ඉරි තැලුණු පොළොව මත
සිපගත් ඔබේ දහඬිය බිඳු
ගැබ්වුණු වේදනාව
ජීවිතයක අරගලය
වැස්සක් ළඟ ළඟමැයි
සිතාගෙන සිටියා බොහෝ කල්
මද පවනක්වත් නැත
සනසන්නට ඔබේ හදවත
December 26, 2013
December 21, 2013
බයිසිකල් පැදිල්ල | Riding Bicycles
බයිසිකලයක් පැදල නැති කෙනෙක් නැතුව ඇති. අදටත් ලෝකයෙ වඩාත් ජනප්‍රියම වාහනය තමයි බයිසිකලය. ඉන්ධන දහනයක් නැති, පරිසරයට වඩාත් හිතකාමී මේ බයිසිකලය පළමු වරට නිපදවපු කෙනෙක් කියල හොයාගන්න අමාරුයි.. බයිසිකලය විවිධ රටවල්වලින් විවිධ අලුත් අදහස් තියෙන මිනිසුන්ගෙ මහන්සියක ප්‍රතිඵලයක්.
කොහොම නමුත් මේ අපූරු රෝද දෙකේ වාහනය ලෝකයෙ සීඝ්‍රයෙන් ප්‍රචලිත වුණා. බයිසිකලයට 1816 ඉඳන් වගේ ඈත ඉතිහාසයක් තියනව. කොහොමහරි මේ බයිසිකලය අද වන විට විවිධ වර්ග කිරීම් වලින්, විවිධ වෙළඳ නාම වලින්, තාක්ෂණිකව දියුණු වෙලා අපූරු භාණ්ඩයක් බවට පත්වෙලා තියෙනව..
සමහරු බයිසිකල් පදින්නෙ විනෝදාංශයක් විදිහට. තවත් අය ක්‍රීඩාවක් විදිහට. ව්‍යායාමයක් විදිහටත් බයිසිකල් පැදීම කරනව. කොහොම පැද්දත් බයිසිකල් පැදීමෙන් මිනිසාට කායිකව මෙන්ම මානසිකව ද ලැබෙන ප්‍රයෝජන ගොඩයි.
# ව්‍යායාම් කිරීමට පහසුම ක්‍රමයක් තමයි බයිසිකල් පැදීම. අනෙකුත් ව්‍යායාම් ක්‍රමවලට සාපේක්ෂව නොමිලේම බයිසිකල් පැදීමෙන් අඩු කැපවීමක් මත වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කිරීමට පුලුවන්. ආසන්න වශයෙන් පැයකට කැලරි 300 ක් පමණ දහනය කරන්න පුලුවන්.
# විශේෂයෙන්ම බයිසිකල් පදින විට පාද වල මෙන්ම අත් වල පේශි වල ද පේශි සැකසීම වර්ධනය වෙනව.
# බ්‍රිතාන්‍ය වෙද්‍ය සංගමයක පරීක්ෂණයකට අනුව සතියකට ආසන්න වශයෙන් කිලෝමීටර 30 ක් බයිසිකල් පැදීමෙන් හදවත් කිරීට රෝග ඇතිවීම 50% කින් අඩු වෙනව.
# ඕනෑම ක්‍රමවත් ව්‍යායාමයකින් ආතතිය අඩු කර ගැනීමට හැකියි. බයිසිකල් පැදීමත් ආතතිය අඩු කර ගැනීමට ඉතා සුදුසු මාර්ගයක්.
# ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙ වෙද්‍ය කණ්ඩායමක් සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙනව නිසි ආකාරව නින්ද නොයන අයට හොඳින් හිරු එළිය තිබෙන දහවල් කාලයක බයිසිකල් පැදීම ඉතා හොඳ බෙහෙතක් බව.
# බයිසිකල් පැදීමෙන් මොළයේ ධාරණ ශක්තිය සඳහා වෙන් වුණු Hippocampus කියන කලාපයෙ අලුත් මස්තිෂ්ක සෛල නිපදවීමට මනා පිටුවහලක් සිදු වන බවට ඉලිනොයිස් විශ්වවිද්‍යාලයෙ පර්යේෂකයින් සොයා ගෙන තිබෙනව.
# බයිසිකල් පැදීම ඉතා හොඳ ව්‍යායාමයක් කියල කලිනුත් සඳහන් කරා. එමගින් ශරීරයේ ප්‍රතිශක්ති සෛල වඩාත් ක්‍රියාකාරීව තබනව.
# බයිසිකලය 100% ක් පරිසර හිතකාමීයි. මෝටර් රථයක් නිපදවීමට යන ලෝහ ප්‍රමාණයෙක් බයිසිකලයක් නිපදවීමට වැය වන්නෙ 4% ක් පමණයි.
# අද ලෝකයේ බොහොමයක් මිනිසුන්ට තිබෙන ප්‍රශ්නයක් වෙන තරබාරුව අඩු කර ගැනීමට ඉතාමත් සුදුසු ව්‍යායාමයක්.
මගේ මවුන්ටන් එක.. :D
බයිසිකලෙත් එක්ක රස්තියාදු වෙමු... “Life is like riding a bicycle. To keep your balance, you must keep moving.”
~ Albert Einstein ~
December 19, 2013
December 4, 2013
ගල් විහාරය | Gal Viharaya
අද රස්තියාදු වෙන්නෙ ගල් විහාරය ගැන හොයන්න.
අනර්ඝ මූර්ති,කැටයම් හා චිත්‍ර වලින් පෝෂණය උනු ලෙන් විහාර සංකීර්ණයක් විදිහට පොළොන්නරු ගල් විහාරය හෙවත් උත්තරාරාමය හදුන්වන්න පුළුවන්. මෙය පිහිටා තිබෙන්නෙ මහාථූපය සහිත ආළාහන පිරිවෙන සංකීර්ණයට උතුරු දෙසින්.
උසස් කලාශිල්පීන් ලවා පළමුවන පරාක්‍රමබාහු රජතුමා තමයි ගල් විහාරය ගොඩනගල තියෙන්නෙ. ගල් විහාරය පිළිබඳව මුල සිටම හදාරනවනං දැනගන්න ඕනෙ මූලික කරුණු ටිකක් ගැන තමයි මේ ලිපිය..මේ වගේ දේවල් ගැන හොයන එක මම ආස කරන දෙයක්..
ගල් විහාරය ලෙණකින් සහ ගුහා දෙකකින් යුක්තයි.
වමේ සිට පිළිවෙලින්,
ගඩොල් බිත්ති සහිත මෙම ගුහාවේ දිග මීටර් 8 සෙන්ටිමීටර් 90 ක් හා පළල මීටර් 12 සෙන්ටිමීටර් 12 ක් වෙනව.ප්‍රධාන පිළිමය ප්‍රාසාදයක් මැද තියෙනව. මෙය වජ්‍රාසනය මත ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින විශාල බුදු පිළිමයක්. මෙහි පසුබිමේ ඇති අර්ධ උන්නත කුඩා බුදු පිළිම හතර මහායන බුදු දහමෙ සංකල්පයක් කියලත් පොත් වල සඳහන් වෙනව. නමුත් මෙය මෙතෙක් ලෝකයේ කොතනකින්වත් දක්නට නොලැබෙන හෙළ කළා ශිල්පියාගෙ අපූර්ව නිර්මාණයක්.
# නිසින්න පටිමා ලෙණ
ගල් පර්වතය ඇතුළට හාරා මෙම ලෙණ සාදා තිබෙනව.උඩින් ගල් සීලිම හා තුන් පැත්තෙන් ගල් බිත්ති තිබෙනව. මෙම ලෙණේ දොරටුවෙහි කැටයම් සහිත ගල් කණු හතරක් තිබෙනව. ලෙණ මීටර් 2.92 ක් උසින් ද මීටර් 7.8 ක් පළලින් ද මීටර් 3.82 ක් ගැඹුරින් යුක්තයි. සිංහ හා වජ්‍ර සංකේත ආසනයක් මත වූ විශ්ව පද්මය මත බුදුන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිනව. ආසනය දෙපස චාමර ගත් බෝධිසත්ව රූප දෙකක් තිබේ. හිසට උඩින් ඡත්‍රයක් ද තිබේ. මෙහි පසුබිමේ චිත්‍රයක මහලු තැනැත්තෙක් නිරූපණය කෙරෙන චිත්‍රයක් තිබෙන අතර ඔහු ගේ අතේ විජයොත් සක තිබෙන නිසා ඔහු ශක්‍ර දේවෙන්ද්‍රයා බව පුරාවිද්‍යාඥයින් පවසයි.
ඒ අනුව ශක්‍රයා දෙවියන් සමග ඉන්ද්‍රසාල ගුහාවේදි බුදුන් වහන්සේ බැහැ දැකීම මෙහි තේමාව බවට සැළකිය හැකියි.
#නිපන්න පටිමා ගුහාව
මෙහි නමින්ම 'නිපන්න' යනු සැතපෙන යන්න අදහසයි. මෙහි ඇත්තේ සැතපෙන පිළිමයක්. පිළිමය මීටර් 14 ක් දිගයි. මෙම ගුහාව මීටර් 15.6 ක් දිගින් සහ උසින් මීටර් 4.5 ක් වෙනව. මෙම පිළිමය බුදුන් වහන්සේගෙ පරිනිර්වාණය දැක්වෙන පිළිමයක් ලෙස බොහෝ දෙනා සළකනව. නමුත් බොහෝ පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පරිදි එවන් අදහසක් පෙන්වන ලක්ෂණ මෙහි නොමැති බවයි. දකුණු පය මත ඇති වම් පය මදක් පස්සට වී නෙළා තිබීම මෙය පරිනිර්වාණ පිළිඹිමු කරන්නක් බවට තර්ක කරන ප්‍රධාන සාධකයක්. නමුත් බුදුන් වහන්සේ කවදත් සැතපුණේ මෙම ඉරියව්වෙන් බව සහ වම් පය පස්සට වී තබා ගන්නේ ගොප් ඇටය සහ දණහිස් එකට ගැටීමෙන් ඇතිවන වේදනාව මග හැරවීමට බව උගතුන් පවසා සිටියි. කෙසේ නමුත් මෙම පිළිමයත් ඉතා සියුම්ව තනා තිබෙන ඉතා විශිෂ්ට කලා කෘතියක්.
* නිසින්න පටිමා ලෙණ සහ නිපන්න පටිමා ගුහාව අතර ඇති හිටි පිළිමය..
පද්මයක් මත තනා ඇත. මෙම පිළිමයේ උස අඩි 22 අඟල් 9 කි. මෙම හිටි පිළිමය මත පදනම් වී ඇති තර්කයක් වන්නේ මෙය බුදු පිළිමයක් ද නැතිනම් ආනන්ද පිළිමයක් ද යන්න වගයි. මෙය ආනන්ද හිමියන්ගේ පිළිමයක් බවට පිළිගන්නෙ මෙයට දකුණු පස ඇති පිළිමය බුදුන් වහන්ස්ගෙ පරිනිර්වාණය පිළිඹිමු කරන පිළිමයක් ලෙස පිලිගන්න අයයි. එයට හේතුව බුදුන් වහන්සේගෙ පරිනිර්වාණය සිදුවන අවස්ථාවෙ ආනන්ද හිමියන් ශෝකයෙන් සිටින අවස්ථාවක් මෙම හිටි පිළිමයෙන් අදහස් කරන බවට පිලිගැනීමයි. නමුත් නිපන්න පටිමා ගුහාවෙහි ඇති පිළිමය සැතපෙන පිළිමයක් පමණක් බව ඉහත පරිච්ඡේදයේ සඳහන් කර ඇත. තවද මෙම හිටි පිළිමයෙන් පිළිඹිමු වන්නේ බුද්ධ ලක්ෂණ සහ මෙය තනා ඇත්තේ පද්මයක් මතය.මහායන බුදු දහමට අනුව පද්මයෙන් අදහස් වන්නේ ලෝකොත්තරභාවය යි. තවද ගල් විහාරයේ තේමාවන්වලට මහායානික ලක්ෂණ එකතු වී ඇත. ලෝකෝත්තර භාවයෙහි සංකේතයක් වන්නේ බුදුන් වහන්සේය.ආනන්ද හිමියන් නොව. ඒ අනුව මෙම හිටි පිළිමය බුදු පිළිමයක් වීමට වැඩි නැඹුරුවක් ඇත. තවත් සාධකයක් වන්නේ මෙම පිළිමයෙහි හිසෙහි දක්ෂිණාවර්ත කෙස් පිඬු තිබීමයි. එය බුදු පිළිමවල සාධකයකි. සෙනරත් පරණවිතාන ශූරින් පවසන පරිදි මෙහි ඇත්තේ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවයි. එයටද විවිධ මත පල වී ඇතත් බොහෝ දෙනා පිලිගනු ලබන්නේ මෙම මතයයි.මෙම මුද්‍රාවෙන් අදහස් වන්නේ ධම්මපද ගාථාවකට අනුව බුදුන් වහන්සේ අසෝකීව සෝකී ප්‍රජාව දෙස මහා කරුණාවෙන් බලා සිටීමයි. නමුත් මුහුණේ දුක් මුසු බවක් නොමැත. තොල් වල මඳ සිනහවක් ඇත.
"ශ්‍රී ලංකාවේ මේ කැපී පෙනෙන ස්මාරකයෙහි ප්‍රදර්ශිත කලාව දැකීමෙන් කෙනෙකු විශ්මයට පත් වීම නොවැළැක්විය හැක්කකි. සමකාලීන යුරෝපයේ නිර්මාණවලට වඩා මෙය අග්‍රගණ්‍ය වෙයි"
~ශ්‍රීමත් ටෙනන්ට්~
"කළු ගල් කපා තනන ලද මේ පැහැදිලිවම කලුගල් විහාරය එහි විශේෂ ලක්ෂණ අනුව අසාමාන්‍ය නිර්මාණයකි. මෙය ශ්‍රී ලංකාවේ බෙහෙවින් ම කැපී පෙනෙන අතිවිශිෂ්ට නිර්මාණයකි. ඊට සම කළ හැක්කක් ඉන්දියානු උප මහද්වීපයේවත් නැත"
~එච්.සී.පී.බෙල්~
ආදරය කරමු මේ උරුමයට. ජීවිතයේ එක පාරක් හෝ මේ සිංහලද්වීපයෙහි මෙවන් කලා නිර්මාණයක් දැක බලා ගෙන දැහැන්ගත වී නැත්නම් පසුතැවෙන්න ඔබ හෙළයෙකු වී ඉපදුනාට.
තවත් දවසක රස්තියාදු වෙමු...
අනර්ඝ මූර්ති,කැටයම් හා චිත්‍ර වලින් පෝෂණය උනු ලෙන් විහාර සංකීර්ණයක් විදිහට පොළොන්නරු ගල් විහාරය හෙවත් උත්තරාරාමය හදුන්වන්න පුළුවන්. මෙය පිහිටා තිබෙන්නෙ මහාථූපය සහිත ආළාහන පිරිවෙන සංකීර්ණයට උතුරු දෙසින්.
උසස් කලාශිල්පීන් ලවා පළමුවන පරාක්‍රමබාහු රජතුමා තමයි ගල් විහාරය ගොඩනගල තියෙන්නෙ. ගල් විහාරය පිළිබඳව මුල සිටම හදාරනවනං දැනගන්න ඕනෙ මූලික කරුණු ටිකක් ගැන තමයි මේ ලිපිය..මේ වගේ දේවල් ගැන හොයන එක මම ආස කරන දෙයක්..
ගල් විහාරය ලෙණකින් සහ ගුහා දෙකකින් යුක්තයි.
වමේ සිට පිළිවෙලින්,
- විජ්ජාධර ගුහාව
- නිසින්න පටිමා ලෙණ
- නිපන්න පටිමා ගුහාව
# නිසින්න පටිමා ලෙණ
ඒ අනුව ශක්‍රයා දෙවියන් සමග ඉන්ද්‍රසාල ගුහාවේදි බුදුන් වහන්සේ බැහැ දැකීම මෙහි තේමාව බවට සැළකිය හැකියි.
#නිපන්න පටිමා ගුහාව
* නිසින්න පටිමා ලෙණ සහ නිපන්න පටිමා ගුහාව අතර ඇති හිටි පිළිමය..
"ශ්‍රී ලංකාවේ මේ කැපී පෙනෙන ස්මාරකයෙහි ප්‍රදර්ශිත කලාව දැකීමෙන් කෙනෙකු විශ්මයට පත් වීම නොවැළැක්විය හැක්කකි. සමකාලීන යුරෝපයේ නිර්මාණවලට වඩා මෙය අග්‍රගණ්‍ය වෙයි"
~ශ්‍රීමත් ටෙනන්ට්~
"කළු ගල් කපා තනන ලද මේ පැහැදිලිවම කලුගල් විහාරය එහි විශේෂ ලක්ෂණ අනුව අසාමාන්‍ය නිර්මාණයකි. මෙය ශ්‍රී ලංකාවේ බෙහෙවින් ම කැපී පෙනෙන අතිවිශිෂ්ට නිර්මාණයකි. ඊට සම කළ හැක්කක් ඉන්දියානු උප මහද්වීපයේවත් නැත"
~එච්.සී.පී.බෙල්~
ආදරය කරමු මේ උරුමයට. ජීවිතයේ එක පාරක් හෝ මේ සිංහලද්වීපයෙහි මෙවන් කලා නිර්මාණයක් දැක බලා ගෙන දැහැන්ගත වී නැත්නම් පසුතැවෙන්න ඔබ හෙළයෙකු වී ඉපදුනාට.
තවත් දවසක රස්තියාදු වෙමු...
පිණි බිඳු
ගංගාවක් වන්නට වෙර දරන
පිණි බිඳුවක් මෙන්
සිහින මවමි මා
ලබන්නට ඔබේ ස්නේහය...
හැර ගිය කල
මයේ ලෙන්ගතු කම
පවසන්නම් මුහුදට
ඔබේ සිනහවේ ලස්සන...
December 3, 2013
ඇරඹුම | Beginning
"නිහඬ වන ගුහාවක
සොඳරු හුදකලාවක
බුදු සිතක ඇති සුවය
මහදටත් දැනේවා..."
මට හිතෙන දේ, හොයන දේ, කියවන දේ.. ආදී එකී නොකී හැමදේ ගැනම සයිබරයේ පුංචි ඉඩක සටහන් කරන්නට දරන වෑයමක්...
රස්තියාදු වෙමු..
රස්තියාදු වෙමු..