August 5, 2014

අලි අඩියන්ගේ Percussion සංගීතය..

මක්කැයි මේ පර්කෂන් කියන්නෙ..? මං දන්න විදිහට විස්තරයක් කරොත් Percussion සංගීතය කියන්නෙ මොකක්හරි සංගීත භාණ්ඩයක් ඝට්ටනය(strike) කරල හරි කම්පනය කරල ලබා ගන්න රිද්මයට. එතකොට හැම සංගීත භාණ්ඩයක්ම වගේ Percussion නෙ. මොකද ගොඩක් සංගීත භාණ්ඩ වලින් ශබ්දය ලබා ගන්නෙ කම්පනය කරල. එහෙම වුනාට Percussion වලට වැඩියෙන් ගන්නෙ බෙර වර්ග. එතකොට අපේ දවුල, තම්මැට්ටම, ගැට බෙරය, යක් බෙරය, උඩැක්කිය.. ඒවත් Percussion තමා..
 මේ ෆොටෝ කෑල්ල බලපුවාම තේරෙයි.. 
 
සංචාරකයට ඔය බෙර ජාති වලට ඉස්සර ඉඳන්ම හෙන ආසාවක් තිබ්බෙ.. දන්න පදයක් නැති වුනාට ඔය කොංගො එකක් වගේ ගන්න හෙන ආසයි. කොහෙදෑ ඉතින් එව්වල ගණං අහපුවාම උඩ යනවා.  Percussion කිව්වාම හැමෝටම මතක් වෙන්නෙ අප්‍රිකානු සංගීතය නෙ.අප්‍රිකාව විශේෂ වුනාට ලෝකෙ ඕනම රටක සංගීතයෙ උපත Percussion මියුසික් තමා. 

අපි ඉන්න දිහාවෙ ඒ කියන්නෙ කඩුවෙල රංකඩු දේවාලෙ එහෙම ගම්මඩු දෙවොල්මඩු පටන් ගත්තාම මං හෙන ආසාවෙන් යන්නෙ. මොකද අන්තිම දවසෙ ගිනි පාගල උත්සවේ ඉවර වෙනකං හැම දවසෙම නැටුම් නටනවා. ඔය වන්නම් වල නම්නං මං දන්නෑ ඕං. නැටුමට වැඩිය මං ආස බෙර සද්දෙට. මේ සැරේ පටන් ගන්නෙ අගෝස්තු 16 ද කොහෙද.. 
දන්නෙම නැතුව කතාව පිට පැන්න නොවැ..  
  
ලංකාවෙත් Percussion මියුසික් තරමක් ජනප්‍රියයි. ඒ අතරින් ලංකාවෙ Percussion මියුසික් බෑන්ඩ් වලින් හොඳටම ජනප්‍රිය හික්කඩුවෙ Elephant Foot සහ Naadro.

                                   Elephant Foot කණ්ඩායම බිහි කරේ ලාල් ප්‍රියන්ක (මැද ඉන්නෙ)

තමන්ටම ආවේණික වෙච්ච පුදුම හිතෙන රිදමයක් ඒ සංගීතයෙ තියෙන්නෙ. මං Percussion මියුසික් වලට තියෙන උණ කොච්චරද කියල කිව්වොත් ඔය එදිනෙදා ඇහෙන සින්දු වලට වැඩිය මේව අහල ඇති.. :P කට හඬක් නෑ.. හැබැයි ඒ වැයෙන හැම රිද්මයක්ම කතා කරනවා..

මේක තමයි Elephant Foot ල ඉස්සෙල්ලාම රෙකෝඩ් කරපු ට්‍රැක් එක සහ වීඩියෝ එක.. "වැසි වනය"

 


මේක ආවෙ ළඟදි.. "අලි අඩියා"


මං ඉස්සෙල්ලාම ඇහුවෙ Rain Forest. එදායින් පස්සෙ තමා මේ කලාවට පෙම් බඳින්න පටන් ගත්තෙ. දැනට Elephant Foot ල ඇල්බම් තුනයි කරල තියෙන්නෙ. ඉස්සෙල්ලාම ආවෙ "Rain Forest". 
  ඊළඟට "දළු"
මේ ළඟදි තමයි "අලි අඩියා" රිලීස් වුණේ..




පළවෙනි ඇල්බම් දෙක යාන්තං නෙට් එකේ තිබිල හොයාගත්තට මේක හොයාගන්න මාර ගේමක් දුන්නෙ. MC එක පුරාම බැලුව හොයාගන්න හම්බුන්නෑ. බැරිම තැන Elephant Foot මුහුණු පොතේ පේජ් එකට ගිහිල්ල ලාල් අයියට මැසේජ් එකක් දැම්මා. කොළඹ හැර ආයි ගන්න තියෙන්නෙ හික්කඩුවෙ Drum Shop එකේ විතරයිලු. හික්ඩුවෙ යන්නයැ මේක ගන්න.
 
ලාල් අයියා කිව්වා ගෙදෙට්ට පොස්ට් කරන්නම් කියල. කොහොමහරි සල්ලි එකවුන්ට් එහෙකට දාල ඇඩ්‍රස් එක දුන්නාම මීට සති කිහිපයකට කලින් ඩීවීඩී එක ආවා. 



මේ තියෙන්නෙ ළඟදි සිරසෙ වැඩසටහනකට Elephant Foot ආපු වෙලාවක්.. 





මෙතන කොටල යූ ටියුබ් චැනල් එකට යන්ඩෝ..

ගොහිං එන්නං ඇ..
-
-
-
-
-
  



:D :D :D :D
 

26 comments:

  1. Elephant Foot නම් පට්ට බෑන්ඩ් එක මචන්. පිස්සු හැදෙනවා උන්ගේ ට්‍රැක්ස් ඇහැව්වම.

    මමනම් කැමතිම අර Rain Forest ට්‍රැක් එකට..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම බං.
      rain forest තමා මගෙත් ෆේවරිට්..

      Delete
  2. මම මේ සංගීතයන් තරමක් අහලා තියෙනවා.. ඇත්තටම ගති.. ලංකාව ඇතුලේ මිනිස්සු අතරට යන්න තව ටිකක් විතර කල් යාවි මගේ හිතේ.. නමුත් බටහිටරක වගේ උනානම් අනිවා මේවා හොදින් අගය කරන නිර්මාණ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්.
      තවම ලංකාවෙ ජනප්‍රිය වෙමින් පවතින් කලාවක්..

      Delete
  3. හිටු මේක අහල එන්න...
    අර මුල් ඇල්බම් දෙක නෙට්ටුවෙ තියේ කීව නේද..
    මට ලිංක් දාහං මගෙ බුකි යට..
    මැසේජ්...
    හිහ...
    ස්තූතියි මචෝ මේ වගේ දෙයක් ගැන දුන්නට...
    පට්ට

    ReplyDelete
    Replies
    1. බාපු තැන මට මතකත් නෑ..දැං ගොඩක් කල්..
      පොඩ්ඩක් හිටාන් මං ට්‍රයි එකක් දීල බලන්නම්..
      ජය වේවා..

      Delete
  4. හික්කඩුවේ මුලින්ම ප්ර්කෂන් කරේ ජනකගේ වයිබ්‍රේෂන් බෑන්ඩ් එක. දැනට අවුරුදු හත අට කට කලින් ලෝකේ වටේම ප්ර්ෆෝම් කරා.

    ReplyDelete
    Replies
    1. ඒ කට්ටිය ගැනනං අහල නෑ..
      කොහොමත් මං හිතන්නෙ හික්කඩුව වගේ සංචාරක පැතිවල හොඳ පර්කෂන් බෑන්ඩ් තියෙනවා..
      Elephant Foot ලත් ලෝක වටේම වැඩ පෙන්නපු කට්ටියක්..

      Delete
  5. මං එච්චර අහල නැහැ මේ ගැන.

    ReplyDelete
    Replies
    1. අද ඇහුවනෙ.. :D හැක්..

      Delete
  6. අහල නැති උනත් අහන්න හිතුනා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි...
      ජය වේවා..

      Delete
  7. ෂහ්! තවත් අලුත් කලාවක් නොවැ. දන්නෙත් අද. වීඩියෝ ක්ලිප් ටිකනම් ඉතින් ගෙදර ගිහින් තමයි බලන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නෙහ්. :D
      මොනවහරි දෙයක් දැනගත්තනං ඒ මදෑ මට..

      Delete
  8. හහ්.. ෆෝන් එකෙන් කමන්ට් දාන්න පුළුවන්ද කියල බැලුවෙ.. :D :D

    ReplyDelete
  9. සංචාරකයෝ....ඇත්තමයි මේ කණ්ඩායම් දෙක ගැනවත් ඇල්බම් ගැනවත් සත පහක දෙයක් දැනන් හිටියේ නෑ ...ස්තුතියි මේ විස්තරයට....

    මං දන්නේ Percussion සෙට් එකක් ඉන්නේ "ජය ශ්‍රී " ද කොහෙද කියලා ....අන්න එච්චරයි...

    ReplyDelete
    Replies
    1. හෑ..ජය ශ්‍රී ඇවිල්ලා රෙගේ බෑන්ඩ් එකක් නෙහ්.. :o

      Delete
  10. මාත් මේ පැත්තේ ආවා....හම්මේ ඕන බෙරයක් ගහන්න පුළුවන් හැකියාවක් ශානුට පොඩි කාලේ ඉදන් තීනවා....හැබැයි මේ විස්තරේ තිබ්බ කිසි දෙයක් දැනන් හිටපු දේවල් නෙවේ....අගෙයි සහෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානුවො මේ පැත්තට මංගැච්චුවට..

      Delete
  11. මමත් මේවාට හරි ආසයි බන් ඔය Rain Forest එක මමත් මුලින්ම ඇහුව වෙලේම වශි වුණා ,මේ කලාව ලංකාව ඇතුලේ කරන අය ඉන්නවා හොටෙල් වල එහෙම

    ReplyDelete
    Replies
    1. ඔව්..හොටෙල් වල, සංචාරකයන් ඉලක්ක කරගෙන එහෙම මේක නැගලම යනවා..

      Delete
  12. අඩේ පට්ටයි මචෝ.මාත් ආස කලාවක් .ඒ වගේම ඔරිජිනල් ජෙම්බෙක් ගන්න තැනක් හොය හොය හිටියෙ තැන්කූ ඩ්‍රම් ශොප් ගැන කිව්වටත්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...