මීට අවුරුදු කිහිපයකට කලින් නිකුත් කරපු අලුත් මුදල් නෝට්ටුවල විශේෂ දෙයක් තමයි ලංකාවට ආවේණික කුරුළු වර්ග කිහිපයක් ඒ මුදල් නෝට්ටු වල දකින්නට හැකි වීම. කාගෙ වුනත් හොඳ අදහසක්. ඒත් ඒ කුරුල්ලන්ගෙ නම ඒ නෝට්ටු වල දකින්නට නැහැ.
ලංකා කුරුළු සංගමයට අනුවනම් ලංකාවෙ පක්ෂි වර්ග 441 ක් පමණ ඉන්නවා. එයින් 33 ක් පමණ ලංකාවටම ආවේණික පක්ෂීන්. එයින් කිහිපයක් තමයි මේ මුදල් නෝට්ටුවල ඉන්නෙ.
#රු.20
~ පඬුවන් කන්බස්සා
~ Serendib Scops Owl (Otus thilohoffmanni)
ලංකාවට ආවේණික බස්සන් වර්ග 2 අතරින් එක්කෙනෙක්. පහත් බිම් කිහිපයක විතරක් දැකගන්න පුළුවන්. වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියන කුරුල්ලෙක්. හඳුනගන්න තරමක් පහසුයි මොකද මෙයාට හොඳින් වැඩුණු කන් පෙති (True ear tufts) නෑ. 17 cm ක් පමණ දිගයි.
ලංකාවට ආවේණික අනිත් බස්සගෙ නම “පිටතඹල උපබස්සා“.
#රු.50
~ ලංකා නීලන් මැසිමාරා (අඳුරු නිල් මැසිමාරා)
~ Lanka Dull Blue Flycatcher (Eumyias sordida)
හෝර්ටන් තැන්න ආශ්රිත ප්‍රදේශයෙ බහුලව දැකගන්නට පුළුවන්. නමින්ම පැහැදිලි වන්නෙ මොවුන්ගෙ ප්‍රධාන ආහාරය කෘමි සතුන්, මැස්සන් ආදිය. මොවුන් කූඩු සාදා ගන්නෙ පාසි වර්ග ආදී දේවලින්.
#රු.100
~ රතු දෙමලිච්චා
~ Orange - Billed Babbler (Turdoides rufescens)
රතු පැහැයට හුරු සාමාන්‍ය තැඹිලි වර්ණයට හුරු කුරුල්ලෙක්. තෙත් කලාපීය ප්‍රදේශවල බහුලව දකින්නට පුළුවන්. මෙයාව හොයාගෙන තියෙන්නෙ 1847 දි.
#රු.500
~ අළු ගිරවා
~ Layard's Parakeet (Psittacula calthropae)
උද්‍යාන, එළි පෙහෙළි වූ කැළෑ ආශ්රිත ජීවත් වෙනවා. 13 cm ක් පමණ පෙදයක් ඇති 29 cm ක් පමණ දිගැති ගිරා විශේෂයක්. හිස සහ පෙදය නිලට හුරු අළු පැහැයකින් යුක්ත වන නිසා හඳුනගන්න පහසුයි.
#රු.1000
~ ගිරා මලිත්තා (පොල් ගිරවා)
~ Lanka Hanging Parrot (Ioriculus beryllinus)
ඉතා සුළු රංචු ලෙස හෝ තනිව ජීවත් වෙන ගිරා විශේෂයක්. හිසෙහි රතු පැහැයට හුරු පෙදසක් තියනවා.
#රු.5000
~ ගල ගුඩුවා (කහ කොණ්ඩයා)
~ Yellow Eared Bulbul (Pycnonotus penicillatus)
හෝර්ටන් තැන්න, නුවරඑළි ආදී ප්‍රදේශවල පඳුරු, ලැහැබවල් වල කූඩු සාදාගෙන ජීවත් වෙනවා. යටි පෙදෙස දීප්තිමත් කහ පැහැයකුත් හිස අළු පැහැයකුත් පිටුපස ඔලිව් පැහැයකුත් තියනවා. මේ කුරුල්ලගෙ විශේෂත්වයක් වෙන්නෙ ඉතා කුඩා වට ear tufts පිහිටා තිබීම.
මේ මුදල් නෝට්ටු වල සමනළ වර්ගත් ඉන්නව..එයාල ගැන පස්සෙ දවසක හොයනවා...! :)
ප.ලි. - මෙහි ඇති සියලු ඡායාරූපවල හිමිකම් එම ඡායාරූපශිල්පීන් සතු විය යුතුයි.