ලෙනාඩ් වුල්ෆ් ගැන මං පළමුවරට දැනගත්තෙ ඔහු විසින් රචනා කරල, ප්‍රේමචන්ද්‍ර අල්විස් විසින් පරිවර්තනය කරල තිබුණු ඉතාමත් ආසාවෙන් කියවපු ලක් බිමේ සත් වසක් නම් කෘතියෙන්. ලෙනාඩ් වුල්ෆ් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු ලංකාවට පැමිණෙන්නෙ 1904 ඔක්තොම්බරයෙදි. ඒ කියන්නෙ ලංකාව බ්‍රිතාන්‍ය යටක් විජිතයක්ව පැවති කාලයෙදි. ඒ සිවිල් සේවකයෙකු වශයෙන්.
වුල්ෆ් ලංකාවෙ සේවය කරේ සුළු කාලයක් පමණක් වුවත් ඔහුට අත්දකින්න සිදුවෙන අත්දැකීම් ගොන්න අතිමහත්. ඔහු විසින් රචිත බොහොමයක් කෘති වලට පාදක වෙන්නෙ මේ අත්දැකීම්.
පහුගිය ඉරිද දවසක කොටුව පැත්තෙ පොඩි රවුමක් ගහන්න ඕනෙ කියල හිතාගෙන ගියපු මං ගුණසේන එකට ගියෙ නොදැනුවත්වම.
කොටින්ම මට යන්න උවමණාවකුත් තිබුණා. ඒ විභූතිභූෂණයන්ගෙ අරණකට පෙම් බැඳ පොත හොයා ගන්න. ඒත් ඉතින් අන්තිමට එන්න සිද්ධ වුනේ තව පොත් හතරක් පහක්ම අරගෙන. පර්ස් එකේ තිබ්බෙ රුපියල් දෙදාහක් හන්ද ඔයින් බේරුණා. :D සුසිත රුවන් ගෙ රාවණා මෙහෙයුම, එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ මළගිය ඇත්තෝ, සුනේත්‍රා රාජකරුණා මහත්මියගෙ කවිකඳුර අතර ලෙනාඩ් වුල්ෆ් ගෙ The village in the Jungle නොහොත් බැද්දේගමත් ඒ අතර තිබුණා. පරිවර්තනය කරල තියෙන්නෙ ඒ.පී. ගුණරත්න විසින්.
සම්පූර්ණයෙන්ම බලලා නැති වුණාට මට මතකයි බැද්දේගම චිත්‍රපටියත් ටීවී එකේ පෙන්නුව. බැද්දේගම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් මහත්මයා. පොත කියවල ඉවර වෙලා චිත්‍රපටියත් බලන්න නෙට් එකේ සර්ච් කරල බැලුවට හම්බුන්නෑ..!
ලෙනාඩ් වුල්ෆ් මේ පොත ලියල තියෙන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කියල තමා කියන්නෙ. විදේශිකයෙක් අතින් ලියැවුණාට බැද්දේගම කතාවෙ සිංහල මිනිසුන්ගෙ චරිත නිරූපණය, ජීවිතය පිළිබඳ සියුම් පැතිකඩයන් පවා ගෙන හැර පාමින් කතාව ලිවීම සිංහල නවකතා කරුවෙකුටත් වඩා විශිෂ්ටයි. කතාවෙ අන්තර්ගතය පිළිබඳව ගත්තොත් මෙහි සිදුවන්නෙ බැද්දේගම කියන කැළෑ බද අති දුෂ්කර ගමේ සහ එහි ඉතාමත් දුක්ඛිතව ජීවත් වෙන පවුල් කිහිපයක පරිහානිය. වැස්ස නැති කමින් නියඟය නිසා බැට කන, නූගත් කම සහ අන්ධ විශ්වාසයන්, ඉඩම් හිමියන් විසින් දුප්පත් ගොවියන්ව දරිද්‍රතාවයටම තල්ලු කිරීම හේතුවෙන් මිනිස්සු පරිහානියට පත්වන විදිහ වුල්ෆ් විසින් තම නිර්මාණයට සම්බන්ධ කරගෙන තියන විදිහ සිත්ගන්නා සුළුයි.
"බැද්දේගම වනාහි අතිශයින් ප්‍රශංසනීය වූ ද මනහර වූ ද කෘතියකි. එහි අපට හමු වන්නේ නො ඇසූ විරූ චරිත විශේෂයන්ය. අපේ ගෞරවය ද අනුකම්පාව ද ඔවුන්ට එකවර හිමිවේ"
~Morning Post පුවත්පත~
අන්තිම පිටුව වෙනකංම පුදුම කුතුහලයකින් වගේම ගොඩක් ආසාවෙන් පොත කියවන්න පුළුවන්. දුෂ්කර ගම්බද මිනිස්සුන්ගෙ ජීවිත අපි හිතාගෙන ඉන්නවටත් වඩා දුක්ඛිතයි. නමුත් ඒක තමයි සත්‍ය.
බුක් ෆෙයාර් එකේදි ලෙනාඩ් වුල්ෆ ගෙ බැද්දේගම හමුවුණොත් රුපියල් තුන්සිය විසි පහක් දීල ගත්තට පාඩු වෙනනැති වෙයි..!
අසංකයො ඔය පොත මං ඉස්සරෝම කියෙව්වෙ ඉස්කෝලෙ පුස්තකාලෙන්...
ReplyDelete්මාර ආසාවෙන් කියෙව්ව...
අන්තිමේ පුංචි මැණිකට වෙන දේ කියවද්දි ඇත්තටම දුක හිතුණ සිරාවටම...
ඒක ඒ වගේ පරිවර්තනයක් පට්ටෙටම කරල තියෙනව...
පහුගිය දවසක මව්බිමෙන් බැද්දෙගම හොයන් ගිහින් පොතේ තියෙන සිද්දි වලට සමපාත වෙන තැන් අනුමාන කරල ආටිකල් එකක් කරල තිබ්බ...
දවස නං මතක නෑ...
ඒත් හෙව්වොත් හොයාගන්න පුලුවං වෙයි...
මේ අවුරුද්දෙ කියල විතරයි මට මතක
ඇයි හින්නිහාමි, සිලිඳු, බබුන්... පොත කියෝල ඉවර කරන්න සිද්ධ වෙන්නෙ හදවතේ පුංචිම පුංචි දුකක් ඉතුරු කරගෙන..
Deleteආටිකල් එකනං හොයාගන්න බැරි වුණා.. :/
ඉරිද මවුබිම පාරදිගේ හරි සැණකෙළියෙ හරි තිබ්බෙ
Deleteඋවමනාම නං මවුබිම ඊ එඩිෂන් එකෙන් බැලුවෑකි
එල...බලන්නං..
Deleteමෙන්න අපේ බ්ලොග් සහෘදයෙක් ඔය ගැන හොයං ගිහින් ලියපු සටහන් පෙල.
Deletehttp://sajeewasatahan.blogspot.com/2011/12/1_23.html
මමත් කියවල තියෙනවා..එත් ඔයා මතක් කලාම ආයෙම කියවන්න ආස හිතුනා :)
ReplyDeleteහ්ම්ම්... :) එහෙනං කියවන්නකො...
Deleteබැද්දේගම - අමාරුවෙන් හොයාගෙන, අාසාවෙන් කියවපු, පොතක්...
ReplyDeleteස්තුතියි ආයේ මතක් කලාට, ආයේ කියවන්න හිතුනා..
ජ ය වේ වා !!!
එ්නං එච්චරයි..
Deleteජය වේවා..
අපෝ මල්ලි පොත් ගත්තා කියන්න එපා හලෝ මට හෙන ඊරිසියයි අපිට කොයින්ද ඉත්හින් ඔවන් වාසනා.....අරණකට පෙම් බැඳ ගත්තද? මට කියවන්න පුළුවන් pdf එකක් ලැබුනාඅරණකට පෙම් බැඳ pdf http://www.sinhalaelibrary.com/ebook/aranakata%20pem%20benda.pdf
ReplyDeleteබැද්දේගම කියවා ඇත..ෆිල්මයද බලා ඇත සූටිම කාලේ
ඔව් ඔව් අරණකට පෙම් බැඳ ගත්තා.. අරගෙන ඉස්සෙල්ලාම කියෙව්වෙ ඒක තමා..pdf එකට ස්තූතියි..
Deleteඅනික් පාර ආපුවාම පොත් සෙට් එකක්ම අරං යන්න ඔහෙ.. :D
මට පොත නම් කියවන්න සෙට් වෙලා නෑ.. හැබැයි ෆිල්ම් එකනම් දෙතුන් පාරක්ම බලලා තියෙනවා..
ReplyDeleteසැහ්..මට ෆිල්ම් එක බලන්න බැරි වුණානෙ.. :/
Deleteබද්දේගම ෆිල්ම් එක මටත් මතකයි පොඩි කාලේ ටී.වී. එකෙන් බැලුවා , ඒ කාලෙත් එක ඉතාම දුර්වල සංරක්ෂණය කලයුතු මට්ටමක තිබ්බේ, දැන් නම ඒ ටිකවත් නැතුව ඇති. මේ චිත්‍රපටි සන්ටක්ෂණයට වැඩපිළිවෙලක් විධිමත්ව නැති වීම නම් දුකක්
ReplyDeleteයූ ටියිබ් එකේ හොයල බලපුවාම හම්බුනේ මේ කෑල්ල විතරයි..
Deletehttps://www.youtube.com/watch?v=q0Unv4icaCc
ලංකාවෙ ඉන්නව නේද චිත්‍රපටි සංරක්ෂණය කරන දෙතුන් දෙනෙක්ම..
මට එක පාරක් මුණ ගැහුනා Village in the Jungle කියවපු අයිරිෂ් ජාතිකයෙක්. උන්ගේ රටේ ඔය වගේ නවකතාවක් හරි ෆිල්ම් එකක් හරි ප්‍රසිද්ධ උනොත් අදාළ ස්ථාන ඔක්කොම සංරක්ෂණය කරනවලු. මොකද ඒක මාකට් කරකර සංචාරකයෝ ගෙන්වන්න පුළුවන් නිසා. We too කියල මාත් ශේප් එකේ කිව්වා. ඌ මට කින්ඩි හිනාවක් දැම්ම.
ReplyDeleteහිහ් හී..
Deleteඅපේ උන්දැල කොහෙද ඔය වගේ වැඩක් කරන්නෙ..
ආයි බැද්දෙගම හොයල ඉවරයි. මත්තල එයාපෝට් එක හදල තීන්නෙ ඒකෙ උඩ.
Deleteලංකාව ගැන ලියපු විදේශිකයන්ගෙන් මං කැමතිම ස්පිට්ල් මහත්මයාට. මං ඔහුගෙ පොත් ඔක්කොම පිපාසෙන් කියෙව්වා.
ReplyDeleteඋඹ මේ කියල තියන රාවණ මෙහෙයුමත් මං ලඟ තියෙනවා. මගේ ජීවිතේ මං කියවපු හොඳම පොත් කිහිපයෙන් එකක් මේක. කොහොමද ඒකෙ පරිගනක ඉංජා. ඌ පෙන්ටගනේටත් වෛරස් එකක් දාන විදිය.. සුපර්බ්!!
මටනං ඔය වගේ පොත්වලින් පට්ටම එක රොබර්ට් නොක්ස් ගෙ එදා හෙළ දිව... කොච්චර කියෙව්වත් ඒකනං එපා වෙන්නෙම නෑ..
Deleteරාවණා මෙහෙයුම නං ආයි ලොවෙත් නෑ සුපිරි.. පොත බිමින් තියන්න හිතෙන්නෑ එක හුස්මට කියවගෙන ගියහැකි.. සුසිත රුවන් ගෙ අලුත් පොතකුත් ඇවිල්ල තියේ "ඒ ඔහු නොවේ" කියල..තාම කියවන්නං හම්බුන්නෑ..
මම පොත කියවල නැද්ද කොහෙද. හැබැයි චිත්‍රපටිය නම් බැලුවා යූ ටියුබ් එකේද කොහෙද. පොඩ්ඩක් හොයල බලන්න නෙට් එකේ. දැන් අයින් කරලද දන්නේ නෑ
ReplyDeleteඔව් බලන්න තියෙන හැමතැනම බැලුව ගොඩක් තැන්වල ඒක ඩිලීට් කරල..යූ ටියුබ් එකෙත් නෑ..
ReplyDeleteපොතත් කියවල බලන්න.. :)
බැද්දේගම නම් තාම කියවලා නැත.
ReplyDeleteෆිල්ම් එක නම් දෙතුන් පාරක් ටීවී එකෙන් බලා ඇත.
මම ඕකෙ අනික් පැත්ත නෙ... :D
Deleteබද්දේ ගමෙන් කියවෙන්නේ ම්මාගම්පුර රාජධානියේ කාලයේ ඉඳන් පැවත ආ ජනාවාස වල අවසානය හා ඒවායේ ජිඉවත් වුනු අවසාන පුරුක් ගැන නේද? ආතර් සී ක්ලාක් මහත්තයා රඟපාපු එකම චිත්‍රපටිය වෙන්න ඕන මම හිතන්නේ
ReplyDeleteමළගිය ඇත්තෝ සහ බද්දෙගම නම් කියවල තියනව. බද්දෙගම ෆිල්ම් එකත් බැලුව වගෙ මතකයි. මෙතන තියනව ඩවුන්ලෝඩ් ලින්ක් තුනක්. වැඩද දන්නෙ නම් නෑ. http://movieworld.ws/baddegama-village-in-the-jungle-1980-dvd9/
ReplyDeleteනියමයි
ReplyDelete