August 14, 2014

මැක්‍රො සෙල්ලං | Macro Photography with an Extension Tube

ෆොටෝග්රැෆි කියන්නෙ මගෙ ප්‍රියතම සබ්ජෙක්ට් එක කියල කවුරුත් දන්නව නෙහ්. ඔය අතරෙ සංචාරකයට තිබ්බ ලොකුම ආසාවක් තමා මැක්‍රො ඡායාරූප ගන්න එක. ඉස්සෙල්ලාම කියන්න ඕනෙ ඔය දැන් කාලෙ ඕනම ස්මාර්ට් ෆෝන් එහෙක ඉඳන් කම්පැක්ට් කැමරාවල පවා තියෙන Macro Mode එකට දැම්මා කියල ප්‍රායෝගිකව මැක්‍රො ඡායාරූප ගන්න බෑ කියන එක. ඡායාරූපයට ගන්න වස්තුවෙ යම් කිසි විශාලනයක් ලැබුනත් ඒව මැක්‍රො හෙවත් ක්ෂද්‍ර ඡායාරූප නෙවෙයි. එව්ව Close-Up විතරයි. ගන්න ඡායාරූපය මැක්‍රො වෙන්නනං කැමරාවෙ සෙන්සරයට ලැබෙන ප්‍රතිබිම්භය වස්තුවට සාපේක්ෂව 1:1 අනුපාතයක් වෙන්න ඕනෙ. ඒ කියන්නෙ සැබෑ ප්‍රමාණයම හරි ඒ ආසන්න අගයකට හරි.

DSLR එකක් තිබ්බ කියලත් එහෙම එළකිරි සහ ජලය වගේ මැක්‍රො ගන්න බෑ. පොඩි පොඩි කෘමින්ගෙ, මල්වල වගේ ඕනම මැක්‍රො ඡායාරූපයක් ගන්නවනං ඉතාම තියුණුව (Sharp), සමීපව නාභිගත කරගැනීමේ හැකියාවක් තියෙන්නෙ ඕනෙ. ඉතිං ඒ මෙව්ව එක ඔය DSLR එකත් එක්ක හම්බවෙන 18-55 වගේ ලෙන්ස් වල නෑ. ඒ වෙනුවෙන්ම නිපදවපු මැක්‍රො ලෙන්ස් තියනවා. හැබැයි ගාණ සැරයි.

 ඒත් මැක්‍රො ගන්න තව ක්‍රම නැතුව නෙවේ. අපේ අයිලාෂ් අයියා ඒ ගැන හොඳ විස්තර ටිකක් දාල තිබුණා. මෙතනින් යන්න එතෙන්ට...
ඉතිං ඔය අතුරු ක්‍රම වලින් ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ Extension Tube එක. කැමරාවෙ බොඩි එකයි ලෙන්ස් එකයි අතරට මේක සම්බන්ධ කරාම ඉතාම කුඩා දේවල්වලට ලේසියෙන් ෆෝක්ස් කරගන්න පුළුවන්. මේකෙන් වෙන්නෙ කැමරාවෙ නාභි තලයෙයි (Focal Plane) ලෙන්ස් එකයි අතර දුර වැඩි වෙන එක. එතකොට අපිට ළඟා වෙන්න පුළුවන් අවම නාභි දුර (Focus Distance) වැඩි වෙනවා.  (ඒ කොහොමද කියල අහන්න එපා..එහෙම වෙනවා :3)
ඉතිං රුපියල් බර ගාණක් ඔය මැක්‍රො ලෙන්ස් එහෙකට වියදම් කරන්න බැරි හන්ද මාත් Ebay දෙයියන්ගෙන් අහල බැලුව Extension Tube එකේ තත්වෙ. 
$ 6.02 ක් කියන්නෙ රුපියල් 780 ක් විතර..  
සති තුන හතරකින් බඩු ගෙදර. හැබැයි එක්ස්ටෙන්ෂන් ටියුබ් වලත් ජාති දෙකක් තියේ. කැමරාවත් එක්ක Electric Contacts නැති එක සහ තියෙන එක. Electric Contacts තියෙන එක තමයි වඩාත් හොඳ. ඒක පාවිච්චි කරද්දි කැමරාවෙ Auto Focus පසුකම සක්‍රිය කරගන්න පුළුවන්. හැබැයි ඒකෙත් ගාණ සැරයි. :P $ 50-80 ත් අතර තමා.

මේ තියෙන්නෙ ආපු එක
ටියුබ් රාජයා ආපු දවසෙම කැමරාවට 50mm ලෙන්ස් එකයි Extension Tube එකයි හයි කරගෙන වත්ත වටේ පොඩ්ඩක් ඇවිදල බැලුවා. අවුලක් නෑ. මැක්‍රො ලෙන්ස් එකක් තරමට නොවුනත් තරමක් දුරට වැඩේ සාර්ථකයි. ඉලෙක්ට්‍රික් කන්ටැක්ට්ස් නැති Extension Tube එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන් නියමම ලෙන්ස් එකක් තමයි 50mm f/1.8D එක. මොකද මේකෙ ඇපචර් එක වෙනස් කරන්න පුළුවන් රින්ග් එකක් වෙනමම තියේ. ^_^







මේ තියෙන්නෙ ගත්තු ඡායාරූප කිහිපයක්.. :)  

මේ මී මැස්සෙක් නං නෙවේ..පොඩිම පොඩි මලක වහල හිටපු කනෙයියාවෙක්.. මල්වල පරාගනය සිද්ධ වෙන්නෙ මෙහෙම තමා..
 

මේ මිදුලෙ මල් පැළයක පරවෙලා තිබුණු මලක අන්තිමට ඉතුරු වෙච්ච රේණු..


කැමරාවත් එල්ලං වත්තෙ පඳුරු අස්සෙ බඩගාද්දි තමයි මෙයාව හම්බුනේ. ෆොටෝ එකට ලොකුවට පෙනුනට වී ඇටයක් තරං ඇති..


මොණරකුඩුම්බිය පැළෑටියෙ මල්..
මේ පින්තූරෙ ෆෝකස් අවුට් ගිහිල්ල තමයි..
ඒත් මට හිතුණ ඒකත් ලස්සනයි කියල.. 

පඳුරක් අස්සෙ වහල හිටපු පුංචිම පුංචි කුරුමිණි ජෝඩුවක්.. නිදහසේ සංසර්ගයෙ යෙදෙන්නවත් නෑ කියල මට බැන්නද දන්නෙනම් නෑ.. :D


කවදහරි අවාරෙට සිරිපා වන්දනාවෙ යන්න පෙරුම් පුරන දළඹුවෙක්.. :)


මිදුලෙ තිබ්බා පුංචි දම් පාට මල් තියෙන පඳුරු වගයක්. මෙතෙන්ට හැමදාම මී මැස්සො එනවා. ෆොටෝ එකක් ගන්න ගියාට වැඩේ සාර්ථක නෑ මලේ වහල ටක්ගාල පියඹල යනවා. :( ඉතිං මී මැස්සා මලට ආපු ගමන් මැනුවල් ෆෝකස් කර කර ඉන්නකොට ඌ වැඩෙත් කරගෙන ගිහිං ඉවරයි. අර මං උඩදි කිව්ව Auto Focus එකක් තිබ්බනං මීට වැඩිය වැඩේ සාර්ථක වෙන්න තිබ්බා. 



මල්..






අපේ ජීවිතයත් මේ වගේ නෙහ්..


මැක්‍රො ඡායාරූප ගන්නවනං කැමරාව හෙලවෙන්නෙ නැති වෙන්න තියාගන්න ට්‍රයිපොඩ් එකක් හරි වෙන ආධාරකයක් හරි පාවිච්චි කරන එක ඇඟට ගුණයි. මොකද වස්තුවට ගොඩක් සමීප වෙන හන්ද පොඩි සෙලවීමකින් වුණත් පින්තූරය Blur වෙන්න පුළුවන්.. ඔය උඩ තියන වතුර බිංදුවෙ පින්තූරෙත් හොඳට බැලුවොත් තේරෙයි හෙලවිලා කියලා. 
එහෙම නැත්තං අවමය 1/200 වගේ ෂටර් ස්පීඩ් එහකටවත් යන්න ඕනෙ.. 



ගොහිං එන්නං ඈ.. 





























 

32 comments:

  1. අපේ අයියා කෙනෙක් නිකං මැකෝ පොටෝ ගහන හැටි දවසක් අපිට කියල දුන්නා. මිනිහගේ නම අයිලාෂ්...

    ReplyDelete
    Replies
    1. අයිලාෂ් ගෙ ලින්ක් එකක් තමා ඔය මාත් දාල තියෙන්නෙ.. :D
      නිකං කීවේ.. :P

      Delete
    2. හැක් හැක් වැඩෙ මාඅට්ටු.උඹ පොස්ට් එක කියෙවුවෙ නැ නේ.

      Delete
  2. මචෝ ෆොටෝ ටිකනම් බැලුවා. ලිපිය හෙට කියවන්නම් හොඳේ...

    ReplyDelete
    Replies
    1. මචෝ... සුපිරියි කියන්නෙ සුපිරි එකෙත් හොඳම එක. උඹේ දාපු ලිපි වලින් මං ආසම එක මේක වගේ.

      මෙහෙම ෆොටෝ දැකල තිබුනට මේව ගන්න මෙච්චර තාක්ෂණයක් තියෙනවා කියල අදයි දැනගත්තෙ.

      ඒ වගේම ෆොටෝ වලට උඹ දාල තියෙන අදහසුත් නියමයි.

      (මේ තව එකක්, මේක මං නිකමට අහන්නෙ, උඹේ ඔය අලුත් ප්‍රෝෆයිල් පික්චර් එකත් මැක්‍රො එකකින් ගහපු එකක්ද ඈ... හෙක්!!!හෙක්!!)

      Delete
    2. මං ලියපු ලිපි වලිනුත් මං ආසම එක මේක තමා..හෙහ් හෙ.. :D
      බොහොම ස්තූතියි මනෝ..

      (ඇයි උඹ හිතුවද මං කුරුමිණියෙක් කියල..)

      Delete
  3. මට නම් ඔය ෆොටො ග්‍රැෆි ගැන එච්චර උනන්දුවක් නෑ සිරාවටම.හැබයි ඉතින් ජීවිතෙට එක වතාවක් හරි අපි හැමෝටම ෆොටොග්‍රැෆර් කෙනෙක් වෙන්න වෙනවනෙ.මේකෙ තියන දැනුම වටිනව ඒ හින්දා.පැහදිලියි විස්තරාත්මකයි.ඕනි එකෙක්ට තේරෙන්න ලියලා තියෙයි.ඒ හින්දා මරු.!!!!!!

    ReplyDelete
    Replies
    1. අමතක උනා ෆොටෝ ටිකත් මරු ඈ. කනෙයියෙක්ව ඔච්චර ලොකුවට දැක්කමයි

      Delete
    2. බොහොම ස්තූතියි මල්ලියා..
      ෆොටෝග්රැෆි ගැන උනන්දුවක් නැති වුනාට ඡායාරූප රස විඳලා ඇති ඕන තරං..ඒ මදෑ.. ;)
      මංතුමාටනං ඉතිං ෆොටෝග්රැෆි කියන්නෙ ආයි ලයිප් එක පුල් මාවලස් ඈ.. :D

      Delete
    3. වෙන ඡායාරූපශිල්පියො ගත්තු මීමැස්සො, නිල මැස්සො වගේ එවුන්ව ටොම්බ සයිස් එකට දැකල තිබ්බට මාත් මේ කනෙයියෙක් මේ තරං ලොකුවට දැක්කමයි තමා.. :D
      ස්තූයියි ඈ

      Delete
  4. හැබැයි නියමයි මචන් වැඩේ...ඔහොම ෆොටෝ සැට් එකක් කාලීකින් දැක්කේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙකන්ඩ් විභීෂණ අයියා...
      ගූගල් දෙයියන්ගෙන් අහල බැලුවනං මීට වැඩිය හොඳ ටිකක් බලාගන්න පුළුවන්.. :D

      Delete
  5. මරු බං ෆොටෝස් ටික නම්. පංකාදු පහයි.

    කුරුමිණි ජෝඩුව බොට අපහාස නඩු දාවි හොදේ! :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියා..
      මටත් ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් එකේ වගේ මැක්‍රො අධිකරණයකට යන්න වෙයිද දන්නෑ.. :D

      ඒක නෙවේ උඹෙ බ්ලොගියෙ දැං මකුළු දැලුත් බැඳිල ඇති.. කෝ යකූ කතා.. >_<

      Delete
  6. ඒ..ඔයා නම් සුපිරියි ඈ පොඩ්ඩෝ...

    ReplyDelete
    Replies
    1. හහ් හා..තෑන්ක්ස් ඈ අක්කෙ.. ;)

      Delete
  7. මේකට නම් ටිකක් ලොකු කොමන් එකක් ලියන්න කියලා හිත කියනවා ...මේ ලිපිය මට මිල කරන්න බැරි තරම් වටිනවා මොකද මම ඔය ෆොටෝග්‍රැෆි වලට පට්ට ලයික්.....ඔන්න පිස්සුවේ තරම කොච්චරද කියනවා නම් මේ පහු ගිය මාසේ තිබ්බ උපන් දිනේට D3100 හබියා තෑගි කරා මන් තාම යු ටියුබයෙන්,ගුගල් දෙයියගෙන් බලන් කැමරාව ගැන ඉගෙන ගන්නවා ඒ අතර ෆොටෝ වගේකුත් ගත්තා ඉදිරි දවසක ඒ ගැන ලියන්නම්....ගොඩාක් ස්තූති සංචාරක මල්ලි....(හැකි නම් මේලයක් විදින්න දැන ගත යුත්තක් ඇත shanuwijathunga@yahoo.com

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන්නෙ D3100 ක්.. :D අරගෙන තාම මාස පහයි. මාර්කට් එකේ තියන පරණම කැමරාවක් වුනාට තාමත් ඕක මාර ජනප්‍රියයි එන්ට්‍රි ලෙවල් එකක් විදිහට.
      ෆොටෝග්රැෆි පිස්සුවෙ තරම දන්නෙ ඒ උණ තියන අය විතරයි. ආයි ඉතින් බෝ වුනොත් ලේසියෙන් හොඳ වෙන්නෑ. :)
      මාත් ගොඩක් දේවල් ඉගෙනගත්තෙ ගූගල්, යූ ටියුබ් වලින් තමා. ඇත්තම කිව්වොත් කැමරාව ගැන ඔක්කොම වගේ දේවල්.
      ඊයක් විදින්නං...
      ජය වේවා..

      Delete
    2. ඊයක් එව්වෝ..

      Delete
  8. මේකට නම් ටිකක් ලොකු කොමන් එකක් ලියන්න කියලා හිත කියනවා ...මේ ලිපිය මට මිල කරන්න බැරි තරම් වටිනවා මොකද මම ඔය ෆොටෝග්‍රැෆි වලට පට්ට ලයික්.....ඔන්න පිස්සුවේ තරම කොච්චරද කියනවා නම් මේ පහු ගිය මාසේ තිබ්බ උපන් දිනේට D3100 හබියා තෑගි කරා මන් තාම යු ටියුබයෙන්,ගුගල් දෙයියගෙන් බලන් කැමරාව ගැන ඉගෙන ගන්නවා ඒ අතර ෆොටෝ වගේකුත් ගත්තා ඉදිරි දවසක ඒ ගැන ලියන්නම්....ගොඩාක් ස්තූති සංචාරක මල්ලි....(හැකි නම් මේලයක් විදින්න දැන ගත යුත්තක් ඇත shanuwijathunga@yahoo.com

    ReplyDelete
  9. මං මුලින්ම ගත්තේ රිවස් මවුන්ට් එක. ඇපචර් සුවිච් එක අතිං අල්ලං. 18-55න්ම වැඩේ ගොඩදාගත්ත. පස්සෙ තමා ටියුබ් කෑල්ල ගත්තේ. ට්‍රයිපොඩ් කරල ෆෝකස් කරන්න බැරිවෙද්දි ට්‍රයිපෝඩ් එකත් එක්කම එහාට මෙහාට කරන්නෝන. මුලින්ම ගත්තු එවුව කලුවර නිසා LED ටෝච් එකකුත් පාවිච්චි කරල තමයි පින්තූර ගත්තේ :D ටියුටෝරියල් බලන්නැතිව අලුත් ඒව හොයාගන්න එකෙත් ආතල් එකක් තියේ

    ReplyDelete
    Replies
    1. ඔය මලක් පිටිපස්සෙන් සුදු පාට බොකේහ් පාරක් පේන්නෙ..ඒ මාත් ඔය LED ලැම්ප් එහෙකින් ලයිටින් කරන්න ගිහිල්ල වැදිච්ච එකක්.. :D
      රිවර්ස් මවුන්ට් එක ගැනනං තාම අත්දැකීමක් නෑ..
      මාත් 18-55 ට දාල බැලුව ඒක අල්ලල ගියේ නෑ.. මොල් මගුලක් පේන්නැතුව ගියා පස්සෙ තමයි 50mm ට දාල බැලුවෙ.
      මාත් කරේ ෆෝක්ස් කරනවට වැඩිය කැම එහාට මෙහාට කරපු එක තමා. ඒ වුනාට ට්‍රයිපෝඩ් එකේ තියෙද්දි පට්ට ලේසියි..
      ජය වේවා... ;)

      Delete
  10. 1. ගුරු මුට්ටිය නැතුව කියා දෙනවට මෙන්න පහක්. දර්මද්වීපයේ ඉන්න එව්වෝ තමන් දන්නා දේ මලාට කියා දෙන්නේ නෑ. ඒ අතින් සේස්ට පොරක්
    2. මේ වගේ කැමරා එකක් සෙට් කරගන්න කීයක් විතර යාවිද
    3. වීඩියෝ කැමරා එකෙන් පොටෝ ගන්න එක සාර්ථක ක්‍රමයක්ද
    4. මම වීඩියෝ කැමරා එකක් ගන්න ඉන්නේ අපේ කොල්ලෝ තුන් දෙනාගේ මියුසික් ටික රෙකොර්ඩ් කරන්න. අඩු මිලකට ගන්න පුළුවන් මොඩ්ල් එකක් මොකක්ද

    ReplyDelete
    Replies
    1. 1. ගුරු මුට්ටිය මේ බ්ලොගියට තහනං වචනයකි. ;)
      2. DSLR එකක් ගන්නනං අවමය 55 ක් 60 ක් විතර යාවි. ඒ ගාණට ගත්තු එකක් තමා ඔය මා ගාවත් තියෙන්නෙ. Nikon D3100. හැබැයි මේක පරණ වර්ශන් එකක්. මාර්කට් එකේ අඩුවෙන්ම තියෙන්නෙ ඕක තමා. මං දන්න තරමින් කොළඹ පැත්තෙ කැමරා ගන්නවනං අඩුවෙන්ම ගන්න පුළුවන් කිරුළපන CameraLK . ඔතනින් ගිහිල්ලා ගණං එහෙම බලාගන්න.

      3. වීඩියෝ කැමරා එහෙකින් පොටෝ ගත්තට අවුලක් නෑ. ඒත් ඉතින් බල්ලගෙ වැඩේ බූරුවා කරල හරියන්නෙ නෑනෙ. :D

      4. වීඩීයෝ කැමරා ගැන දැනුමනං මගෙ දුර්වලයි. ඒ ෆීල්ඩ් එකේ උනන්දුවක් නැති හන්ද. අර මං 2. වැනි එකේ දුන්න CameraLK කට්ටියගෙන් ඇහුවනං කියයි..ඒ ගොල්ලො වීඩීයො කැම් විකුනන්නෑ..ඒත් කියල ගෙන්නගන්න පුළුවන්..

      බොහොම ස්තූතියි...

      Delete
  11. ඒ මගේ වෙඩින් එක දවසට උඹ එනව නේද ෆොටෝ ටික ගහන්න?

    ReplyDelete
    Replies
    1. හෙහ් හ‍ෙ :D
      එන්නංකො එන්නංකො..

      Delete
  12. පට්ට ඈ..
    මං කීවෙ පිංතුර ටික...
    උඹ දවසින් දවස දියුනු වෙනව...
    මට ලියල තියෙන දේ වල් ඒ හැටි තේරෙන්නෙ නැති ුවනත්...
    දවසක වැදගත් වෙයි කියල හිතෙනව...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..
      බ්‍රෑන්ඩ් එක....ආ නෑ නෑ ඒව ඕන්නෑ.. :D

      යා යා දවසක වැදගත් වෙයි..
      ජය වේවා මහියො...

      Delete
  13. එළකිරි පොටෝ ටික...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සයුරි

      Delete

Related Posts Plugin for WordPress, Blogger...