ස් ටේලර් විසින් ලූ කොන්ඩෙරා නම් වතු යායෙදි.


 1965 දි ලංකාව ලෝකයෙ විශාලතම තේ අපනයනය කරන රට  විය. ශ්‍රී ලංකාවේ තේ අපනයනය සඳහා 1990 වර්ෂය වාර්තාගත වසරක් වුණි. එම වසරේදී ශ්‍රී ලංකාව තේ කිලෝග්රෑම් මිලියන 215.6 ක් අපනයනය කරමින් ලොව විශාලතම තේ ප්‍රමාණය අපනයනය කළ රට බවට පත් වුණි.

#තේ ගස සොයාගැනීම පිළිබඳ කතා පුවත
                  
ලොව රසවත්ම පානය වන තේ පළමුවෙන්ම සොයා ගෙන තිබෙන්නෙ චීනය විසින්. මීට වසර ගණනාවකට පෙර චීනයේ සිටි ෂෙන්නුන් අධිරාජ්‍යා වරක් දඩයම පිණිස වනාන්තරයෙ සැරි සරන අතරතුරෙදි තමන්ගෙ ප්‍රයෝජනය සඳහා වතුර උණු කරන අවස්ථාවක එම උඳුනට ඉහළින් තිබූ ගසක කොළ කිහිපයක් එම ජල බඳුනට වැටී එම කොළ ජලය හා එක් වී උණු වුණා. එම පත්‍ර හා මිශ්‍ර වුණු උණු කළ ජලය පානය කළ ෂෙන්නුන් අධිරාජ්‍යා එහි තිබූ වෙනස් රසයෙන් ඉතාමත් සතුටට පත්වූ බවද පසුව ඔහු එම ගසේ පැළෑටි කිහිපයක් තම මාළිගාව වටා පැළ කළ බවද ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙසේ අමුතුම රසයකින් යුත් පත්‍ර සහිත එම ගස අද තේ ලෙස හඳුන්වනු ලබනවා. චීනයේ බිහි වූ මෙම පානය අද මුළු ලොව පුරාම ව්‍යාප්ත වී තිබෙන්නෙ එහි තිබෙන වෙනස්ම රසය නිසායි.


#වගා කිරීම
                 කඳුකර ප්‍රදේශවල වැවෙන තේ සඳහා සුදුසු වන්නේ මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.6 සිට සෙල්සියස් අංශක 27 දක්වා පවතින ප්‍රදේශයන්. බීජ මගින් පැළ කිරීම පරණ ක්‍රමයක් වන අතර අද වන විට බොහෝ තේ පැළ කරනු ලබන්නේ රිකිළි මගින්. 
තේ ගස වරින් වර කප්පාදු කිරීම සුවිශේෂී කාරණයක් වෙනවා. මෙහි මූලික අරමුණ තේ ගස නැවත නැවත තරුණ කිරීම සහ තේ ගසට මීටර් 10 ක් පමණ උසට වැඩීමට හැකියාව තිබුණත් එය දළු නෙළීමට බාධාවක් නිසා කප්පාදු කරයි. මෙසේ කප්පාදු කිරීමෙන් තේ ගස දිගින් දිගටම දළු ලබා දෙන අතර මල් ඇති වීම වළක්වයි.

#දළු නෙළීම
                
 දළු නෙළීම අවුරුද්ද පුරා අඛණ්ඩව සිදු කිරීමට හැකි අතර සමහර ප්‍රදේශයන්හි තිබෙන දේශගුණික තත්වයන් මත එම ප්‍රදේශයන්හි තිබෙන තේ ගස අවුරුද්දේ ඇතැම් කාළවලදී පමණක් ගුණාත්මකභාවයෙන් වැඩි තේ දළු නිපදවයි. තේ දළු නෙළන්නේ බහුතරය කාන්තාවන්. මෙසේ දළු නෙළීමේදී නෙළාගන්නේ විවෘත නොවූ දල්ල සහ ඊට පහළින් ඇති කොළ දෙකක් පමණි.

 ඊට වඩා මේරු කොළ නෙළා ගැනීම තේ කොළවල තත්වය බාල කිරීමට හේතු වෙනවා.

#තේ නිෂ්පාදනය
                දළු නෙළීමෙන් අනතුරුව ඒවා කර්මාන්තශාලා වලට රැගෙන ගොස් වර්ග 4 කින් යුතුව සකස් කරනු ලැබේ.
       (01).කොළ තේ
       (02).කළු තේ
       (03).නොපසවන තේ
       (04).අර්ධ වශයෙන් පසවන තේ




#තේ සහ සෞඛ්‍ය
               ආහාර දිරවීමේ මාර්ගයේ හට ගන්නා එන්ටරොබැක්ටීරියේෂියා වැනි හානිකර ක්ෂද්‍ර ජීවින් හට ගන්නා ප්‍රමාණය අඩු කිරීමත් හිතකර බැක්ටීරියා වර්ධනයට ඉඩ සලසමින් ආහාර දිරවීමේ සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලියට ඉඩ සලසන බව සොයා ගෙන ඇත. ආහාර ජීරණ පද්ධතියේ පිළිකා ඇති වීම මෙන්ම මුත්‍රාශයේ ගල් ඇතිවීමට ද එරෙහිව තේ පානය කරන්නන් තුළ ස්වභාවික ආරාක්ෂාවක් ඇති බව සොයා ගෙන තිබේ.
               සැළකිය යුතු ෆ්ලෝරයිඩ් ප්‍රමාණයක් අඩංගු තේ වලින් දිනපතා ශරීරයට අවශ්‍ය ෆ්ලෝරයිඩ් ප්‍රමාණය ලබා ගැනීමට දායක වේ. තේ වල ඇති පොලිෆෙනොල්ස් මගින් දත් දිරා යෑම වර්ධනය කරන බැක්ටීරියා වර්ග මර්දනය කරයි.
              නිරන්තර තේ පරිභෝජනය හදවත් රෝග අඩු කිරීමට හේතු වේ. 
             තේ පානය කිරීමෙන් හුදෙකලා බව, තෙහෙට්ටුව සහ වේදනාවන් සමනය වෙනවා.
             සමහර පිළිකා රෝග මර්දනයට ද තේ සතුව අපූරු හැකියාවක් තිබෙන බවට සොයා ගෙන ඇත.
            

#අතීතයෙ ඉඳන්ම ශ්‍රී ලංකාව තේ වලට ඉතාමත් ප්‍රසිද්ධ රටක්. විදේශීය වෙළඳපොළේ ශ්‍රි ලංකාවෙ තේ වලට විදේශිකයින් ඉමහත් ලෙස ඇලුම් කරන්නෙ ලංකාවෙ තේ වල තිබෙන වෙනස්ම රසය සහ ගුණය ඔවුන් මනාව වටහාගෙන තිබෙන නිසායි. එකිනෙකාගෙ රසඥතාවය අනුව තේ වලට සෑමදෙනාටම අනන්‍ය වූ රසයක් තිබෙනවා. ඒක එකිනෙකාට ආවේණික රසයක්. එය අපගේ සංස්කෘතියත් එක්කම පැවත එන්නක්.









       

               
Related Posts Plugin for WordPress, Blogger...