දිනය 2016 දෙසැම්බර් 16.
කොටුව දෙසට ඇදෙන බස් රථයක එල්ලුණ මං රාත්‍රී 7.50 ට කොටුව දුම්රිය ස්ථානය අසල. මං බදුල්ලට යන රාත්‍රී තැපැල් දුම්රියට ගොඩ වුණා. ගමනාන්තය කිතල් ඇල්ල දුම්රිය ස්ථානය. හැමදාමත් වගේ මේ හුදෙකලා රස්තියාදුකාරයට ගමන් සගයා වුණේ මගේ ආදරණීය කැමරාව විතරමයි..
කෝච්චි ගමන ඇතැම් විට වෙහෙස කරයි. ඒත් නිදහස්. බසයක එල්ලුනොත් පැය 5 කට ආසන්න කාලයකින් ළඟා වෙන්න හැකි දුරක් මම මේ පැය 11 ක් පමණ රේල් පීලි දෙකක් උඩ ගෙවා දමන්න සැරසෙන්නෙ. මං පාපුවරුවට ගොඩ වුණා. ඇඟේ හිරිගඩු නංවන උඳුවප් සීතල සුළඟ. ටික වෙලාවකින් කොංගො සද්දෙත් එක්ක හොඳ සිංදු වගයක් කියවෙන්න පටන් ගත්තා. මේ අවස්ථාව එනකං තමයි මාත් බල බල හිටියෙ...!
පහුවදා හිමිදිරි උදේ මං ඇල්ල දුම්රිය ස්ථානයෙන් කෝච්චි ගමනට සමු දෙනකොට වෙලාව 7.00 ට පමණ ඇති. රේල් පාර දිගේ ආපසු කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දෙසට මං ඇවිදන් යන්න පටන් ගත්තා. මගේ ගමනාන්තය ඇල්ල කඳු මුදුන.!
රේල් පාර දිගේ යනකොට හමුවුණු සීයා කෙනෙක්ගෙන් පාර අහගත්තු මං බෝ ගහක් අසලින් වැටී තිබුණු අඩි පාරක් දිගේ මගේ ගමන ආරම්භ කරා. පුංචි දිය පාරක් මතින් වැටිල තිබුණ පාලමකින් එතෙර වුණාම හමුවුණේ විශාල මාන පඳුරු යායක්. පුංචි පුංචි අඩි පාරවල් හැම පැත්තටම. නිණව්වක් නැතිවම කන්ද දෙසට ඇදෙන අඩි පාරක් දිගේ මං ගමන් කරා. මාන පඳුරු යායෙන් බේරිච්ච මං පුංචි තේ වත්තක් මැද. තවත් හිතවත් ගැමියෙක්ගෙන් මාර්ගය ගැන අවබෝධයක් ගත්තු මං කඳු මුදුන දෙසට ඇදුනා.
බැක්පැක් එකේ බර, ගමන් වෙහෙස, මනස්කාන්ත හරිත වන දනව්, බඩගින්න, පිපාසය, නැවුම් සුළඟ. මේ ඔක්කොම එකතු වෙන්න ඕනෙ නියම සංචාරයකට.
මද දුරක් තැනිතලා භූමියකුත් පසු කරගෙන ඉදිරියට ඇදුණ මට දර්ශනය වුණා ඇල්ල කඳු මස්තකය. ඊට මුහුණලා තියෙන පුංචි ශ්‍රී පාදයත්. මේ කන්දට පුංචි ශ්‍රී පාදය කියන්නෙ එය සමනළ කන්දෙ හැඩයට බොහෝ අතින් සමාන නිසා. වතුර පිපාසාව නිවාගන්නට මොහොතකට මං නතර වුණා.
තවත් විනාඩි කිහිපයක ගමනකින් පසු හමුවෙන අඩි පාර තරමක් බෑවුම් සහිත මාර්ගයක්. පොළොව තෙත බරිත නිසා තරමක් ලිස්සන සුළුයි.
අවසන මං කඳු මුදුනට ළඟා වුණා. මුළු ගමනට ගත වෙලා තිබුණා පැය එක හමාරකට ආසන්න කාලයක්. හෙමි හෙමින් වැටෙන අව් රශ්මියත් එක්ක මීදුම අතරින් දිස් වෙන දර්ශනය ගොඩක් ලස්සනයි. පහළට ගැඹුරු ප්‍රපාතය. එතැන පොඩියට වෙළඳාමක් කරපු ගැමියෙක්ගෙන් තේ කහට කෝප්පයක් ගත්තු මං තුඩුවෙ කෙළවරටම ළං වුණා.
මේ කඳු හුස්ම ගන්නවා. මටත් දැනෙනවා..මම හුස්ම ගන්නවා.!