මීට අවුරුදු කිහිපයකට කලින් නිකුත් කරපු අලුත් මුදල් නෝට්ටුවල විශේෂ දෙයක් තමයි ලංකාවට ආවේණික කුරුළු වර්ග කිහිපයක් ඒ මුදල් නෝට්ටු වල දකින්නට හැකි වීම. කාගෙ වුනත් හොඳ අදහසක්. ඒත් ඒ කුරුල්ලන්ගෙ නම ඒ නෝට්ටු වල දකින්නට නැහැ.
ලංකා කුරුළු සංගමයට අනුවනම් ලංකාවෙ පක්ෂි වර්ග 441 ක් පමණ ඉන්නවා. එයින් 33 ක් පමණ ලංකාවටම ආවේණික පක්ෂීන්. එයින් කිහිපයක් තමයි මේ මුදල් නෝට්ටුවල ඉන්නෙ.
#රු.20
~ පඬුවන් කන්බස්සා
~ Serendib Scops Owl (Otus thilohoffmanni)
ලංකාවට ආවේණික බස්සන් වර්ග 2 අතරින් එක්කෙනෙක්. පහත් බිම් කිහිපයක විතරක් දැකගන්න පුළුවන්. වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියන කුරුල්ලෙක්. හඳුනගන්න තරමක් පහසුයි මොකද මෙයාට හොඳින් වැඩුණු කන් පෙති (True ear tufts) නෑ. 17 cm ක් පමණ දිගයි.
ලංකාවට ආවේණික අනිත් බස්සගෙ නම “පිටතඹල උපබස්සා“.
#රු.50
~ ලංකා නීලන් මැසිමාරා (අඳුරු නිල් මැසිමාරා)
~ Lanka Dull Blue Flycatcher (Eumyias sordida)
හෝර්ටන් තැන්න ආශ්රිත ප්‍රදේශයෙ බහුලව දැකගන්නට පුළුවන්. නමින්ම පැහැදිලි වන්නෙ මොවුන්ගෙ ප්‍රධාන ආහාරය කෘමි සතුන්, මැස්සන් ආදිය. මොවුන් කූඩු සාදා ගන්නෙ පාසි වර්ග ආදී දේවලින්.
#රු.100
~ රතු දෙමලිච්චා
~ Orange - Billed Babbler (Turdoides rufescens)
රතු පැහැයට හුරු සාමාන්‍ය තැඹිලි වර්ණයට හුරු කුරුල්ලෙක්. තෙත් කලාපීය ප්‍රදේශවල බහුලව දකින්නට පුළුවන්. මෙයාව හොයාගෙන තියෙන්නෙ 1847 දි.
#රු.500
~ අළු ගිරවා
~ Layard's Parakeet (Psittacula calthropae)
උද්‍යාන, එළි පෙහෙළි වූ කැළෑ ආශ්රිත ජීවත් වෙනවා. 13 cm ක් පමණ පෙදයක් ඇති 29 cm ක් පමණ දිගැති ගිරා විශේෂයක්. හිස සහ පෙදය නිලට හුරු අළු පැහැයකින් යුක්ත වන නිසා හඳුනගන්න පහසුයි.
#රු.1000
~ ගිරා මලිත්තා (පොල් ගිරවා)
~ Lanka Hanging Parrot (Ioriculus beryllinus)
ඉතා සුළු රංචු ලෙස හෝ තනිව ජීවත් වෙන ගිරා විශේෂයක්. හිසෙහි රතු පැහැයට හුරු පෙදසක් තියනවා.
#රු.5000
~ ගල ගුඩුවා (කහ කොණ්ඩයා)
~ Yellow Eared Bulbul (Pycnonotus penicillatus)
හෝර්ටන් තැන්න, නුවරඑළි ආදී ප්‍රදේශවල පඳුරු, ලැහැබවල් වල කූඩු සාදාගෙන ජීවත් වෙනවා. යටි පෙදෙස දීප්තිමත් කහ පැහැයකුත් හිස අළු පැහැයකුත් පිටුපස ඔලිව් පැහැයකුත් තියනවා. මේ කුරුල්ලගෙ විශේෂත්වයක් වෙන්නෙ ඉතා කුඩා වට ear tufts පිහිටා තිබීම.
මේ මුදල් නෝට්ටු වල සමනළ වර්ගත් ඉන්නව..එයාල ගැන පස්සෙ දවසක හොයනවා...! :)
ප.ලි. - මෙහි ඇති සියලු ඡායාරූපවල හිමිකම් එම ඡායාරූපශිල්පීන් සතු විය යුතුයි.
නියමයි මල්ලි. තොරතුරු ගොඩක් වටිනවා. සල්ලි වල ඉන්න කුරුල්ල ගැන හිතුවෙ නෑනෙ මෙච්චරකල්.
ReplyDeleteබොහොම ස්තූතියි..! :)
ReplyDeleteනියමයි මචෝ…!! සිරාවටම සල්ලි වල ඉන්න කුරුළ්ලො ගැන මෙච්චර උනන්දුවෙන් බැලුවෙ අදමද මන්දා.
ReplyDeleteඅපිට එදිනෙදා ජීවිතේදි කොච්චර දේවල් මිස් වෙනවද නෙහ්..!
Deleteස්තූතියි මේ පැත්තට අැවිල්ල ගියාට..
යකෝ //ස්තූතියි මේ පැත්තට ඇවිල්ල ගියාට// කියලා කියන්නෙ මම අදම මේ පැත්තට ආවා වගේනෙ. හි… :)) (ගණන් ගන්න එපා විහිළුවට.)
Delete:D :D
Deleteමෑත භාගේ මොනරව අයින් කරල අලුත් දාහෙ නෝට්ටුවට පැන්න රාජ පස්ස පක්සියා ගැන සඳහනක් නැහැනෙ ;)
ReplyDeleteස්තුති විස්තරයට :))
:D :D ඒ පක්සියා තාම හඳුනා නොගත් පක්සියෙක්ලු...!
Deleteගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට.. :)
මං කැමතිම විදිහෙ ලිපියක්. මේ කුරුල්ලන් අතරින් කීප දෙනෙක් තමයි හැබැහින් දැකල තියන්නෙ.
ReplyDeleteඅර බස්සා තමයි ඔතනින් බලාගන්න අමාරුම..
Deleteගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට.. :)
මේක නම් නියමයි.සුපිරි.
ReplyDeleteඑහෙනං එච්චරයි.. :D
Deleteනියමයි මචං.. කොහෙද ඉතින් සල්ලි පාවිච්චි කලාට ඕවා ගැන දන්න එකක් කියලයැ..
ReplyDeleteස්තූතියි මචං..
Deleteඇත්තටම අතිවිශිෂ්ටයි... මෙච්චර කල් නෝට්ටු යූස් කලාට කවදාවත් ඒවැයි තියෙන වං හුං හොයන්න ගියෙ නෑ... පට්ට තෑන්ක්ස්
ReplyDeleteමොනහරි දෙයක් දැනගත්තනං ඒක මට සතුටක්..! :)
DeleteThanks for this valuable information
ReplyDeleteගොඩක් වැදගත් ස්තූතයි.. සමනල්ලු ගැන හොයා ගත්තේ නැද්ද
ReplyDeleteහරිම වටිනවා💓 ස්තූති
ReplyDeleteThanq so much 🙏
ReplyDelete