ෂර්ලොක් හෝම්ස් කතා මාලාව රචනා කරේ ශ්‍රීමත් ආතර් කොනල් ඩොයිල් නම් වෛද්‍යවරයා විසින්. මුල්ම කතාව රචනා කරේ 1887 වර්ෂයෙදි.
ඒ A Study in Scarlet නම් දීර්ඝ කතාවයි.
ඒ A Study in Scarlet නම් දීර්ඝ කතාවයි.
කොනල් ඩොයිල් විසින් රචනා වුණු මුලු ෂර්ලොක් හෝම්ස් කතා ගණන 60 කි. ඉන් හතරක් නවකථා. ඉතිරි පනස් හය කෙටි කතා යි.
#නවකථා 4
01. A Study in Scarlet (1887)
02. The Sign of the Four (1890)
03. The Hound of the Baskervilles (1901)
04. The Valley of Fear (1914)
#ඉතිරි කෙටි කතා 56 පොත් 5 ක අඩංගුයි.
01. The Adventures of Sherlock Holmes (1892)
02. The Memoirs of Sherlock Holmes (1894)
03. The Return of Sherlock Holmes (1905)
04. His Last Bow (1917)
05. The Case Book of Sherlock Holmes (1927)
එංගලන්තයෙන් උපත ලද මේ රහස් පරීක්ෂක චරිත 2 වැඩි කල් නොගොස්ම ලොව ඉතාමත් ජනප්‍රිය වුණා. ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන් මනඃකල්පිත චරිත දෙකක් වුණත් ලොව ප්‍රසිද්ධම ලිපිනය ලෙස ප්‍රකට වෙලා තියෙන්නෙ හෝම්ස් ජීවත් වුණු
221B, Baker Street, London. යන ලිපිනය. උන්මාදය කෙතරම්ද කිව්වොත් මේ ලිපිනයට හෝම්ස් ගෙ නමට ලියුම් පවා පැමිණුනාලු. එදා මේ ලිපිනය අනුව එතන තිබුනෙ බැංකුවක් බවයි සඳහන් වෙන්නෙ. පසුව එම ස්ථානයේ ෂර්ලොක් හෝම්ස් නමින් කෞතුකාගාරයක් ඉදි වුණා.
ශ්‍රී ලංකාවෙ ෂර්ලොක් හෝම්ස් කතා සිංහල පරිවර්තන පොත් බොහොමයක් තිබුණත් ඉන් වඩාත් ප්‍රචලිත චන්දන මෙන්ඩිස් මහතා ගෙ පරිවර්තන පොත් පෙළයි.
ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන් පොත් වලට සීමා නොවී හෝම්ස් ඇසුරෙන් වේදිකා නාට්‍ය, චිත්‍රපටි පමණක් නොව රූපවාහිනී කතා මාලා පවා නිර්මාණය වුණා.
මේ අතරින් මම වැඩියෙන්ම ආස නව්‍යකරණයට ලක් වුණු 21 වෙනි සියවසේ ෂර්ලොක් හෝම්ස් ප්‍රබන්ධයක් වන BBC රූපවාහිනී චැනලය මගින් නිෂ්පාදනය වුණු SHERLOCK රූපවාහිනී කතා මාලාවට. කොනල් ඩොයිල් ගෙ නිර්මාණ වලින් තරමක් වෙනස් වුවත් ඉතා ආසාවෙන් බලන්න පුලුවන්. මෙහි හෝම්ස් ගේ චරිතය ඉතා දක්ෂ නළුවෙක් වෙන Benedict Cumberbatch විසිනුත් වොට්සන් ගේ චරිතය Martin Freeman විසිනුත් රඟපානවා.
ඇත්තටම මේක ඇබ්බැහි වුණු උණක්..!!