පැය කිහිපයකින් විතර හපුතලේ නගරයට ළඟා වෙනකොට මීදුමෙන් මුළු පළාතම වෙළාගෙන. සීතල ඉවසගන්න බැරි හින්දමද මන්ද කකුල් දෙක ඉක්මනින්ම ත්‍රීවීල් රථයක් දෙසට පිය නැගුවා. මාමා කිව්ව හැටියටනං ඒ දවස් ටික හපුතලේට එච්චර හොඳ කාලගුණයක් නෙමෙයි තිබිල තියෙන්නෙ. මුළු දවස තිස්සෙම අනෝරා වැස්ස. පස් කඳු කඩං වැටිල පාරවල් අවහිර වෙලා.
වාසනාවකට වගේ පහුවෙනිද වෙනකොට වරුසාව නතර වෙලා අව්ව පායල පැහැදිලි කාලගුණයක පෙර නිමිති පහල වෙලා තිබුණා.
ඔය ඉන්න අතරෙ හපුතලේට කිලෝමීටර් හතරක් විතර දුරින් තියෙන සාන්ත බෙනඩික් තාපාසාරාමය හෙවත් ඇඩිෂම් බංගලාව බලන්න යන්න අදහසක් පහළ වුණා.
කැමරාවත් බෑග් එකට දාගෙන ගමන පයින්ම යන්න පිටත් වුණා. යන අතරමග තනිකරම තිබුණෙ තේ වතු, කඳුකරය..
ස්ට්‍රෝබෙරි, ජෑම් පේර කඩවල් පාර අයිනෙ. වෙසක් නිවාඩුව හන්ද කඩවල් කිහිපයක් වහල. හපුතලේ කියන්නෙ බොහොම සාමකාමී නගරයක්. බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික කියල භේදයක් නෑ.
විශාල වනාන්තරයක් මැදින් තිබුණු කෙටි තාර පාරක් දිගේ ගිහිල්ල අන්තිමේදි ඒ ප්‍රපාතවත් පෙනුමක් තියෙන් බංගලාවට ආව.
මේ බංගලාව හදල තියෙන්නෙ 1931 ඉංග්‍රීසි වැවිලිකාර රදළයෙක් වුණු සර් තෝමස් ලිස්ටර් විලියස් (Sir Thomas Lister Villiers).
තෝමස් ලංකාවට ඇවිල්ල තියෙන්නෙ බොගවන්තලාව, ඇල්බැද්ද වතුයායෙ නිලධාරියෙක් විදිහට. ලංකාවට එනකොට තෝමස්ගෙ සාක්කුවෙ තිබිල තියෙන්නෙ පවුම් දහයක් විතරයි. ඊට පස්සෙ තමයි වැවිලි කර්මාන්තයෙ යෙදිල දියුණු වෙලා තියෙන්නෙ.
බංගලාව මුළුමනින්ම ගොඩනගල තියෙන්නෙ කළු ගලින්. දැකුම්කළු ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකින් නිර්මාණය කරල තියෙන මේ බංගලාවෙ වහලය වගේම ජනේල, පඩිපෙල්, දොරපලු, බිම හදල තියෙන්නෙ බුරුම තේක්ක වලින්. බංගලාව නිර්මාණය කරල තියෙන්නෙ R. Booth සහ F. Webster කියන ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනා විසින්. බංගලාව ඇතුලෙ ඡායාරූප ගැනීමට අවසර දෙන්නෙ නැහැ. මේ අන්තර්ජාලයෙන් ලබා ගත්ත කිහිපයක්. ඒ වගේම නරඹන්න දෙන්නෙත් බංගලාවෙ සීමා සහිත කොටසක් විතරයි.
බංගලාව ඇතුලෙ තියෙන සියළුම ගෘහ භාණ්ඩයක්ම ඉතා පැරණි වටිනා දේවල්. රේඩියෝ, පිඟන් භාණ්ඩ, පොත්, ආදි බංගලාවෙ තියෙන නොයෙකුත් විච්චූරණ සිත ආදි කාලෙට ගෙනියනවා.
පස්සෙ කාලෙකදි සර් තෝමස් මිය ගියාම පස්සෙ 1961 දි සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායෙ පූජකවරයා විසින් මේ සුවිසල් බංගලාව තාපාසාරාමයක් විදිහට පවත්වගෙන ගිහිල්ලා. අදටත් සියලුම නඩත්තු කටයුතු වගේම මේ බංගලාව පවත්වගෙන යන්නෙත් ඔවුන් විසින්. ඇඩිෂම් බංගලාව විසින්ම නිෂ්පාදනය කරන ජෑම්,කෝඩියල් වගේ ඒව විකුණල තමයි නඩත්තු කටයුතු වලට ඕන කරන මුදල් හොයාගන්නෙ.
ඔවුන්ගෙ ආදර්ශ පාඨය "යාඤාව සහ වැඩ කිරීම".
පැයක් පමණ එතන ගත කරල ආයිමත් එනකොට මීදුමත් එක්ක වැහි පොද ටිකකුත් බිම පතිත වෙන්න පටන් ගත්තත් පොඩි වෙලාවකට විතරයි. ඒ වුණත් කොයිකටත් කියල ඉක්මනටම ආවා.
මං හිටපු ගෙස්ට් හවුස් එකේ මල් වවන්න භාර වෙලා තිබුණෙ රාජා කියන දමිළ මාමා කෙනෙක්ට. රාජාගෙ ගෙදර හිටිය ඇති කරන ගිරවෙක්. සංචාරක තෙමේ ඉතිං කුරුල්ලෙක් දැක්කොත් ෆොටෝ එකක් ගන්න අමතක කරන්නෙ නෑනෙ.
මේ ඉන්නෙ අළු ගිරවෙක්. රු.500 නෝට්ටුවෙ ඉන්නෙ මෙයා.
ප.ලි. - ඇඩිෂම් බංගලාවේ ඇතුළත ඡායාරූප ගැනීමට අවසර නොමැති නිසා ඇතුළත ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි..

මේක වැරදියි. ඕක පස්සෙ අයිතිවෙලා තිබිල තියෙන්නෙ විජේවර්ධන පවුලට. බුද්ධරක්කිතයි හෙලේනා නෝනනයි බන්ඩ අගමැතිව මරන්න ප්ලෑන් කරන්නෙ ඕකෙදි. ඉන් පස්සෙ තමා විජේවර්ධන නෝන ඕක තාපසාරාමෙට විකුනන්නෙ.
ReplyDeleteමං ඒ බවක් දැනං හිටියෙ නෑ.. කොහොම හරි ඇඩ්ෂම් වෙබ් සයිට් එකේ තිබුණෙ මේ විදිහට..
Deleteමං තොරතුරු අහපු අයත් කිව්වෙ මේක..
ඒත් නිවැරදි කිරීමට ස්තූතියි ඇනා..
අපේ ගෙවල් ලගටම ඇවිත් නේ... අපේ ගෙවල් පහු කරන ගිහින් ඇත්තටම... :)
ReplyDeleteහිකිස්.. :D ආයි ආපු වෙලාවක එන්න බැරියැ..
Deleteඔය කිව්වට මන් යන්නෙත් මාස තුන හතරකට සැරයයි..කමක් නැ ආයේ යද්දී කියන්නකෝ. වැරදිලාවත් මාත් ගියොත් :)
Deleteඅපේ ඉසව්ව කිට්ටුවටම ඇවිත්නේ. දුන්හිඳෙන පහලටත් බහින්නෙපැයි. ඇයි බං ඔය ගොඩක් වැදගත් තැන්වල පොටෝ ගන්නෙපා කියන්නෙ? ඒකෙන් ඒ තැනට මොකක් හරි හානියක් වෙනවද කැමරාවෙ ෆ්ලෑෂර් එක නිසා හරි?
ReplyDeleteඅනේ මංද බං.. මොකක්හරි හේතුවක් ඇති. ෆ්ලෑෂරය නං කිසිම දෙයකට හානියක් වෙන්නෑ.. කෞතුගාරයෙ පවා ෆොටෝ ගන්න දෙනවා.. ඒ වුණාට මේ වගේ තැන් වලදි ෆ්ලෑෂර් එක පාවිච්චි කරනකොට ටිකක් සදාචාර වෙන්න ඕනෙ..අනික් මිනිස්සුන්ට බාධාවක් වෙන්නැති විදිහට..
Deleteමුතියංගනේ එහෙම යන්න කියල හිතාගෙන ආවෙ ඒත් ඒ දවස්වල කාලගුණේ එච්චර හොඳ විදිහට තිබ්බෙ නෑ.. :)
This comment has been removed by the author.
Deleteමචෝ මෙන්න හොද බ්ලොග් එකක් බණ්ඩාරවෙල පැත්ත ගැන විස්තර තියන
Delete( http://inforinsrilanka.blogspot.com/ ) මේක දැන් update වෙන්නේ නැ ...තව එකක් තියනවා (http://penidodam.blogspot.com/) .කරුමෙට මේකත් දැන් නැවතිලා ....අපේ පැත්තේ සංචාරය කරලා කියමුකෝ බලන්න විස්තර ....අපි මචන් ඒ දවස් වල කෝච්චියේ ඉදල්ගස්හින්නට ගිහින් හපුතලේට පයින් එනවා තන්ගමලේ කැලේ මැද්දෙන් ,,,, (පන්ති කට් කරලා ෂූටින් යන කාලේ )
ස්තූතියි කැලුම්... ගිහිල්ල බලන්නං..
Deleteමං තාම ඔය පැත්තට කොළඹ ඉඳං කෝච්චියෙ ඇවිත් නෑ..ඊළඟ පාර එනකොට කෝච්චියෙ එන්න ඕනෙ.. :)
අඩේ නියමයි නේ බං.. මේක පොඩ්ඩක් මීටරේ තියා ගන්න ඕන.. නිවාඩුවකට ආවම ගිහින් එන්න..
ReplyDeleteඒක තමයි බං.. කොළඹ තැම්බි තැම්බි ඉඳල මේ වගේ පළාතකට ආපුවාම ආයි දාලා යන්න හිතෙන්නෑ..
Deleteපට්ට ප්ලේස් එකක්නෙ...
ReplyDeleteස්තූතියි විස්තර බෙදා හදා ගත්තට
පට්ට කියන්නෙ හොඳටම පට්ට..
Deleteඅඩේ යනවනම් ඇවිදින්න අපෙ රටේ කොයි තරම් ලස්සන තැන් තියෙනවද කියලා හිතෙන්නෙ මේවා දකිත්දි තමා බං.
ReplyDeleteඒකනෙ ප්‍රියා.. පොඩි නිවාඩුවක් ලැබුණාම මේ වගේ පොඩි තැනකට ගිහිල්ල නිදහසේ හිටියාම හිතටත් හොඳයි ගතටත් හොඳයි.. :)
Deleteඅඩිසම් ගියානම් ඒ ගන්මන්ම ලොකාන්තේත් යන්න ඇති, ඔතනටම ගිහින් ආපහු එන්න අන්තුව ඇතිනේ
ReplyDeleteලෝකාන්තෙටනං තාම යන්න බැරි වුණා මචෝ..
Deleteඔව් බං පොඩි රවුමක් දාල එන්න කියාපු තැන..
වාව් ....ලස්සන තැනක්....
ReplyDeleteමොකෝ අප්පා මෙච්චර කරුවලේ ඉන්නේ?
ඔව් ගොඩක් ලස්සන තැනක්..
Deleteඅනේ මංද ඉතිං ඉස්සර ඉඳංම ඔහොම තමා..අනික මංතුමා ආසම පාටත් කළු පාට.. :D
අසංක,
ReplyDeleteලිපියනම් අගෙයි... ඒක නෙමෙයි. මං දන්න විදිහට ඔය ඇඩිෂම් ඇතුලේ තියෙන චිත්‍රය ඇදලා තියෙන්නේ ඩේවිඩ් පේන්ටර් විසින්.. ඔහු ගැන විස්තර කට්ටිය දන්නවා ඇති කියලා හිතනවා. පේන්ටර් කියන්නේ නුවරඑළියේ පදිංචි වුණ ඔහුගේ ඉන්දියානු මව සහ බ්‍රිතාන්‍ය පියාට දාව උපන් ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියෙක්. ඔහු ගැන ලෝකය ම කතා කරාට ලංකාවේ අයගෙන් බොහෝ දෙනෙක් ඔහු ගැන දන්නෑ.
ඔබට වෙලාවක් තිබුණොත් නුවරඑළියේ යන වෙලාවක යන්න පේන්ටර් ළමා නිවාසයට. දැන් ඔහුගේ නිවස ළමා නිවාසයක්. ඉස්සර ඒක හොස්ටල් එක. එතනම ෆාම් එකත් තිබුණා. පේන්ටර් කරගෙන ගිය පාසල දැන් රජයේ පාසලක්. ඒක පේන්ටර් විද්‍යාලය. ඒ ඔක්කොම එක ලග තියෙන්නේ. නමුත් දැන් ඉස්සර වගේ ඒවා සාර්ථක ව යන්නේ නෑ. ළමා නිවාසය වෙනම තියෙන්නේ.. පේන්ටර්ගේ චිත්‍ර බොහොමයක් එහෙ තියෙද්දි ගිය වෙලාවක දකින්න ලැබුණා. හරිම කලාත්මකයි...... මං හිතන විදිහට ඇඩිෂම් ඇතුළේ තියෙන කොයි පැත්තට ගිහින් බැලුවත් ඒ දිහා බලාගෙන ඉන්න චිත්‍රයක් තියෙනවානම් ඒ ඒක වෙන්න ඕනේ.........
ඩේවිඩ් පේන්ටර් කියල කෙනෙක් ගැනනං පුංචි මතකයක් තියෙනවා.. ඕ ලෙවල් කරන කාලෙ චිත්‍ර වලදි ඩේවිඩ් පේන්ටර් කියල එක්කෙනෙක් ගැන ඉගැන්නුව මතකයි.. ඩේවිඩ් පේන්ටර්ගෙ මව සිංහල කාන්තාවක් නේද..
Deleteමට මතක විදිහටනම් ඔය කියන විදිහෙ චිත්‍රයක් අපිට නරඹන්න අවසර තිබුණ හරියෙ තිබුණෙ නෑ..මට ඒක මගහැරුනද දන්නෙත් නෑ..
ආයි යනකොට චිත්‍ර ටික බලන්න ළමා නිවාසයට යන්න ඕනෙ..
ස්තූතියි විස්තර ටිකට.. :)